Sunday, October 14, 2018

..........පාල අයියාගේ අලුත් කෑල්ල......



පාල අයියා රටේ තියන සියලුම ජාතියේ ප්‍රශ්න වලට මූනපෑවත් කිසිම දිනෙක පාඩමක් ඉගන ගත්තේ නැත....කට කැඩෙන තුරු උපදෙස් දුන්නද ඒවා කිසිවිටෙකත් කනකට නොගෙන නොදන්න පෝන් නම්බර් වලට කතා කිරීම , හිත හොඳ වැඩිවී කෙලවා ගැනීම පාලයියාගේ ජීවන අරගලයේ එක් විශේශ අංගයක් විය....ඒවන විටත් පාල අයියාගේ එකම ගැටලුව වි තිබුනේ ජීවන සහකාරියක් සොයාගැනීමයි....පෙර කියූ කතන්දර වල මේ පිලිබඳව පැහැදිලිව සටහන් වී ඇත..... පාල අයියාගේ විවාහයට පෙර සිදුවූ මෙම සිද්දියද කලින් ඒවාට දෙවනි නැත.... මේ සිදුවීම සිදුවූයේ තරමක් මෑතකාලයේ දීය....

තාවකාලික ලබන ස්ත්‍රී සැපයකට වඩා දීර්ඝ කාලීන විවාහයක අවශ්‍යතාවය බෙහෙවින් බලපා සිටි පාල අයියා ඕනෑම මලදානයකට කර ගැසීමට සූදානමින් සිටි බව අපි සියල්ලෝම හොඳින් දැන සිටියෙමු.....මොකක් හෝ උඩැක්කියක් කර ගසා ගැනීමෙන් පාල අයියාට වෙන විපත ගැන කනගාටුවක් අප සිත්තුල තිබූ හෙයින් පාල අයියාගෙ හැසිරීම් පිලිබද අප සියලු දෙනා විමසිල්ලෙන් සිටියෙමු.....කෙසේ හෝ මේ අයුරින් කාලය ගෙවී යනවිට පෙර් සිදුවූවාක් මෙන් පාල අයියාගෙ වෙනසක් අපි සියලු දෙනාටම වැටහෙන්නට විය....ඒ නිතරම ජංගමය කනේ තබාගෙන සිටිනු දැකීමෙනි.....මා මේ පිලිබඳව දිනක් පාල අයියාගෙන් විමසුවේ පෙර අවස්ථාවකදී පාල අයියාගේ ගැලවුම් කරුවා මම වීම නිසාත් ඕනෑම වෙලාවක ඕනෑම දේකට සිටි එකම එකා වීමේ පවර් එක හිතට අරගෙනය... ලෝක පුදුමයකට මෙන් මේ පිලිබද සියලු තොරතුරු පාල අයියා මාත් සමග කීවේ හවස් වරුවක ගෙනා බියර් ටින් දෙක හිස් කරන අවස්ථාවේදීය...

පාල අයියා කියන අයුරින් සිද්ධිය මෙසේය...නිරෝශා යනුවෙන් හදුන්වන මේ ගැටිස්සිය #### ප්‍රදේශයේ පදිංචි කාරියක්ය...පාසල් යාමෙන් පසු වසර හතක් ගාමන්ට් එකක රැකියාව කල මේ අහින්සක දැරිවිය දැනට කාමර දෙකක් සහිත නිවසක් තනාගෙන ඇති අතර මව පියා වෙනම ජීවත් වේ...වයස විසි හයක් වූ මෙම තරුනිය සොයා ඇත්තේ තමාගේ ගෙදර නතර වීමට සුදුසු තරුනයෙක්ය..... එකී සුදුසු කම් සපුරා තිබූ පාල අයියා තම විවාහය සදහා තෝරා ගත්තේ මාස දෙකක පමන දුරකථන සංවාදයකින් වන අතර දෙදෙනා කිසිදිනෙක මුනගැසී නැත.....දැනට දෙදෙනා කතාබස් කරගෙන සිටින අයුරින් මුන ගැසීමට #### නගරය තෝරා ගත්තේ දෙදෙනාටම පහසුම නගරය වූ නිසාය.....

