Thursday, October 11, 2018

වතුර බ්ලොක් එක..



කඳු ගැටයක් මැද සාදා තිබූ අපගේ බෝඩිම නොහොත් බංගලාවට පානීය සහ නානීය ජලය සැපයුනේ කන්ද මුදුනේ සිට පහලට ගලා ආ ස්වාභාවික දිය පාරක් හරස් කොට සාදන ලද කුඩා වේල්ලකිනි......රබර් ගස් වලින් වැටෙන කොල නිසා මෙය නිතරම පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තකි........සතියකට වතාවක් වත් වතුර අවහිර වීම නිසා වූ අකරතැබ්බය වලකාලීමට මගේ අදහස වූයෙ ලොකු දැලකින් මේ ස්ථානය වසා දැමීමයි..... කවදාවත් නැතුව මලයාද මේකට එකඟ වූයෙ මේ වතුර ප්‍රශ්නය නිරාකරනය කර ගැනීමටය..... ගබඩා කාමරයේ එස් කේ මහතා දැනුවත් කර ප්ලාස්ටික් දැලක් ගෙනවිත් මෙය වසා දැමුවේ හපයාගේ සහ හිච්චාගේ උදව්වෙනි....ඉන් පසු කාලයක් යනතුරු අපට ජල ගැටලුවක් පැමිනියේ නැත.......

මාස දෙකකට පසු පැමිනි මහ වර්ශාවත් කුනාටුවත් නිසා රබර් ගස් වල කොල වැටී ඒවා දොල පාර දිගේ ගසාගෙන විත් බටයේ සිර වී වතුර මාර්ගය සම්පූර්නයෙන්ම වැසී ගියේය....

ඈ බන් මලයා....මේ පාරනම් වතුර ලයින් එක කෙලවෙලාම ගියානේ බන්....

ඔව්නෙ බන් පායපු ගමන් බට ලයින් එක ගලෝල සුද්ද කරමු...මම කරන්නං මම තමා අපේ ගෙදර බට ලයින් එක සම්පූර්නම ඇද්දෙ....ඕව පොඩි දේවල් බන්

උඹ ඉන්න හින්ද මට බය නෑ බන් ... මලය උඹ ඕල්රවුන්ඩර් කෙනෙක්නෙ බන්...

යකෝ මේවා ඉස්කෝලෙ යනකාලෙ කරපු දේවල්.... උඹල ඉතිං ඒ කාලෙ ඕව ඉගන ගන්න නැතුව ඇති.....

ඒකනෙ බන් අපි ඉතිං ඒකාලෙ සෙල්ලම් කරපු එකනෙ කලේ...

හරි හරි ඒවයින් වැඩක් නෑ හෙට බට ලයින් එක සුද්ද කරන්න ලෑස්තිවෙයංකො...

පසුවදාම ලොක්කට කියා හවස් වරුව නිවාඩුවක් දමා මලයයි මමයි ටැංකිය දෙසට ගියෙමු.... එතැන් පටං මලයාගේ ස්තානෝචිත පඥ්ඥාව ක්‍රියාත්මක වූයේ මාගේ මල ඉස්පොල්ලෙ යවමිනි....රටේ නැති බයිලා ගසමින් පම්පොරිය දිගඇර
වැඩ පටන් ගත් මලයා මුලින්ම බ්ලොක් එක හොයන්නට පටන් ගත්තේය...මීටර් දෙසීයක් පමන දිග බට ලයින් එකේ බ්ලොක් එක සෙවීමනම් ලේසී පාසු දෙයක් නොවීය.....විවිධ උපක්‍රම භාවිතා කලත් පලක් නොවූ අතර අවසානයේ මලයා නියම උපක්‍රමයක් භාවිතා කලේය...එනම් බට ගොඩ දමා එකින් එක ගලවා බැලීමය...බට ලයින් එක ගෙය දෙසට එන මාර්ගයේ තිබූ ගල් තලාවක් මතින් බටය දමා තිබූ ස්තානයේ සිට බටය ගොඩ දැමීට පටං ගත් මලයා යකෙකු මෙන් වැඩ කරන්නට විය......දාඩිය පොල්ල දමාගෙන දගලන මලයාට වතුර තේ බිස්කට් අවි ආයුද සැපයීමෙන් මාද සහය විය......කෙසේ හෝ පැය දෙකක් පමන වෙහෙස වීමෙන් බටය සෑහෙන දුරක් ගොඩ දැමූ මලයා එය දෙතුන් පලකින් කපා බැලූවිට කිසිම බ්ලොක් එකක් නොමැතිව වතුර එනු දක්නට ලැබින....

