Sunday, October 7, 2018

උඹ දන්න බයික් පැදිල්ල..


මා කුඩා කල සිට යකඩ ගොඩවල් , රෝද , වාහන කැබලි , කැඩුනු ඉලෙක්ට්රික් බඩු , ගොඩ ගසාගෙන සිටීම දුටු තාත්තාගේ ඥාති සහෝදරයෙකු මාහට පැවසුවේ කාර්මික පාඨමාලාවක් කරන ලෙසය...කිහිප දිනකට පසු ඔහුගේ උපකාර මත එක්තරා කාර්මික විද්යාලයකට මා ඇතුලත් විය... ගෙදරින් පිටවී සිටීමට සිදුවන එක සහ කෑම උයා ගැනීම රෙදි හෝදා ගැනීම වැනි එපා කරවන වැඩ තනියම කරගැනීමට සිදුවන බව හොඳින්ම දන්නා නමුත් යකඩ හා බැදුනු ප්රේමනීය හැගීම මේවා සියල්ලටම වඩා ඉහල යන්නට විය.....
2006 වසරේ ජනවාරි මස 16 වන දින සුබ නැකතින් ගෙදරින් පිටත් වූ මම අදාල ස්ථානයට ගියේ අම්මාද සමගය.....අක්කර ගනනක් විශාල වූ මෙම විද්යාලයේ නවාතැන් පහසුකම් සලසා තිබුනේ මනරම් පරිසරයක් මැදය... තරමක විශාල ගෙයක් වූ අපගේ නව නවාතැනට මා යනවිටත් මාගේ වයසේ පසුවන කොලුගැටයෙකු ඔහුගේ මවත් සමග පැමින සිටියේය.....මුර කුටියේ සිටි සිකුරිටි අයියාගේ උපදෙස් පරිදී අප ගෙනා සියලුම බඩු බාහිරාදිය නවාතැනේ තබා පන්ති කාමරයට ගිය අතර අම්මලා විසින් නිවස අස්පස් කර , කුස්සිය සෝදා , උයා පිහා තබා දහවල් වන විට ගෙදරට පිටත් විය.....පලමු දිනයේම සිසුන් විස්සක් පමන පැමින තිබූ අතර ඔවුන් සියලු දෙනාම සම වයසේ උන් වීම නිසා ඉතා ඉක්මනින්ම හිතමිතුරන් බවට පත් විය.....මාගේ බෝඩිම් සගයාද මාත් සමග ඉක්මනින්ම කුළුපග වූවත් උගේ තිබුනු ගුටි කන මූන නම් මට ඇල්ලුවේම නැත....ඒ වනවිට අපගේ වයස් සීමාවන් 17 ,18, 19, 20 අතර පැවතුනත් අපට වඩා බෙහෙවින් වැඩිමහලු උන් දෙදෙනෙකුත් පැමින සිටියේ කාලයක් විවිධ ස්ථාන කිහිපයකම සේවය කලත් පිලිගත් සහතිකයක් නොමැතී වීම නිසාය...
කෙසේ හෝ රසකතා සාගරයකට මුල්වූ මෙම පුහුනු කාලයනම් මා හට කිසි දිනෙක අමතක නොවේ....ඒවා කලින් කලට පෙලින් පෙලට ඉදිරියේදී ඒමට නියමිතය....කුරුවා , කවියා , වෙලා , ලේනා , සුසා , හපයා , හිච්චා , මලසේකරයා , ටියුබ් ලයිට් , බෑනා , ඩලාමී , වශයෙන් හැම එකාටම මුල්සතියේදිම නම් පට බැදුනේ එලෙසය..මාහටද නමක් පට බැඳීමට ඔවුන් අමතක කලේ නැත...එය මෙහි සඳහන් කිරීමට අවැසි වන්නේද නැත....(උඹල ඒතරමට හොදයි😂😂😂..)
අද ලියන්නට යන කතාවට මුල පිරීම ප්රමානවත් යැයි මා සිතන අතර පසු දිනයක එහි තිබූ වටපිටාව පිලිබඳ වෙනම විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙමි..මලසේකර ගේ නම ඌට වැටුනේ ඌ මල්ලිකෙනෙක් නිසා නොව වාසගමේ නම මුල් කරගෙනය....මලසේකරයා මාගේ බෝඩිම් ජොකියාය....ඌ මාගේ ජොකියා වූ දින සිට මා විඳි දුක් ගැහැට නම් අපමනය....පාල අයිය හමුවී සුලු කාලයක් යනවිට මලයා පාලයාගේ කවුරු හෝ විය යුතුයි යනුවෙන් මට සිතුනේ එබැවිනි....