Thursday, October 18, 2018

...පාලයියාගේ කොකනට් කැඩීම....


පාලයියාද මලයා හා සමාන ඕල්රවුන්ඩර් කෙනෙකි...පාලයියා නොදන්නා මගුලක් නැත..... දන්නා මගුලක්ද නැත.....පාරේ නයි පටවන 👈 👐 ආ නෑ නෑ නයි නටවන අහිකුණ්ඨිකයාගේ සිට නාසා ආයතනයේ රොකට් අංශය දක්වා හසල දැනුමක් ඇත්තෙකි.... හදිසියේවත් කොහේ හෝ ගොඩ බස්වා තිබෙන ගුවන් යානයක නියමුවා පැමින පාල අයියා හමුවී

""පාලඅයියා අපේ හෙලිකොප්ටරයේ පොඩි ලෙඩක් තියනවා බලලා දෙන්න බැරිද""

කියා ඇසුවොත් නියනත් , අඬුවත් , දහයෙ යතුරත් රැගෙන....

""යමු අයියේ කොහෙද බාල තියෙන්නෙ"" අහවල් කෑල්ලෙ ලෙඩේ තියෙන්නෙ"" ගිය සතියෙ අහවල් මොඩල් එකේ ලෙඩේ හැදුවෙත් මම""

කියා එක පයින් ඉදිරිපත් වෙන්නේ දෙවරක් නොසිතාය....ඒතරමට පාල අයියා වැඩ කරුවෙකි.. පාලයියාට වයස තිහක් වුවද අවුරුදු එකසිය තිහක අත්දැකීම් ඇත.... පොඩි අඩියක් ගැසූ පසු පාල අයියා කියන කතා ලොමුදැහැගන්වල සුලුය....

ලේලන්ඩ් බස් එකේ දහ අට වංගුව බ්‍රේක් නැතුව බස්සපු හැටි..
කඩුගන්නාව ටොප් ගියර් එකේ ඇදපු හැටි...
මයිනර් එකේ ගෑස්කට් දාපු හැටි.....
පොලොන්නරුවේදී ගොස් එනවිට අලිවෙඩි දැම්මත් පලා නොගිය අලියා එලවපු හැටි.....
අනුරාධපුරේදී ටාටා නයින් නෝට් නයින් එකේ දුන්න කැඩී හදාගත් ආකාරය...
ගාමන්ට් බස් එකේ ඩ්‍රයිවර්ට සනීප නැතිවී වාර්ශික චාරිකා බස් රතය පැදගෙන යාම....
ගාමන්ට් කෙල්ලන්ගෙන් බේරීමට නොහැකිව බස් එක යට නිදාගැනීම...

වැනි ඉදිරියට ඒමට නියමිත කලිසමේ බඩ යන තරමට බය හිතෙන කථා ඇසීමේදී මා හට පාල අයියා වීරයෙකි... වීර ගතිය වැඩිවී පාල අයියා හාන්සි පයිස් වීමේ සම්බාවිතාව සීයට සීය තරම් ප්‍රතිශතයක් වුවත් යකෙකුට වත් බය නොවන පාලයියාට මෙවර සිදු වූයේ එසේ මෙසේ කෙලියක්නම් නොවේය..

අපේ ලොක්කා පොල්ගස් කීපයක් තිබෙන ඉඩමක් මිලදී ගත්තේ මෑතකය...
එහි පොල් මුරය කැඩීම සඳහා පොල් සේතං අයියාට බාරදී තිබුනත් ලොක්කාගේ වැඩි මනාපයක් පොල් සේතං කෙරෙහි දකින්නට නොලැබුනේ වටපිටාවෙන් ඇසුනු කේලම් විස්වාස කිරීම නිසා විය හැකිය...

""සේතං ගෙඩි විස්සක් කැඩුවොත් පහලවක් හොරෙන් අරන් යනවා""....
""ඔය යකා පොල් හංගනවා පස්සෙ ඇවිත් අරන් යන්න""......
""සේතං පොල් කැඩුවොත් ඊලඟ වාරෙ පොල් අඩුයි""..... පදනමක් නැති මෙවැනි කතා පිලිගත් ලොක්කා ඊලඟ පොල් මුරය කැඩීමට ගස් පයිලට් කෙනෙක් සොයන්නට විය....අවසානයේ පයිලට් කෙනෙක් පිලිබඳ පාලායියාගෙන් විමසුවේ හැන්දෑ වරුවකදීය.......

