Showing posts with label මලයා මල්ලි. Show all posts
Showing posts with label මලයා මල්ලි. Show all posts

Friday, November 2, 2018

ඇති නැති පරතරය....


කලුනික සොයන්නා සේ සොයා අවසානයේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූ දිනෙක පත්තු වූ මගුල් ඔත්තුව නිසා පාලඅයියා සිය ජීවිතය මනා ලෙස හැඩ ගස්වා ගත්තේ අප සියලුදෙනාගේම සැනසුම් සුසුම් මධ්යයේය... ඉඳහිට ඇතිවන කුඩා ආරවුලක් හැරෙන්නට මහා අවුල් වියවුල් පාලගේ දිවියට ඇතිවූයෙ නැත..... නිර්මලාගේ සිද්ධියද මාගේ මැදිහත් වීමනිසා ඉබේම යට ගියේය... පාල නිවසට ගොස් සතියකට දෙකකට පසු නිර්මලා කවුරුන් හෝ සමග අතුරුදහන් වූ නිසා පාල හාමිනේද පාල ගැන අනියත බියක් ඇතිකරගත්තේද නැත.... දිනකට රුපියල් දෙදාහකට ආසන්න මුදලක් දෑතේ මහන්සියෙන් උපයා ගන්නා පාල අයියා සිය ඇඹේනිය සමග සතුටින් ජීවත් වූයේ නැන්දම්මාත් මාමන්ඩියත් සමගය.... ඉඳහිට අරක්කු භාගයක් මිලදීගෙන මාමන්ඩියා සමග සැට් වෙන පාලයියාගෙන් කාටවත් කරදරයක් නොවීය.... කාලය ගෙවී ගොස් මා විදේශ ගතවූ පසු දෙතුන් වතාවක් පාල අයියා ඇමතූ මුත් ඉන් පසු පාලගේ හෝඩුවාවක් වත් ලැබුනේ නැත... ලංකාවේ භාවිතා කල සිම් කාඩ්පත කැන්සල් වීමත් සමග වටිනා කියන අංක සියල්ලම මැකී ගිය බැවින් පාලයා මගේ මතකයෙන් බැහැරව ගියේය.... හදිසියේම හමුවූ ගිහාන් බාසුන්නැහේගේ සකලංසමාලය නිසා පාල කරලියට ආවේ නොසිතූ වේලාවකය.... වසර හතක කාලයක් සිදුවූ සිදුවීම් එකිනෙකට පෙලගස්වා ඉදිරිපත් කිරීම නිසාත් සකලංසමාල වාසීන්ගේ උනුසුම් ප්රතිචාරත් නිසා පාල නැවතත් ජීවමාන වූයේ කාලයක් පරාජය වී එක්වරම මැතිවරනයකින් ජයගත් පාර්ලිමේන්තු මංත්රීවරයෙකු ලෙසය.... පාලගේ මතකයත් සමගම මාගේ මනසේ තවත් අපූරු චරිතයක් ඉස්මතු වන්නට විය.... ඒ පාලගේ සැම්පලයට ඉතාමත් සමාන වූ මලසේකරයාය.... මෝඩ කමට වඩා ඉහවහා ගිය පන්ඩිත කමත්, තමාට වඩා දැනමුත්තෙක් තවත් නැතැයි යන මතයේ දැඩිව එල්ලී සිටි මලසේකරයාට සිදුවූයේද පාලට සිදූ ආකාරයේ මහා අකරතැබ්බමය.... පන්ඩිත වැඩ කරන්නට ගොස් හොම්බෙන් ගියද මලයා සිටියේ කැඳ බිව්වත් බෙට්ට කෙලින් සැම්පලයේය..
(බෙට්ට යනු බෙට්ටය.. එයට කස්තුරි කියා කවුරුත් කියන්නේ නැත. එබැවින් කවුරුත් ඒ ගැන සිත රිදවා ගතයුතු නැත.. කෙසේ වුවද බෙට්ට යනු ඕනෑම අයෙකුගේ සිත් භීතියෙන් සලිත කරන්නා වූ දරුනු දෙයක්ය.. අහල පහලක ලඳු කැලෑවක් කුඩා දිය පහරක් වත් නොමැති විටක බෙට්ට උඬගු වුවහොත් රජෙකුට උවද හීන් දාඩිය දමනු ඇත.. ලොව තිබෙන දරාගත නොහැකිම බර බෙට්ටේ බරය.. එය කිලෝ වලින් මැනිය නොහැක.. කලට වෙලාවට බෙට්ට ප්රෝගෑම් කර වැසිකිලියට ඩවුන් ලෝඩ් කරගැනීම මගින් අනවශ්යය කරදර වලින් මිදිය හැකි බව ලැට් පෝච්චි විකුනන කඩයක නාම පුවරුවේ සඳහන් වී ඇති බව මා හීනෙන් දැක ඇත.. අත්යාවශ්ය ගමනක් යෑමට නගරාන්තර බසයක නැගුනු එකෙකුට බඩේ අමාරුවක් සෑදී බෙට්ටක් කල හදියක් ගැන කතාවක්ද ලියා ඇත.... කෙසේ වුවද පැය එකාමාරක වේලාවක් අධෝ මාර්ගයේ දැවැන්ත උද්ගෝසනයක් කල බෙට්ට වැසිකිලියේ තිබූ බෙට්ටකට බිය වූ අතර එය එලියට ආවේ සෑහෙන වේලාවක් පෙඟවීමෙන් බව ඔබ දන්නා කරුනකි.... කෙසේ වුවද බෙට්ටේ කතාව දිග වැඩිවිය.. බෙටි ප්රහාරයක් වැදීමට පෙර මෙය නැවැත්විය යුතුය.... එහෙනම් බෙට්ටට බායි....)
සාමාන්යයෙන් කාන්තාවන් කිහිපදෙනෙක් එක් රැස්වූ ස්ථානයක ඇතිවන කතාබහට බඳුන් වන්නේ විශේශ මාතෘකාවන් කිහිපයක් පමනි... ඉවුම් පීහුම් , මැහුම් ගෙතුම් , ඇඳුම් පැලදුම් , වැනි සිල්ලර ගනයේ කතාබස් වලින් තමන්ගේ උජාරුව විදහා දක්වන කාන්තාවන් අතර කට කැඩුනු කතාවක් දෙකක් කියා හීන් ආතල් එකක් ගන්න කාන්තාවන්ද මා දැක ඇත.... කෙසේ වෙතත් කොලු රෑනක් හෝ වැඩිහිටි පිරිමි සමාගමයක ඇතිවන සංවාදය නම් ඉඳුරාම වෙනස්ය....මුලදී දේශපාලනය , සංස්කෘතිය , ආර්ථිකය , වැනි බැරෑරුම් මාතෘකා ගැන විදග්ධ විචාරයක යෙදෙන අතර , අවසානයේ ලිංගිකත්වය යන ඇතුවත් බැරි නැතුවත් බැරි තුන්කාලයටම කාලීන වූ මාතෘකාව මූලාසනාරූඪ වන්නේය... පොල් පිති හතෙන් පැන කප් ගැසූ එකෙක් දෙන්නෙක් මේ සභාවක වරදින්නේම නැත.... නොකල දෑත් කල ආකාරයෙන් සත්ය ලෙසම පවසා වටේ බලා ඉන්න එවුන්ගේ කටවල් බෝක්කු මෙන් විවෘත කිරීමට උන් සමත්ය..... කිසිදිනෙක නොඇසූ කතාවන්ගෙන් තුශ්නීම්බූත වී සිටින අනිත් උන්ටද මේවා මැජික්ය....
අප සමග කාර්මික පාඨමාලාව හැදෑරීමට පැමිනි කුරුවා , හපයා , වෙලා මල්ලී , සහ තෙප්පාද කුපාඩි ඔස්තාර්ලාය.... එකෙකුට එකෙක් දෙවනි නොවන කතා කියමින් වැඩ බංකුවේ වාඩිවෙන අප එයින් නැගිටින්නේ වසන්ත මහතා යකඩ පොල්ලකුත් රැගෙන පංතිකාමරය දෙසට එනු දැකීමෙන්ය.... දිනක් වසන්ත මහතා අසනීප නිවාඩු දමා පන්තියෙන් පිටවී ගියේ උදෑසන අටට පමනය.... පවරා තිබූ අභ්යාසය සවස් වරුවේ නිම කිරීමට තීරනය කල කොල්ලන් රෑන වැඩ බංකුවේ දිගට වාඩිවිය..... ක්රිකට් , මෝටර් බයිසිකල් , කාර් , ජිප් ගැන ඇතිවූ කතාබහ , අවසානයේ ලිංගිකත්වය දක්වා වෙනස් විය..... පිට්ටනියේ දුව පනින යොවුන් සේනාංකයේ කෙල්ලන් දෙස බලමින් ආරම්භ වූ කතාව දිගටම ගියේ බාධා කිරීමට කිසිවෙකුත් නොමැති නිසාත් , ගජ ඉලන්දාරීන් වූ අපගේ ප්රියතම මාතෘකාව එය වීම නිසාත්ය....
කුරුවා:: මචං බ්රාවෝ ටීම් එකේ ඉන්න ගයානි නම් පට්ට කෑල්ල ඈ.....
හපයා:: රෙද්ද තමා ඇල්ෆා ටීම් එකේ ස්වර්නා ඊට වඩා කොලටි බන්..
වෙලා:: ඔව් ඔව් ස්වර්නා නම් පට්ට කෑල්ල ඈ... ඕකි මට දවසක් බස් එකේදි සෙට් 
උනා බන්...
තෙප්පා:: ආ මම දැක්කා තෝ ජැක තියාගෙන යනවා එදා...
වෙලා:: ඔව් ඈ මාත් සේප් එකේ තියං ගියා බන්... ඒකිත් සද්ද නැතුව හිටියා..
තෙප්පා:: ඒක තමා මාත් බැලුවේ වෙනදට හංදියෙන් බහින එකා එදා ටවුමට ගියේ ඇයි කියලා...
