Wednesday, October 31, 2018

.....පාලගේ වෙට්ටුව.....

.....පාලගේ වෙට්ටුව.....
වයස අවුරුදු දහ අටක් දහ නවයක් වූ කාලයේ සිටම පාලගේ ඇසුර නිසා මා ඉගනගත් දේ බොහෝය.... ඉල්ලං පරිප්පු කෑමත් අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමත් විනෝදාශය කරගත් පාල අයියා දමාගත් උලුක්කු වලින් ස්වල්පයක් සකලංසමාලෙ වැසියන් දන්නා අතර පොත පතක ලිවීමට නොව කන සාක්කුවේ වැටී කානුපල්ලේ බුදියන එකෙකුටවත් සිහිබුද්දියකින් ඇසිය නොහැකි කතා රාශියක්ද පාලයියා සතුව ඇත... බවලත් උදවිය ඉදිරියේ ඒවා පැවසීමෙන් මාගේ විලි සංගර්බය බලු මාක් එකට වැටෙන නිසා මේ දිනවල ඒවායේ සැර අඩු කිරීමේ මනෝ ලෝකයක මා අතරමං වී ඇත....කියම්දෝ නොකියම්දෝ කියා සිතෙන තරමට අජූත වූ ඒ කතා නිසා පාලගේ පවුල් කුටුම්බයට හානියක් සිදුවුවහොත් පාල හාමිනේ එන්නේ අපේ ගෙදරය.... කොටි වලිගය අල්ලා ගත්ත එකාට සිදුවූ දෙය මටත් සිදුවී හමාරය..... අටමාගේ පෝම් කිරීම මත එක හුස්මට පාලවංශයේ කතා ලියා අවසානයේ කාන්තා පාර්ශවයේ ග්රහනයට මා නතුවී ඇත්තේ මටත් නොදැනීමය.... එයද අන්තර්ජාලය හරහා නිසා මට ලැබෙන්නාවූ ලබ්බක්ද නැත.... අහල පහලක පේන මානයක මෙවුන්දැලා සිටිනවානම් කීයක් හරි ඉල්ලා ගැනීමටවත් හැකිය.... ""කරුමයක මහත"" උන්දැලා චොකලට් ඉල්ලන්නේද මගෙන්ය.... මේ කතාව හොඳටෝම ඇතිය...😂😂
එවකට පාල විසිදෙක ශ්රී ලොරියක වයසේ සිටි අතර මා කෙල්ලන්ගේ මහත්වූ සුරතලයට පත් අගේ ඇති ලපටි කැකුළු කොලු නාම්බෙකි... මාගේ වයස දහඅටක් හෝ ඊට මදක් වැඩි කාලයකදී මුන ගැසුනු පාලත් මමත් අතර ඇත්තේ මහත් වූ හිතවත් කමක්ය.... උදෑසන වැඩපල විවෘත කල වේලාවේ සිට සවස යාමයේ එය වසා දමන තෙක් පාල මමත් පාල අයියාත් මහත් සහයෝගයකින් කටයුතු කරන්නේ වැඩපලේ සුබ සිද්දිය සඳහාය.... ඉඳහිට ඇතිවෙන්නාවූ ආරෝවක් නිසා දිනක් දෙකක් පුක් මූන දාගෙන සිටියත් වැඩි කල් නොයවාම පාල අයියා මාත් සමග හිතවත් වන්නේ කලකින් නෑඳෑයෙකු හමුවූ ලෙසය.... මටවඩා වසර කිහිපයකින් වැඩි මහල් වුවත් පාලඅයියා මාත් සමග මාගේ නසරානි වැඩ වලට සහයවෙන්නේ කිසිම බරක් පතලක් නැති ඉලංදාරියෙකු ලෙසය.... කලු වලේ නෑමට ගොස් පාලම් ඇන්දේ සිට බල්ටි ගැසීම , මොටෝ බයිසිකලෙන් රේස් පැදීම , කොට බැම්මේ සිට කෙල්ලන් ටෝක් කිරීම වැනි දේවල් වලට මාත් සමග හරි හරියට සහභාගි වන පාලයියා කිසි විටෙක දෙවනි තැන ලබා ගැනීමට සූදානම් නැත.... කලුවලේ පාලම් ඇන්දේ සිට පාලයියා ගසන බල්ටිය හරියටම වට බාගයක් කැරකී කෙලින්ම කොන්ද වදින්නේ වතුරටය.... "පටාස්" යන ශබ්දය නගමින් කොන්ද වතුර මත වැදීම නිසා පාලයියාගේ කොන්ද බූන්දි පිඟානක් මෙන් රතුපාට වෙයි... තවත් විටෙක කැරකෙන්නේම නැතුව කෙලින්ම පපුව පහලට සිටින සේ පාලයියා වතුරට සැපත් වෙයි.... වතුර පෙවී හුස්ම ගැනීමට නොහැකිව මැරෙන්නට ගිය අවස්ථාද නැතුවම නොවේය..... කොට බැම්මේ සිට කෙල්ලන් ටෝක් කිරීමද එසේමය.... ඉසිලි බිසිලි වයසේ ගැටිස්සියෙකුට කට කොනකින් හිනාවක් දමා වචනයක් දෙකක් කීම කොලුවයසේ සිටි මට එතරම් මහදෙයක් නොවීය.... මාත් සමගම වාඩීවී සිටිමින් පාරෙ යන කෙල්ලන්ට කට උල් කර චූස් චූස් ගෑම නිසා කෙල්ලන්ගෙන් හොඳ හොඳ කතා පාල අයියා අසා ඇත...
""අපේ ලොකු අම්ම තාම බැඳලා නෑ අන්න එයාට චූස් චූස් ගෑවනං හරි""
""මාමෙ ඔයාගෙ හුලං බහිනවනම් ටයර් කඩේට ගිහින් පැච් එක දාගන්න""
"" කෙල්ලෙක්ට පාරෙ යන්න බෑනෙ....මොන වදයක්ද මේ ""
වැනි වදනක් පවසා මාදෙස හැරී කට කොනකින් හිනා වී යන කෙල්ලන් නිසා පාලයියා සමහරවිට මාත් සමගද වෛර බැඳගන්නේය... මා සිටින නිසා පාලට කෙල්ලෝ සෙට් නොවෙන බව සිතූ පාලයියා පසු කලෙක ගේට්ටුව අසලට වී පානිය දැමූවද ප්රතිපලය සේම් බිෆෝර්ය.... බයික් රේස් සඳහා මාත් සමඟ තරඟ වදින පාලයියා අවසනයේ පරාද වන්නේය.... විදුලි වේගයෙන් යා හැකි යකා මොඩල් ටී සෙඩ් ආර් එකක් මා සතුව තිබූ අතර පාලයියා කාගෙන් හෝ ඉල්ලා ගත් ට්රේල් කටුවක් හෝ සීටී හන්ඩ්රඩ් එකකින් තරගයට ඉදිරිපත් වෙයි.... පාර දැමූ මොහොතේ සිටම ඇක්ස්ලේටරය අගිස්සට කරකවාගෙන ටීසෙඩ්ආර් එකේ යන මාව ඇල්ලීමනම් පාලට කිසිදිනක නොහැකිවිය.... සෑම තරඟයක් අවසානයේදිම පරාජයට හේතුවක් ඉදිරිපත් කරන පාලයියා සෙමින්ම ලිස්සා යන්නේ ඊලඟ දවසේ බලමු කියා නොකියා කියමිනි.......
ටික කලක් ගතවිය.... දිනක් උදෑසනම පාලඅයියා ගරාජයට මිතුරෙකුගේ පල්සර් වන් එයිටි බයිසිකලයකින්ය...... එහි තිබු කුඩා අඩුපාඩු සකසාගෙන හවස් යාමයේ රැගෙන එන පොරොන්දුව මත බයිසිකලය ඉල්ල ගත් පාලයියා ගරාජයට ආවේ මහත් ආඩම්බරයකින්ය... පාලයා එදා දවසම හොලිවුඩ් , බොලිවුඩ් කොලිවුඩ් , නොලිවුඩ් , මොලිවුඩ් යන සියලුම සිනමා නලුවන් පරදමින් රංගනයක යෙදුනේ අපව අන්ද මන්ද කරවමිනි..... සියලුවැඩ කටයුතු අවසන් වූ පසු පාලයියා මොටෝ බයිසිකලයේ චේන් එජෙස්ට් කර තෙල් දමා බ්රේක් සාදා පැයක පමන සාත්තුවක් ලබා දුන්නේ දරුවෙකු සුරතල් කරන ලෙසිනි....