කරන්නට යන සෑම වැඩක්ම අල වී මලයා පචවී ගියේ අප සැවොම ඉස්සරහය මලසේකරයා පිලිබඳව පසුව ලිවීමට බලාපොරොත්තු වෙන අතර මලයා නගුලක් නැතුව හා ගත් ආකාරය මෙසේ ලියමි..... අපගේ ටෙක් එකට නිතර ආවගිය අය අතරේ රත්නෙ අයියාට තිබුනේ ප්රධාන තැනකි....දැවැන්ත ලොරි දඬු තුනක් හිමි රත්නේ අයියා තම වාහන සාදා ගැනීම සඳහා පැමිනෙන්නේ අපගේ වර්ක්ශොප් එකටය....ඒ අපගේ ගුරුවරයා වූ වසන්ත මහතාගේ හිතවත්කමටය.....එය රත්නේ අයියාට මෙන්ම අපටද විශාල වාසියක් වූයේ අපට වැඩ පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවීමත් රත්නේ අයියාට ප්රයිඩ් රයිස්, කොකාකෝලා, වැනි දේවල් වලින් වියදම සලසා ගැනීමත් නිසා හැකිවූ නිසාය.....
දිනක් සවස් කාලයේ රත්නේ අයියා වැඩ පලට පැමිනියේ සුබ ආරංචියක් සමගය....එනම් ඔහුගේ සුපර්කබ් වර්ගයේ මෝටර්සයිකලයේ එන්ජිම රෙපෙයාර් කිරීමට අපට ලබාදෙන බවය.....පන්ති කාමරයේ සිටි සර් හමුවු ඔහු හෙට දින කවුරුන් හෝ යවා බයිසිකලය ගෙනවිත් ගලවන්න යැයි පවසා පිටව ගියේය...
ස්වල්ප වේලාවකින් එලියට ආ වසන්ත මහතා
මෝටර් සයිකල් පදින්න දන්න උන් මෙහෙට වරෙල්ලා........යි පැවසුවේය...
හෙට රත්නෙගෙ බයිසිකලේ ගලවන්න තියනවා....උඹලා හරී ආසාවෙන්නෙ
හිටියෙ මෝටර්සයිකල් ඇන්ජිමක් බාන්න....ආන් ගිහින් අරන් වරෙල්ලා.....
මලසේකරයා වහා ඉදිරියට... පැන සර් මම අරං එන්නං මම අරං එන්නම්...
උඹට පුලුවන්ද....ඒ සර්ය....
ඔව් සර් මම අරං එන්නං මම රත්නෙ අයියගෙ ගේත් දන්නවා....
හා එහෙනම් උදේම ගිහින් අරං වරෙන් හැබැයි පුතෝ එහෙ මෙහෙ ගිහින් අහුවෙන්න එපා..තොට ලයිසනුත් නෑනෙ
මලසේකරගේ ඉහේ මල් පිපී ඇත.......එක්වරම කුරුවා ඉදිරියට පැන.
සර් මම එන්නෙත් ඒ පැත්තෙන්නෙ මම එතනින් බැහැලා බයිසිකලේ අරන් එන්නම්.....
හා හා මේ මේ උඹ දන්න බයිසිකල් පැදිල්ල. මෙන්න මෙහෙට වෙලා හිටපං....
මම ඕක අරන් එන්නං.....උදේම ගිහිල්ලා.....
හරි හරි මේ උඹලා දෙන්නගෙන් එකෙක් ඕක අරන් වරෙල්ල ........හෙට උදේට.සර් පැවසීමෙන් අනතුරුව කතාව එතනින් නිමවිය....මලසේකරයා සහ කුරුවා තරමක අමනාපයක් ඇති උවත් කිසිවෙකුට මුවින් නොබැන සිටීමට වග බලාගත්තේය..
පසුදා උදෑසන පහමාරට පමන අවදිවූ මලසේකරයා වහාම ඉවුම් පිහුම් කටයුතු වහ වහා ඉවර කර කඩිමුඩියේ ලක ලැහැස්ති වී පාරට හියේය....මා පසුව නැගිට මුහුන සෝදා ඕරෝල් කිටත් දමාගෙන පාරට බැස ගේට්ටුව අසලට වී සිටියේ ගජයින් සෙට් එක එනතුරුය.....
ටික වේලාවකින් බස් රථය ගේට්ටුව අසලට ආවේ සියලුම සමාජිකයින් සමගය..