වෙලා:: යකෝ ඔහොම චාන්ස් ලේසියෙන් වදින්නේ නෑ.... ආයෙ දවසක් සෙට්
වෙන්න බලන්න ඕනි බන්....
කුරුවා:: හැබැයි තෝ කල්පනාවෙන් ඕකි ටවුමෙන් බැහැලා වීල් පාක් එකේ
එකෙක් එක්ක යනවා මම දවස් දෙක තුනක්ම දැක්කා ඈ... මහිතන්නේ ඕකිව
දාගෙන ඉන්නෙ ඌ වෙන්න ඕනි.....
වෙලා:: ආ ඒකට කමක් නෑ යකෝ අපේ අයියලා දෙන්නම ඉන්නෙත් ඔය පාක් එකේ තමයි....
තෙප්පා:: ස්වර්නට පස්සෙ ඉන්නෙ චාරුනී ඈ... මම ඒකි ටෝක් කරලා තියෙන්නෙ..
කුරුවා:: ඒක තමා තෝ ටවුමෙන් බැහැපු ගමන් අතුරුදහන් වෙන්නෙ... හිටපිය
මාත් එකක් ටෝක් කරනවා.... හැබැයි තොපි එකෙක්වත් ඒවට අත දාන්න එපා ඈ...
හපයා:: තොට සෙට් වෙන්නෙ නම් ඉතිං චාලි ටීම් එකේ අර පත බබක්කව...
තෙප්පා:: හම්මට සිරි අර දැරනියගල පැත්තෙ ඉඳල එන්නෙ චාන්දනී ඒකි නේද..
කුරුවා:: පලයල්ලා බල්ලොනේ යන්න මම ටෝක් කරන්න හිතන් ඉන්නෙ වාසනා..
මෙතෙක් වේලා නිහඬව සිටි මලයාට එවරනම් කට වසාගෙන සිටිය නොහැකි විය....
මලයා: හා හා මේ මේ උඹට ඕනි එකක් කරතියං පල වාසනා නැතුව.... මම ඒකිව ලයින් කරගෙන ඉන්නෙ..
කොලුරැල අතරින් මහා සිනාහඬක් පැන නැගුනේ මලයාව කේන්තිගස්සමිනි...
කුරුවා:: තොට පුලුවන්ද යකෝ වාසනා වගේ කෙල්ලෙක් හැඬල් කරන්න ඔය
බීඩියක් වගේ බිජ්ජක් තියාගෙන... බලපං ඒකි පට්ට දැඟලිල්ලක් තියෙන
කෙල්ලෙක්... තෝව උස්සලා ගහගනී $$$$ ඇතුලෙ නික පරඬැල වගේ..
මලයා:: පලයං පසික්කාට්ටුවෝ යන්න තොගෙ හැටි බලපිය... හරියට වන්නිල
ඇත්තො වගේ....
කුරුවා:: යකෝ මම පොඩ්ඩක් කලුඋනාට අනිත් ඒවා ලෙසටම තියෙනවා... තෝ
ඔය බීඩිය පෙන්නපිය චාන්දනීට.... තෝව වඩාගෙන ගෙදර යයි.....
දැන්නම් මලයාට අසූහාරදාහට යකා නැග ඇත..... මූන ගලගෑ බීට් අලයක් මෙන් දිස්වන්නට විය.... වලියක් ඉතාම ආසන්නය..... කුරුවාද දෙවනි වන්නේ නැත... වාසනා සමග හරියට කතාවක් වත් නොකල ගොබ්බ පැටව් දෙන්නා බොරුවට රන්ඩු වන්නේය...කුරුවාගේ පැත්තට සපෝට් කල තෙප්පා නැවතත් කතාව පටන් ගත්තේය.....
තෙප්පා:: මේ මේක අහපං මලයා උඹට කොහොමවත් වාසනා සෙට් වෙන්නෙ නෑ..
මලයා:: යකෝ ඒක මගේ වැඩක්.... මමයි ඒකිට ටෝක් කලේ... බොරුනම්
ප්රසාගෙන් අහල බලපං
මම:: මේ මේ උඹලෑ ඔය රෙද්දවල්වලට මාව ගාවගන්න එපා.... ඊලඟට මට
මේකෙ වසන්න වෙන්නෙ නෑ.... අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා මේකෙ... ඒකි
ඉන්නෙත් වාසනාගෙ බෝඩිමේමයි....
(වාසනා සහ මා අතර ඇති හිත්වත්කම එකෙක්වත් දන්නේ නැත...සෑම දිනකම හවස් වරුවේ රාත්රී ආහාරය ගෙනයාමට අක්කා සමග මෙස් එකට එන වාසනා මට හීනි හිනාවක් දමන්නේ අක්කාට නොපෙනෙන්නටය.... මාත් සමග නිරතුරුවම සිටින මලයා සිතුවේ වාසනාගේ පනාව දැමිල්ල ඌට බවය....අක්කා නිවාඩු දවසක මලයාට හොරෙන් වාසනා සමග බෝඩිම දක්වා ඇවිද යමින් ඇඹරූ ගුලිය නිසා වාසනා මාත් සමග සෑහෙන තරමට කුලුපග විය.... මේ කිසිත් නොදත් මලයා වාසනාට පැනි පෙරන්නට විය.....)
මාගේ වදන් හමුවේ මලයා තවත් අසරන විය.... ඒ බව දුටු කවියා අමුතුම සැලැස්මක් යෙදුවේ කාටත් හොරාය.....
කවියා:: මේ මේ උඹලට වාසනාට ටෝක් කරන්න ඕනිනම් ටෝක් කරපල්ලා..
මම මලයට සපෝට්කරනවා එකෙන්ම ඈ.... මලයා උඹ බැහැපං ගේමට මම
ඉන්නවා උඹට සපෝට් එකට.....
මම:: කවියා උඹත් හොඳ කෑමක් කන්න හදන්නේ.... වාසනාගෙ අයියා පොලීසියේ
යකෝ... මම දැක්ක දවසක් පල්සරේ ආවා වාසනා එක්ක යන්න.... යුනිෆෝම් පිටින්
ආවේ බන්....
කුරුවා:: අම්මට සිරි එහෙම සීන් එකක්ද.... මල මගුලයි....මලයා මේ උඹ ඕනි
එකක් කරගනින්.. මම නෑ ඕවට......
මලයා:: හරි හරි මම ඒක බලාගන්නම්කො... උඹල කලබල නොවී හිටපල්ලා.
කවියා:: හැබැයි මලයා උඹට ඔය චූට්ටං බීඩිය වගේ එකෙන් නම් වාසනාව
කන්ට්රොල් කරන්න බැරිවෙයි.... ඉස්සර වෙලාම ඕකට හොඳ බෙහෙතක් කර
ගනින්..... උඹ දන්නවද අපේ සීයා ආයුර්වේද වෙදෙක්.... ඔය වාජීකරන , නස්න ,
වස්ති, අපේ ගෙදර ඕන තරම්....
මලයා:: අනේ මේ නිකා හිටපං මට මේ තියන එක හොඳටම ඇති..... මොකද ඕක
බෝක්කුවක් නෙවෙයිනෙ....
කවියා:: මේ මලයා උඹ මං කියන දේ අහපං.... මටත් ඉස්සර ඔහොම සීන් එකක්
උනා... පස්සෙ අපේ සීයා දුන්න යකෝ බෙහෙතක්.... දැන් අතපය හතර විතරයි අඩු.
මලයා:: අනේ මේ බොරු නොකියා හිටපං... එහෙම ඕක ලොකුවෙන්නෙ නෑ බන්...
කවියා:: හරි මම කියනවට උඹ එක දවසක් කරල බලපං...
මලයා:: හරි හරි පස්සෙ වෙලාවක බලමු.....
හිච්චා:: ඒයි ඒයි අන්න වසන්ත සර් එනවා දුවපිය.... කන්න වෙන්නෙ.....කතාව එතෙකින් නිමාකොට කුලප්පුවූ හරක් ගාලක් මෙන් සියලු දෙනාම පන්තිකාමරය වෙත දිවගියේ වසන්ත මහතා අතේ තිබු පොල් පිති කැබැල්ල දැකීමෙනි.... ලෝකෝත්තර ඇම්ඩෙක් වූ කවියා මලයාත් සමග සතරකන් මන්ත්රනයක යෙදුනේ හවස නාන වේලාවේදීය..... ඕනෑම බොරුවක් පන පිහිටුවා කීමට හැකි කවියා මලයාට කුමක් හෝ උගුලක් ඇටෙව්වේ අපට කොලය වසාය.... රාත්රී කෑම වෙලාවේදී මේ ගැන විමසුවද මලයා එය පිලිබද කිසිවක් නොකියා ලිස්සා ගියේ බන්ඩක්කා මාලුව කෑ ආඳෙකු මෙනි.... දන්න ශිල්ප දමා මලයාගෙන් රහස එලිකර ගැනීමට උත්සාහ කලද එය ගඟට ඉනි කැපීමක් පමනක්ම විය...
කෙමෙන් කෙමෙන් ලෝකය කැරකී කාලය ගෙවී යන්නට විය..... සෑමදාම එකම කාල සටහනකට දිවි ගෙවූ අප දෙදෙනා රාත්රී ආහාරයෙන් පසු නිදාගන්නේ බෝඩිමේ තිබූ විශාලම කාමරයේය... ඉහත කී සිදුවීම සිදුවී දින කිහිපයකට පසු මලයාගේ දින චර්යාවේ කුඩා වෙනසක් පෙනෙන්නට විය..... සෑමදාම රාත්රී ආහරයට ගොස් බෝඩිමට පැමිනීමෙන් පසු මලයා වැසිකිලියට ගොස් විනාඩි විස්සක් පමන කාලය ගත කරන්නට විය.... වැසිකිලියේ සිට පැමිනීමෙන් පසු මරනාසන්න ලෙඩෙකු මෙන් ගොරවා ගොරවා නිදාගන්නා මලයා නැවත අවදි වන්නේ පසුදා උදෑසනය.... සති දෙකක් තිස්සේ මලයාගේ මෙම චර්යාව නිරීක්ශනය කල මා මේ පිලිබඳව විමසුවත් මලයා හරි හමන් පිලිතුරක් දුන්නේ නැත....