තරමක වැඩ අඩු දිනයක් වූ එදින අප සියලු දෙනා කලුවර වැටීමට පෙර නා පිරිසිදුවී පහලට බසින විටත් පාලයියා මොටෝබයික්කුව අටවමින් සිටියේය...
වේලාව පහමාරට පමන ඇත.... අප්පයක් කා ප්ලේන්ටියක් ගැසීමට සුදුසු වෙලාවක් බැවින් මා හෙල්මට්ටුවත් රැගෙන බයිසිකලයට ගොඩ වූයේ ටවුමට යෑමට සිතාය..... මා බයිසිකලයට ගොඩ වනු දුටු පාලයියා එක්වරම විදුලියක් සේ නැගී සිටියේ මාව අන්දමන්ද කරවමිනි
""උඹ කොහේද යන්න හදන්නෙ""
""මම ආප්පයක් කාල ප්ලේන්ටියක් බීල එන්න යන්නෙ. ඇයි උඹ එහෙම අහන්නෙ.""
""එහෙනම් අද යමන් මාත් එක්ක රේස් එකක් මොකද වෙන්නෙ බලන්න""
හම්මට සිරි අදනම් කෙලවුනා.... පාලයා මේක ඉල්ලන් ආවේ මටම කෙලින්න තමා....සැක් වස නෝන්ඩියක් වෙන්නෙ.... පල්සරයක් එක්ක යෑමට ටීසෙඩ් ආරයට ගේමක් නැත.... නමුත් කරුමෙට හෝ මේකා දිනුවොත් මට වෙන්නෙ මෙතෙක් කල් රැකගත් නම්බුව බම්බුව වීමය... මූ මේක හැම එකාටම කියල මාව නැති කරල දායි.. දැන් මොකද කරන්නෙ....
"" ඇයි උඹ කල්පනා කරන්නෙ බයද...""
පාලයා නක්ක්ලේට හිනාවෙමින් මා දෙසම බලා සිටී.... අදනම් විකල්ප නැත... ඔන්න ඔහේ ඕන එකක් වෙච්චාවෙ යනව බලන්න.... එසේ සිතූ මා....
"" හරි යමන් එහෙනම් බලන්න""
වහා බයිසිකලයට නැගගත් පාලයා එය පනගැන්වූයේ ලැම්බෝගිනිය ස්වරූපයෙන්ය....
""හා යමන් පාරට..."" ඉස්පිරිතාලෙ ගාව බස් හෝල්ට් එක ගාවයින් හරවන්නෙ""
ඉස්සර වෙලාම ගැරිජ් එකට එන එකා තමා දිනුම්..... ""
පාලයා සියල්ල තීරනය කලේය.....කොහේදෝ සිට පැමිනි ගලබඩ අයියා කවුන්ට් කිරීමේ කර්තව්ය බාරගත්තේය...
""හරි ගැනපං""
""එකායි"" දෙකායි"" තුනායි""
ගලබඩයාගේ ගනනය කිරීම අවසානයේ යකඩ අශ්වයින් දෙදෙනා අපව පිටේ තබාගෙන ගමන් ඇරඹීය..... වැඩේ හිතන තරම් අමාරු නොවීය.... යකාගේ හැටියට විමානෙ කිව්වාක් මෙන් ටීසෙඩාරය වේගවත් විය... පල්සරයද දෙවනි නොවීය... විටෙක් පසුවෙමින් විටක ඉස්සර වෙමින් පැමිනි අප දෙදෙනා ඉස්පිරිතාලය ගාවයින් ආපසු හැරෙව්වේය.... එතැන් පටන් නැවතත් ගමන් ඇරඹූ අතර , මගදී පාලායියාගේ වේගය තරමක් අඩුවිය.... ලද අවසරයෙන් මාගේ වේගය තවත් වැඩිකර විදුලිවේගයෙන් ගරාජය කරා පියෑඹීමි.... තවත් මදක් දුර එනවිට පාලයියා නැවතත් වේගයෙන් එනු දැකීම නිසා ඇක්ස්ලේටරය අගටම අල්ලා උපරිම වේගයෙන් පැමින ගරාජය ඉදිරිපිට මා නතර විය.... ඒත් සමගම පිටුපසින් ආ පාලයියාට වේගය පාලනය කරගත නොහැකිවිය... ඉදිරියෙන් ආ ත්රී රෝද රථයත් අනෙක් පැත්තේ සිටි ගාමන්ට් කෙලි රංචුවත් නිසා පාලයියාට බයිසිකලය හැරවීමට ඉඩක් නොවීය... දන්නා සියලුම වැඩ කෑලි දැමූ පාල අයියා බයිසිකලය ගරාජය දෙසට හැරෙව්වේ අඩුම තරමේ පැයට කිලෝමීටර් හතලිහක පනහකවත් වේගයෙන්ය.... කනේ වැලීගෑවෙන තරමට ඇලවූ බයිසිකලය වැලි පොලවේ ලිස්සා ගියේ පාල අයියා නොසිතූ ලෙසය.... හදිසියේ සිදුවූ ලිස්සීම නිසා පාල අයියා මග වැටුනු අතර බයිසිකලය පෙරලී ලිස්සා ගියේ ගරාජයේ කොනක ගොඩ ගසා තිබූ ගල් ගොඩ දෙසටය.... දනි පනිගා නැගිට ගත් පාල අයියා කොර ගසමින් බයිසිකලය අසලට දිව යනවිට නැගුනු ඔල්වරසන් හඬනම් ඉතා මිහිරිය... ලිස්සා ගොසින් ගල් ගොඩේ වැදුනු බයිසිමොටෝ එක බරපතල තත්වයේ තිබෙනු දුටු පාලයියාට හීන් දාඩිය වැක්කෙරෙන්නට වූයේ කලු වලේ පීල්ලෙන් වතුර වැටෙන්නාක් මෙනි...... ලයිට් එක , ටැංකිය , සයිඩ් කන්නාඩිය , සිග්නල් ලයිට් වැනි වටිනා කියන දේවල් සියල්ලම කැඩී බිඳී තිබුනේ යතා තත්වයට ගත නොහැකි ලෙසය.... අනාත නාත සදා අනාතවී සිටි පාලයියා බයෙන් ගැහෙන්නට විය... අතේ පිච්චියක් වත් නැතුව හන්ටර් වී සිටි පාල අයියා පසෙකට එක්කාගෙන ගොස් අස්වැසූ මම ඊලඟට කලේ බයිසිකලයේ හිමිකරුවාට ඇමතුමක් දීමය..... පැය භාගයක් යාමට මත්තෙන් වැඩපලට පැමිනි බයිසි මොටෝවේ අයිති කරු වන තරංග ලොක්කා ඉන්ශුවරන්ස් ආයතනයට කතාකර වැඩේ සෙට්ල් ඩවුන් කලේ රාත්රී නවය වෙන තෙක් මදුරුවන් තලමින් ගරාජය ඉදිරිපිට බලා සිටීමෙනි... තම අතිනුත් රුපියල් දහදොලොස් දාහක් වියදම් කර යාන්තං පාල අයියා ජාමෙ බේරා ගත්තේය..... ඉන් පසු සුපර් කබ් එකක් , චැලියක් , මදුරුවෙක් වැනි සිල්ලර බයිසිකලයක් පදිනු ඇරෙන්නට පාල අයියා වෙන කිසිම බයිසිකලයක ගමන් කරනවා දැකීමනම් උගහට විය...

Tuesday, October 30, 2018

මලයාගේ මලගම....


පසුගිය දිනවලදී පාලයා පට්ට ගැසීම හේතු කොර ගෙන මට සෑහෙන ගැටලුකාරී තත්වයකට මුහුන පෑමට සිදුවිය....... සකලංසමාල වැසියන්ගේ ජනාදරයට පත් (විශේශයෙන් පාලගේ කෑලි පහේ විදුලි පන්දමට පෙම්බැඳි කාන්තා පාර්ශවය) පාල අයියා ගැන ලිවීම නිසා කුපිත වූ ජනකොටස් මාගේ මලගමට යන බසයේ සිට දානය සඳහා දෙන නෙස්කැෆේ මැශින් එක පවා බුක් කරගෙන සිටියේ මා මහත් සේ අසරන කරමිනි.... මලයා කාලයකින් බුකිගත නොවූ නිසාත් පාලගේ ගැටලුව අකාමකා යාම සඳහාත් මලයාට සිදුවූ කක්කා කේස් එකක් මෙසේ ගෙන හැර දැක්වීමට මා සිතුවේ එබැවිනි.... කෙසේ වුවද මාගේ ඒකායන බලාපොරොත්තුව නම් සකලංසමාලෙ වැසියන්ගෙන් තෝරාගත් කිහිප දෙනෙකු කෙදිනක හෝ හමුවීමට යාමයි.... හා හාපුරා කියා අතටම අසුවූ ඉන්දික අයියාව නම් හමුවීමට දෙවරක් ඉඩ ලැබුන මුත් ඉන් පසු උදාවූ රාජකාරී බහුල සති කිහිපය නිසා ඇමතුමක්වත් දී ගැනීමට තරම් සුදුසු වටපිටාවක් ගොඩ නැගුනේ නැත..... එය ඔහුගේ වාසනාවද නැතිනම් මගේ වාසනාවද යනුවෙන් මා තවම තීර්නය කර නැත..... අප හමු වූ පලමු දිනයේත් දෙවනි දිනයේත් මනා සංයමයකින් යුතුව හැසිරුනු ඉන්දික අයියාගේ ලස්සන සුදු මූනුපොඩ්ඩ බොහෝ කැලඹී තිබූ බවනම් මට හොඳටෝම මතකය....😂😂.... මේ පිලිබද වැඩිදුර විස්තර කිරීමට යාම එතරම් නුවනට හුරු කරුනක් නොවන බැවින් එය මෙතනින්ම නවතා දමමි......