කෙසේ හෝ මේ ගමනට පාල අයියා මාවද කැඳවා ගෙන යාමට අදහස් කිරීම ලෝක පුදුමයක් විය..... එක් වරක් මනමාලියක් බැලීමට ගොස් සිදුවූ ජංජාලය අමතක නොවූවද පාලයාට සිටි එකම හිතවතා මා බැවිනුත් , ගමනා ගමන පහසුව සඳහා මාගේ මොඩිෆයි කරන ලද ටී ඉසෙඩ් ආර් වර්ගයේ දඬුමොනරා තිබීමත් මේ ගමනට මාව එක්කාසු කරගැනීමට හේතුව එය විය හැක....... කෙසේ හෝ එක්තරා පෝය දිනෙක සියලුම කටයුතු සූදානම් කරගත් පාලයියා එදින උදෑසන ජැන්ඩි පහට ඇඳගෙන සිටියේ අපූරු ඇඳුම් කට්ටලයක්ය..
වී කර සහිත ලා කහ පාට් ටී ශර්ට් එකක් , (ට්‍රවුසර්ද මොකක්ද මන්දා) වර්ගයේ කලිසමකුත් සහ ස්පෝට්ස් සපත්තු ජෝඩුවකින් සැරසී සිටි පාල අයියා විකට නලුවෙකු මෙන් විය...

කෙසේ හෝ ගමන පිටත් වීමට ප්‍රතම ප්‍රියම්බිකාවට ඇමතුමක් දුන් පාල අයියා අප දැන් පිටත් වීමට සූදානම් බව පැවසුවේය....ඇයද දැන් අදාල නගරය ආසන්නයේ එන බැව් පැවසූ පාලයියා මොටෝ සයිකලේ උඩින් වාඩි වූයේ මහත් හදිස්සියකින් යමං යමං පරක්කු වෙන්න බෑ කියා මැසිවිලි නගමිනි....ඉන්පසු අදාල නගරයට පැය බාගයක ගමනින් ගිය අප දෙදෙනා නගරයට ආසන්න එක්තරා ස්ථානයක නැවතී ප්‍රියම්බිකාවට ඇමතුමක් ගත්තේ පාල අයියාගේ ජංගමයෙන්ය.......ඒ වන විටත් ඇය අදාල ස්තානයෙන් බසයෙන් බැස ඇති අතර පාල අයියා කියූ තැනට ඇවිදගෙන එමින් සිටියාය.....ඉන්පසු මගේ සැලසුම අනුව අදාල ගොඩනැගිල්ලේ ඉදිරි පසින් මොටෝ බයිසිකලය නවත්වාගෙන සිටින අතර පාල අයියා කෙල්ල හමුවීමට යායුතුය....කෙසේ හෝ අදාල ගොඩනැගිල්ලේ ඉදිරි පසින් බයිසිකලය නැවෑත්වූ මම කෙල්ල ඉන්න තැනට පාලයාව යැව්වේ සෑහෙන උපදෙස් ප්‍රමානයක් ලබාදීමෙන් පසුවය.....පාලයා ගිය පසු මූ මොනවා කරගනීද දන්නෙ නැතැයි සිතූ මමත් බයිසිකලයෙන්ම පාලයාට නොදැනෙන්නට ඉදිරියට ගොස් බයිසිකලයේ එන්ජිම නොනවත්වාම මුවා වූයේ අසල නවතා තිබූ වෑන් රතයකටය....

සිය ප්‍රියාවියට ඇමතුමක් ගෙන ජංගමයත් කනේ තබාගෙන ඉදිරියටම යන පාල අයියා වාහන කීපයක් අතරින් නොපෙනී ගිය අතර පාල අයියා පසුපස යෑම නොහොබිනා කමක් ලෙස සැලකූ මම එම ස්ථානයේ නතර විය..... ස්වල්ප වේලාවකින් වැඩි ජන ගහනයක් නොමැති එම ගොඩනැගිල්ලේ පේමන්ට් එක දිගේ පාල අයියා පන එපා කියමින් දිව එන ආකාරය දකින්නට ලැබුනේ මා අන්ද මන්ද කරමිනි....

""යකෝ මූට මොකද උනේ......මූ පික් පොකට් පාරක්වත් ගහලද..ඇයි මේකා මේ පන එපා කියල දුවන්නේ.....මටත් කන්න වෙයිද.......😂😂😂

එක් වරම මා තුල ඇතිවූ විචිකිච්චාවට පිලිතුරු ලැබුනේ බිල්ඩිම කෙලවරින් මතුවී පාලයා පසුපස හඹා එන ගලිවර් මොඩලයේ නයිජීරියන් වර්ශන් ගැහැනු රුව දැකීමෙනි....

