Wednesday, October 17, 2018
....පාලයියා හමුවූ පලමු දිනය.....
කාර්මික පුහුනුව අවසන් වූ පසු මාහට තිබුනු ලොකුම ගැටලුව වූයේ නිදහසේ වැඩ ඉගනගත හැකි වැඩ පලක් සොයා ගැනීමය....මිතුරෙකු මගින් සොයාගත් වැඩපලේ වැඩ මාස දෙකතුනකින්ම නවතා දැමුවේ එහි පාලකයින්ගේ අනවශ්‍ය පීඩාව නිසා මා මිනීමරුවෙක් විය හැකි බැවිනි......කොතරම් හොඳින් වැඩ කලත් අඩුපාඩුවක් දැකීමේ කාලකන්නි පුරුද්ද නිසා එහි පාලකයාගෙ හොක්ක තැලීමට බලාසිටි කිහිපදෙනා අතරට මාද එක්විය.... ඉන්පසු මාගේ ඥාතියෙකුගේ ඔත්තුවකට අනුව හමුවූ වෙනත් වැඩපලකට යාමට සිදුවූ නිසා උන්ගේ හොක්ක තැලීමෙන් පසු පොලිස් කූඩුවේ ලැගීමේ භාග්‍ය මට අහිමි විය....දෙවනුව මා ගිය වැඩපලද හොර ගුහාවක් වූයේ එහි ලොක්කා අසනීපෙන් සිටීම නිසා වැඩ කටයුතු බලා කියාගත් ලියන මහත්තයා නමැති පල් හොරාට හරියන හොර හැත්තක් එහි සිටීම නිසාය.....
ග්‍රීස් ටින් පියාඹා ගොස් ලොරි අස්සේ සැඟවී සිටීම....
දුනු බුශ් පෙට්ටි පිටින් බස්වල නැගී ගෙවල්වලට යාම....
අලුතෙන් දැමූ ටයර් රොඩ් බෝල ඉබේම ගෙවීම...
ඊයේ සවිකල අලුත්ම දුනු මිටි අද උදෑසන වන විට කැඩීම වැනි.......
පිං අතේ වැඩ වලට අසරන මා සහ වයස අවුරුදු පහලවක් වූ සුමිත් මල්ලී හසුවීමට හේතුව කුමාර අයියා වශයෙන් හදුන්වන කම්බා හොරාගේ ඔත්තු සේවය නිසා බව මා පසුකලක දැනගත්තේය....ගරාජයේ තිබෙන සියලුම වටිනා කියන කොටස් සොරකම් කර පසුව ඒවා විකුනා මුදල් කරගැනීම මුගේ ජීවනෝපාය වූයේ ලියන මහත්තයාගේ අනුදැනුම මතය.....මේවා අවසානයේ අපේ කරපිටින් ගොස් පලු යනතුරු බැනුම් ඇසීම නොඉවසූ මම තවත් මිතුරන් දෙදෙනෙකුත් සමග කුමාරයා යන මග රැක සිට එල්ල කල ප්‍රහාරයද මතක් කලයුතුමය.....
දිනක් මේසය යට තිබූ වාහනයක වටිනා අමතර කොටසක් ඩිස් මිස් වී ඇත.... මෙය පසුව ගෙනයන අදහසින් වෙනත් තැනක සඟවා ඇත්තේ කුමාරයා විසිනි...පසුව සොයා බලන විට මෙය අප කෑම ගන්නා කාමරයේ තිබී ලොක්කට හමුවීමෙන් පසුව කුමාරගෙන් විමසා ඇත....කුමාරයා කෙලින්ම පවසා ඇත්තෙ සුමිත් මල්ලි සහ මා ගැනය..ඕකුන් දෙන්න උඩට යනවා මං දැක්කා යනුවෙන් පැවසූ කුමාර එය අපගේ ගිනුමට බැර කර ඇත....මහ බාසාගෙන් පලු යනතුරු බැනුම් ඇසූ මා එදිනම අවශ්‍ය කටයුතු සූදානම් කලේ මිතුරන් දෙදෙනෙකුට දුරකතන ඇමතුමක් දීමෙන් පසුය.... හවස් වනවිට පඩි සල්ලිත් ඉල්ලා ගත් මම වහාම ගොස් මෝට බයිසිකල් වල පැමිනි සිටි මිතුරන් දෙදෙනා සමග කුමාරයා එන මග රැක සිටියේ ලාඩප්පා පොලු දෙකක්ද අසල ගසක් මුල සඟවාය... හයයි කාල වනවිට බසයෙන් බැස අතුරු පාරට හැරුනු කුමාරයාට කියන්න අවශ්‍ය වූ සියල්ල අමු කුනුහරුපයෙන්ම පවසා බිම දමාගෙන හිතේ හැටියට පහර දුන් මාද මිතුරන් දෙදෙනාද ගෙදර බලා ගියේ විදුලි වේගයෙනි.... සතියක් පමන ගතවෙන තෙක් පාරේ වාහනයක් යන සෑම වතාවකම බොක්ක කූල් වූයේ පොලිස් ජීප්පුවේ සවාරියක් මතක් වීම නිසාය...එදායින්ම එම වැඩපලේ රාජකාරී නිමාවූ අතර ටික කාලයක් ගත වීමෙන් පසු පාලයියාගේ වැඩ පල හමුවූයේද මිතුරෙකුගේ මාර්ගයෙනි......