මලයාගේ දිවිය තුල මලයාට හමු වූ හොඳම මිතුරා ලෙස මාව පත් කරගත්තේ අප මුනගැසී මාසයක් හෝ දෙකක් ගෙවී ගිය පසුය..... උදෑසන අවදී වූ වේලාවේ සිට රාත්රී නින්දට යනතෙක් අප දෙදෙනා මහත් සහයෝගයෙන් යුතුව කටයුතු කලේ එකල වෙන කිසිවෙකුත් බෝඩිමේ පදිංචියට නොපැමිනි නිසාය..... කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගිය අතර එක් දිනෙක මලයා ගෙන ආවේ අපූරු ආරංචියකි..... එනම් අපගේ ටෙක් එකේ සිට තරමක දුරින් පිහිටි මලයාගේ ඥාතියෙකුගේ නිවසේ පැවැත්වෙන මලගිය ඥාතියකු වෙනුවෙන් ලබාදෙන තුන්මාසයේ දාන පිංකමක් පිලිබද කෑම ඔත්තුවකි.... ඒ දිනවලදී කොහේ හෝ අයිනක වාඩි වී කොත ගැසූ බත් පිඟානක් විනාඩි ගනනකදී අතුරුදහන් කිරීමේ අපූරු හැකියාව ඇති අප දෙදෙනාට එය මහත් වටිනා අවස්ථාවකි..... දානෙ ගෙදරට එන කෑලි ටෝක් කරමින් අත අසුවන සියලු දේ කටට දාගැනීමට හැකිවීම පිලිබඳ විවිධාකාරයේ සැලසුම් දියත් කල අප දෙදෙනා අවසානයේ එකඟතාවයකට පැමිනියේ මෙලෙසය..... බදාදා දිනයේ පැවැත්වෙන බන පිංකමත් පසුදින පවත්වන දහවල් දානයත් ඉලක්ක කරගත් අපදෙදෙනා බන පිංකම දින සවස පංති අවසානයේ වහ වහා සුදානම් වී පිටත් වියයුතු අතර සවස හය වනවිට එම ස්ථානයට ලඟා වියයුතු වේ.... එතැන් පටන් අපගේ සැලසුම ක්රියාත්ම වේ...
තුන් වේලටම අතේ පයේ ඇඟිලි ගනිමින් සිටි සුබ දිනය උදාවූයේ මලයාත් මමත් ප්රීති ප්රමෝදයෙන් මත් කරවමිනි..... සවස දෙක හමාර වනවිට ලොක්කාට කියා නිවාඩු අනුමත කරගත් මාත් මලයාත් පංතියෙන් නික්මුනේ කෑමෙහි කෙල පැමිනි කුරුවාටත් හපයාටත් රට ගජබින්නාලංකාරය පොත පෙරලීමෙන් පසුවය... බෝඩිමට පැමිනි වහාම නා පිරිසිදුවී අප සතුව තුබූ ඉස්තරම්ම ඇදුම් කට්ටල වලින් සැරසුනු අප දෙදෙනා බසයට ගොඩ වීමට පාරට බැස්සේ දහසකුත් එකක් බලාපොරොත්තු සහිතවය..... විනාඩි පහකටත් වඩා අඩු කාලයකදී පැමිනි බස් රථයට ගොඩවූ අප දෙදෙනා ඉඩ තිබූ අසුනක වාඩිවිය.. ගැස්සී පැද්දී තාලයට ගමන් කල බස් රථය නගරයට පැමිනියේ පැය භාගයකට පසුවය.... මඳ වේලාවක් බස් නැවතුම්පලේ නතර වී සිටි අපදෙදෙනා ඊලඟට යාමට නියමිත බසයට නැගී පිටත් වූයෙමු.... පැය එක හමාරක පමන ගමනකින් පසු මලයාගේ ඥාතී නිවසට යන පාරේ හන්දියකින් බැසගත් අප දෙදෙනා පාගමනින් බන ගෙදරට ගොඩ වීමු..මලයා සහ මම දුටු බන ගෙදර සිටි ඥාතීන්ගේ උනුසුම් පිලිගැනීම නිසා තරමක් ආඩම්බරවූ මලයා මාවද එක්කාගෙන නිවස තුලට වැදුනේය..... මලයා දුටු නිවැසියෙකු වහාම අපව තේ මේසයට වාඩි කරවූ අතර වැලිතලප , අලුවා සහ ආස්මී , බටර් කේක් , පොල් කේක් , එකී මෙකී නොකී සියලු දේවලින් එක එක කටේ දමාගත්තේ වට පිටද බලමිනි....පංකාදු පහේ ප්ලේන්ටී දෙකකුත් ලැබුන අතර ඒවාද හිස් කර විට වට්ටිය අතට ගත් මලයාද මමද සහයෝගයෙන් විටක් හපන්නට විය..... මදක් වටපිට විපරම් කර බැලූමුත් අපගේ වයසට සරිලන චීත්ත කෑල්ලක් පෙනෙන්නට නොවූයෙන් මාත් මලයාත් කැම පිලිබදව වැඩි අවධානයක් යොමු කලෙමු.... විටින්විට එන තේපැන් , මාරි බිස්කට් , නයිස් , කෝෆි වැනිදේ වලින් බඩ පුරවාගත් අපදෙදෙනා එදා රාත්රිය කැරම් බෝඩ් එකක් මත ගත කලේ කැර්ම් ඔස්තාර්ලා ලෙසය......මැදියම් රාත්රිය එලැඹීමෙන් පසු මාත් මලයාත් අසල වූ නිවසක නිදාගැනීම සඳහා පිටත්ව ගියෙමු.....
සුව බර නින්දකින් පසුව පසුදා උදෑසනම අවදි වූ මලයා මාවද ඇහැරවාගෙන දානය තිබෙන දිසාවට කිට්ටු කලේය... සෙමෙන් සෙමෙන් දානය පිලියෙල වෙමින් තිබෙන අතර අප හමුවට මලයාගේ ඥාති සහෝදරයෙක් වූ දර්ශන අයියා අපට ඇරයුමක් කලේ කාටත් හොරෙන්ය.... එනම් දර්ශනයාගේ නිවසේ ඇති යසපදමට පැහී තිබූ කිතුල් රා මුට්ටියක් ඇති බවත් , දානය කොටා බෑමට පෙර ස්වල්පයක් අනුමත විය හැකි බවත්ය... එම අදහසට එක පයින් කැමතිවූ මලයා මාත් සමග අදාල ස්ථානයට ගියේය..... කිසිවෙකුගේවත් නෙත නොගැටී රා මුට්ටියෙන් බාගයක් හිස්කල මලයා පුරුදු පරිදි මලවංශය පටන ගත්තේය..... නැවුම් රා මුට්ටියේ සුවඳ නිසා මමත් පනු අමාරුවට යැයි සිතා ස්වල්පයක් පානය කල අතර මලයා නම් මුට්ටියෙන් සෑහීමකට පත්වූයේ නැත.. ලීටරයක පමන ධාරිතාවකින් යුතු මුට්ටියේ අඩියේ තිබූ මන්ඩි ටිකත් කටේ හලාගත් මලයා එතනින් නැගිට්ටේ තරමක බමන ගතියකිනි...