පාල ඕයි මෙහෙ එනව පොඩ්ඩක්.........😐😐

ආ ඇයි බාසුන්නැහේ.............😮😮

මේ අපේ පල්ලෙහා ඉඩමෙ පොල් ගස් හත අටේම පොල් වේලිලා බන්... ඔය ටික හැලෙන්න කලින් කඩවලා දාන්න එකෙක් හොයාගන්න ඕනි....😯😯

ඇයි බාසුන්නැහේ සේතං කාරයා.....ඌනෙ මේ පැත්තෙ පොල් කඩන්නෙ...😯😯

ඒ යකා අලි හොරෙක්නෙ බන්.... බාගෙට බාගයක් ඌ හොරකං කරනවලු...😠😠

මේ බාසුන්නැහේ ආයෙ එක එකා හොය හොය ඇවිදින්න එපා මම කඩල දෙන්නං පොල්ටික....ගහකට පනහ ගානෙ දෙන්න....💪💪

හෑ උඹට ගස් නගින්න ඇහැකිය.....😮😮

නැතුව නැතුව මං ගස් කොච්චර නැගලා තියනවද......💪💪

හා මං එහෙනං ගහකට පනහ ගානෙ දෙන්නං ඔක්කොම ගස් නවයක් තියනවා පැහිච්ච සේරම කඩලා ගොඩ ගහල තියපං.... දන්නවනෙ ඉඩමට යන පාර...

අර ඇනිකට් එක පල්ලෙන් යන පාරනේ.....මං දන්නවා උදේම යන්නංකො එහෙනම්..

පොල් ටික කඩල ගෙදරට කෝල් එකක් දීපං ඈ..මම එන්න ලොරිය අරං...
මතක ඇතුව උදේම පලයං ඈ....හනසු ටික ගලෝලා කරටියත් පොඩ්ඩක් සුද්ද කරලම දාන්න ඕනි..උඹට කීයක් හරි වැඩිපුර දෙන්නංකො.....ඕන්නං මේ පොඩි මල්ලිවත් එක්ක පලයං...

ඕකට ප්‍රසාදයා ඕනි නෑ.... මම වැඩේ දෙන්නං ගානට බාසුන්නැහේ බය නැතුව ඉන්ඩකො.....

පසුදා උදෑසන ලැට් කෝස් එක ඉවර වූ වහාම පාලයියා පොල් කැඩීම සඳහා පිටත්ව ගියේ ගරාජයේ තිබූ පුට්සයිකල් කටුවේ නැගීය....ඒවන විටත් වෙලාව උදෑසන හතහමාරට ඇත...... දහවල් දහය වනවිටත් පාලයා ආපසු නොපැමිනීම නිසා කලබල වූ බාසුන්නැහේ මට කියා සිටියේ බයිසිමොටෝ එකේ ඉඩමට ගොස් පාලයා පිලිබද සොයා බලන ලෙසය.....

මේ යකා ගහක් පල්ලෙ දෙරි ගහලද දන්නෙ නෑ....අනේ මල්ලියෙ පොඩ්ඩක් බලපංකො......

හරි හරි බාසුන්නැහේ මම බලලා එන්නම්.....

වැඩි වැඩකුත් නොතිබුන නිසා බයික්කෙට ගොඩවුනු මා ඉඩම කරා පියෑඹුවේ කුරුම්බා ගෙඩි දෙකතුනකටත් වැඩේ දෙන්න බලාගෙනමය.....විනාඩි පහකින් අදාල ඉඩම වෙත ගිය මා පාල ඉන්නා ගස සෙවීමට උත්සාහ කලත්

පාලයෙක් තියා මෙලෝ යකෙකු පෙනෙන්නට නැත....

කඩපු පොලයකුත් නැත.....

පොල් නැතුවාට නම් කමක් නැත....

පාලයා ගහක් පල්ලෙ පත බෑවුනාවත්ද.....

නැත්තං මූ අකුලක් අස්සට වෙලා නිදාගෙනවත්ද..........

එක්කො දොලකටක් අස්සේ රිංගන් ගෑනියෙක් දිහාවත් බලන් ඉන්නවද.....

මූට වෙලා තියන දේවල් වල හැටියට මේ පාර දාගත්තු ලෙඩේ මොකක්ද.......වැනි දහසකුත් එකක් දේවල් සිතමින් වටපිට විපරම් කර බැලූවත් පාලයා නැත.... හෝඩුවාවක් නොමැති නිසා මා මොටෝ එකට නැගුනේ ආපසු යාම සඳහාය... ""

ඔය බල්ලා අල්ලපියෝ""පර බල්ලා ඔහොම හිටපිය""තෝ බේරෙන්නද හදන්නෙ මගෙන්....හමගහනවා තෝ......

ගෑනියෙකු මරහඬ තලන ශබ්දයක් ඇසුනේ මේ වෙලාවේදීය......වටපිට බැලුවත් යමක් සිතාගත නොහැකිවූයේ කිසිවෙකු පෙනෙන්නට නැති නිසාය.....ඒත් සමගම කවුරුන් හෝ අත්පුඩි තලන ශබ්දයක් නිසා නැවත හැරී බැලුවේ එක් වරම සිතට ආ අමුතු සිතිවිල්ල නිසාය......

හරියටම හරිය..... ඒ පාලයාය.....සරමකින් හැදූ වලල්ලකුත් අතින් ගෙන පාලයා පිම්මේ මාදෙසට දුවගෙන එනු දුටු මට තරමක චකිතයක් ඇතිවූයේ එම දිවීම සාමාන්‍යයෙන් පාලයාගෙ දිවීමෙ ඉරියව්වක් නොවන නිසාය.....විදුලි වේගයෙන් ආ පාලයා යම යම හු__තෝ කියා බයිසිකලයට නැගුනේ මරබියේ වෙවුලමිනි.....

මොකද යකෝ උනේ........

යමං යකො යමං හත්තිලව්වේ යමං ඇදපිය ඕක ඉස්සරහට.......😂😂

මොකක් හෝ කෙලියක් කෙලවී ඇත...වහාම මෙතනින් මාරුවිය යුතුය... පාලයාත් බයිසිකලයේ සිටින නිසා හවුලට ගුටි කෑමක් සුවර්ය..... බයික් යකාට පන ආවේය... ගියරය මාරු වූයේය.... පාලයා මා බදා ගත්තේය.... ක්ලචය අතෑරුනේය..... අඩි දෙකතුනක් ඉදිරියට ඇදුනා පමනි....

ඔහෙ හිටු පර බල්ලා.... දුවන්නෙපා හිටපිය පරයා....

කවුද යකෝ ඒ.... හැරී බලන විට පොල් පිති කැබැල්ලක් අතින් ගත් ගෑනියෙක් බයිසිකලය දෙසට එන්නට විය.... තරබාරු ගැහැනියගේ ගමනේ වේගය අඩුවූයේ ඊට පිටුපසින් හැරමිටි ඇන ඇන ආ වයසක මාතාව කකුල පැටලී වැටීම නිසාය....පාලයා නැවත වරක් යමං %&#-#*%;$ $&$*#*$*$ $&#-#* $&$*$-#$$$ 😂😂😂 තනි කුනුහරුප වැලක් ඇදබෑවේය....බයිසිකලය ගැම්මට ඉදිරියට ඇදුනි...විනාඩි දෙකෙන් අප දෙදෙනා ගරාජය අසල කඩයේ නතර වූයෙමු....

පාලයෝ මැරුන් නොකා කියපිය වෙච්ච දේ..... මොකද අර ගෑනි උඹ පස්සෙ එලෙව්වෙ.....

මල හු___ක් උනේ බන්....මම ගියා උදේම ඉඩමට.....