එක්තරා නොවැම්බර් මසක 24 වන දින සුබ මොහොතින් වැඩ පලට ගිය මට පලමු දිනයේ එතරම් වැඩක් නොලැබුනේ ආධුනිකයෙක් නිසා විය හැකිය... දෙවන දිනයේ මට දුන් පලවෙනි වැඩේම අනාගත්තේ ලෝක අපවාද කිහිපයක් සහිතවය..
කාගේ හෝ කතාවකට කොමන්ටුවක් වශයෙන් ලියූ එම කතාව මෙහි අවසානයේ පල කිරීමට බලාපොරොත්තුවෙමි......මා එම වැඩපලට ගිය දිනවල පාලයියා එහි සේවයෙ නොසිටියේ කුමක් හෝ ගොබ්බ ක්‍රියාවක් නිසා ටික කලකට වහන්වී සිටි නිසා බව පැවසුවේ පට්ටලේ අයියාය.....දින කීපයකින්ම හිතට ඇල්ලූ වැඩපල මාගේ නිවස තරම් හුරුපුරුදු තැනක් වුයේ නිදහසේ වැඩක් පලක් කරගෙන සිටීමට හැකිවූ නිසාය...මාස කිහිපයක් යනතෙක් එහි සිටි අනිත් සේවකයින් දෙදෙනා සමග වැඩ කිරීම ඉතා පහසු වූයේ ඔවුනුත් තරුන වයසේ පසුවූ උන් නිසාය......මාස කිහිපයකට පසු එක් සේවකයෙක් ඉන් ඉවත් වූයේ ඔහුගේම ව්‍යාපාරයක් කිරීම සඳහාය.....ඔහුගේ අඩුව පිරවීම සඳහා පාලයියාගේ ආගමනය සිදුවූයේ මේ කාලයේදීය..... දිනක් මා නිවාඩුවකට ගොස් පසු දින පැමිනෙන විට පාලයියා වැඩට පැමින සිටියේය...හමුවූ පලවෙනි මොහොතේදිම (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා නම්) ලෝකෝත්තර ඇම්ඩෙක් වූ පාලයගේ වචන වලට මා වශී වුනේ පට්ටලේ අයියාගේ කට කොනට නැගුනු සිනාවත් දකිමින්ය....උදේ දහය හමාර වනවිට තේපානය සඳහා පාලයියාගෙ ලැබුන ඇරයුම පිලිගෙන කඩයට ගිය මට අයිසිං කේක් කෑල්ලක් , ආනමාළු ගෙඩියක් , නෙක්ටෝ බෝතලයක් ලබා දුන්නේ පාලයියාගේ පූර්න අනුග්‍රාහකත්වයෙනි....තලු මරමින් සංග්‍රහය බුක්ති විදි මාගේ සතුට තිබුනේ සුලු වේලාවකි.....පට්ටලේ අයියාත් සමග මේ විත්තිය පැවසීමෙන් පසු ඔහු කීවේ එකම දෙයකි....එය පසුව සැබෑවක් විය... පසුදින තේපානයට කඩයට ගොස් වාඩි වූවා පමනි කොහේදෝසිට පැමිනි පාලයියා ගල් බනිසක් , ආනමාලුගෙඩියක් , ප්ලේන්ටියක් සෙනිකව බඩට බස්සවා ගත් අතර මුදලාලිගෙන් සිගරැට්ටුවක්ද ඉලා ගත්තේය....