"" ඉස්සර වගේ නෙවෙයි ප්රසා කුස්සියෙ කෑම වල තෙල් ගතිය වැඩියි.... හැමදාම රෑට බඩ අප්සට් වෙනවා.....
"" ඉතිං මලයා මමත් කන්නෙ ඔය කුස්සියෙන්මනෙ.... එහෙනම් මටත් හැදෙන්න එපැයි බන්....
"" හැම එකාටම ඉතිං එක වගේ සරීර නෑනේ බන්.....
මෙවැනි කතාවක් පවසා හැමදාම මලයා ලිස්සා ගිය නිසා මේ පිලිබද මාගේ සිතේ ඇති වූයේ එසේ මෙසේ සැකයක් නම් නොවේය.... මේ පිලිබද වහාම සොයා බැලිය යුතුය.... අවස්ථා කීපයකදීම කල්පනා කල පසු සැලසුමක් සාදා ගත්තේ මලයාට නොදැනෙන්නටය.... කල්යල් බලා සැලසුමට උවමනා කරන කලමනා වටපිටාවෙන්ම සපයාගත් මා එක්දිනෙක රාත්රියේ සැලසුම ක්රියාවේ යෙදෙව්වේ කිසිවෙකුට සැක නොසිතෙන පරිදිය.... එදා රාත්රී කෑම අවසන් වූ වහාම කැරම් ටූනමන්ටුව සඳහා රාජාත් , මලයාත් , රාජාගේ මල්ලීත් , ඇන්ටනියාත් වාඩි වූයේය.. මා විසින් සිතා මතාම ප්රමාද වී පැමිනීම නිසා ඔවුන්ට මා ගැන එතරම් තැකීමක් නැතිවිය..
""රාජා ,ඇන්ටා, මම පොඩ්ඩක් ගාඩ් රූම් එකේ සමරෙ අයියලාගෙ ගෙදරට ගිහින් එන්නං ඈ... කසුන් මල්ලිව හම්බ වෙන්න ඕනි....
""ආ මේ ටෝච් එක අරං පලයං... ඌරො ඇති..... ඒ මලයාගේ හඬය....මලයා ඌරන්ට පට්ටම කැමතිය....
"" ඕනි නෑ බන් පාරෙ ලයිට් තියනවනෙ... මට ගියහැකි.....
""හා හා උඹේ කැමැත්තක්.....
වැඩේ හරිය.... හරියටම හරිය..... කාටත් නොදැනෙන පරිද්දෙන් පාරට පැනගත් මා සෙමෙන් සෙමෙන් බෝඩිම කරා ලංවිය.... බෝඩිමේ කුස්සියේ දොරෙන් එලියට බැස පිලිකන්න දිගේ ගොස් වැසිකිලිය අසල නතරවී බල්බය ගලවා දැම්මේය.... බාගෙට කැඩී තිබූ ඉනිමග ජනේලය අසලින් බිත්තියට හේත්තු කලේය... කලු කමිසයත් කලු කලිසමත් ඇඳගෙන ආපසු පැමිනි මා අසල තිබූ බැරලය මත වාඩි වී මදුරුවන් තලන්නට විය.... පැයකට පසු මලයා විදුලි පන්දමද වන වනා බෝඩිම දෙසට එනු දැකීමත් සමග මම වහා ස්ථාන ගතවූයේ තව ස්වල්ප මොහොතකින් මලයා වැසිකිලියට පැමිනෙන බව හොඳින්ම දන්නා නිසාය... පැරනි ක්රමයට සාදා තිබූ නිවසේ වැසිකිලියේ ජනේලය තිබුනේ තරමක් ඉහලට වන්නටය.... විශේශ අවධානයක් යොමුකොට බැලුවද එහි යමෙකු සිටින බව දැකිය හැක්කේ දහවල් කාලයේදී පමනකි... ස්වල්ප වේලාවකින් මලයා සරමත් පටලාගෙන වැසිකිලියට ආවාය... වැසිකිලියට වම් පසින් ඇති කුස්සියේ බල්බය දැල්වූ මලයා වැසිකිලියට වැදී දොර වසාගත්තේය.... ස්වල්ප වේලාවක් බලා සිටීමෙන් මාහට සිද්ධියෙන් හරි අඩක් මනාව වැටහින.... ඉතුරු හරිය යාන්තමට වැටහුනත් කවියා බෙල්ලෙන් අල්ලා ගැනීමෙන් සම්පූර්න විස්තරය දැන ගත හැකිය.... පසුදා උදෑසනම කවියා පැමිනි අතර කවියාට මරන තර්ජනය කර සියලු විස්තර අසාගත් පසු මට සිනාව නම් නවතාගත නොහැකි විය....වැඩේ සිදුවී ඇත්තේ මෙසේය.... පන්තියේ කොල්ලන් විසින් පැවසූ වාසනාගේ කතන්දරයටත් වඩා මලයාට හිත රිදී ඇත්තේ ජුන්ඩා පොඩි බව කියා කල විහිලුවය.... කවියාගේ සීයාගේ ආයුර්වේද දැනුමෙන් ප්රයෝජනයක් ගැනීමට සිතූ මලයා ඒගැන කවියාගෙන් විමසා ඇත..... ආතල් ගැනීමට තැනක් නොතැනක් නැති කවියා මලයාට අපූරු බෙහෙතක් කියාදී ඇත.... එනම් සැමදාම රාත්රියට ජුන්ඩාට තල තෙල් වලින් මසාජ් එකක් දියයුතු බවත් දිනකට විනාඩි විස්සක් බැගින් පුරා තුන් මාසයක් නොකඩවා කිරීමෙන් සාර්ථක ප්රතිපල ලබාගත හැකි බවත්ය...
""හාපෝ ඕව කරල කවද්ද බන් හරි ගියේ"" කියා පැවසූ මලයා කවියාට ඒ ගැන උනන්දුවක් පෙන්වා නැත..... කවියාද එය එතරම් ගනනකට ගෙන නැත.... කෙසේ වෙතත් වාසනාව උරගා බැලීමට සිතූ මලයා වැඩේට බැස ඇත.... තලතෙල් සොයාගත නොහැකි වූ මලයාට පසු දිනෙක කුස්සියේ වැඩකරන දෙමල කොලුවෙකු වූ රාජාගේ තලතෙල් බෝතලය අසුවී ඇත.... මහා තලතෙල් රාජයා හොරපාරේ බෝඩිමට වැඩම්මවූ මලයා එතැන් පටන් මහා සම්භාහන වියාපාරය පටන් ගෙන ඇත..... අතුරුදහන් වූ තලතෙල් බෝතලය සොයා මහා මෙහෙයුමක් දියත් කල රාජා සහ ඔහුගේ මල්ලී අවසානයේ එය සොයාගත නොහැකිව සොරකම් කල එකාට අමුතිත්ත කුනුහරුපයෙන් බැන වදින විට මලයා පුක් මූන දමා සිටි අයුරුනම් අපූරුය..... ""යකෝ ඕකට ඔයතරම් කෑගහන්න ඕනිද"" අලුතෙන් එකක් ගනින්කෝ"" යනුවෙන් මලයා පැවසුවේ ඇයිදැයි මට අවසානයේ වැටහින.....වැස්සියෙකුගෙන් කිරි දොවන ආකාරයට ජුන්ඩාගේ තලතෙල් ආලේප කොට මලයා කල මසාජය අවසානයේ මලයා ලබාගත් ප්රතිපලය කුමක්දැයි මා දන්නෙ නැත....කෙසේ වුවද මලයාගේ වැසිකිලියේ තලතෙල් මසාජ් එක බලාසිටීමට ගොස් දිරාගිය ඉනිමගේ වෙවුල වෙවුලා මදුරුවන් කමින් සිටි මොහොත ගැන මා කිසිවෙකුටත් නොකීමට වග බලාගත්තේ මාගේ ඇම්ම්බැට්ට වැඩ කවුරුන් හෝ දැනගතහොත් එය මාගේ නැවුම් කුලුඳුල් චරිතයට කැලලක් විය හැකි බැවිනි....
දිනක් සවස් කාලයේ රාත්රී කෑම ගෙනයාමට වාසනාත් ඇයගේ යෙහෙලිය වූ ගයානිත් මෙස් එකට පැමින තිබුනේ මාගේ ඥාති සහෝදරිය නිවාඩු දිනකදීය... ලද අවස්ථාවෙන් ප්රයෝජනයක් ගැනීමට සිතූ මා ඔවුන් නැවත කිලෝමීටරයක් දුරින් තිබු බෝඩිමට ඇරලවීමට භාර ගත්තේය.... වාසනාගෙත් මගෙත් හිතවත් කම දන්නා ගයානි අපට මඳක් ඉස්සර වී ගමන් කලේය... මඳ අදුරක් සහිත හැන්ඳෑ වරුවේ වාසනාත් මාත් අතිනත අල්ලාගෙන ගමන් කලේ ඇයතුල මාගැනත් මාතුල ඇය ගැනත් ඇතිවූ උනුසුම් හැඟීම නිසාය.... වට පිටාව ගැන එතරම් අවධානයක් නැතුව ගමන් කල අපදෙදෙනාගේ ඉදිරියට එක්වරම මලයා පැමිනීමත් සමග අප දෙදෙනා අන්ද මන්ද විය.... කඩේට ගොස් ආපසු පැමිනෙන මලයා අප දැකීමෙන් සියලු බලාපොරොත්තු සුන් කරගත්තේ බින් ලාඩ්න් පෙන්ටගනයට ගැසුවාක් මෙන් බව ඔහුගේ ඇඹුල් වූ මුහුනින් මා අවබෝධ කරගත්තේය.. දින කිහිපයක් පමන මාත් සමග මුහුනට මුහුන කතා නොකල මලයා වාසනාගේ යෙහෙලියවූ ගයානිට පැනි පෙරීමට ගොස් ඇතිබව මාහට ආරංචි වූයේ සමරෙ අයියාගේ කොලුවාගෙන්ය....😂😂😂
පසුවදන.... 