බැබුන් මුහුනත් , අඩි හයක් උස මාක් හෙන්රිගේ දැවන්ත සරීරයත්.........

නයිජීරියන් සම්බවයක් සහිත කැරලි කොන්ඩයත් ,

ටොන් බාගෙක බරට සරිලන පාලයියාගේ ඇඟට වඩා මදක් විශාල කකුල් දෙකත් ,

කලගෙඩියක් වැනි තඩි බඩත් ,

ගල් අඟුරු පැහැති සමත් දුටු මට එවෙලෙහිම පාලයියාගේ හනිමූන් රාත්‍රිය මැවී පෙනෙන්නට විය......

දඩාර සයිස් ආනමාළු කැනක් මත එල්ලී සිටින ලේනෙකුගේ දර්ශනයකට වඩා වෙනසක් පාලගේ හනිමූන් එකේ තිබුනානම් ඒ පාලයාට ලේන් නැට්ටක් නොමැති වීම පමනකි....

සූටි ජුන්ඩා නූඩ්ලස් රැලක් මෙන් තැලී පොඩිවී ගොස් පාල අයියා හතර ගාතෙ දමා ඇඳක් පල්ලේ වැටී සිටින දර්ශනය මාගේ මනසින් ගිලිහී ගියේ පාල අයියා බයිසිකලය අසලට ආපසුය....

මනමාලියක් සොයා දිවි කතරේ පියමං කල අඩි පහයි අඟල් තුනක් උස පාලයියාට මෙදා පොටේ සෙට් වී ඇත්තේ කාල වර්ණ ඇතින්නකි..... පෙම් ලොව සියලු සිහින මාලිගා එක් කුළුගෙඩි පහරකින් සුන්ඩල් කල පාලයියා එම මස්පරුවතයෙන් අසා ඇති එකම වචනය ඔයාද නිරෝශා කියන්නෙ පමනකි....එතැන් පටන් දිවි රැක ගැනීමේ පරම චේතනාව පෙරදැරි කරගත් අයියා මා වෙත දුවන්නට පටන් ගෙන ඇති අතර ඇතින්නද කුංච නාදය නගමින් පාලයියා පසු පසු හඹා එන්නට විය......

මරන බයෙන් අනේ අනේ යමං හු### කී පාලයියා බයිසිකලේ එල්ලුනේ මා අතේ තිබූ හෙල්මට් එක උදුරගෙන හිසට දමමින්ය..... ඒ වනවිටත් අර දැවැන්ත යෝධ කලු ස්ත්‍රිය අප අසලට පැමින හමාරය......

අනේ අයියේ පොඩ්ඩක් ඉන්නකෝ

කියා පාලයාගෙ අතින් ඇල්ලූ ඇය පාලයාව බයිසිකලයෙන් ඇද බිම දමා ගැනීමට පෙර මාගේ යකා මොඩල් යකඩ අස්වයා අප දෙදෙනාව ප්‍රධාන පාර අසලට ගෙන ගොස් අවසානය...තවත් එකම එක වතාවක් එදෙස බැලූ අප දෙදෙනා පැයට කිලෝ මීටර් සීයක වේගයෙන් එක පිම්මටම වැඩපලට ආවේ වචනයක් වත් හුවමාරු නොකරය.....

බයිසිකලයෙන් බට පාලයියා වචනයක්වත් නොකර වාඩි වී සිටියේ කිහිප දිනකට කලින් බිග් ශෝ රේම්ස්ටීරියෝට ලොන්ත පෝල් වෙන්නම නෙලූ රෙස්ලින් වීඩියෝ පටය මතක් වී විය හැකිය......විනාඩි ගානකින් පියවි සිහියට ආ පාල අයියා පාක් එකේ ත්‍රීවිල් අයියාට කතකොට අහවලාගේ පොට් එකට ගියේ කසියා පොඩ්ඩකින් ඇඟපත නිවා ගැනීමට විය හැකිය.....

2 comments:

  1. ඔය වගේ විත්ති උන අපමණ උන් ඉන්නවා. ඔබට ජය.

    ReplyDelete
  2. කතා ටික ඔක්කොම මේකෙත් දාපං මචං බුකියෙ මගෑරුනු ඒවා හොයන්න අමාරුයි.
    ජයවේවා !

    ReplyDelete