Tuesday, October 9, 2018

........පොලී සල්ලි......



සල්ලි යනු දෙයියන්ගෙ මල්ලීය....සල්ලි දෙයියන්ගේ අයියා වන අවස්ථාද එමටය....."අතමිට කාසිපනම් හොඳ හැටි තියනවනම් හිටගෙන දිවිය ලෝකෙ මවන්නම්" කියා කවුදෝ කියා ඇත්තෙ එනිසා විය හැක...කෙසේ වෙතත් අත මිට හිඟ වී වත මිලිනවී සිත සලිත වී බංකොලොත් වී සිටින අවස්තාවකදී පිහිටට එන දෙයියා පොලී දෙයියෝ නම් වේ...පොලීදෙයියා පොලී‍යට දෙන්නේ පුදුමාකාර සෙනෙහසකිනි.... පොලී දෙයියා එන මාවත සිල් කැට.කරුනා දයාගුනේ වැනි බවුතික නොවන වස්තුවෙන් පිරී ඇත...පොලී සල්ලි දීමෙන් පසු පොලී දෙයියා ප්‍රාදූර්බූත වන අයුරු මාද දැක ඇත්තෙමි....නැවතත් හරියටම මසකින් පමන පොලියට ලබාගත් එකා ඉදිරිපිට දර්සනය වෙන පොලී දෙයියන්ගේ ලුක් එක වෙනස් වන්නේ මාසික වාරිකය ලැබෙන හෝ නොලැබෙන අනුපාතය අනුවය. සල්ලි ලැබුනොත් පොලී දෙයියා ආපසු වඩින්නේ පිටට තට්ටුවක්ද දමා ඉතාම ප්‍රීතියෙනි....බැරි වෙලාවත් සල්ලි නැති වුවහොත් දෙයියා උදහස් වන අතර, ආයේ කිසි දිනක මූල්‍යාධාරයක් ලැබීම අත්භිටවා දරුනු ලෙස අච්චු විදීමට සිදුවන බව පවසයි..

මා කිසිම දිනෙක පොලියට මුදල් රැගෙන නැති අතර මේ අත් දැකීම ලැබුවේ පාල අයියාට පින්සිදු වන්නටය....කෙතරම් මුදල් සෙවුවද පාල අයියා අත හදිසියකට රුපියල් සීයකට දෙසීයකට වඩා මුදලක් රැදුනේ නැත..

දිනක් කුමන හෝ හේතුවකට පාල අයියා පොලියට මුදල් වගයක් ලබාගෙන තිබුනේ පුදුම සහගත ලෙසය.....ඒ කිසිම කෙනෙකුට සතපනහක් වත් නොදෙන මච්චරිය කෝසිය සිටු පරපුරෙන් පැවත එන වයසක ඉස්කෝලේ හාමිනේ කෙනෙකුගෙනි.... පැන්සන් එක, පොල් ආදායම ,කුලී ගෙවල්වල ආදායම වැනි දහසකුත් එකක් ආදායම් මාර්ග තිබුනද සබන් බාගය , පාන් බාගය , සීනි සීය , කොත්තමල්ලි ග්‍රෑම් විස්ස වශයෙන් කඩයෙන් මිලදී ගන්න අවස්තා අප ඕනතරම් දැක ඇත....එවැනි අයෙකුගෙන් මුදලක් ගැනීමට තරම් පාල අයියා කතාවෙහි සමතෙකු විය...වෙනත් තැන් වල පොලිය කීයද මා දන්නෙ නැති උනත් මේකා ඉස්කෝලෙ හාමිනේගෙන් සීයට විස්සෙ පොලියට මුදල් ඉල්ලගෙන තිබුනි. ඉක්කෝලේ හාමිනේද සල්ලි දී තිබුනේ මේකා ගැන නොදැනම නොවන අතර පොලියට ආසාවෙනි.....

කෙසේ හෝ එක් මාසයක් පමනක් පොලිය නියමිත වෙලාවට ගෙවූ පාල අයියා ඊ ලඟ මාසයේදී ඉක්කොලෙ හාමිනේට පොල්ල තැබුවේ පොලිය ගෙනියන්නට එනවිට කොහේට හෝ ඩිස් මිස් වීමෙනි...දෙවන මාසයද ගෙවී යන විට හාමිනේ ගරාජය අසල දිනකට දෙතුන් වරක් දැකගැනීමට ලැබුනේ පාල අයියා සොයමින් බව අප කිසිවකු නොදන්නා කරුනකි.....කෙසේ හෝ පට්ටලේ අයියාට මේ ගැන ඇති වූ කුහුල නිසා සොයා බැලීමෙන් කරුනු කාරනා දැනගන්නා විට පාල අයියා මාස හතරක පමන පොලීගෙවා තිබුනේ නැත...මුදල් දුන් බවට කිසිදු ලියවිල්ලක් නැති වීම නිසා ඉක්කෝලෙ හාමිනේද සිටියේ කුම්බලා මාලුකෑ බලලා මෙනි... පොලී සල්ලි කෙසේ වෙතත් නයට දුන් මුදලවත් ඉල්ල ගැනීම හාමිනේගෙ එකම අරමුන වනවිට පාලඅයියාගේ අරමුන වූයේ හාමිනේට මාට්ටු නොවීසිටීමය.. ඒ සඳහා පාල අයියා වැඩි වෙහෙසක් ගත යුතු නැත...මන්ද යත් ඉස්කෝලෙ හාමිනේ හෙමින් හෙමින් එන විට පාල අයියාට ටවුමට ගොස් ආප්පයක් කා හයහමාරෙ ශෝ එකත් බලා ආපසු ඒමට හැකිය....ඉස්කෝලෙ හාමිනේ ඒතරම් වේගවත්ය..