තලතෙල් මසාජයෙන් ශරීරයට ලැබෙන ගුන අගුන ගැන මාදන්නේ නැත.... එබැවින් තමතමන්ගේ ප්රමානයෙන් සෑහීමට පත්වීම අගනේය.....

Tuesday, October 30, 2018

මලයාගේ මලගම....


පසුගිය දිනවලදී පාලයා පට්ට ගැසීම හේතු කොර ගෙන මට සෑහෙන ගැටලුකාරී තත්වයකට මුහුන පෑමට සිදුවිය....... සකලංසමාල වැසියන්ගේ ජනාදරයට පත් (විශේශයෙන් පාලගේ කෑලි පහේ විදුලි පන්දමට පෙම්බැඳි කාන්තා පාර්ශවය) පාල අයියා ගැන ලිවීම නිසා කුපිත වූ ජනකොටස් මාගේ මලගමට යන බසයේ සිට දානය සඳහා දෙන නෙස්කැෆේ මැශින් එක පවා බුක් කරගෙන සිටියේ මා මහත් සේ අසරන කරමිනි.... මලයා කාලයකින් බුකිගත නොවූ නිසාත් පාලගේ ගැටලුව අකාමකා යාම සඳහාත් මලයාට සිදුවූ කක්කා කේස් එකක් මෙසේ ගෙන හැර දැක්වීමට මා සිතුවේ එබැවිනි.... කෙසේ වුවද මාගේ ඒකායන බලාපොරොත්තුව නම් සකලංසමාලෙ වැසියන්ගෙන් තෝරාගත් කිහිප දෙනෙකු කෙදිනක හෝ හමුවීමට යාමයි.... හා හාපුරා කියා අතටම අසුවූ ඉන්දික අයියාව නම් හමුවීමට දෙවරක් ඉඩ ලැබුන මුත් ඉන් පසු උදාවූ රාජකාරී බහුල සති කිහිපය නිසා ඇමතුමක්වත් දී ගැනීමට තරම් සුදුසු වටපිටාවක් ගොඩ නැගුනේ නැත..... එය ඔහුගේ වාසනාවද නැතිනම් මගේ වාසනාවද යනුවෙන් මා තවම තීර්නය කර නැත..... අප හමු වූ පලමු දිනයේත් දෙවනි දිනයේත් මනා සංයමයකින් යුතුව හැසිරුනු ඉන්දික අයියාගේ ලස්සන සුදු මූනුපොඩ්ඩ බොහෝ කැලඹී තිබූ බවනම් මට හොඳටෝම මතකය....😂😂.... මේ පිලිබද වැඩිදුර විස්තර කිරීමට යාම එතරම් නුවනට හුරු කරුනක් නොවන බැවින් එය මෙතනින්ම නවතා දමමි......
මලයාගේ දිවිය තුල මලයාට හමු වූ හොඳම මිතුරා ලෙස මාව පත් කරගත්තේ අප මුනගැසී මාසයක් හෝ දෙකක් ගෙවී ගිය පසුය..... උදෑසන අවදී වූ වේලාවේ සිට රාත්රී නින්දට යනතෙක් අප දෙදෙනා මහත් සහයෝගයෙන් යුතුව කටයුතු කලේ එකල වෙන කිසිවෙකුත් බෝඩිමේ පදිංචියට නොපැමිනි නිසාය..... කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගිය අතර එක් දිනෙක මලයා ගෙන ආවේ අපූරු ආරංචියකි..... එනම් අපගේ ටෙක් එකේ සිට තරමක දුරින් පිහිටි මලයාගේ ඥාතියෙකුගේ නිවසේ පැවැත්වෙන මලගිය ඥාතියකු වෙනුවෙන් ලබාදෙන තුන්මාසයේ දාන පිංකමක් පිලිබද කෑම ඔත්තුවකි.... ඒ දිනවලදී කොහේ හෝ අයිනක වාඩි වී කොත ගැසූ බත් පිඟානක් විනාඩි ගනනකදී අතුරුදහන් කිරීමේ අපූරු හැකියාව ඇති අප දෙදෙනාට එය මහත් වටිනා අවස්ථාවකි..... දානෙ ගෙදරට එන කෑලි ටෝක් කරමින් අත අසුවන සියලු දේ කටට දාගැනීමට හැකිවීම පිලිබඳ විවිධාකාරයේ සැලසුම් දියත් කල අප දෙදෙනා අවසානයේ එකඟතාවයකට පැමිනියේ මෙලෙසය..... බදාදා දිනයේ පැවැත්වෙන බන පිංකමත් පසුදින පවත්වන දහවල් දානයත් ඉලක්ක කරගත් අපදෙදෙනා බන පිංකම දින සවස පංති අවසානයේ වහ වහා සුදානම් වී පිටත් වියයුතු අතර සවස හය වනවිට එම ස්ථානයට ලඟා වියයුතු වේ.... එතැන් පටන් අපගේ සැලසුම ක්රියාත්ම වේ...
තුන් වේලටම අතේ පයේ ඇඟිලි ගනිමින් සිටි සුබ දිනය උදාවූයේ මලයාත් මමත් ප්රීති ප්රමෝදයෙන් මත් කරවමිනි..... සවස දෙක හමාර වනවිට ලොක්කාට කියා නිවාඩු අනුමත කරගත් මාත් මලයාත් පංතියෙන් නික්මුනේ කෑමෙහි කෙල පැමිනි කුරුවාටත් හපයාටත් රට ගජබින්නාලංකාරය පොත පෙරලීමෙන් පසුවය... බෝඩිමට පැමිනි වහාම නා පිරිසිදුවී අප සතුව තුබූ ඉස්තරම්ම ඇදුම් කට්ටල වලින් සැරසුනු අප දෙදෙනා බසයට ගොඩ වීමට පාරට බැස්සේ දහසකුත් එකක් බලාපොරොත්තු සහිතවය..... විනාඩි පහකටත් වඩා අඩු කාලයකදී පැමිනි බස් රථයට ගොඩවූ අප දෙදෙනා ඉඩ තිබූ අසුනක වාඩිවිය.. ගැස්සී පැද්දී තාලයට ගමන් කල බස් රථය නගරයට පැමිනියේ පැය භාගයකට පසුවය.... මඳ වේලාවක් බස් නැවතුම්පලේ නතර වී සිටි අපදෙදෙනා ඊලඟට යාමට නියමිත බසයට නැගී පිටත් වූයෙමු.... පැය එක හමාරක පමන ගමනකින් පසු මලයාගේ ඥාතී නිවසට යන පාරේ හන්දියකින් බැසගත් අප දෙදෙනා පාගමනින් බන ගෙදරට ගොඩ වීමු..මලයා සහ මම දුටු බන ගෙදර සිටි ඥාතීන්ගේ උනුසුම් පිලිගැනීම නිසා තරමක් ආඩම්බරවූ මලයා මාවද එක්කාගෙන නිවස තුලට වැදුනේය..... මලයා දුටු නිවැසියෙකු වහාම අපව තේ මේසයට වාඩි කරවූ අතර වැලිතලප , අලුවා සහ ආස්මී , බටර් කේක් , පොල් කේක් , එකී මෙකී නොකී සියලු දේවලින් එක එක කටේ දමාගත්තේ වට පිටද බලමිනි....පංකාදු පහේ ප්ලේන්ටී දෙකකුත් ලැබුන අතර ඒවාද හිස් කර විට වට්ටිය අතට ගත් මලයාද මමද සහයෝගයෙන් විටක් හපන්නට විය..... මදක් වටපිට විපරම් කර බැලූමුත් අපගේ වයසට සරිලන චීත්ත කෑල්ලක් පෙනෙන්නට නොවූයෙන් මාත් මලයාත් කැම පිලිබදව වැඩි අවධානයක් යොමු කලෙමු.... විටින්විට එන තේපැන් , මාරි බිස්කට් , නයිස් , කෝෆි වැනිදේ වලින් බඩ පුරවාගත් අපදෙදෙනා එදා රාත්රිය කැරම් බෝඩ් එකක් මත ගත කලේ කැර්ම් ඔස්තාර්ලා ලෙසය......මැදියම් රාත්රිය එලැඹීමෙන් පසු මාත් මලයාත් අසල වූ නිවසක නිදාගැනීම සඳහා පිටත්ව ගියෙමු.....
සුව බර නින්දකින් පසුව පසුදා උදෑසනම අවදි වූ මලයා මාවද ඇහැරවාගෙන දානය තිබෙන දිසාවට කිට්ටු කලේය... සෙමෙන් සෙමෙන් දානය පිලියෙල වෙමින් තිබෙන අතර අප හමුවට මලයාගේ ඥාති සහෝදරයෙක් වූ දර්ශන අයියා අපට ඇරයුමක් කලේ කාටත් හොරෙන්ය.... එනම් දර්ශනයාගේ නිවසේ ඇති යසපදමට පැහී තිබූ කිතුල් රා මුට්ටියක් ඇති බවත් , දානය කොටා බෑමට පෙර ස්වල්පයක් අනුමත විය හැකි බවත්ය... එම අදහසට එක පයින් කැමතිවූ මලයා මාත් සමග අදාල ස්ථානයට ගියේය..... කිසිවෙකුගේවත් නෙත නොගැටී රා මුට්ටියෙන් බාගයක් හිස්කල මලයා පුරුදු පරිදි මලවංශය පටන ගත්තේය..... නැවුම් රා මුට්ටියේ සුවඳ නිසා මමත් පනු අමාරුවට යැයි සිතා ස්වල්පයක් පානය කල අතර මලයා නම් මුට්ටියෙන් සෑහීමකට පත්වූයේ නැත.. ලීටරයක පමන ධාරිතාවකින් යුතු මුට්ටියේ අඩියේ තිබූ මන්ඩි ටිකත් කටේ හලාගත් මලයා එතනින් නැගිට්ටේ තරමක බමන ගතියකිනි...
කෙසේ හෝ දහවල් දානමාන කටයුතු අවසන් වනතුරු අසල නිවසක ඉස්තෝප්පුවේ මාත් මලයාත් වාඩිවී සිටියහ.....සංඝයා වහන්සේලා ආපසු වැඩම වීමෙන් පසු අප බලාපොරොත්තු වී සිටි සුබ මොහොත එලැඹින.... පරිප්පු , කජු මාලුව , කිරිහොද්ද , බටු මෝජුව , අඹ චට්නි , කට්ලට් , මාළු , එකී නොකී සියලුම දේවල් පුරවාගත් තඩි බත් පිඟන් දෙකක් හිස් කල අපදෙදෙනා ඉන් පසු කිරි මුට්ටිය අතට ගත්තේ පැනි බෝතලයක්ද සමඟිනි.... සවුදන් ජෙමාටත් ඇඩ්රස් නැතිවෙන තරමට කිරි පැනි කෑ අපදෙදෙනා ඊලඟට පෘට් සැලඩ් කෝප්ප දෙකකටද වග කීමට සමත් විය.... ඇඹුල් කෙසෙල්ගෙඩි දෙකකුත් ලෙලි ඇර එතනින් පිටවූ අප දෙදෙනා නැවතත් පෙර වාඩි වී සිටි තැනින් වාඩි විය...