ඉන්පසු "" මුදලාලි මේ අපේ අලුත් කොල්ලා ඈ මූට හොඳට සලකන්න ඈ ,මල්ලි එහෙනම් තේවල සල්ලි උඹ දීපන් ඈ""......... කියා මගේ පිටට තට්ටුවකුත් දමා මාරුවූයේ පට්ටලෙයාගේ කතාව සැබෑවක් කරමිනි.... එදා සිට දින කිහිපයක් යනතුරු නෙට්ටො බෝතලෙයි , අයිසිං කේක් කෑල්ලෙයි නය ගෙවීමට සිදුවූයේ පාලයියාට තේ වතුරත් සිගරැට්ටුත් අරං දීමෙනි.....ඉන්පසු පාලයාත් සමග කටයුතු කල යුතු ආකාරය පිලිබද ස්වයං අධ්‍යනයක යෙදීමට මට සිදුවිය...වසර ගනනාවක් පාලයා සමග එකට වැඩ කිරීම තුලින් ලබාගත් ආතල් නිමක් නම් නැතිය...... සේවා කාලය තුල පාලයියා පෙරලා ගන්න බාල්දි අස් කිරීමත් වැඩපලෙන් පිටතදී දාගන්න මරාලත් නිසා මාද අනන්ත අප්‍රමාන දුක් ගැහැට වින්දේ පාලයා ගැන ඇතිවූ අනුකම්පාවටත් වඩා වැඩපලේ නාමය බේරාගැනීමේ අවශ්‍යතාවය නිසාමය....ඒවා පිලිබද ලිවීමට මා තුල යම් ආශාවක් පැවතුනද ජීවිතයට ඇති ආශාවත් කාලාවේලාවක් නොමැති වීමත් නිසා එය ටිකෙන් ටික මහහැරී ගියේය...
පාලයියාගේ විවාහය සිදුවන තෙක් පාලයා අපත් සමගම සිටි නමුත් විවාහයෙන් පසු පාලයියා තරමක් වෙනස් පුද්ගලයෙක් විය....නිදැල්ලේ ගතකල ජීවිතයට නාස් ලනුව දැමූ පාලගේ නෝනා පාලයියාව වෙනස් මාවතකට ගෙන ආවේ අපවද පුදුම කරවමිනි.....මේ වන විට කොහේ සිටිනවාදැයි ස්ථීර වශයෙන් කිව නොහැකි නමුත් ඔහුගේ ඉදිරි අනාගතයට සුබ වේවායි සිතින් පැතීමට නම් මා කිසිදිනෙක අමතක කරන්නේ නැත...කාගෙන් වත් හවුහරනක් නොමැතිව කල් ගතකල පාලයියා තම ජීවිතය මැනවින් හැඩ ගස්වා සිටිනු දැකීම අප වැඩපලේ සියලුදෙනාගේ ඒකායන ප්‍රාර්ථනය විය.....ලංකාවට ගිය දිනෙක පාලයියා හමුවීමට යාම මාගේ එක් බලාපොරොත්තුවක් වන අතර සකලංසමාලෙය ගැන ඔහු දැනගත් කලෙක නම් මා එම ගමන යාමට අදහස් කරන්නේ නැත...
මාගේ පලමු අනාගැනීම.😂😂
මාත් ටෙක් කෝස් එක හෙම ඉවර කරලා බැස්ස ගැරිජ් එකකට නිකං පෝමන් ලෙවල් එකෙන්.....
ලොකු බාසුන්නැහේ ඇහුව මගෙන් මොනවද කරන්න දන්න වැඩ...
