Monday, October 22, 2018

.....පාලගේ පවුල් ප්‍රශ්නය....


මිනිස්සුන්ට ප්‍රශ්න ඇත.... ඔබට මෙන් මටද අප සියල්ලෝටමද ප්‍රශ්න ඇත... ඒවා විවීධ ආකාරයෙන් වර්ග කල හැක..... මුදල් ප්‍රශ්න , ඉඩම් ප්‍රශ්න , වාහන ප්‍රශ්න... දේශපාලන ප්‍රශ්න.... වැනි එකී නොකී පුරස්න අතරින් ලොකුම ප්‍රශ්නය වන්නේ පවුල් ප්‍රශ්නය..... මේවාට කිසිදා විසඳුමක් නැති අතර විසඳුමක් තිබුනද ප්‍රායෝගික නොවන බව මා දන්නේ දන්න කියන උන් කිහිප දෙනෙක්ගේ ඇසුර නිසාමය... සමහර පවුල් ප්‍රශ්න බත් මුට්ටිය ඉදී අවසන් වන විටම සමනය වන අතර සමහර ප්‍රශ්න එසේ නැත.... දින දෙක තුනකින් චිල්ල මලේ යාමට නොහැකි වී ඇතිවන දරාගත නොහැකි පීඩනය නිසා සමහරු ප්‍රශ්න පැත්තක තබා ඇඳන් උඩ රන්ඩු වන අයුරුද මා යතුරු හිලෙන් දැක ඇත.... මොලේ නැති උන් දෙදෙනෙක් අතර ගැටලුවක් ඇති වුවහොත් ඒවා අවසන් වන්නෙ දෙදෙනාගෙන් එකෙකුගේ මල බත ඉවීමෙන් පසුවය.... මොලේ තියන උන් නම් මෙවැනි ගැටලුවක් පැමිනි විට කතාබහ කර විසඳා ගන්න අතර සමහරු ඒවාට වෙනස්ම පිලිතුරු සොයාගන්න අයුරුද මා දැක ඇත.... දින කීපයක් ගෙදර නොගොසින් සිටීම , දැල් කඩයේ විකිනීමට ඇති නර්තන තෛලය පානය කිරීම , අනියම් ඇසුරක් සොයාගැනීම , වැනි මේ විකල්ප නිසා සමහරු ගොඩ යන අතර සමහරු දෙහිලෙල්ලටම ලොස් වී යති... කෙසේ වෙතත් මටනම් පවුල් ප්‍රශ්නයක් නැත... ඇත්තේ පවුලක් නැති ප්‍රශ්නයකි.... මේ කාලය වන විට පවුලක් විය යුතුය යන්න සැමගේ අදහස වන අතර පවුලක් නැති මා කාලය ගෙවා ගන්නෙ ඉමහත් සතුටිනි... සෙනසුරු උච්ච වී සිකුරු කුජ බුද ගුරු සියල්ලෝම පදිරි වී කාලානුරූපීව මාගේ ඉරනම් චක්‍රය හතරැස් වූ පසු මටද කසාදයක් බැදගැනීමට සිදුවිය හැක.... එවිට මෙතෙක් මට මුවෙන් සිනාසුන උන් පුකෙන් සිනාසෙනු දැකිය හැක....
(කිසිවෙකු කලබල වියයුතු නැත....පුක යනු පුකය... එය දේවාලයක් නොවේය... පුකට ගරු නම්බු නාම අවශ්‍ය නැත. බැරිවෙලාවත් පුකට වෙනයම් ආමන්ත්‍රනයක් යෙදුවහොත් එය ආඩම්බර වී පුකේ රැස්පොට් බැලීමට අපට සිදුවනු ඇත.... කෙසේ වෙතත් පුකට වෙනස් කම් නොකල යුතුය. පුක ගැන කීමට ගියොත් පාලවංශය කබල් ගෑමට කාලය ඉඩ මදිවනු ඇත... එබැවින් පුක ගැන පසුවට ලියමි..)