පැයක් හමාරක් එලෙස වාඩි වී සිටි අප දෙදෙනාගේ අභිප්රාය වූයේ ආපසු පිටත් වීමය... හවස දෙක හමාරවන විට නා පිරිසිදුවී මාත් මලයාත් රැගෙන ආ ඇදුම් ඇඟලා ගත්තේ දර්ශනයාගේ නිවසේදීය..... ඒ කාලයේ පට්ට පැශන් එකක් වී තිබූ ටයිට් ඩෙනිමත් ඩෙක්ශූස් දෙකත් මලයාගේ ස්ටයිල් එක වූ අතර මා ඇඳ සිටියේ සාමාන්ය ඩෙනිමක් සහ ටීශර්ටයකි... අප ආපසු යාමට පිටත් වන බව දැනගත් මලයාගේ ඥාතියාගේ ඉල්ලීම වූයේ නැවත වතාවක් කෑම ගෙන පිටත් වන ලෙසය.... කොතරම් ප්රතික්ශේප කලත් ඥාතියාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා කෑම මේසයට වාඩිවූ අපදෙදෙනා කොත් ගැසූ බත් පිඟන් දෙකක් අතුරුදහන් කලේ විදුලි වේගයෙනි... අප ආහාරගන්න අතරතුර මලයාගේ මාමා සිමෙන්ති කොට්ට දෙකක් වැනි බත් මුල් දෙකකුත් කැවුම් වැලිතලප අලුවා වැනි රස කැවිලි මල්ලක්ද සූදානම් කලේය... රුපියල් පහේ ටියුලිප් කවර දෙකක බහා තිබූ ආහරමල්ලත් අතින් ගත් මලයාත් මමත් පාරට බැස්සේ සියලු දෙනාටම සමුදීමෙන් පසුවය...
හන්දියට සෙමෙන් සෙමෙන් ඇවිදගෙන ගිය අපදෙදෙනා බසයට ගොඩවූයේ පැය කාලකට පසුවය..... වාසනාවකටමෙ අප දෙදෙනාට එකම අසුනක වාඩි විමට 
ලැබුනි..... බසය මද දුරක් යනවිට බඩ තුල යම් කැලඹිලි ස්වරයක් දැනුනද මුවින් නොදොඩා සිටීමට මා සිතුවේ මලයාගේ අපහාසය දරාගත නොහැකි නිසාය... මලයාද නිහඬවම සිටීම මටද ගැටලුවක් විය.... මද දුරක් යනවිට මලයාද මාදෙස බලා යමක් කීමට කට උල් කර නැවතත් ගිල ගත්තේය.... හැඟී ගිය ආකාරයට මලයාද යම්කිසි අපහසුවකින් පෙලෙන බවක් පෙනුනි.... කෙසේ හෝ තවත් මද දුරක් යනවිට මලයාගේ ඉහින් කනින් දාඩිය බේරෙන්නට විය..... මට සියල්ල වැටහුනි.... මලයාටද බඩේ අමාරුවක් අල්ලා ඇති බව මාහට වැටහුනත් මුවින් නොදොඩා සිටියේ මලයා එය පවසන තෙක්ය.... විනාඩි දෙකතුනකදී මලයා ඉබේම කටඇරියේය....
මචං බඩ පොඩ්ඩක් අප්සට් වගේ නේද.........
ඔව් බන් පොඩි ලයින් එකක් තියෙනවා.......
කොහොමද බන් එහෙම උනේ.......
මට හිතෙන්නෙ රා වලින් වැඩේ අවුල් උනෙ...... උඹ මුට්ටියම හිස් කලානෙ මලයා..
මටත් හිතුනා බන්.... අපරාදෙ නොබී ඉන්න තිබ්බේ.... කිරි පැනිත් කෑවනේ බන්...
ඔක්කොම කලවං වෙලා බස් එකේම රෙවෙයිද බන්......
අනේ මන්දා බන් මටත් දැන් ඉන්න බැරි සයිස් එකක් තියෙන්නෙ....
අවුලක් නෑ ටවුන් එකේ ටොයිලට් පේලිය ටොට් එකට හදල තියෙන්නෙ ටවුමෙන් බැහැලා වඩේ කරගෙන යමු.... එතකං ඉවසගෙන ඉම්මු.....
හ්ම්
කතාව එතෙකින් නතර විය.... පැය එක හමාරක පමන ගමන අවසානයේ මලයා බාගෙට මැරී සිටියේය.... මාහට නම් එතරම් අවුලක් දැනුනේ නැත... රා මන්ඩි ටිකත් කටේ හලාගත් මලයාගේ බොක්ක , බෙංගාල බොක්ක බවට පත් වී ඇතිබව මලයාගේ මුහුනෙන් කිව හැකිය...... දතකට පූට්ටු වී ඉහින් කනින් දාඩිය දමා සිටි මලයාගේ අතේ තිබූ මලු දෙක මා අතට ගත්තේ මූට මගදී රෙවීමට ඉතා ආසන්න බව හැඟුනු නිසාය..... විලිරුදාව හැදුනු ගර්භනී මාතාවක් මෙන් ඉනට අත තියාගත් මලයා ඇවිදින ආකාරය බැලීමට ලස්සනය.. ඉතා අපහසු කාලයක් පසු කල මලයා වැසිකිලි පේලිය දැකීමෙන් සැනසුම් සුසුම් හෙලුවේය.... වහ වහා වැසිකිලියට ගිය අපදෙදෙනා එහි ඉදිරිපස සිටි අයකැමියාට මුදල් ගෙවා බෑග් දෙකද එතනම තබා වැසිකිලි ගතවූයෙමු..... විනාඩි දෙකතුනකින් මාගේ කටයුත්ත අවසන් කරගෙන එලියට පැමිනි අතර මලයා එන තෙක් ඉදිරියේ වාඩිවී සිටියෙමි.... විනාඩි පහලවක් ගියමුත් මලයා ආපසු නාවේය.... මුගේ බඩේ අමාරුවත් කාපු කෑමත් නිසා තාම රෙනවා ඇති යැයි සිතා සිටියත් මලයා තවමත් නැත..... මූ මේක අස්සෙ වැටිලද , නැත්තම් වෙන මොකක් හරි අලකලංචියක්ද දන්නෙ නෑ කියා සිතූ මම ඇතුලට ගියේ අයකැමියාටද මේ ගැන් පවසාය.... වැසිකිලි හයකින් යුක්ත එම පේලියේ තුන් වෙනි වැසිකිලිය අසලට ගොස්
""මලයා ""මලයා""
ආහ් උඹ ආවද......
ඔව් යකෝ තෝ මක් කරනවද ඕක අස්සේ...
අනේ මචං පොඩි උදව්වක් කරපං....
ඈ ඒ මොකක්ද බන්.....
අනේ මේ මට බ්ලේඩ් තලයක් ගෙනත් දියං මං සල්ලි දෙන්නම් උඹට...
හෑ ඒ මොකටද යකෝ බ්ලේඩ් තල.... උඹේ බෙට්ට හිර වෙලාද පුක පැත්ත පලන්නද හදන්නෙ...
අනේ කොලොප්පං නොකර බ්ලේඩ් තලයක් ගෙනත් දීපං බන් මට එපාවෙලා ඉන්නෙ....
වෙච්ච දේ කියපං බ්ලේඩ් තලයක් ගෙනත් දෙන්නම්.......
අනේ බන් මම ගෙදර ගිහින් කියන්න එකක් ගෙනත් දීපංකෝ..
හරි හරි හිටපං...... මං කඩේකට ගිහින් එන්නං....
දන්නා කාලයේ සිට කක්කා හොන්ඩර දෙතුන් සීයක් දමා ඇත.... නමුත් කිසිදිනෙක බ්ලේඩ්තලයක පිහිට පතා නැත... යකෝ රෙන්න මොකටද බ්ලේඩ් තල.... මූට මොකද උනේ... හිතාගන්න බැරි සීන් එකක් මේක.. මේකෙ පිටිපස්සේ මොකක් හරි මරු සීන් එකක් ඇති..... හිටපංකෝ මම ඕක හොයාගන්න..... තනියම සිතමින් කඩයකට ගොස් බ්ලේඩ් තලයක් මිලදීගෙන පැමිනියෙමි..... වැසිකිලියේ දොර යටින් මලයාට එය ලබා දුන් මම ආපසු පැමිනියෙමි.... විනාඩි දහයකට පසු මලයා ආපසු පැමිනියේ මූන පුලුටු කරගෙනය.. වහ වහා දිවගොස් අද්දමින් තිබූ බසයට ගොඩ වූ අප දෙදෙනා ගෙදර පැමිනියෙමි. මලයාට සිදු අකරතැබ්බය චාටුවක් දමා අසාගත් මාහට සිනාව නවතාගත නොහැකිවිය.... එතෙක් වේලා මාහට ගැටලුවක් වූත් මෙතෙක් වේලා ඔබහට ගැටලුවක් වූත් ඒ කතාව සිදුවී ඇත්තේ මෙසේය..
උහුලාගත නොහැකී වූ කක්කා බර නිසා වැසිකිලියට දිවූ මලයා හිරට හිරේ ඇඳගෙන සිටි ඩෙනිම ගලවා වාඩී වී ඇත.... ඩෙනිම ගලවා ගැනීමට සිදුවූ අපහසුතාවය නිසා මලයාට ලංකැට්ටුව ගැලවීමට අමතක වී ඇත.... කලබලය වැඩි කමට වාඩිවීමටත් ප්රථම පුක් වෑල්වය ඉබේම විවෘත වී මලයාට සිතාගැනීමටත් නොහැකි ලෙස පුක් මල් වෙඩිල්ලක් පුපුරා ඇත..... බාල්දියක් පිරෙන්නට ගිය බඩේලිය ගොඩ නිසා පස්ස පැත්තත් මලයාගේ පංචස්කන්ධත් වැසී ගොස් ඇත... සුදුපාට ලංකැට්ටුව කහපාට වී ඉස්ම බේරෙන්නට පටන් ගෙන ඇති අතර එය ගැලවීම නම් සිතීමටත් නොහැකිවූයේ හිර ඩෙනිමත් ඩෙක්ශූස් සපත්තු දෙකත් නිසාය... හැකි වෙරයොදා ලංකැට්ටුව ඉරීමට තැත් කලත් එය කිරීම අපහසු වූ මලයා මට කියා බ්ලේඩ් තලයක් ගෙන්වා ගත්තේ දෙපසින් කපා ඉවත් කිරීමටය... දනිකිඩ ගහගෙන යම යුද්දයක් කල මලයා යාන්තම් ජොකා කපා ඉවත් කරගෙන නැගී සිටියේ පශ්චාත් බාගය මනා ලෙස සෝදාගැනීමෙන් පසුවය..... මලපෙරේත කමට රා මන්ඩි බී කිරි පැනි කෑම නිසා මලයා හත්පොලේ ගූ ගාගත්තේ එලෙසය...