මාත් කිව්ව ඕන එකක් පුලුවං කියල....බාසුන්නැහේ දාපු බැල්මෙන් කියවුනේ ඔය එන උන් ඔක්කොම කියන්නෙ ඔහොම තමයි කියනව වගෙ ලුක් එකක්...මටත් ඕකතේරුනාට ගනන් ගන්නෙ නැතුව හිටිය.. මොකද මම වැඩ්ඩනෙ...(හිතන් හිටපු විදිහ)කොහොම හරි පල්වෙනි දවසෙ වැඩක් දුන්නෙ නෑ බලන් හිටිය විතරයි....පස්සෙ දවසෙ ආව කැරවන් වී ආර් ජී එකක් දුනු මිටියක් ගලවල සෙන්ටර් බෝල්ට් දාන්න...මට වඩා අවුරුදු හතලිහක් විතර වයස උනත් බාසුන්නැහේ මට මල්ලි කියල අඬගහල ආන් අරකෙ දුන්න ගලෝල සැන්ටර් බෝල් එක දාන්න කියල කිව්ව...මාත් තදය වගේ දුන්න ගැලෙව්වා...දුන්න ගලෝලා ටැප් එකට ගෙනිහින් දුන්න හෝදලා හෙම සෙන්ටර් බෝල්ටෙක දාලා බුස් ටිකත් ගහල හයි කරන්න පටං ගත්ත...ඉස්සරහ පින් එකත් ගහල පස්සෙ දුනු ශකල් එකත් දාලා ඇක්සලේ සෙට් කරනකොට පොඩි වෙන්සක් දැනුනත් පයිප්ප තුන හතරකින් කනාමුට්ටි ගහනව වගේ පොඩි වැඩ කෑලි ටිකක් දාලා දුන්න යූ බෝල්ට් වලින් තදකර ගත්තා... අන්තිමට රෝදෙ හයි කරනකොට වෙලාව හයට දහයයි.... ගෙදර යන වෙලාවත් සෙට් වෙච්ච හින්දා දඩ බඩ ගාලා ආයුද් ටික කබඩ් එකට දාල නාන්න ගියා...නානකොට හදපු වෑන් එකත් යනව දැක්ක....මාත් ඉතිං වැඩ්ඩ වගේ කිටමරාගෙන එලියට එනකොට බාසුන්නැහෙ ඉන්නව....ආ මල්ලි යන්නද හදන්නෙ කියල අහල බස් එකේ යන්න මේක තියා ගන්න කියල කීයක්ද මන්ද අත මිට මොලෝල බාසුන්න්නැහෙත් වාහනේට නැග්ගෙ දැල් කඩේට ගිහින් ග්‍රෑම් ගානක් අනුමත වෙන්න කියල මට වාහනේ සයිඩ් කන්නාඩියෙන් පෙනුන....ගැර්ජ් එකෙන් එලියට එනකොටම ඇගේ මයිල් ඉස්මයිල් උනේ දුන්න ගලෝපු වෑන් එක ගැරිජ් එක පැත්තට කෙලගන එනව දැක්කමයි....මොකක් උනත් දරුනු කේස් එකක් වෙලා තියන බව දැනුන නිසාම ඉස්සරහ තාප්පෙ අයිනෙන් මුවා වෙලා බලන් ඉන්නකොට තේරුනා වෙලා තියන දේ....දුන්න ඉස්සරහ පස්ස මාරු කරල හයිකරල තියෙන්නෙ...රෝදෙ පස්සට ගිහින් බොඩියෙ වැදිලා බීරලු කපනව වගේ කැපිලා....සද්දෙ ඇහෙනකොට මාට්ටුවෙලා තියෙන්නෙ... තව දීවනම් ටයර් එකකුත් දාන්න වෙන සයිස්....කොහොමහරි අපේ අනික් බාසට කියල දුන්න මාරු කරවගෙන පොර ගෙදර යනකොට මම ගෙදර ගිහින් කාල බීලත් ඉවරයි... පහුවෙනිද වැඩට ආවම බාසුන්නැහේ දාපු දෝස් මුරේ ඉවසගෙන හිටපු හින්දා එක දිගට අවුරුදු හතක් ඒ වැඩපලේ වැඩ කරන්න වාසනාව ලැබුන....ඔය කාලෙ අතරතුර අර වගේ අලකලංචි උනේ නැතුවමත් නෙවෙයි........කොහොම හරි මට තිබුන මැකැනික් උණ වැඩි කමටම ඒ අවුරුදු හත ඉවර වෙනකොට මහ මුහුදෙන් වතුර බාල්දියක් ගත්ත වගේ සෑහෙන දෙයක් ඉගන ගන්න පුලුවන් උනා.......හැබැයි කොච්චර වැඩකරලා පලපුරුද්ද තිබුනත් කෙලවෙන වෙලාවල් හොයන්න අමාරුයි....ඒක හින්දා තාමත් වැඩක් කරනකොට අර ඉස්සර තිබුන මීටරේ නම් වෙනසක් වෙලා නැ....
Labels:
පාල අයියා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment