Friday, October 19, 2018

.......පාලගේ ඉරණම.......



මිනිසෙකු සම්පූර්න වීමට කාරනා තුනක් ඉශ්ඨ කලයුතු බව මා පොතක දැක ඇත....

ගසක් වැවීම ,

පොතක් ලිවීම ,

පුතෙක් සෑදීම

යනුවෙන් හැඳින්වූ ඒ කරුනු වල ඇති ගැඹුරු තේරුම මාහට පැහැදිලිවී ඇතත් මා තවමත් ඒවා එකක්වත් ඉටුකර නැත...

ගසක් වැවීම යනුවෙන් හදුන්වන්නේ උරච්චි කරන ලද අඹ ඇටයක් වලකට දමා වැසීම නොව නව පරම්පරාවක් සඳහා භෞතික සහ භෞතික නොවන වස්තුවලින් සමන්විත සෙවන සැදිය හැකි , රක්ශා කල හැකි සවිමත් පදනමක් සහිත අනාගතයක් නිර්මානය කිරීම වැනි කරුනක් වියයුතුය.....

පොතක් ලිවීම පාලගේ ආතල් ගැන ලිවීම නොව ජීවන දර්ශනය මනාව වටහාගෙන සමාජයට යහපත් පුරවැසියෙකු ලෙස ආදර්ශමත් චරිතයක් වීම බව මා දන්න එක් උගත් වැඩිහිටියෙකු මා හට පැවසූ දෙයකි....

පුතෙක් හැදීමේ විද්‍යාත්මක ක්‍රමයනම් මා හොඳින්ම දන්නා නමුත් උගේ අනාගතය සඳහා පදනම් වියයුතු සියලුදේ දැනට මා සතුව නොමැති නිසාත් පුතුන් තැනීමේ යන්ත්‍රයක් මා සතුව නොමැති නිසාත් මා තවමත් පුතෙක් සෑදීමේ පියවරට සූදානම් නැත....

සිකුරු සහ සෙනසුරු එක්වූ විට මටද පුතෙක් තැනීමේ යන්ත්‍රයක් හමුවනු ඇති අතර එදාට මාගේ කාරිය නොපිරිහෙලා ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙමි... ඔව් ඔව් බිරිඳක් හම්බ උනාම තමා....

(😂😂😂පුත්තු හැදීම ගැන වැඩි යමක් පැවසිය නොහැක්කේ මව් දෙමව්පියන්ගේ වයසේ අයත් මේවා කියවන බැවිනි...)

කෙසේ වුවත් බිරිඳකගේ වටිනාකම කොතරම්දැයි මාහටනම් වැටහීමක් නැත...එයට හේතුවනම් මා අවිවාහකයෙකු වීමයි...(නංගිලාගේ අවධානයට🙂)

කෙසේ වෙතත් මාත් සමගම එකට සිටි පාලයියාට නම් බිරිදකගේ අවශ්‍යතාව තදින්ම දැනී තිබුනි.... මේ වනතෙක් රට වටේම මගුල් ඔත්තු හෙව්වත් පත්තු වූ මගුලක්නම් නැතිය.... ස්ත්‍රී රත්නයක් දුටුවිට විවිධ තැන් කසමින් කට දෙපැත්තෙන් බේරෙන කෙල පාරෙන් පාලයියාගේ අවශ්‍යතාව මොනවට පසක් විය.... කෑලි පහේ විදුලි පන්දමක් හිමි පාලයියා මොන ක්‍රමයෙන් හෝ විවාහ වුවහොත් එදාට ඒ අසරන කෙල්ලට විදින්න වෙන දුක්ගැහැට ගැන මටනම් සිතාගත නොහැකිය... පාලයියාට ඒතරමට ගායක් තිබුනු බව ඔහුගේ වදන් වලින් මා දැන සිටීම එයට හේතුව විය.....පාලයියාගේ මල්ලීද පාලයියාට දෙවනි නැත.....😂 පාල අයියාගේ කතාවෙන් නම් පාලයියාගේ මල්ලිද වැඩට යකෙක්ය...