කෙසේ වෙතත් කොට්ටෝරුවාටත් කෙලවෙන මොහොතක් ඇති අතර පාලයියා කොතරම් කට්ටි පැන්නද පාලයියාගේද කරුම වෙලාව පැමිනියේය.... ඒ දිනක් වැඩ අවසන්ව අප බාත් රූම් එකේ නාමින් සිටින විටය...ඇතුලට ගියොත් ඒ ගිය දොරින්ම මිස වෙන කිසිම පිට වීමේ දොරටුවක් නැති ව්ශිශ්ඨ ගනයේ බාත් රූම් එකක් අප සතුව පැවතුනි.. එදා නම් හාමිනේ පැමිනියේ තනිවම නොව හතලිස් හැවිරිදි පුත්‍රයාද සමගය...දුර සිට ඉස්කෝලේ හාමිනේ එනු දුටු මා පාල අයියාට ඒ බව දැනුම් දුන්නේ අදනම් දෙකෙන් එකක් වන බව හොඳින්ම තේරුම් ගිය නිසාය... අදනම් පාල අයියාට පැන ගැනීමට කිසිදු ඉඩක් නොමැත...එකම විකල්පය කැඩී ගිය බිත්තිය අසල ගුලිවීම පමනි..කවුරුන් හෝ එබී බැලුවොත් එතනද හොඳින් පෙනේ...පාලයියා සබන් ගෑවා පමනි... ඔන්න ඔය ගෑනිව ශේප් කරලා යවහන් කී ජොකා පමනක් ඇඳ සිටි පාලයියා හෙමීට නානකාමරේ කෙරවලේ මුල්ලට හේත්තු වූයේය...

මොකා උනත් අපේ එකානේ කියා සිතමින් මාද පොඩි සේප් එකක් දැමීමට හිතාගත්තේය...නාන කාමරය අසලට පැමිනි ඉක්කෝලේ හාමිනේට මම කතාව දමා සිදුවීම අසා ගත්තෙ පාලයියාට විරුද්ද ව පොහොර පොඩ්ඩකුත් දැමීමෙනි.. මාගේ පොහොර වැටීම නිසා ඉක්කොලෙ හාමිනේත් කතාව එකදිගටම කලාය..මේ වන විටත් පාල අයියා බිත්තිය අසල ගුලිවී සිටී....බලුවැඩ කරනවාට තොට යස කියා හිතින් හිතමින් හමිනේගෙ කතාව අඩුවෙන විට නැවත පොහොර පොඩ්ඩක් දමා කතාව අලුත් කලෙමි...පාල අයියා රහස් හඬින් මුල්ලේ සිට ඔන්න ඕක යවපං යකෝ යනුවෙන් පැවසීම නොඇසුනාක් මෙන් සිටීම මා හිතා මතාම කල දෙයකි.. අනෙක් කරුන නම් පාල අයියාට කොහේ හෝ ගමනක් යාමටද අවශ්‍ය වී තිබීමයි..
කෙසේ හෝ පැය බාගය පමන කාලයක් ඉස්කෝලෙ හාමිනේගෙ අඳෝනාව ඇසුන අතර පාලයියාද සබන් පිටින් මුල්ලේ හිරවිය....😂😂😂😂මෙවැනි චාන්ස් එකක් ආයේ එන්නේද නැත...ගන්නා ආතල් එක උපරිම ගතයුතුය...

මේවන විට මා සමගද යකා තදවී සිටි පාලඅයියා එක් වනම නැගීසිටියේ විදුලි වේගයෙනි...ගැම්ම අරන් උඩ පැන්න පාලයියා යට ලීයේ එල්ලුනේ ලේනෙකු මෙනි...ඒ විගසම කොට තාප්පෙට කකුල තබා ඇස්බැස්ටෝ තහඩුව බදාගත් පාල අයියා බඩගාගෙන ගොස් වහලයට ගොඩවූ අයුරු මට තාමත් හිතාගත නොහැක... මේ සියලුම දෙයට ගතවූ කාලය ඉස්කෝලෙ හාමිනේ පාර දෙස බලා සිට නැවත බාත් රූම් එක දෙස බලන කාලයට සමානය...සද්ද නොනැගෙන සේ වහලය දිගේ ගිය පාලයියා ගරාජයේ පිටුපස තිබූ ලාඩප්පා ගහදිගේ බැස්සේ නාකි බැබුන් එකෙකුගේ සාම්පලයෙනි.. ගසෙන් බැස ගත් පාලයීයා වැසිකිලියේ තිබු බාල්දියෙන් වතුර බාල්දි දෙකක් දමාගෙන උඩට යනව දැක ඇත්තේ පට්ටලේ අයියාය.....පාලයියා නින්ජා පෙන්නුවේ එලෙසය...😂😂😂😂ඉන්පසු ඉස්කෝලේ හාමිනේ පිටත් කල මාද උඩ තට්ටුවට ගියේ පාල අයියාගේ නොසිතු විරූ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් උවද ඒවන විටත් පාල අයියා අතුරුදහන් වී තිබුනි......

මාස කීපයක් යනතුරු පාලයියා පසුපස පැමිනි හාමිනේ වැඩේ අතෑරියේ පාලයා සෙවීමෙන් කිසිදිනෙක පලක් නොවන නිසාය...............

No comments:

Post a Comment