කෙසේ හෝ දහවල් දානමාන කටයුතු අවසන් වනතුරු අසල නිවසක ඉස්තෝප්පුවේ මාත් මලයාත් වාඩිවී සිටියහ.....සංඝයා වහන්සේලා ආපසු වැඩම වීමෙන් පසු අප බලාපොරොත්තු වී සිටි සුබ මොහොත එලැඹින.... පරිප්පු , කජු මාලුව , කිරිහොද්ද , බටු මෝජුව , අඹ චට්නි , කට්ලට් , මාළු , එකී නොකී සියලුම දේවල් පුරවාගත් තඩි බත් පිඟන් දෙකක් හිස් කල අපදෙදෙනා ඉන් පසු කිරි මුට්ටිය අතට ගත්තේ පැනි බෝතලයක්ද සමඟිනි.... සවුදන් ජෙමාටත් ඇඩ්රස් නැතිවෙන තරමට කිරි පැනි කෑ අපදෙදෙනා ඊලඟට පෘට් සැලඩ් කෝප්ප දෙකකටද වග කීමට සමත් විය.... ඇඹුල් කෙසෙල්ගෙඩි දෙකකුත් ලෙලි ඇර එතනින් පිටවූ අප දෙදෙනා නැවතත් පෙර වාඩි වී සිටි තැනින් වාඩි විය...
පැයක් හමාරක් එලෙස වාඩි වී සිටි අප දෙදෙනාගේ අභිප්රාය වූයේ ආපසු පිටත් වීමය... හවස දෙක හමාරවන විට නා පිරිසිදුවී මාත් මලයාත් රැගෙන ආ ඇදුම් ඇඟලා ගත්තේ දර්ශනයාගේ නිවසේදීය..... ඒ කාලයේ පට්ට පැශන් එකක් වී තිබූ ටයිට් ඩෙනිමත් ඩෙක්ශූස් දෙකත් මලයාගේ ස්ටයිල් එක වූ අතර මා ඇඳ සිටියේ සාමාන්ය ඩෙනිමක් සහ ටීශර්ටයකි... අප ආපසු යාමට පිටත් වන බව දැනගත් මලයාගේ ඥාතියාගේ ඉල්ලීම වූයේ නැවත වතාවක් කෑම ගෙන පිටත් වන ලෙසය.... කොතරම් ප්රතික්ශේප කලත් ඥාතියාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා කෑම මේසයට වාඩිවූ අපදෙදෙනා කොත් ගැසූ බත් පිඟන් දෙකක් අතුරුදහන් කලේ විදුලි වේගයෙනි... අප ආහාරගන්න අතරතුර මලයාගේ මාමා සිමෙන්ති කොට්ට දෙකක් වැනි බත් මුල් දෙකකුත් කැවුම් වැලිතලප අලුවා වැනි රස කැවිලි මල්ලක්ද සූදානම් කලේය... රුපියල් පහේ ටියුලිප් කවර දෙකක බහා තිබූ ආහරමල්ලත් අතින් ගත් මලයාත් මමත් පාරට බැස්සේ සියලු දෙනාටම සමුදීමෙන් පසුවය...
හන්දියට සෙමෙන් සෙමෙන් ඇවිදගෙන ගිය අපදෙදෙනා බසයට ගොඩවූයේ පැය කාලකට පසුවය..... වාසනාවකටමෙ අප දෙදෙනාට එකම අසුනක වාඩි විමට 
ලැබුනි..... බසය මද දුරක් යනවිට බඩ තුල යම් කැලඹිලි ස්වරයක් දැනුනද මුවින් නොදොඩා සිටීමට මා සිතුවේ මලයාගේ අපහාසය දරාගත නොහැකි නිසාය... මලයාද නිහඬවම සිටීම මටද ගැටලුවක් විය.... මද දුරක් යනවිට මලයාද මාදෙස බලා යමක් කීමට කට උල් කර නැවතත් ගිල ගත්තේය.... හැඟී ගිය ආකාරයට මලයාද යම්කිසි අපහසුවකින් පෙලෙන බවක් පෙනුනි.... කෙසේ හෝ තවත් මද දුරක් යනවිට මලයාගේ ඉහින් කනින් දාඩිය බේරෙන්නට විය..... මට සියල්ල වැටහුනි.... මලයාටද බඩේ අමාරුවක් අල්ලා ඇති බව මාහට වැටහුනත් මුවින් නොදොඩා සිටියේ මලයා එය පවසන තෙක්ය.... විනාඩි දෙකතුනකදී මලයා ඉබේම කටඇරියේය....
මචං බඩ පොඩ්ඩක් අප්සට් වගේ නේද.........
ඔව් බන් පොඩි ලයින් එකක් තියෙනවා.......
කොහොමද බන් එහෙම උනේ.......
මට හිතෙන්නෙ රා වලින් වැඩේ අවුල් උනෙ...... උඹ මුට්ටියම හිස් කලානෙ මලයා..
මටත් හිතුනා බන්.... අපරාදෙ නොබී ඉන්න තිබ්බේ.... කිරි පැනිත් කෑවනේ බන්...
ඔක්කොම කලවං වෙලා බස් එකේම රෙවෙයිද බන්......
අනේ මන්දා බන් මටත් දැන් ඉන්න බැරි සයිස් එකක් තියෙන්නෙ....
අවුලක් නෑ ටවුන් එකේ ටොයිලට් පේලිය ටොට් එකට හදල තියෙන්නෙ ටවුමෙන් බැහැලා වඩේ කරගෙන යමු.... එතකං ඉවසගෙන ඉම්මු.....
හ්ම්
කතාව එතෙකින් නතර විය.... පැය එක හමාරක පමන ගමන අවසානයේ මලයා බාගෙට මැරී සිටියේය.... මාහට නම් එතරම් අවුලක් දැනුනේ නැත... රා මන්ඩි ටිකත් කටේ හලාගත් මලයාගේ බොක්ක , බෙංගාල බොක්ක බවට පත් වී ඇතිබව මලයාගේ මුහුනෙන් කිව හැකිය...... දතකට පූට්ටු වී ඉහින් කනින් දාඩිය දමා සිටි මලයාගේ අතේ තිබූ මලු දෙක මා අතට ගත්තේ මූට මගදී රෙවීමට ඉතා ආසන්න බව හැඟුනු නිසාය..... විලිරුදාව හැදුනු ගර්භනී මාතාවක් මෙන් ඉනට අත තියාගත් මලයා ඇවිදින ආකාරය බැලීමට ලස්සනය.. ඉතා අපහසු කාලයක් පසු කල මලයා වැසිකිලි පේලිය දැකීමෙන් සැනසුම් සුසුම් හෙලුවේය.... වහ වහා වැසිකිලියට ගිය අපදෙදෙනා එහි ඉදිරිපස සිටි අයකැමියාට මුදල් ගෙවා බෑග් දෙකද එතනම තබා වැසිකිලි ගතවූයෙමු..... විනාඩි දෙකතුනකින් මාගේ කටයුත්ත අවසන් කරගෙන එලියට පැමිනි අතර මලයා එන තෙක් ඉදිරියේ වාඩිවී සිටියෙමි.... විනාඩි පහලවක් ගියමුත් මලයා ආපසු නාවේය.... මුගේ බඩේ අමාරුවත් කාපු කෑමත් නිසා තාම රෙනවා ඇති යැයි සිතා සිටියත් මලයා තවමත් නැත..... මූ මේක අස්සෙ වැටිලද , නැත්තම් වෙන මොකක් හරි අලකලංචියක්ද දන්නෙ නෑ කියා සිතූ මම ඇතුලට ගියේ අයකැමියාටද මේ ගැන් පවසාය.... වැසිකිලි හයකින් යුක්ත එම පේලියේ තුන් වෙනි වැසිකිලිය අසලට ගොස්
""මලයා ""මලයා""
ආහ් උඹ ආවද......
ඔව් යකෝ තෝ මක් කරනවද ඕක අස්සේ...
අනේ මචං පොඩි උදව්වක් කරපං....
ඈ ඒ මොකක්ද බන්.....
අනේ මේ මට බ්ලේඩ් තලයක් ගෙනත් දියං මං සල්ලි දෙන්නම් උඹට...
හෑ ඒ මොකටද යකෝ බ්ලේඩ් තල.... උඹේ බෙට්ට හිර වෙලාද පුක පැත්ත පලන්නද හදන්නෙ...
අනේ කොලොප්පං නොකර බ්ලේඩ් තලයක් ගෙනත් දීපං බන් මට එපාවෙලා ඉන්නෙ....
වෙච්ච දේ කියපං බ්ලේඩ් තලයක් ගෙනත් දෙන්නම්.......
අනේ බන් මම ගෙදර ගිහින් කියන්න එකක් ගෙනත් දීපංකෝ..
හරි හරි හිටපං...... මං කඩේකට ගිහින් එන්නං....