උහුලාගත නොහැකිවූ ආසාව නිසා බැඳගත් කසාදය පාල අයියාට ජාඩියට මූඩිය සේ ගැලපුනේය.... කපුටු නෑමක් නාන , සති දෙකතුනක් එකම ඇඳුම එකදිගට ඇදීම වැනි යහපත් ගුනාංග උහුලාගත හැකි බිරිඳක් පාලට හමුවීම ලෝක පුදුමයකි... මහා රූප සම්පත්තියක් නැතත් සාමාන්‍ය පෙනුමත් ගතිගුනත් ඇති පාලහාමිනේ පාලට දැක්වූ ආදරය අති මහත්ය... අමුම අමු හඩ්ඩෙක් ලෙස ජීවත් වූ පාල අයියා ටිකෙන් ටික ගෝත්‍රික ලක්ශන ඉවත දමන්නට වූයේ පාල හාමිනේ විසින් දිනපතා රෙදිසේදීම නිසාය... පිරිමින් මෙල්ල කලහැකි කාන්තා ආයුදය අපූරුවට භාවිතා කරමින් පාල අයියාගේ ක්‍රියාකලාපය වෙනස් කිරීමට තරම් පාල හාමිනේ නුවනක්කාරන ස්ත්‍රියක් වූවාය.....
""නියපොතු කැපුවෙ නැත්තං මාගාවට එන්න එපා....""
"" දත් ටික කහපාට වෙලා තිබුනොත් මාගාවට එන්න එපා..""
""ඔය කොන්දෙ මජං පැල්ලමක් කෝ ඉන්නවා අතුල්ලන්න...""
"" නානකොට ඔය කලිසම අස්සට සබන් දාල පොඩ්ඩක් හෝදගන්නවා""
"" චික් ඒකෙ හැටි කලුවෙලාද තියෙන්නෙ මජං වලටමද මන්දා....""
"" චූ කරන්න යනකොට අත් දෙක හෝඳන් යනවා හොඳේ.. මජ පිටිං ඕක අල්ලන්න එපා.... තවත් කලුවෙයි..... ""
"" ඊයා තට්ටම් දෙකේ කැත.. කුනු බැඳිලා අවුරුදු ගානක ඒව තියනවද කොහෙද......""
""හෙට ගෙදර ඇවිත් නාගන්නවා මම ලිඳ ගාවට ඇවිල්ල පස්ස අතුල්ලන්නම්...""
මේවා සමහර දිනවලදී මාහට අසන්නට ලැබෙන්නේ හවස් වරුවේ පාල අයියා බැලීමට එන පාල හාමිනේගේ කටිනි.... කෑලි පහේ ටෝච් එකෙන් රෑට කරන සෙල්ලම නැතිවේ යන බියටදෝ මන්දා පාලයා මේවා සියල්ලම හිස වනා පිලිගන්නේ ගෑනුන්ගේ හැකියාව පිලිබද මා පුදුමයට පත් කරවමිනි....
මෙසේ කාලයගෙවී යද්දී පාල අයියාටද ඉහතකී පොදු ධර්මතාවයට හිස නමන්නට වූයේ අටලෝ දහම අනුවය... එය සිදුවූයේ මෙසේය... ඒ දිනවල පලාතේ පැතිර ගිය වෛරස් උන පාල හාමිනේටද වැලදුනු අතර එය සතියක් පමන අල්ලාගෙන සිටීම නිසා පාල හාමිනේ හොඳටම දුර්වල වූවාය... ඊලඟ සතියත් පාලහාමිනේ ඇඳ මතටම වී ගතකලේ වෛද්‍ය උපදෙස් අනුවය... පාලගේ නැන්දම්මාද නිවසින් පිටවී නොගොස් දියනියගේ උපස්ථානයට කැපවූවාය..