කෙසේ හෝ සිකුරා උච්ච වී සෙනසුරාට ඇඩ්‍රස් නැතිවී සියලුම ග්‍රහයින් පාලයියාට ලබා දුන් උදව්වෙන් පාලගේ මනාලිය පිලිබද හෝඩුවාවක් ආවේ අපේ හිතවත් පාරිබෝගිකයෙක් වූ අමරෙ අයියාගෙනි... අහවල් තැන කෙල්ලෙක් ඉන්නේය.....පාලයියාට තකට තක ගැලපෙන්නේය... කේන්දර ගැලපුනොත් පාලයාගේ වාසනාව උදා වෙන්නේය...යන වඳන් තෙපලූ අමරෙ ලොක්කා පාලගේ වේලාපත්කඩය රැගෙන ගියේ කෙල්ලගේ කේන්දර සමග ටකල් වේ දැයි බැලීමටය.... හරියටම සතියකින් ඔහු පැමිනියේ සුබාරංචියක්ද සමගය....එනම් පාලගේ කේන්දරේ කෙල්ලගේ කේන්දරයට පොටෝ කොපියක් ගැහුවාක් මෙන් ගැලපෙන බවය..... මෙය ඇසූ පාලයියා කාවඩි නටන තරමට ප්‍රීතියෙන් මුසපත් විය.... කස්ටමරා සමග හවස් වරුවේ දැල් කඩේට ගොස් ගෙන ආ හතරැස් බෝතලයට මාවද සහබාගී කරගත් පාලයියා ඉදිරි සැලසුම් ගැන සාකච්චාව ඇරඹීය.... අමරෙයා සහ පාලයාගේ වදන් වලට මුක්කු ගසමින් මාද පාලයා වෙනුවෙන් යමක් කිරීමට ඉටා ගත්තේය.... කෙල්ලගේ වටිනාකම තවත් වැඩි වූයේ කෙල්ලට ගෙයක් දොරක් තිබීමය.... කසාදය කෙරුනොත් පාලයියා ගොඩේ ගොඩය.... මොන දහම් ගැටයක් හෝ ගසා කෙල්ල යාලු කරගනින්... අනිත් ඒවා පස්සෙ හදමු අපේ හිතවතාගේ එකම ඔප්ශන් එක එය විය...

දින දෙක තුනකට පසු පාලයයියා ගමනට දිනයක් යොදා ගත්තෙ හිතවත් මිතුරාද සමගිනි.... ජැන්ඩි පහට ඇඳ පැලඳගෙන වෑන් රියට නැග පාලයියා අපට සැලියුට් එකක් දමා පිටත්ව ගිය පසු අපගේ ප්‍රධාන මාතෘකාව වූයේ පාලගෙ නව දිවිය පිලිබදවය.... අපගේ ඒකායන පැතුම වූයේ පාලයියාගේ සියලු පැතුම් ඉශ්ට සිද්ද වෙනවා දැකීමයි....කෙසේ හෝ පැය කිහිපයකින් පාල අයියා ආපසු වැඩපලට පැමිනියේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමිනි... කට කමසෙයියාවක් නැතුව මනාලිය ගැන කියූ පාලයියා විලුඹ බිම නොගෑවෙනසේ ගරාජය තුල ඇවිද්දේ ජන්දය දිනූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසය.....පාලයගේ බාසාවෙන් කියනවානම් මනමාලිය පාලට එක පයින් කැමතී වී ඇති අතර වහාම වෙඩිම සූදානම් කරන ලෙස පවසා ඇත.... කන්න පින ඇතිවිට ඉබ්බ එන්නේ තුනපහත් සමගය.... පාල පසුදින උදෑසනම විවාහ රෙජිස්ටාර් වරයෙකු ඉදිරියේ පෙනී සිටියේ පාලයියාගේ සුරුබුහුටි මනමාලියද සමගය.....මොනයම් හෝ උලුක්කුවක් සෑදී මංගල්ලය හබක් වේ යැයි බියක් පාල අයියා තුල තිබී ඇති නිසාත් විවාහ දිවියේ රස කලතා බැලීමේ නොනිමි ආශාවත් නිසාත් මෙම තීරනය ගත් පාලයියා එදා රාත්‍රී මනමාලියගේ ගෙදර නැවතීමට තීරනය කලේ මාමන්ඩියාගේ සහ නැන්දම්මාගේ පූර්න අවසරය ඇතුවය.....එදා රාත්‍රිය මනමාලියගේ ගෙදර නතර වූ පාලයියා සරුසාර හනිමූන් එකක් ගත කොට පසුදා උදෑසනම වැඩපලට ආවේ ඉදිරියට මදක් නැවී පස්ස මදක් පිටුපසට දික් කරගෙන කොරගසමිනි... 😂😂😂(කොර ගැසීමට හේතුවූ ඒ කතාව පසුවට ලියනු ලැබේ)

1 comment:

  1. පව් යකෝ පාලයා.. උඹහැමදාම බයිට් එකට ගන්නේ ඒ අහිංසකයව...

    කෑලි පහක් කිව්වා 😮😮 බුදු සංතෝ.. ඊලඟ ⁣කෑල්ලනම් බලන්නම ඕනා...

    ReplyDelete