දන්නා කාලයේ සිට කක්කා හොන්ඩර දෙතුන් සීයක් දමා ඇත.... නමුත් කිසිදිනෙක බ්ලේඩ්තලයක පිහිට පතා නැත... යකෝ රෙන්න මොකටද බ්ලේඩ් තල.... මූට මොකද උනේ... හිතාගන්න බැරි සීන් එකක් මේක.. මේකෙ පිටිපස්සේ මොකක් හරි මරු සීන් එකක් ඇති..... හිටපංකෝ මම ඕක හොයාගන්න..... තනියම සිතමින් කඩයකට ගොස් බ්ලේඩ් තලයක් මිලදීගෙන පැමිනියෙමි..... වැසිකිලියේ දොර යටින් මලයාට එය ලබා දුන් මම ආපසු පැමිනියෙමි.... විනාඩි දහයකට පසු මලයා ආපසු පැමිනියේ මූන පුලුටු කරගෙනය.. වහ වහා දිවගොස් අද්දමින් තිබූ බසයට ගොඩ වූ අප දෙදෙනා ගෙදර පැමිනියෙමි. මලයාට සිදු අකරතැබ්බය චාටුවක් දමා අසාගත් මාහට සිනාව නවතාගත නොහැකිවිය.... එතෙක් වේලා මාහට ගැටලුවක් වූත් මෙතෙක් වේලා ඔබහට ගැටලුවක් වූත් ඒ කතාව සිදුවී ඇත්තේ මෙසේය..
උහුලාගත නොහැකී වූ කක්කා බර නිසා වැසිකිලියට දිවූ මලයා හිරට හිරේ ඇඳගෙන සිටි ඩෙනිම ගලවා වාඩී වී ඇත.... ඩෙනිම ගලවා ගැනීමට සිදුවූ අපහසුතාවය නිසා මලයාට ලංකැට්ටුව ගැලවීමට අමතක වී ඇත.... කලබලය වැඩි කමට වාඩිවීමටත් ප්රථම පුක් වෑල්වය ඉබේම විවෘත වී මලයාට සිතාගැනීමටත් නොහැකි ලෙස පුක් මල් වෙඩිල්ලක් පුපුරා ඇත..... බාල්දියක් පිරෙන්නට ගිය බඩේලිය ගොඩ නිසා පස්ස පැත්තත් මලයාගේ පංචස්කන්ධත් වැසී ගොස් ඇත... සුදුපාට ලංකැට්ටුව කහපාට වී ඉස්ම බේරෙන්නට පටන් ගෙන ඇති අතර එය ගැලවීම නම් සිතීමටත් නොහැකිවූයේ හිර ඩෙනිමත් ඩෙක්ශූස් සපත්තු දෙකත් නිසාය... හැකි වෙරයොදා ලංකැට්ටුව ඉරීමට තැත් කලත් එය කිරීම අපහසු වූ මලයා මට කියා බ්ලේඩ් තලයක් ගෙන්වා ගත්තේ දෙපසින් කපා ඉවත් කිරීමටය... දනිකිඩ ගහගෙන යම යුද්දයක් කල මලයා යාන්තම් ජොකා කපා ඉවත් කරගෙන නැගී සිටියේ පශ්චාත් බාගය මනා ලෙස සෝදාගැනීමෙන් පසුවය..... මලපෙරේත කමට රා මන්ඩි බී කිරි පැනි කෑම නිසා මලයා හත්පොලේ ගූ ගාගත්තේ එලෙසය...

Monday, October 29, 2018

......පාලගේ ප්‍රේම රංගනය..


ලෝකය රඟමඩලකි.... අපි එහි නලුවෝය.... කවුදෝ එසේ කියා ඇති බව අහම්බෙන් මට මතක් විය... තමන්ට නැති දෙයක් තියෙන ලෙස හැසිරීමත් එක්තරා රඟපෑමක් යනුවෙන් හැඳින්විය හැකිය... සමහරුන්ගේ රඟපෑම් අති විශිශ්ඨය... විශිශ්ඨත්වය කෙතරම්ද කිවහොත් ඌ කරන්නේ රඟපෑමක් බව ඌටම අමතකය.... පාල අයියාද රංඟනයට ඉතා දක්ශයෙකි..... ඔහුගේ කථාව අනුව ඔහු කොලඹ වැඩ කරන කාලයේ චිත්රපට සඳහා ආරාධනා ලැබුනත් ඒවාට සහභාගී වීමට නොගිය පුද්ගලයෙකි..... පාලගේ හිතවත් අධ්යක්ෂක මහතෙකුගේ ඇරයුම ඉවත දැමීමට නොහැකි නිසා ටෙලි නාට්ය දෙක තුනක රඟ පෑ පාල අයියා ඒවා විකාශයවූ කාලයක් සඳහන් නොකිරීම අපට මහත් ගැටලුවක් විය..... පෙම්වතාගේ චරිතය සඳහා පාල අයියා පන පෙවුවායැයි සඳහන් වන එම නාට්ය දෙක විකාශය වීමෙන් පසුව පාලට ගෑනු ලමයින්ගෙන් මග තොටදී මහත් ප්රතිචාර ලැබුනු බව පාල වංශයේ සඳහන් වේ.... පාල වංශය යනු පාලඅයියාගේ අතීතාවලෝකනයයි...... පොඩි අඩියක් ගැසූ වෙලාවක , වැඩ අඩු වෙලාවක කොට බැම්ම මත වාඩි වී සිටින විටක, පොඩි මුරුංගා අත්තක නැග්ගවීමකින් පාලගේ අතීතයේ සිදු වූ රසබර සිදුවීම් එකිනෙක එලියට එන්නේ අපිව කුල්මත් කරවමිනි.... මෙවැනි කථාවන් රැසක් වසර හතක පමන කාලයකදී විවිධ අවස්ථාවන් වල මාහට ඇසීමට ලැබී ඇත.... පසු කාලීනව ඒවා ඔබ වෙත ඉදිරිපත් වීමට නියමිතය......

මේ කතාවට අදාල ස්ථානය වන්නේ අපේ ලොක්කාගේ නිවසය... අපගේ ආයතනයේ ලොක්කාගේ ගෙදර සිදුවන සෑම විශේශ අවස්තාවකදීම අපගේ යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කිරීමට අප කටයුතු කර ඇත්තේ ඔවුන් සේවකයින්ට වඩා එහාගිය බැඳීමකින් අපත් සමග ඇසුරු කල නිසාමය.... පාල අයියාද මෙවැනි අවස්ථාවලදී සියලු බර කරටගෙන කටයුතු කරන්නේ තමන්ගේ අනසක පැතිරවීම ලොකු බාසුන්නැහටත් බලපාන පරිදිය....
""හා බාසුන්නැහේ ඕක ඔතන තියලා හරියන්නේ නෑ.... ""
""බාසුන්නැහේ ඉන්ඩ මම ගිහින් අරං එන්නං..""
""බාසුන්නැහේ පැත්තකට වෙන්ඩ, මම ඕක බලාගන්නම්""
"" ඕක ඔහොම කරල හරියන්නෙ නෑ මෙහෙම කරන්න""
""හා හා ඉක්මන් කරන්ඩලා... තව කොච්චර වැඩ තියෙනවද..""
යනුවෙන් පවසා ගෙදරක තින්ත ගෑමේ සිට කක්කුස්සි වලක් ගොඩ දැමීම දක්වා ඕනෑම වැඩක යෙදීමට උපන් හපන් කමක් ඇති පාලයියාට කිසිවෙක් උපදෙස් දීමට ගියේ නැත.....
දිනක් ලොක්කා අප අමතා පැවසුවේ ඔහුගේ නිවසේ දානමය කටයුත්තක් සංවිධානය කර ඇති බවත් , ලබන සතියේ පොහොයට පෙර දින එය සිදු කල යුතු බවත් , ඒ සඳහා පෙර අවස්ථාවලදී මෙන්ම අපගේ සහයෝගය අවශ්ය බවය.. පාලට විශේශ ආරාධනාවක් කල ලොක්කා හැකිනම් පාල හාමිනේවද කැන්දාගෙන එන ලෙස පැවසුවේ කුස්සියේ සිදුවන ක්රියාවලියට සපෝට් එකක් ලබා ගැනීම සඳහාය...... එය ඉස් මුදුනින් පිලිගත් පාලයියා එවෙලෙහිම පාලාමිනේට ඇමතුමක් ලබා දී ඇපොයිමන්ට් එකක් වෙන් කරවා ගත්තේ වැඩි හොදටය...
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගොස් දානය පැවැත්වෙන දිනය උදාවිය.... වැඩපලට නිවාඩුවක් ලබා දී අපද එහි ගොස් සියලු කටයුතුවලට හැකි පමන දායකත්වය ලබා දුන්නේය.. පාලද , පාල හාමිනේද , පාල හාමිනේගේ අසල්වැසි මිතුරියක්ද පැමින ඒ වෙනුවෙන් අපමන වෙහසක් දරා පිංකම සඳහා සහයෝගය ලබාදුන්නාය.... දහවල් වනවිට දානමය කටයුතු අවසන් වූ අතර දුර බැහැරින් පැමිනි ඥාතීන් පිටත්ව ගිය පසු නිවසේ ඉතුරු වූයේ අසල්වාසී පිරිසක් , මමත් අපේ වැඩ පලේ පොඩිමල්ලීත් , පාලයියා සහ පාලහාමිනෙ සහ ඇගේ මිතුරියත් තවත් නිවැසි කිහිපදෙනෙක් පමනි..... තරමක පිරිසක් සහබාගී වූ පිංකමේ ඉවුම් පිහුම් කිරීම සඳහා භාවිතා කල උපකරන කන්දක් පිටුපස මඩුවේ ගොඩ ගසා තිබුනි.... ගෙය ඉදිරිපස තිබූ හට් , පුටු සෙට් ආදිය නියමිත තැන් වලට යැවූ අප සවස් කාලයේ මද විවේකයක් ලබා ගත්තේ මේ ඉවුම් පිහුම් කටයුතු සඳහා ඉදිකර තිබූ මඩුවේ කෙලවරකය.... පුටු දෙක තුනක් විට වට්ටියක් වැනි අඩුම කුඩුම ලඟින් තබා ගත් මාත්, පොඩි මල්ලීත් , පාලයියාත් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය..හෙට දින නිවාඩු දිනයක් නිසා පාලයියා කලින්ම ගෙනවිත් සඟවා තබා තිබූ හතරැස් බෝතලය පාවිච්චිකරන්නට පටන් ගත්තේ මේ වෙලාවේදීය.... මාත් පොඩි මල්ලීත් මත්වතුර පිලිබද තැකීමක් නොකර බුලත් විට වට්ටිය අවසන් කිරීමේ උත්සාහයක නිරතව සිටි අතර පාලයියා ගේ පිටුපස කෙහෙල් පඳුරේ සගවා තිබූ බෝතලය සෙමින් සෙම්න් හිස් කරන්න විය.... ගෙය තුල තිබූ පුටු මේස ආදිය අස් පස් කිරීමෙන් අනතුරුව කුස්සිය පිටු පස තිබූ මඩුව වෙත පැමිනි පාල හාමිනේත් තරමක මානසික ආබාධයක් සහිත මිතුරියත් මුලුතැන්ගෙයි උපකරන සේදීමේ ව්යාපාරය ආරම්භ කලේ මේ වේලාවේදීය..... වරින් වර කෙහෙල් පඳුර අස්සට ගොස් ග්රෑම් ගනන් අනුමත වෙමින් සිටි පාලයියාද තරමක වෙරියකින් සිටි අතර පාල හාමිනේට එය එතරම් ඇගවුනු බවක් පෙනෙන්නට නොවීය..... ස්වල්ප වෙලාවකට පසුව අප ඉන්නා තැනින් වාඩි වූ පාලයියා ඔහුගේ පාලවංශය දිගහැරියේ පොඩි මල්ලී විසින් අසන ලද ප්රශ්නයක පිලිතුරක් ලබා දීමෙන් පසුවය.. පෙරකල කල කී දෑ පිලිබද සිංහාවලෝකනයක යෙදීසිටි පාලගේ දැහැන් බිද වැටුනේ මාගේ සිතට ඇති වූ එක්තරා ආකාරයක කුප්ප අදහසක් නිසාය....
""පාල උඹ මොන කයිවාරු ගැහුවත් උඹේ හාමිනේ උඹට අතින් අල්ලන්න දෙන්නෙ නෑ නේද""
""අනෙප් පල්ලයං යාන්ඩ අප්පේ ගෑන්නීගේ ඕන තැනක් අල්ලන්ඩ මට පුලුවං යකෝ......""
""ආ එහෙනං දැන් ගිහින් අතින් අල්ලලා පෙන්නපං....ඔට්ටුයි බැරුවට..""
""ඔන්න බලප්පං මාං අල්ල්ලාලා එන්ඥං.. මග්ගේ ගැන්නී මට්ට ඕන් වෙලාවක ඔට්ටුයි යකෝ""
එසේ කී පාලයියා වැනි වැනී ගොස් පාල හාමිනේගේ අතින් අල්ලා ආපසු ආවේය... පාල අයියා අතින් ඇල්ලීම පිලිබද එතරම් තැකීමක් නොකල පාලහාමිනේ තම රාජකාරිය දිගටම කරගෙන ගියාය.........
""ඔන්න බලප්පං මං අතිං ඇල්ලුව හැටි... උම්බ දැන් කියාන්නේ මොකක්ද...
"" අතිං ඇල්ලුවට වෙන තැන් අල්ලන්න දෙන්නෙ නෑ කියල ඔය සමහරු කියන්නෙ""
"" හෑක් කව්ව්ද යක්කෝ ඒම කියාන්නෙ ඕං බලප්පාං බොරුනම් මං ඕකිව අල්ලලා එනවා ඈ....""
එසේ කියූ පාලයියා සින්ක් එක ලඟ සිටගෙන පිඟන් සෝදමින් සිටි පාල හාමිනේගේ පස්ස පැත්ත සෙමින් මිරිකා ආපසු පැමිනි අතර වට පිට බැලූ පාලහාමිනේ පාලයියා දෙස රවා බලා නැවතත් වැඩෙහි යෙදෙන්නට විය...
"" බලාප්පං හු++තෝ මගෙ ගෑනි මට්ට ඕන්න වෙලාවක ඔට්ටුයි ඈ... මගෙ ගෑනි රත්තරං ගෑනි යකෝ... මට පුදුම තරං ආදරෙයි යකෝ... මට වචනයක් කියන්නේ නෑ යකෝ..... මම හුම් කිව්වොත් ගෑනි හෙල්ලෙන්නේ නෑ බන්.... හරි කීකරුයි යක්කෝ ඕකි....
කොයිකටත් දිවීමට මාර්ගයක් සූදානම් කරගෙනම ඊලඟ වචන ස්වල්පය පාලයා ඉදිරියට මුදා හැරියේ මෙසේය....
""ඔය මොනා කිව්වත් ගෑනි උඹට සෙල්ලම කරන්න දෙන්නෙ නෑ නේද... සතියකට වතාවයිලු උඹ ගාව නිදාගන්නෙ නේද..... මම නෙවෙයි ඕව කිහන්නෙ අහල පහල මිනිස්සු බන්.....
""පල්ලයාං බන් යන්ඩ.... උන් දන්න් රෙද්ද...යක්කෝ ඊයෙ රෑත් මම ගෑන්නී එක්ක හිට්ටියා යකෝ...
""ඒ වුනාට දැන් ගිහින් ඉන වටේ අතක් දාලා බදාගෙන බෙල්ල වටේ ඉඹල වරෙන් පවුලගෙ... ඔට්ටුයි බෑ උඹට....""
""පලයාං යක්කෝ යාන්ඩ... ඕන් බලාපිය හොන්දට.... මට්ට මග්ගේ ගෑන්නී ඉඹින්ඩ කාගෙන් අහන්නද......""😂😂
එසේ කී පාල අයියා වැනි වැනී පැත්තෙන් පැත්තට ඇවිදගෙන ගොස් පාල හමිනේ ලඟට ඇදගෙන බෙල්ල වටේම සිපගන්නට විය..... එක් වරම මරලතෝනි ශබ්දයක් සමගින් පාල අයියාගේ ග්රහනයට නතුවී සිටි තරුනිය පාලගෙන් ගැලවීමට උත්සාහ කලේ අපව විමතියට පත් කරමිනි.....
මහ කෙලියම කෙලවෙලා යන්තරෙ බල නැතිවෙලා...