බටය ගොඩ දමන එක පලක් නොවන බව කියා මා විසින් විරෝධය පලකලද මාව පයිසෙකට මායිම් නොකල මලසේකරයා එකදිගටම බට ගොඩ දැමීම කරගෙන ගියේය......
කෙසේ හෝ එදින එම කාරිය ඉවර කිරීමට නොහැකි වූ බැවින් පසු දිනට කල් තබා වැඩ නැවත්වූයෙමු.....පසු දින උදෑසනම මලයා සියලු වැඩ පසෙකලා ජල ව්‍යපෘතියේ වැඩට ගියේ මටද සද්දය දමාය.......දහවල් දොලහ වනවිට කෑමට පැමිනෙන විටත් බ්ලොක් එක සොයාගත නොහැකිවූ මලයා තරමක පසු බෑමකට ලක්වී සිටියද මාගේ බටර් ගෑම නිසා නැවතත් ෆෝම් වී අදාල රාජ කාරියට වාර්තා කලේය....හවස් වනවිටත් වැඩේ ගොඩදා ගැනීමට නොහැකිවී ලත වෙන මලයා කෙරේ ඇතිවු අනුකම්පාව නිසා මමද වැඩේට බැස්සෙමි......කොයිකටත් කියා ටැංකිය දෙසට ගොස් පරික්ශා කිරීමට අදහස් කල මා අඩි හයක් දිග කාලෙ කම්බියක් ගෙන උඩටම ගියෙමි....දොල හරස් කර තිබූ කුඩා වේල්ලට බැස ගත් මා කාලෙ කම්බිය බටය තුලට දමා කරකවනවිට යමක් පැටලෙන්නට විය....පසුව වේල්ල අසලින් බටය හාරා ඉවතට ගෙන කපා බැලීමේදි ඇතුලේ සිරවී තිබූ ශොපින් කවරයක් සහ කොලරොඩු රාශියක් තිබෙනු දක්නට ලැබින...අගල් හයේ බටය අගල් හතර දක්වා කුඩා කරන ශොකට් එක අසල සිරවී තිබූ ඒවා ඉවත් කර බටය නැවත අලවා දැමූ පසු විස්මයජනක දෙයක් දකින්නට ලැබුනි....එනම් මග දිගේ තිබූ බට සියල්ලම ගලවා තිබියදීත් කිසිම ගැටලුවක් නොමැතිව ගෙදර කරාම වලට ජලය පැමිනීමයි......

යකෝ ප්‍රසා බලපංකො අන්න ටැප් එකේ වතුර එනවා....

අම්මපා කියපං........

ඔව් ඔව් බලපං මේ.......

අම්මට සිරි ඒ කොහොමද බන්.........බට සේරම ගොඩනෙ තියෙන්නෙ

ඔව්නේ බන් මම බට සේරම ගොඩ දැම්මනෙ...අර සේරම ගලවලා තියෙන්නෙ ....

පොඩ්ඩක් හිටපං බලන්න.....

මම වහා දුවගොස් වේල්ලේ සිට බට මාර්ගය ගෙදරට එන පාර දිගේ විමසිල්ලෙන් බැලුවේ සිදුවී ඇති මහා පටලැවුම කුමක්ද කියාය.....මල හත්තිලව්වකි....