Friday, October 26, 2018

මලයාගේ වෑල්ඩින්....


පෙර කතාවක සඳහන් කල පරිදි මලයා සිය ජීවිත කාලය තුල නොකරපු දෙයක් නැත..... ඕනෑම විශය පථයක් පිලිබද මනා නිපුනතාවයක් තමා සතු බව මලයා පැවසුවේ මහත් ආඩම්බරයෙනි.... වසන්ත මහතා විසින් අපට පවරන සියලුම විශය පරිබාහිර කටයුතුවල මුදුනා වූයේ මලයාය.... මිදුල අතුගෑමේ සිට පොල් කැඩීම දක්වා සියලුම කටයුතු ලොක්කාට පෙනෙන්නට කිරීම මලයාගේ සිරිත වූයේය.... දන්නා දේත් නොදන්නා දේත් මහ ඉහලින් වර්නනා කල මලයා පංති කාමරය තුල තම අනසක පතුරවාගෙන හිටියේ අනෙකුත් උන් ඌට බය නිසා නොව මලයා මුරුංගා අත්තේ තැබීමෙන් පසු ඕනෑම වැඩක් කරගත හැකි නිසාය...
කාලය මෙසේ ගෙවී යනවිට කලක් මුල්ලකට දමා තිබූ වෑල්ඩින් ප්ලාන්ට් එක කරලියට පැමිනියේ වසන්ත මහතාගේ මෙහෙයවීම මතය...... හැමදෙයක්ම ඉගන ගනිල්ලා බන් අපතේ යන්නේ නැ ඒ වසන්ත මහතාගේ අදහසය.. ඒ අනුව මකුලු දැල් බැදී වයර් කැඩී අනාත වී සිටි ප්ලාන්ට් එක එලියට ගෙන සියලු දෙනාගේ උදව්වෙන් අලුත් වැඩියා කර පසෙකින් තැබුවෙමි..... හවස් වරුවේ පැමිනි වසන්ත මහතා ගෙන ආ වයර් නියමිත ආකාරයෙන් සම්බන්ද කර පෑස්සීම සඳහා සූදානම් කලේ වසර ගනනාවක් ගරාජ් වල වැඩ කර පලපුරුද්දක් ඇති චූටි මල්ලී නොහොත් දුමින්දයා විසිනි...... දුමින්දයාට වයර් සවි කිරීම එපා වෙනතෙක් උපදෙස් දුන් මලයා එතනින් එලවූයේ හපයා සහ කුරුවා එකතු වී මලයගේ ඌරු ප්‍රහාරය ගැන සිහිකිරීමෙන් පසුවය.... පසුදින සියලුම දෙනා එකතු වී පෑස්සීමට සූදානම් වෙන ලෙස පැවසූ වසන්ත මහතා වෑල්ඩිං කිරීම පිලිබද කෙට් හැඳින් වීමක් කලේය... එම විස්තරයට කට ඇරගෙන සවන් දුන් මලයා රාත්‍රි ආහරයෙන් පසුව මාහට එම විස්තරය නැවතත් පහදා දෙන්නට විය.... මලයාගේ කිරි බාප්පා එම පලාතේ නම් දරාපු වෑල්ඩින් බාසෙකි.... යකඩ සහ ලී , ප්ලාස්ටික් සමග වීදුරු , බ්ලොක් ගල් සහ සිමෙන්ති එකට තබා පෑස්සීමට තරම් සමත් කමක් දැක්වූ කිරි බාප්පා වැඩ වැඩි වූ දිනයන් වලදී මලයාගෙ උදව් සොයා පැමිනෙන්නේය.... කිරි බාප්පාගේ මොටෝ සයිකලයට ගොඩ වී වැඩට යන මලයා එක හුස්මට ග්‍රිල් එකසිය පනහක් , ගේට්ටු රාමු හැත්තැ පහක් , යකඩ උළුවහු හැට පහක් එක දිනයකින්ම නිම කිරීමට තරම් වැඩ්ඩෙකි.... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය යන මතයේ සිටින මම ඕවා ඔලුවට දාගන්නේම නැත...
පසුදා උදෑසනම අවදි වූ මලයා කෑවයින් නොකෑවයින් පන්ති කාමරයට දිව්වේ වෑල්ඩිං ප්ලාන්ට් එකෙන් වැඩ පෙන්වීමටය.... උදෑසන අටහමාර වනවිට වැඩපල වෙත පැමිනි වසන්ත මහතා වෑල්ඩිං ප්ලාන්ට් එක ක්‍රියා කරවන ආකාරය හඳුන්වා දී ඔහු විසින් යකඩයක් පාස්සා පෙන්නුවේය.... ඉන් පසුව වෑල්ඩිං කිරීමට ඉදිරිපත් වූ මලයාගෙන් වෑල්ඩින් හෝල්ඩරය ඉල්ලාගැනීම සුමනදාස සර්ගෙන් මයික්‍රපෝනය ඉල්ලා ගන්නවාට වඩා අපහසු කාර්යයක් විය..... කිසිදිනෙක වෑල්ඩින් හෝල්ඩරයක් අල්ලා නැති අපේ කන්ඩායමට එය මහත් විනෝදයක් ගෙන දුන්නේය.... වෑල්ඩින් කූරු පෙට්ටියක් සම්පූර්නයෙන්ම අවසන් වූයේ නිලා කූරූ පත්තු කරන්නාක් මෙන් කූරු නිස්කාරනේ පුච්චා දැමීමෙනි.... ටික වේලාවක් යන විට සියල්ලන්ගේම වෑල්ඩින් ආසාව අවසාන වූවත් මලයා නම් එයින් සෑහීමට පත් වූයේ නැත.... කරන්ට් එක අඩු වැඩි කරමින් විවිධ යකඩ වර්ග එකට තබා පෑස්සු මලයා අවසානයේ ඇස් ආවරනය කරන ගොගල්ස් පවා ගලවා පසෙකින් තබා පුහුනුවේ යෙදෙන්නට විය..... හවස් වන විට වෑල්ඩින් පුහුනුව නැවැත්වූ මලයා වයර් අකුලා අතුපතු ගා පංති කාමරයට පැමිනියේ දෑසින් කඳුලු පෙරමිනි..... හතර වනවිට පංති කාමරය වසා දමා සියලු දෙනා පිටත්ව ගියේය.... වෑල්ඩින් සැර වැදීම නිසා රාත්‍රී හත වන විට පටන් ගත් මලයාගේ අඳෝනාව රාත්‍රී එලිවෙන තෙක් ඇසීම නිසා මටද නින්ද ගියේ නැත.... පන්ඩිත කම නිසා හෑන්ඩ් සීල් , ගොගල්ස් ගලවා දමා අමු අමුවේ වෑල්ඩින් කිරීම නිසා අත් වන ඉරනම අමුතුවෙන් කිව යුතු නැත....
රෑ එලිවෙන තුරු අලපෙති කපා ඇස්වල තබමින් නානකාමරයේ නාමින් කල් ගතකල මලයා පසුදා උදෑසන පංතියට ආවේ නැත..... මලයා නොපැමිනි කාරනාව විමසූ වසන්ත මහතාට මාදුන් උත්තරය වීයේ මලයාට ඇස් ලෙඩ සැදී ඇති බවය..... වසන්ත මහතා ""ඔය හු$$ට හැදිච්ච ඇස් ලෙඩක් නෑ කන්නඩිය දාන්නෙ නැතුව පෑස්සුවනේ... වෑල්ඩින් සැර වැදුනම ඔහොම තමා... දවසක් යනකොට ඕක අඩුවෙයි"" කියා පැවසුවේය...