පාලට වැරදුනු තැන අන්න එතනය... වෙරි මතත් මඳ අදුරත් නිසා පාලට සියල්ල කනපිට හැරී පෙනී තිබුනි... එක හා සමාන ගවුම් දෙකක් ඇඳ එක සමාන ශරීර ප්රමානයෙන් සිටි පාලාමිනේත් , මිතුරියත් පාලට වෙන් කරවා අඳුනා ගත නොහැකි විය..... බිරිඳ යැයි සිතා පාලයා බදාගෙන ඇත්තේ හාමිනේගේ මිතුරියය....පරඬැලක් මෙන් වැනි වැනී සිටි පාලයියාව පසෙකට තල්ලු කල දැඩි ලෙස කෝපාවිෂ්ඨ වී සිටි තරුනියගේ අතට අසුවූයේ ඉඳුල් වතුර බාජනයකි. සමබරතාවය ආරක්ශා කරගැනීම සඳහා දඟලමින් සිටි පාලයියා බිම ඇද වැටුනේ තඩි සයිස් සාස්පාන් ගොඩකටය.... දනි පනිගා නැගිට ගත් පාලට ඊලඟට හමුවූයේ ඉඳුල් වතුර ප්රහාරයකි.... මූනටම එල්ලවූ එම පහර නිසා පාලට යන එනමං සොයාගත නොහැකිවිය..... මේ සිදුවීම මුල සිට බලා සිටි පාලහාමිනේද පාලට අත් මිටිකර කන්තාවන්ටම ආවේනික පහරවල් දෙක තුනක් එල්ල කලාය.... තත්පර ගනනක් තුල සිදුවූ මෙම සිදුවීමෙන් අන්ධබූතව සිටි පාලට ගැලවීම්ට කිසිදු විකල්පයක් සොයාගත් නොහැකි විය.... අපහසුවෙන් මෙන් දෑස් විවර කොට පාර පිලිබද යම් හෝඩුවාවක් සොයාගත් පාලයියා වහා ගමන් ඇරඹුවේ ප්රහාරයෙන් බේරීමටය.....
අහෝ.......!!!! අවාසනාවක මහත
සැමදාමත් සිදුවන ලෙසම ඉතුරු හරියද සිදුවිය.... කලබලයේ ගමන් ඇරඹූ පාලට සිදුවූයේ මඩුවට අඩි දහයක් එහායින් තිබූ කුනු වලේ නිදාගැනීමටය.. ඇස් ඇර ගැනීමට නොහැකිව වලට වැටුනු පාලයියාගේ සරං කඩමාල්ල වල ගැට්ටේ රැඳුනි.... මාත් පොඩි මල්ලීත් එකතුවී පාලයියාව ගොඩට ගන්නා විට පාල සිටියේ අමුම අමු හෙලුවෙන්ය....
අමු නිර්වස්තරෙන් සිටි පාලයියාගේ ටෝච් කඳ දුටු සමහර කාන්තාවන් අතින් කටවසාගෙන සිතූ දේවල් නම් මොනවාද යැයි මට සිතාගත නොහැකි විය.... කෙසේ හෝ වලෙන් ගොඩ ගත් පාල වහා ඔසවාගත් මාත් පොඩි මල්ලීත් අසල තිබූ ජල කරාමය වෙත ගෙන ගියේ කුනුවලේ තිබූ ඉඳුල් බත් , අලබැදුම් , බටු මෝජු වැනි දේවල් වලින් සැදුම් ලත් පල්පයක් පාලගේ පුක පැත්තේ ඇලී තිබෙනු දැකීමෙන් පසුවය..... යකා නැග සිටි පාල හාමිනේත් මිතුරියත් ත්රීවීලරයකට අමතා ගෙන්වාගෙන නිවස බලා පිටත් වූයේ අතිං කට වසාගෙන සිනාසෙමිනි..... කරාමයෙන් හොඳහැටි නාගත් පාලයියා අසල වැලක වනා තිබූ පරන කලිසම් කැබැල්ලක් ඉන වටේ ඔතාගෙන කෙසෙල් පඳුර අස්සේ සඟවා තිබූ ඉතුරු කොටයද රැගෙන යන්නට ගියේ වැඩපලේ නිදා ගැනීමේ අරමුනින් යුතුවය.... සතියක් යනතුරු ගෙදර යෑම වර්ජනය කර ගරාජයේ නතර වූ පාලයියා නැවත ගෙදර ගියේ පාල හාමිනේ ගරාජයට පැමින කල ආරාධනාවෙන් පසුවය..... සතියක් පමන ගෙදර නොසිටි පාලයියා එදින රාත්රී ඇල්ලූ අඩව් වලින් පාල හාමිනේ ප්රීති ප්රමෝදයට පත් වූ බව අප දැන ගත්තේ පාලහාමිනේ පාලයියාට පසුදින දිවා ආහාරය සඳහා බිත්තර දෙකක්ම තම්බා එවා තිබීම නිසාය......

Sunday, October 28, 2018

මෙතෙක් කල් ඔබ සෙවූ මට කෙලවුන තැනක්..😂

😂
මිනිස්සුන්ට විවිධාකාර ආශාවන් ඇත....අවශ්යතා ඇත.... සමහරු අවශ්යතා පසුපස හඹායති....... තවත් සමහරු ආශාවන් පසුපස හඹායති....... අවශ්යතාවත් ආශාවත් අතර වෙනස නොදන්නා සමහරු මේවායින් විශාල කරදරවලට මුහුන දෙති.... මේ දෙකම හදුනාගත්තෝ ලස්සනට ගේම ගසති.... රැවුලත් කැඳත් බේරාගෙන ජීවත් වීම තරමක අසීරු කාර්යයකි.... නමුත් කල්පනාකාරී උනොත් දැලි පිහියෙන් කිරිහට්ටියම කෑ හැකිය.... ඒ දිනවල මාගේ වයස අවුරුදු දහ නවයක් හෝ විස්සක් වියහැකිය.. නසරානිම වයසකි... නාහෙට අහන්නේම නැත...
දුරදිග සිතන්නේද නැත.... සිතූදේ කිරීමට පැකිලෙන්නේද නැත... කිසිවක බරක් පතලක් ඇත්තේද නැත... කාටවත් බයක් ඇත්තේද නැත.... වයසෙ වැරැද්දය.... නිදහසට හොඳම කරුන එයමය... හරි හමන් එකෙකුට අහුඋනානම් ඇට, මුං ඇට වෙනතෙක් ගුටි කෑ හැකිය... වාසනාවට එහෙම එකෙක් හම්බ උනේද නැත....
මේ අවධිය වන විට මා පාලගෙ ගරාජයේ ස්ථිර මැක්කෙකි..... මහා ලොකු පඩියක් නැති උනත් කෑමට , බීමට, ඇතුලු අනෙකුත් යටිතල පහසුකම් ශේප් කරගත හැකි වැටුපක් නිර්දේශ වී තිබුනි.... ඒ දිනවල මාගේ සිතේ රජ කරමින් තිබුනු ආශාව වූයේ සෝනි එරික්සන් k 750 වර්ගයේ ජංගමයක් මිලදී ගැනීමයි.... මතකයේ හැටියට ඒ දිනවල එහි මිල රුපියල් විසි පන්දාහකට වඩා වැඩිය.... ඒ දිනවල විසිපන්දාහක් යනු මේ දිනවල හැටියට බැලුවොත් ලක්ශයකට සමානය...සොච්චම් පඩියෙන් විසිපන්දාහක් එකතු කිරීම යනු හීනයකි.... වැඩි පඩියක් ඉල්ලීමට තරමට මා වැඩ්ඩෙකුද නොවේය.... පෝන් එකේ සිහිනය මට ගිනි අව්වේ වුවද පෙනී නොපෙනී යන්නේ දෑස් උනුකරමිනි... මාගේ එකම අරමුන ජංගමය පමනි.... කෙසේ හෝ අනවශ්ය වියදම් කපා හැර මාස දෙකක් අවසානයේදී රුපියල් දහදාහක මුදලක් මා එකතු කරගත්තේ මාගේ දැඩි ආශාව නිසාමය..... ඉතුරු පහලොස්දාහ සෙවීමට තවත් මාස තුනක් වත් කට්ට කෑ යුතුය.... එතරම් කලක් ඉවසීමද නොහැකිය.... කෙසේ හෝ මුදල් සොයාගැනීමට ගැටයක් ගැසිය යුතුය.... රුපියල් දහදාහද අතේ තබාගෙන කල්පනා කරමින් සිටින මට එක් වරම මහා වාසනාවන්ත අවස්ථාවක් උදා වූයේ නොසිතූ මොහොතකය..... ඒ වැඩපලේ සිට කිලෝමීටර් 40 ක් පමන දුරින් වාසය කරන මාගේ ඥාති සහෝදරයෙකුගෙන් ගිනි දවාලේ ලැබුනු ඇමතුමකිනි......
ටිනි නිනිනිනි නික් ටිනි නිනිනිනි නික් ටිනි නිනිනිනි නික්....
මම හෙලෝ මචං........
මල්ලී ආ අයියේ කෝමද ඉතිං...
මම අවුලක් නෑ බන් මොකෝ වෙන්නෙ.....
මල්ලී මේ මම තමුසෙට පොඩි පනිවිඩයක් දෙන්න ගත්තේ....
මම ඒ මොකක්ද බන්.......
මල්ලී තමුසෙට මතකද අර තරිදුවා........
මම ඔව් ඔව් අර කලු කොට එකානේ..... මවුන්ටන් බයිසිකලේ යන්නෙ
මල්ලී ඔව් ආන් ඌ තමා.....