ගේට්ටුවේ සික්කයියලා සමහ සුහද පිලිසදරක යෙදුනු සැට් එක හෙමින් හෙම්න් වර්ක් ශොප් එකදෙසට පියමනින්නට විය....කුඩා කදුගැටයක් මත පිහිටා තිබූ එම ආයතනයට යාමට තරමක කන්දක් නැගිය යුතුය... පාරේ මද දුරක් එනවිටම මලසේකර ද බයිසි මොටෝ එකද පැදගෙන එනු ඇසිනි....ආප්සු හැරී බලන විට මලයා වලං පලුවක් වැනි හෙල්මට්ටුවකුත් දමාගෙන පැත්තට වාඩිවී එනු දක්නට ලැබින.....අප දුටුවා පමනි මලසේකරයා ව්ශාල ගාම්බීරත්වයක් ආරූඩ කරගත්තේය...සී බී ආර් තවුසන්ඩ් එකක් පදින ගැම්මෙන් යුතුව අප දෙසට එන්නට විය...ඒවන විටත් අප කදු ගැටයේ මගක් පැමින හමාරය..මලසේකර අප පසුකර මඳ දුරක් ගොස් නැවතුනේ පොඩි ඇඩ් එකක් දැමීමට බව අපට වැටහුනි.. මලසේකර පසු පස බලා නැවතත් ගමන් ආරම්බ කලේ තර්ඩ් ගියර් එකේමය....
හොඳටම හන්ටර් වූ සුපර්කබ් එක තර්ඩ් එකට දමා තැන්නේ යාමද අපහසුය..
මලසේකරයා ගියරය මාරු කලේය...
සෙකන්ඩ් එකටද වැටුනි........
ගැම්මට ඇස්ලේටරය ඇල්ලුවද හිතපු තරම් වේගයක් ආවේ නැත....
මලසේකරට මල පැන්නේය...
පසුපසට තව ගියරයක් මාරුකලේය....
අන්න වැරදුනු තැන...
(සුපර් කබ් වල ගියර ඇත්තෙ කුප්ප ක්රමයකටය..)එය පසුව ලියමි..
ගියරය නිවුටල් වූයේය..
මේබැව් නොදත් මලසේකර ඇස්ලේටරය කරටියටම ඇල්ලුවේය...
ඇන්ජිම මරහඬ තලාගෙන රේස් විය....
අවාසනාවක මහත...
මලසේකර තවත් එකක් පස්සට දැමුවේය...
කරටියටම රේස් වූ මොටෝ සයිකලයකට පස්ට් ගියරය දැමීමේ ප්රතිපල අප අබියස මැවෙන්නට විය......
සුපර්කබ්බුවේ ඉදිරිපස රෝදය කෙලින්ම් ඉස්සුනේ සැනෙකිනි..........
මෙතෙක්වේලා මලසේකරයාගේ පාලනයේ තිබූ සුපර්කබ්බුව යකා විය....
මලසේකරයා බිම ඇදගෙන වැටුනි...සුපර්කබ්බුවද පෙරලී ගොස් නතර වූයේ පල්ලමට වැටෙන්නට ඔන්න මෙන්න තියාය ...
අඩි පනහක් පමන පහල කන්ඩිය දෙසට මුහුන හැරවූනු සුපර්කබ්බුවට වෙන්නට යනදේ මලසේකරට මැවෙන්නට විය...
වහා දනි පනි ගා නැගිට ගත් මලසේකරයා සුපර් කබ්බුව අල්ලා ගත්තේ
බයිසිකලය නවත්වා ගන්නටය....
ඌගේ කරුමය ඉස්සර විය.....බ්රේක් වෙනුවට නැවතත් ඇක්ස්ලේටරයම අසුවිය..
යාන්තං සන්සුන් වී තිබූ සුපර්කබ්බුව නැවත ආවේශ විය....
මලසේකරයාත් එල්ලා ගත් බයිසි මොටෝ එක ගමන් ඇරඹීය....
අඩි පනහක පමන දුරක් ඳඟර ගැසී වැනි වැනී ගිය සුපර් කබ්බුව කෙලින්ම වැටුනේ කුඹුරටය...
කිරිහොද්දක් මෙන් චොරවී තිබුනු මඩ ගොඩේ විනාඩි ගනනක් ගතකල මලසේකර උඩට ආවේ සසර එපාවුවෙකු ලෙසය....
වැටුනාටත් වඩා හිතේ අමාරුව කුරුවාගේ නක්කලේය...
පන්ති කාමරයට ගොස් ඇදුම් මාරු කර පැමිනි හිච්චාත් , හපයාත් මලසේකරට උදව් කලේ සර්ගෙ අන පරිදිය....
ඉන් පසු තල්ලු කරගෙන වර්ක් ශොප් එකට ගෙනා මෝටර්සයිකලේ හවස් වනතුරුම සේදු මලසේකර අප අසලට ආවේ දවල් කැමට පමනි....
සුපර් කබ් මොඩල් කීයක් තිබුනාද කියා මතක නැත....එක් මොඩලයක ගියර් තිබුනේ පලමු ගියරය පසුපසටත් , ඉන්පසු ඉදිරියට දෙකක් දැමීමෙන් දෙවන ගියරයත් , තවත් එක් වතාවක් ඉදිරියට දැමීමෙන් තුන්වන ගියරයත් ලෙසය..

2 comments:

  1. අර අටම්පහියෙ තියෙන සේරෝම ගෙනත් මෙතන දාහංකො බාං.

    ReplyDelete