එතැන් පටන් සිද්ධිය වූයේ මෙසේය.... මෙම අක්කර තුනහමාරක් විශාල ඉඩම වසර ගනනකට පෙර මිලදීගෙන ඇත්තේ මෙම තරබාරු කාන්තාවගේ සැමියාය.... පසුව ඇතිවූ මුදල් අඟහිඟ කමක් නිසා ඉන් අක්කරයක් විකුනා ඇත....එය මිලදී ගෙන ඇත්තේ අපේ ලොක්කාය.....පාලයා ගොස් පොල් කඩා ඇත්තේ ලොක්කාගේ අලුත් ඉඩමේ නොව එහි තරබාරු ගැහැනියට අයත් නොවිකුනූ ඉඩම් කොටසේය..... උදේම කොහේදෝ ගොස් සිටි ගැහැනිය පැමින ඇත්තේ පාලයා පොල්ගස් නවයක නැග පොල් කඩා හනසු ගලවා කරටි සුද්ද කර දහවෙනි ගසේ සිටියදීය.... අවස්ථා කීපයකදීම පොල්හොරුන් විසින් ගැහැනියගේ ඉඩමේ පොල් හොරෙන් කඩා ඇත.......පොල් හොරු සොයා මෙහෙයුමක් දියත් කල අසරන ගැහැනිය යකාවේස වී ඇත්තේ පාලයා ගස උඩ සිටිනු දැකය...අන්දෝ සංසාරයක් නොදන්න පාලයා ගසෙන් බසිනවිටම කොන්ද හරහට පොල් පිති පාරක් එල්ල කල ගැහැනිය පාලයාව බදාගෙන ඇති අතර මද වේලාවක් ස්ත්‍රී සරීරය අතගා පොඩි ආතල් එකක් ගත් පාල අයියා ගැහැනිය තල්ලු කර දමා දුවන්නට විය......මා බයිසිකලයට ගොඩ වී ඇත්තේ එවිටය......මා දුටු පාලයා සැනසුම් සුසුමක් හෙලා ඇත.....

අප දෙදෙනා කඩය අසල පැය කාලක් පමන නතරවී සිටියේ ගැටේ ලෙහන අයුරක් කල්පනා කරමින්ය...ලොක්කා මෙය දැන ගැනීමෙන් උද්ගත වන තත්වය පිලිබද කල්පනා කල පාල අයියා සිහිසන් නොවී සිටීම ලෝක පුදුමයකි...... මම යනවා බන් කොහේ හරි කියා පාල අයියා පාරට ගියත් මා එය වැලකුවේ මම මොකක් හරි කරන්නම් කියාය.....පාලයාව කඩයේ නවත්වා මා ගරාජයට ඇදුනේ ලොක්කාට සංතෑසිය පැවසීමට සිතාගෙනය.... මා ගරාජයට යන විටම එතන්ට පැමිනි මෝටසයිකලයේ සිටියේ තරබාරු ගැහැනියගේ සැමියාය..... මා කට ඇරීමටත් පෙර සියලු විස්තර අපූරුවට ලොක්කාගේ කනේ තැබූ පොර යන්නට ගියේ ආයේ පාලයාව පැත්ත පලාතක නොඑවන ලෙසද පවසාය.....මා දුටු ලොක්කා කෝ ඔය ප%යා එන්න කියපිය මෙහාට කියා පැවසු අතර මම ගොස් පාලයාව එක්කාගෙන ආවේය.....එතැන් පටන් පාලි සංස්කෘත වලින් පැය බාගයක් පාලයා ඇමතු ලොක්කා යන්නට ගියේ පොල් සේතං හොයාගෙන විය හැකිය.....මා දෙස ගිනිපිටවෙන දෑසින් බලා පාලයා යන්නට ගියේ කලහැකි කිසිවක් නොවූ නිසාය....දහවල් ආහාරයෙන් පසු පාලයා ඩිස් මිස් වූ අතර පසුදා උදෑසනම වැඩට පැමිනියේ පෙරදා කිසිවක් සිදුනොවූ ගානටය....

2 comments:

  1. ඔය වගේ තඩි ගෑනු මරු බං රති කෙළියට. එහෙම්ම පොල් ඉඩමේ බිම හාන්සි කරගත්තා නං සුපිරි සැපක් ගන්න තිබ්බා.

    ReplyDelete
  2. I like your blog Bro, this is really funny. these stories remind me my younger days in the village. Your way of manipulating the language in your articles really nice. Forgive me for expressing my ideas in different language.

    ReplyDelete