මෙම සිදු වීමෙන් දින කීපයකට පසු , කලින් කතාවක සඳහන් කල රත්නේ අයියා වැඩපලට පැමිනියේ ඔහුගේ ට්‍රැක්ටරයේ ඇක්සලයක් පාස්සා ගැනීමටය... අසල කඩයකින් මිලදීගත් බනිස් මල්ලක් රැගෙන පැමිනි රත්නේ අයියා ඒවා අපට ලබා දෙමින් පැවසුවේ හෙට දින රියදුරා සමග ට්‍රැක්ටරය එවන බවය.... ටේලරයේ පරන ඇක්සලය ගලවා අලුත් ඇක්සලය සවිකර දෙන ලෙස ඉල්ලා සිටි රත්නේ අයියා යන්න ගියේ මලයා වැඩේ දොඹෙන් යන්න දෙන බව පැවසීමෙන් පසුවය..... මලයාට සහ රත්නේ අයියාට විලිලැජ්ජාවක් කි‍යා දෙයක් ඇත්තේම නැත.... සුපර්කබ්බුවේ සිදුවීමෙන් වඩාත් හිතවත් වී සිටි මලයා සහ රත්නේ අයියා දැකීමත් අපට සිනහවට කරුනකි.... කෙසේ හෝ පසු දින උදේම ඩ්‍රයිවරයා මහ ට්‍රැක්ටරයද රැගෙන පැමිනියේය.... වැඩපලේ කෙලවරකින් ටේලරය නවත්වා ගත් මලයා පරන ඇක්සලය ගලවා අලුත් ඇක්සලය ගෙන සවි කරන්නට විය.... දුමින්දයාත් මමත් අවස්ථා කීපයකදීම මලයා අසලට ගියත් ඔහු අපට බැන එලාවා ගත්තේය.... ""උඹල මොකටද මේක අස්සෙ රින්ගන්න එන්නේ"" ""පලයල්ල යන්න මට මේ වැඩේ හරියට කරගන්න දීලා""..... මිටි පාරක් ගැසීමටවත් උදව්වක් ඉල්ලා නොගත් මලයා තනිවම මඩ කාගෙන වැඩය නිම කලේ දහවල් කෑම වෙලාවේත් පැයක් පමන වැඩ කිරීමෙනි..... රෝද සවිකර සියලුම කටයුතු අවසන් වූ පසු ඩ්‍රයිවරයා යන්නට ගියේ අපට සැලියුට් එකක්ද දමාය.... ලොව සිටින හොඳම වෑල්ඩින් බාසා මලයා බවට පත් වූයේ එලෙසය...
පසුදින උදෑසන පන්ති කාමරයේ අභ්‍යාසයක් ලබා දුන් වසන්ත මහතා ටවුමට යන බව පවසා පිටත් වී ගියේය.. අභ්‍යාසය අවසන් වී මද වේලාවක් යනවිට අමු තිත්ත කුනු හරුප වැලක් කියමින් වසන්ත මහතා පන්ති කාමරයට ගොඩ විය...
කවුද යකෝ රත්නෙයාගේ ඇස්සලේ පාහපු $&$== &$*$& $&## #&#&
දුමින්ද මෙහෙ වරෙන් තෝ බැලුවෙ නැද්ද ඇස්සලේ හයි කරනකොට...
මලයාට හීන් දාඩිය දමන්නට විය...
සර් මලයා තමයි ඇක්සලේ පෑස්සුවේ.... මම බලන්න හදනකොට ඕන්නෑ කිව්වා... එයාට තනියම පාස්සන්න පුලුවන් කිව්වනේ.....
මලයා ඉද්දක් ගැසුවාක් මෙන් කෙලින් විය...
""මෙහෙ වර හු$$ගෙ පුතා.. ඈ ප$යෝ තෝ මොකක්ද අර කලේ""
තෝ ආයි වෑල්ඩිං ප්ලාන්ට් එක ගාව ඉන්නව දැක්කොත් තොගේ පුක පාහනවා රෙන්න බැරිවෙන්න....
පන්ඩිත ප-යා... දුවපිය යන්න මෙතනින්.... බිජ්ජ කන්ඩද තවත් බලා ඉන්නෙ...
සෙනිකව කොට තාප්පෙන් එලියට පැන්න මලයා සුපුරුදු දිවීම ආරම්භ කලේ ලොක්කා අසල තිබූ කොස්ස අතට ගන්නවා දැකීමෙන් කලබල වූ නිසාය....
""ප්‍රසාද් දුමින්ද ,හපයා ,කුරුවා , තව පොඩ්ඩෙන් රත්නෙගෙ පොඩි ලොරිය එනවා""
""ඒකට පොඩි ජෙනියයි , පොඩි වෑල්ඩින් ප්ලාන්ට් එකයි පටවගෙන ගිහින් අර ට්‍රැක්ටරේ ඇක්සලේ පාස්සලා දීලා එනවා... මතක ඇතුව ඔක්කොම බඩු ටික අරන් යනවා ඈ..
විනාඩි විස්සක් යාමට මත්තෙන් රත්නේ අයියාගේ පොඩි ලොරිය පැමිනියේය... සියලුම අඩුම කුඩුම පටවා ගත් අපි පිටත් වූ අතර පැය බාගයක ගමනකින් පසු අදාල ස්ථානයට ලඟාවිය.... සිදුවී ඇති දේ දැකීමෙන් මටත් හපයාටත් සිනහව නතර කර ගත නොහැකිවිය.... කඳන් ලෝඩ් එකක් පැටවූ ටේලරය පාරේ මැද නතර වී ඇත..... ටේලරයේ රෝද සහිත ඇක්සලය අසල වෙලකට ගොස් නතරවී ඇත... අප එම ස්ථානයට යන විටත් කඳන් ලෝඩ් එක නැවත බිමට බාමින් සිටි ගෝලයින් වෑල්ඩින් බාසාගේ හත්මුතු පරම්පරාවම සිහිකලේ මහත් බැතියෙන් යුතුවය.... පැය බාගයක් යන විට කඳන් බිමට බෑමෙන් පසුව ජැක් ගසා ටේලරය ඔසවා තැබීමට අප සමත් විය... හය දෙනෙකුගේ උත්සාහයෙන් පාරට ගෙනා ඇක්සලය දුමින්දයාගේ මග පෙන්වීම මත නැවතත් ට්‍රැක්ටරයට සවි කලේය.... මලයාගේ වෑල්ඩින් වල හොඳ කම නිසා රෝද ඩබල ට්‍රැක්ටරය පසුකරයාමට උත්සාහ කලේය.... ඇන හතරකින් සවිකිරීමට තිබූ ඇක්සලය මලයාගේ පන්ඩිත කම නිසා වෑල්ඩින් කර ඇත.... තරමක් පරන ටේලරයේ ඇක්සලය සවි වන ස්ථානය දිරා ඇති බැවින් වෑල්ඩින් වල ශක්තිය අඩුය.... රලු පාරේ වලක වැටීම නිසා මලයාගේ ""ඇලඩින්ගේ වෑල්ඩින්"" වල හොඳකම අපට දැක බලාගන්නට හැකිවිය.. ලොක්කාට එක දමා ගැනීමට ගිය මලයා හත්පොලේ ගාගත්තේය.... ඉන් පසු මලයා වෑල්ඩින් කරනවා දැකීම තරමක් දුලබ විය...

Sunday, October 21, 2018

............මලයාගේ ලෝන්ග් ජම්ප් එක......



නා ගැනීම කලාවක් නම් එහි පිකාසෝ පාලයා වන අතර මලයාද මයිකල් ආන්ජිලෝගේ ස්ථානයට සම කල හැක..... හත් පොලේ කක්කා ආලේප කර ගැනීමට උපන් හපන් කම් දක්වන මලයා සහ පාලයා කිසිම දිනෙක පාඩමක් ඉගෙන ගන්නවා මාදැක නැත....අහක යන නයි රෙද්ද අස්සෙ දමාගැනීම , බල්ලගේ වැඩේ බූරුවා කරන්නට යෑම , වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටීම වැනි ප්‍රස්ථා පිරුළු සාදා ඇත්තේ මුන් දෙන්නා වෙනුවෙන්ම විය හැක...පම්පෝරි ඔස්තාර් කෙනෙක් වූ මලයා කියනා අයුරින්........😂😂

පීසාහි ඇලවෙන කුලුනේ කපරාරුව ගසා ඇත්තේ මලයාගේ සීයා කෙනෙකි...

අයිෆල් කුලුනේ පලංචිය ගසා ඇත්තේ මලයාගේ වඳ පුංචි අම්මාගේ පොඩි පුතාගේ ආතාය....

ඩුබායි වල බර්ජ් අල් කලීෆා ගොඩනැගිල්ලේ සැලසුම ඇඳ ඇත්තේ මලයාගේ පොඩි බාප්පාය..

මලයාසියවේ පෙට්‍රොනාස් කුලුනේ පාලම හදා ඇත්තේ මලයාගේ කුඩම්මාගේ හොර මිනිහාය.....