දින පතා උදේ වැඩට එන පාලයියා හවස වැඩ අවසන් වූ වහාම නිවස බලා පිටත් වන්නේය.. පාල හාමිනේ අසනීප වීම නිසාත් නැන්දම්මා මුර දමාගෙන සිටීම නිසාත් පාලට සිදුවූ එකම පාඩුව නම් චිල්ල මලේ පාරක් යෑමට නොහැකි වීමය... සති දෙකතුනක් තිස්සේ තම අවශ්‍යතාවන් සිර කරගෙන සිටි පාලයියාට දැඩි අපහසු තාවයක් දැනුනත් පාලහාමිනේට කරදර කිරීමට ගියේ නැත්තේ මන්දැයි මට තාම සිතාගත නොහැක..... කෙසේ හෝ දිනක් පාලට නියම අවස්ථාවක් පෑදුනේ පාල හාමිනේත් නැන්දම්මාත් බැහැරකට ගිය අවස්ථාවකදීය.... අසල නිවසක තනිවම වෙසෙන කාන්තාව පාලගේ නිවසට පැමිනියේ පාල හාමිනේ බැලීමටය... පාල හාමිනේ නිවසේ නැතිබව දැනගත් පසුත් නිවසෙන් පිටත්ව නොගිය කාන්තාව පාලගේ ඇහැට අසුවූයේ මේ මොහොතේය.....සැමියා හැර ගිය පසු තනිකඩව කාලයක් සිටි මෙම කාන්තාව කවුරුන් හෝ සමග සම්බන්ධයක් ඇති බවට පාලයියාට දැනගැනීමට ලැබී ඇත.... වටෙන් ගොඩින් මුට්ටිය දමා බැලීමෙන් යමක් කරගත හැකි බව ඉවෙන් මෙන් දැනගත් පාල අයියා කාන්තාවගේ අතින් අල්ලා ඇත.... මුලින් තරමක අමනාපයක් පෙන්වූවද ස්වල්ප වෙලාවකින් පාල අයියාට අවනතවූ කාන්තාව පාල අයියාට තුරුලුවී ඇත..තලෙලු සමකින් වැසී ඇති අංග සම්පූර්න ස්ත්‍රී සරීර කූඩුවේ ස්පර්ශය නිසා පාල අයියා අශ්වයෙකුගේ ගාය හිතට ගත්තේය.... එහෙන් මෙහෙන් අතපතගා ඇඳුම් ආයිත්තම් පිලිවෙලට සකසාගෙන පාලායියා කූඤ්ඤ කටුවත් මිටියත් රැගෙන පලංචියට ගොඩ විය... කෑලි පහේ විදුලි පන්දම දුටු නිර්මලා මහත් සතුටින් එය ස්ථාන ගතකලේ මහත් බලා පොරොත්තුවකින් යුතුවය.. දෙන්නම් ජම්බු කියා පාලයියාද මෝල ස්ටාට් කලද ඒ මොහොතේම බෙහෙත් ගැනීමට අසල ඩිස්පැන්සරියට ගිය පාල හාමිනේ සහ නැන්දම්මා නිවසට ගොඩ වැදුනේ බාගෙට වසා තිබූ දොරද විවෘත කරගෙනය.... නැන්දම්මා කෙලින්ම කුස්සියට ගිය අතර පාල හාමිනේ කාමරයට ගියාය.... දොර විවෘත වන ශබ්දය නිසා ඒ වනවිටත් පාලයියා අතුරුදන් වී අවසානය..... අසල්වැසි කාන්තාව වහා ඇඳෙන් නැගිටගත්තේය.... පාල හාමිනේ කාමරයට එනව්ටම අසල් වැසි කාන්තාව කාමරයෙන් එලියට ආවාය.....
""ආහ් නිර්මලා අක්කෙ මේ කොහේද මේ යන්නෙ.......
"" ආ ආ මෙහ් මේ ම මම බැ බැලුවා නංගි කොහෙද කියල... දොරත් බාගෙට වහලා කතා කලාට සද්දයක් වත් නෑ..... කාමරේ බැලුවෙ නින්ද ගිහිල්ලද කියලහ්
"" නෑ නෑ මම අම්මත් එක්ක බෙහෙත් ගේන්න ගියා....""
"" පාල අයියත් පේන්න හිටියෙ නෑ මම ආපහු හැරෙනකොටම මෙන්න නංගි එනවා...""
""ආ එයා හිටියනෙ ගෙදර...."" අම්ම හොද්දක් ලිපේ තියල ඉඳුනම බාන්න කියලනෙ ගියේ.... ""
"" අනේ මන්දා නංගි මම එනකොට පාලයියා හිටියේ නෑනෙ.... නංගි මම මේ නිකං ආවේ මේ පැත්තේ..... මම ගිහින් හවස් වෙලා එන්නංකො.....
"" හා හා අක්ක ගිහින් එන්ඩකෝ.....