මහකෙලියම කෙලවෙලා යන්තරෙ බල නැතිවෙලා....😂😂😂

මල සේකරයා දවස් එක හමාරක් තිස්සෙ හාරා ගොඩ දමා ඇත්තේ එහා පැත්තේ බෝඩිමේ බට ලයින් එකය....මා දුව ගොස් මේ ගැන පැවසූ විට මලසේකරයාට හීන් දාඩිය දමන්නට පටන්ගත්තේ වෙව්ලිල්ලකුත් සමගය....... හවස් වරුවේ කඩයට ගොස් එනවිට හදිසි නිවාඩුවක් සඳහා ගොස් තිබූ එහා බෝඩිමේ නැවතී සිටි ගුරු යුවලද එදිනම සවස හතේ බස් රියෙන් බසිනු දුටු මා වහාම මුර කුටිය අසලින් මුවා වී සිට ගත්තේ කුමක් හෝ අනියත බියක් මා වටා එතෙන්නට වූ නිසාය.....

ආ කරුනා මිස් මොකෝ අද හැන්දෑවේ මේ පැත්තේ........... ඒ ගේට්ටුවේ සමරෙ අයියාය....

ආ සමරසිංහ..... හෙට උදේ සෙමිනා එකක් තියනවනේ දන්නෙ නැද්ද......

අප්පට සිරි මට ඒක මතකම නැති උනානෙ........ මහත්තයා දැන් දිගටම මෙහෙ නේද ඉන්නෙ...සංතෝසයි වෙලාවක හම්බ වෙමු.....

අපි යන්නද සමරසිංහ උයන්න පිහන්න රෙදි හෝදන්න වැඩ ගොඩක් තියනවා....

හොඳයි කරුනා මිස්.......මහත්තයා ඔතන ගොඩ වෙන තැන කනුවෙ ලයිට් එකත් දාගෙනම යනවද තරහා නැතුව....

හරි සමරෙ මම දාන්නම්......එහෙනම් ගුඩ් නයිට්....බායි....

හම්මට සිරි අද තමා මලයට කෙලවෙන්නෙ......කරුන මිස් අද තමා දුම්මල වරම ගන්නෙ ....දහසකුත් එකක් සිතිවිලි ඔලුවේ පෙල ගැසෙද්දී මාද හෙමිහිට බෝඩිම කරා ලඟාවිය.....ගෙට පහල තිබූ වෙල්ඩින් ශොප් එකේ බංකුවේ වාඩි වී වැඩි වේලාවක් ඉන්නට නම් ලැබුනේ නැත......ලස්සන දෙබසක් ඇසෙන්නට් විය...

ආනන්ද ඔය වතුර වෑල් එක වහලද බලන්න........

ඇයි මොකද කුස්සියේ වතුර නැද්ද........

නෑනෙ අනේ...පොඩ්ඩක් ඉන්න බාත්රූම් එකෙත් නෑනේ....

මොන කරුමයක්ද මේ....මෙච්චර වැහැලත් වතුර නැත්තෙ පොඩ්ඩක් ඉන්නව බලන්න......වෑල් එක වහලා නෑ......

අනේ ආනන්ද පොඩ්ඩක් බලන්නකෝ මේ රෙදිටික දැන් දවස් තුනක් තිස්සෙ අද හෝදන්නම ඕනි..නැත්‍තං පුස් කයි....ඔයාගෙ අලුත්ම ශර්ට් එකත් තියනවා....

පොඩ්ඩක් ඉන්නවකො කෑගහන්නෙ නැතුව......

මෑන් එලියට ආවේය.....මා සියල්ල බලාගෙනය...ආනන්ද ලොක්කා හෙම්හිට අපේ ගෙවල් පැත්තට සේන්දු විය.....අපේ මිදුලේ තිබූ කරාමය විවෘත කොට බලා ඔලුවද කසා නැවත උඩහා පැත්තට ගියේ ටෝච් පොල්ලකුත් අරගෙනය......
එක්වරම...