කොලඹට දෙපාරකට වඩා ගොස් නැති මලයාගේ කතාවනම් පිට්ටු බම්බු (World Trade Center) දෙක කඹයකින් තරනය කර ලෝකාන්තෙන් පැර්ශුට් එකක් ආධාරයෙන් පැනපු එකෙක් ගානටය.....හදිසියකදී පොලයක් කඩා ගැනීමට පොල් ගසකට බඩගා බැසීමෙන් පසු මලයා ඇවිදින්නේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ බ්‍රේක් බයින්ඩ් එකක් සැදීමට ගොස් පැමිනි ගගන ගාමියෙකු ලෙසය.... නමුත් මලයා ගස් බඩගාන විට මාගේ ඇඟේ හිමොග්ලොබින් ප්‍රමානය සීඝ්‍රයෙන් පහත බසින බව දන්නේ මා පමනකි....😂😂

කාලය සෙමින් සෙමින් ගතවී යනවිට අප පුහුනු මධ්‍යස්ථානයට පැමිනි එක්තරා කන්ඩායමක් කුමක් හෝ ව්‍යාපෘතියකට සූදානම් වනු දුටුවත් එය හරි හැටි වටහා ගැනීමට හැකි වූයේ දින කිහිපයක් ගත වීමෙන් පසුවය....ජාතික තරුන සේවා සභාව සහ යොවුන් සේනාංකය ඒකාබද්ධ වී කරන ලද් මේ පුහුනු වැඩමුළුවේ ප්‍රධාන අරමුන වූයේ ත්‍රාසජනක ක්‍රියා සඳහා ලමුන් පුහුනු කිරීමය..
එනම් පිලිවෙලින්...

අපිලිවෙලට සිටුවා තිබූ පොල් කොට මතින් නොවැටී ගමන් කිරීම....

ඉන්පසු ගස් දෙකක කඹ දෙකක් ආධාරයෙන් එල්ලා තිබූ පොල් කොටයක් මතින් ගමන් කිරීම...

එය අවසන් වූ පසු අඩි පහලවක පමන පරතරයක පිහිටි ගස් දෙකක කතිර හැඩයට ගැට ගසා තිබූ කඹයකින් නොවැටී මාරුවීම....

ඉන්පසු නැවතත් කඹයක එල්ලී ගමන් කිරීම.....

අඩි විස්සක් පමන උස කඹයකින් සෑදූ ඉනිමග දිගේ ඉහලට නැගීම...

එතැන් පටං ගස් දෙකක් අතර බැඳ තිබු අතුර දිගේ යායුතු අතර ,

එය අවසන් වන්නේ එම ගසේ සිට අඩි සීයක් දුරින් තවත් ගසක පහලින් ගැට ගසා තිබූ කඹයක් දිගේ බොලොක්කයක ආධාරයෙන් එල්ලී යාමෙනි.... බොලොක්කයේ ගමන නිමා වන්නෙ එහි අවසානයේ තිබූ දැලට පැනීමෙනි.....
මෙම අවදානම් ක්‍රියාදාමය දෙස බලාසිටීම නම් ඇඟ කිලිපොලා යන දසුනක් වුවද නියමිත ආරක්ශක උපදෙස් වලට අනුව සේෆ්ටි බෙල්ට් පැලඳ සිටීම නිසා කිසිවෙකුටත් සීරුම් තුවාලයක් වත් නොවන බව සීයට සීයක් සහතිකය...මෙහි සෑම පියවරක් ආරම්භයේදී සහ අවසානයේ මනා පුහුනුවක් ලැබූ නිලධාරීන් විසින් නියමිත පරිදි ආරක්ශක හිස්වැසුම් , ආරක්ශක පටිපැලඳවීම දකින්නට ලැබුනි.... දින දෙකතුනක් තිස්සෙ මේ මෙහෙයුම දෙස බලා සිටි අපේ සාමජිකයින් වූ මලයා , කුරුවා , හපයා , ලේනා , වෙලා මල්ලීගේ බලවත් ඉල්ලීම පරිදි අපටද එම අත්දැකීම ලබාදීමට වසන්ත මහතා එකඟ වීම මහත් සතුටක් විය...... ඒ සදහා පසුදා කෑම වෙලාවෙන් සූදානම් වන ලෙස පැවසූ ලොක්කා යන්නට ගියේය....

කෙසේ හෝ පසුදින උදයේ සිට දහවල් වනතෙක් පන්තිකාමරයේ රැඳී සිටි අප සියලුදෙනා දහවල් කැම වෙලාවෙන් පසු අදාල ස්ථානයට වාර්ථා කලේ නොයිවසිල්ලෙනි..... වෙනදා මෙන් සියල්ල දන්නා මලයාද පම්පෝරිය පටන් ගත්තේ අප සියල්ලන්ටම මෙහෙ තිබෙන ත්‍රාසජනක බව වඩාත් වැඩි කරමිනි..... මලයා කියන පරිදි ඌට නම් මෙය කජු කන සීන් එකකි...කෙසේ හෝ ලමුන් සීයක් එකසිය පනහක් බලා සිටියදී පලමු තරඟ කරුවා ලෙස ඉදිරිපත් වූයේ හපයාය.....ඉන්පසු පිලිවෙලින් කුරුවාත් , ලේනාත් , වෙලා මල්ලීත් , ඩලාමීත් මහා බාධක තරනය කිරීමේ තරඟයට ඉදිරිපත් විය....ඩලාමී තරඟය අවසන් කල පසු මගේ වාරයද පැමිනියේය....තරමක දෙගිඩියාවකින් තරඟයට සහභාගී වූ මා දෙවනි පියවර අවසන් වන විට සිත සන්සුන් කර ගැනීමට සමත් විය....ලනු ඉනිමගේ ගොස් අතුර හරහා එහා පැත්තට මාරු වීමෙන් පසු බොලොක්කයේ එල්ලී ගමන නිමා කල මා වහා තරඟය ආරම්භ කරන ස්ථානයට ගියේ මලයාගේ හැකියාවන් බැලීමටය..

කෙසේ වෙතත් පොර ටෝක් හැත්තෑවක් විතර ඇදබා සිටි මලයා තරඟයට ඉදිරිපත් වීමට මැලිකමක් දක්වන බව අප සියලුදෙනාටම හැඟී ගිය කරුණක් විය......හපයාත් කුරුවාත් සමග එක්වූ මම මේ පිලිබද වහාම සැලසුමක් දියත් කලේය..... මලයා ලඟට ගිය අප තිදෙනා මලයා උනන්දු කලේ විවිධාකාරයේ කුප්ප කතා කියමිනි..... තරමක පසු බෑමකින් සිටි මලයා අපගේ විහිලු දරාගත නොහැකිව ඊලඟ තරඟ කරු වශයෙන් පෝලිමේ සිටගත්තේ මහත් අපහසුවකින් සිතට ලබාගත් ගැම්මක් සමගිනි......පොල් කොට මතින් පැන ලනුවල එල්ලි ගොස් අවසානයෙ මලයා අතුරට ගොඩ වූයේ සියලු ආරක්ශක විධි විධාන තර කිරීමෙන් පසුවය..... ඉන්පසු අතුර තරනය කල මලයා බොලොක්කය තිබෙන ස්ථානයට පැමිනියේය....ඒවන විටත් මලයා දහඩියෙන් නෑවී බියමුසු මුහුනකින් සිටියත් ආපසු නොහැරුනේ අපගේ සමච්චලයට ලක්වන බැව් දන්න නිසාය... කෙසේ බිය සඟවාගත් මලයා ඉදිරියටම යෑමට තීරනය කලේ අපගේ අත්පොලසන් නාදය මධ්‍යයේය.....

ආරක්ශක පටි සියල්ල පැලඳගත් මලයා බොලොක්කයේ එල්ලුනේය..
අඩි සීයක් හෝ ඊට මඳක් වැඩි දුරකින් තනා තිබූ කුඩා අට්ටාලය මත සිටි නිලධාරියා මලයා පිලිගැනීමට සූදානමින් සිටියේය....එක දෙක තුන වශයෙන් ගනන් කර මලයා සියලු දෙවියන් සිහිකර ගමන් ආරම්භ කලේය... කඹයේ මැදක් දුර යනවිට මලයා දෙපා අකුලවාගෙන ඇඹරීගෙන අමුතුම ඉරියව්වක් පෙන්වන්නට විය..... විදුලි වේගයෙන් කඹයේ කෙලවරට පැමිනි මලයා සියල්ලන් බලා සිටියදී ආරක්ශක නිලධාරියා කිට්ටු වීමටත් පෙර සේෆ්ටි බෙල්ට් ගලවා දමා අට්ටාලයෙන් පැන බෝඩිම් දෙසට දුවන්නට විය.... එක්වරම සිදුවූ මෙම සිදුවීම දුටු මාත් හපයාත් කුරුවාත් මලයා පසුපස එලවන්නට විය.... විදුලි වේගයෙන් දුවන මලයා ඇල්ලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවත් කුරුවාගේ දිවීම වේගවත් වූ බැවින් වැඩි දුරක් යාමට පෙර මලයා නවත්වා ගැනීමට කුරුවාට හැකිවිය......කුරුවා විසින් මලයා අල්ලාගෙන නවත්වාගත් තැනට යන විටත් කුරුවා බිම පෙරලී සිනාසෙන්නට වූ අතර කුරුවාගෙන් මිදුනු මලයා නැවතත් බෝඩිමට දුවන්නට විය...සිදුවී ඇතී අප්‍රභංශය තේරුම් ගත නොහැකිව හපයාත් මාත් මුහුනට මුහුන බලා නැවතත් මලයා පස්සෙන් පැන්නුවේය....බෝඩිමේ දොර ඇරීමට උත්සාහ කරන මලයා අසලට ගිය අප දෙදෙනාටද සිනහව නවත්වාගත නොහැකි විය...... කඹයේ යන විට ඇතිවූ බිය නිසා මලයාට ඕරෝල් කිට් එකේම මූත්‍රා පිට වී ඇත..... සිදුවූ ලෝක ලැජ්ජාව නිසා මලයා දින තුනක පමන නිවාඩුවක් දැම්මේය.....වාසනාවකට මේ සිදුවීම දන්නේ අප පන්තියේ උන් පමනක් වීම මලයාට තිබූ එකම සැනසීම විය...