එසේ කියා පාලහාමිනේ ඇඳ දෙස බැලුවේ සිතට ඇතුලුවූ යම් සැකයක් සහිතවය.... නිර්මලා කාමරයේ සිට පිටවූ අයුරුත් ඇඳ රෙද්ද හැකිලී තිබූ අයුරුත් දුටු පාල හාමිනේ පාල අයියා සොයන්නට විය.... ඉස්තෝප්පුවේ පාලගේ සෙරෙප්පු දෙක තිබෙනු දුටු පාල හාමිනේගේ සැකය තවත් වැඩි විය.... එසේනම් පාල සිට ඇත්තේ ගෙය තුලමය.... නිර්මලාද එසේ මෙසේ අම්මන්ඩියක් නොවේය... ටාට බස් එක එලවන ජයන්ත අයියා සමග මොකක් හෝ සම්බන්ධයක් ඇති බව කිහිප දෙනෙක්ම කියනු ඇසී ඇත... සමහර වෙලාවට පාල සමගද ඇය විවිධාකාරයේ විහිලු තහලු කරනු දැක ඇතත් මුව පියාගෙන සිටියේ හදිසියකට අඬ ගසා ගැනීමකට ඉන්නේ නිර්මලා පමනක් වීම නිසාය....තමන්ට පහුගිය දිනවල පාලත් සමග ලෝකාස්වාද රථියේ යෙදෙන්නට බැරි වූ නිසා පාල සිටියේ දැඩි අපහසු තාවයෙන්ය... කවුරුත් නැතිවෙලාවේ නිවසට පැමිනි නිර්මලා පාල අයියාව දපනේ දමා ගත්තාවත්ද.... දහසක් සිතුවිලි සිත තුල කැලඹෙමින් කල්පනා ලෝකයේ සැරිසරන පාලහාම්නේගේ දැහැන බිඳ වැටුනේ ඇඳයටින් ආ ශබ්දය නිසාය... එක්වරම ඇඳෙන් බිමට පැන බිමට පාත් වී බලන පාල හාමිනේගේ නෙත ගැටුනේ පාල අයියා ඇඳයට සැඟවී සිටින ආකාරයයි.... සිදුවූ සියල්ල අවබෝධ වූ පාලහාමිනේ පාලයාගේ බෙල්ලෙන් අල්ලා එලියට ඇදගත්තේ යක්ශා වේශයෙන්ය.... කුනු මාලු කෑල්ලක් මෙන් පාලහාමිනේගේ දෑතට සිරවූ පාලයියා මරන බයෙන් වෙවුලන්නට විය.....
"" ඇත්ත කියනවා මම තමුසෙට ගහන්නෙ නෑ..තමුසෙ අර ගෑනිත් එක්ක නිදාගත්ත නේද...
""නෑ නෑ පිස්සුද ඒ ගෑනි එනකොට මම ඇඳ යටට ගියේ මිටිය හොයන්න.
""තමුසේ බොරු කියන්න එපා.... එහෙනම් මොකද මම ආවහම එලියට ආවෙ නැත්තේ...
"" නෑ මම මේ මේ නිකං හිටියේ.... ඔව් ඔව් මම නිකමට ඇඳයට හිටියෙ.
"" බොරු කියන්න එපා ඕයි තමුසේ මහ වනචරයෙක්.... මම තමුසෙ කතා කරන ඕන වෙලාවක බෑ කියල තියෙනවද.... සනීප නැතිවෙච්ච දවස් ටිකේ කොහොමද ඕයි ඕව කරන්නෙ... ඒ ඩිංගට තමුසෙ අර ගෑනිව අල්ලගත්තා නේද.....
""නෑ නෑ මම එහෙම කලේ නෑ මම එහෙම කලේ නෑ ඕයි තමුසෙට පිස්සුද....
එසේ කියූ පාලයියා වහාම කමිසයක් කලිසමක් ඇඳගෙන පාරට බැස්සේ අරමුනක් නැතුවය.... පාරේ මඳ දුරක් ඇවිදගෙන යනවිට පාලයාට හමුවූයේ කොහේදෝ දුර කුලීගමනක් ගොස් පැමිනෙන ගලබඩයියාය.. වහ වහා ගලබඩයාගේ ත්‍රී රෝද රථයේ එල්ලුනු පාල අයියා පැමිනියේ ගරාජයටය..... එතැන් පටන් සතියක් පාලායියා නිවසට යෑම වර්ජනය කලේ කුමක් නිසාද යන්න මාහට තවමත් ගැටලුවකි... මේ කතාව මෙසේ සිදුවූ අතර මෙහි රසවත්ම කොටස තව දින දෙක තුනකින් ඒමට නියමිතය..... එකිනෙක සම්බන්ධවූ මෙම කතාව කොටස් දෙකකට ගෙන එන්නේ ලිවීමේ සහ කියවීමේ පහසුව සඳහාය.....

No comments:

Post a Comment