මලහත්තිලව්වයි මොන හු%%*%* මේ........... බට ටික සේරම ගලෝලා....අම්%ට හු%*$* කොයි කැ%යද යකෝ බට ටික ගොඩ ඇද්දෙ....මොන හු$$%කරන්නද මේව ගැලෙව්වේ......හසින්ත හසින්ත කියන විටත් මලසේකරයා මිදුලට ඇවිත් හමාරය

මොන හු$%නද මේ බට ගැලෙව්වෙ....ඕයි කතා කරනවා තමුසෙගෙන් ඇහුවේ...

නෑ ම ම මහ් මම ඔව් මම්ම මට බැරිවෙලා ගැලවුනෙ.....මේ ල ල ලයින් එක බ්ලොක් වෙලා ඔ ඔ ඔව් බ්ලොක් වෙලා සුද්ද කලාහ් ...ඔව් .....

මොන ප%*$ද ඕයි මේ බට ගැලෙව්වෙ මේව බ්ලොක් වෙලා නෑ.....පලමුදා අපි ගෙදර යනකොටත් වතුර තිබුනා.....තමුසෙ පොට්ටයෙක්ද ඕයි....බලනවා මේ බටේ තියෙන්නෙ කොහෙද.....තමුසෙලෑ බටේ තියෙන්නෙ කොහෙද දන්නෙ නැති
හු$$වල් කරන්න යනවනෙ උඹත්..... එක්කො ගේට්ටුවෙන් අහන්න ඕනි...හු#$$$ ගන්නෙ නැතුව බට ටික හයි කරනව දැන්මම....හෙට උදේ වෙනකොට මට වතුර ලයින් එක හදලා ඕනි.....

මොකද ආනන්ද කෑ ගහන්නෙ......මොකද මේ...කරුනා මිස් එලියට ආවේ එවිටය

බලනව මේ යකා ඔක්කොම බට ටික ගොඩ දාලා.... උන්ගෙ බටේ බ්ලොක් වෙලා තියෙන්නෙ........... ගලෝල තියෙන්නෙ ඔක්කොම අපේ බට ටික.....

හරි හරි මල්ලි ඔයා ඕක හදල දෙන්නකො.....ඔය ඇති ආනන්ද යං යං පල්ලෙහා ට ගිහින් ඒ වැඩ ටික කරගමු......යං යං ඉතිං......කරුනා මිස් ආනන්ද ලොක්කත් ඇදගෙන පහලට යනුදුටු මමත් සෙමින් සෙමින් ගෙදරය ගොඩ විය.... මලසේකරයා දියෙන් ගොඩ දැමූ පෙතියෙක් මෙන් ගැහි ගැහි බලා සිටියේය....
කරන්නට දෙයක් නැත....මෙන්න මෙහෙ වරෙන්.....තොගේ පුකේ පන්ඩිත කම තමා මේ හැමදේටම..... කියන එකක් අහන හු%%$ ක් නෙවෙයි උඹ.... ස්ටෝ කීපර් මහත්තයා හිටියා ගේට්ටුව ගාව පලයං ගම් එකක් ශොකට් කෑලි ටිකයි අරන් වරෙන්.... මලසේකරයා පිටත් වූ පසු බට ලයින් එක පරීක්ශා කිරීමෙන් බට හතක් ස්තාන නවයකින් කපා ඇති බව දුටු මට යකානැග්ගේය...ශොකට් ටික සහ ගම් බෝතලය ගෙන බට කැලි ටික එකට අමුනා කානුවට දමා වහපිය හුක් යනුවෙන් පවසා කලක් තිස්සේ සිතේ තිබූ මලසේකරයාට බැනීමේ ආසාව ඉශ්ට කරගත්තේය....
දින කීපයක් තිස්සෙ මලයා හාවක් හූවක් නැතිව සිටීම මට මහත් සතුටු දායක කරුනක් විය........මේ සිද්දිය අපේ ගජයන්ට ආරංචි වූ පසු මලයාට අත් වූ ඉරනම ලිවීමට වෙනම දිනයක් වෙන් කරගනිමි....

No comments:

Post a Comment