මම ඉතිං මොකෝ සීන් එක ඌ මැරිලද හක් හක් හක්....😂😂
මල්ලී නෑ යකෝ උඹට මතකද ඌ මේ ලඟදි ගෙනාවා කේ හස්සිය පනහක්...
මම ඔව් ඔව් මතකයි..... මොකෝ සීන් එක....
මල්ලී අන්න ඒක විකුනනවලු දහ දාහකට ඌට සල්ලි හදිස්සියක් වෙලා.....
ගන්න පුලුවන්නම් භාන්ඩෙ සුපිරි මාස තුනක් ඇති උපරිම.... තව
ස්ටිකරේ වත් ගලෝලා නැ බන්.... දන්නවනේ ඕක දෙයක් පාවිච්චි 
කරන හැටි..... ආයෙ කඩෙන් ගත්තා වගේ බඩු තියෙනවා.... මටකිව්ව 
කාව හරිසෙට් කරපං කියලා..... මම ඒකයි තමුසෙට කිව්වේ.... සල්ලි .
තියෙනවනම් මම සෙට් කරන්නම් දැන්මම....
මම ආයෙ අහන්න දෙයක් තියනවද සෙට් කරපං දැන්මම මම එන්නම් අදම 
ගෙනියන්න....
වාසනාව ලඟටම පැමින ඇත..... තරිඳුවා මා හොඳින් දන්න එකෙකි... ආයෙ බඩු ශුවර්ය... කලයුතු එකම දෙය අදම ගොස් ගනුදෙනුව ඉවර කිරීමය... වෙලාව බැලූවිට දහවල් දොලහයි දහය පසුවූවා පමනි..... හතර හමාර වෙනකොට පාරට බැස්සොත් $$$$$$ ටවුමට හය වනවිට යා හැකිය... $$$$$$ ටවුමෙන් බැස හයයි කාලේ %%%% පාරේ බසය අල්ලගත හැක..... හත , හතයි කාල වනවිට ජංගමය මාගේ අතේය.... රයිට් දෙන්නම් ජම්බු.... ලොක්කා හමුවී වහාම මාගේ හදිසි ගමන දැනුවත් කලේය.... හිත හොඳ මිනිසෙකු වූ ලොක්කා මාගේ සෝට් ලීව් එක අනුමත කලේ එක් කොන්දේසියක් උඩය..... එනම් මා විසින් ගලවා තිබෙන වෑන් රථය සවිකර අවසන් වූ පසුව යන ලෙසය..... ඒවන විටත් එහි කොටස් කිහිපයක් පට්ටල් ගත කර ඇත.... පට්ටලේ අයියා හමුවී කාරනා පැහැදිලි කිරීමෙන් පසු ඔහු වාහනයේ කොටස් ටික වහාම සකසා දීමට පොරොන්දුවිය...කෙසේ හෝ යාන්තම් හතරයි දහය වනවිට මාගේ සියලු රාජකාරී අවසන් විය.... දඩි බිඩි ගා නාගෙන අතට අසුවූ ඇඳුමක් දමාගෙන පාරට එනවිට හරියටම හතරයි විසිපහ වූවා පමනි..... පාරට බැස විනාඩි පහක් ගත වීමටත් පෙර අදාල බසය පැමිනියේ මා වෙනුවෙන්ම විය හැකිය..... තරමක සෙනගක් සිටි බසයේ අසුනක් ලබා ගැනීමේ අදහසින් එහෙ මෙහෙ බැලූවේ පැය එකාමාරක දීර්ඝ ගමනක් සිටගෙන යා නොහැකි නිසාවෙනි.... කිලෝමීටරයක් යාමට මත්තෙන් මා අසලම අසුනේ සිටි ජෝඩුවම බසයෙන් බැසීමට සූදානම් විය.... ඔවුන් අසුනෙන් නැගී සිටි වහාම මම එහි වාඩිවූයේ වෙන කවුරුන් හෝ වාඩි වීමට පෙරය.. දඩිබිඩි ගා අසුන් ගැනීමෙන් පසු මා සැනසුම් සුසුමක් හෙලුවේ මහත් සැහැල්ලුවකින්ය.... සැහැල්ලුව කෙතරම්ද යත් මාගේ පශ්චාත් බාගයද නිහඩවම සැනසුම් සුසුමක් හෙලුවේ තරමක සුගන්ධයක්ද සමගිනි...... ඉන් පසු මාගේ මනස තවත් ළිහිල් වන්නට විය....අද පටන් මා බරසාර ජංගමයක හිමිකරුවෙක්ය යන හැඟීම මාහට දැනෙන්නට විය....
බසය ගමන් අරඹා විනාඩි දහයක් යාමට පෙර නැවත වතාවක් මාගේ පශ්චාත් බාගය යමක් කොඳුරා කියන්නට විය.... මල හත්තිලව්වයි අද මම නාන්න කලින් ලැට් එකට ගියේ නෑ නේද එක්වරම සිහිවීම නිසා මා තරමක් නොසන්සුන් විය... කමක් නෑ පැය එකහමාරනෙ $$$$$ ටවුමට ගිහිල්ලා වෙලා තිබ්බොත් යනවා නැත්නම් ගෙදරම ගිහින් යන්න බැරියැයි සිතා මා නැවතත් කල්පනාවට වැටුනෙමි.... මා බස් රථයේ වාඩි වී සිටියේ පසු පස කොටසේය. වංගු සහිත පාරත් බසයේ වේගයත් නිසා පිටුපස ගමන් කිරීම තරමක අපහසුවකි.... ජංගමය ගැන සිතා මා සිත සන්සුන් කරගත්තත් මාගේ බඩ සහ පශ්චාත් බාගය තරමක ගැටලු සහගත තත්වයකට අර අඳින්නට විය.... මෙයට හේතුව කුමක්දැයි කල්පනා කිරීමේදී මට දෙවියන් සිහි විය.... දවාලේ ලොක්කාගේ ගෙදර ගිය වෙලාවේදී ආහරයට ගත් වැල ගෙඩිය මතකයට නැගෙන්නට විය.... දහවල් සිට තරමක බඩේ අපහසු තාවයක් තිබුනත් ජංගමයේ සිහියෙන් සිටි මා හට එය එතරම් නොදැනුනි....... කමක් නෑ කොහොම හරි ඕක ඉවසාගෙන යනවා කියන සිතිවිල්ල සුන් වීමට වැඩි වේලාවක් ගියේ නැත....
බසය ගමන් අරඹා විනාඩි විසි පහක් යන විට මාගේ බඩේ අමාරුව උත්සන්න විය.... දැන්නම් වැඩේ අලවීගෙන එන බව වැටහුනත් බසයෙන් බැසීමනම් මා තරයේම ප්රතික්ශේප කලේ ජංගමය මගහරවා ගත නොහැකි නිසාය..... මේ බස් රථ්යෙන් බැස ඊලඟ එකට ගොඩ වනවිට ගතවන වැසිකිලියේ පැය බාගයක ප්රමාදය %%%%% පාරේ බසය මගහැරීමට හේතුවකි.... එය මගහැරීම යනු ජංගමය මග හැරීමය.... බෑ බෑ එයනම් කෙසේවත් සිදුවීමට දිය නොහැක.... නමුදු වැලගෙඩිය පස්ස පැත්තෙන් එලියට ඒමට දරන උත්සාහය ඉවසා ගත නොහැකිය.... හදිසියේවත් බසයේ රෙවුනොත් යන සිතිවිල්ල මාහට පහල විය.... අදනම් මට හොඳටම කෙලවිය.... හතර විලිලැජ්ජාවයි.. සැක් කොහොමද යකෝ මනුස්සයෙකුට කියන්නෙ රෙවුනා කියලා... වැනි දහසකුත් එකක් සිතුවිලි සමග ගමන් කල මාගේ වේදනාවට සහනයක් හමුවූයේ මා අසල වාඩිවී ගිය කැහැටු මිනිසා නැගිටීමත් සමගය.... කැහැට්ටාගේ නැගිටීමත් සමග අසල සිටි දැවැන්ත ස්ත්රිය අසුනෙන් හතරෙන් තුනක වාඩි වීමත් නිසා මා අසුනේ කෙරවලටම තැලී පොඩි වී ගියේය.... මස් හොන්ඩර හත අටක බර ඇති දැවැන්ත පස්සට සහ බසයේ බඳ කොටසට මාගේ කුඩා පස්ස හිරවීම නිසා එලියට ඒමට පොරකමින් බඩේ සිටි වැල ගෙඩියට තරමක අවහිරතාවයක් ඇති විය... නමුත් බඩේ තිබූ ගොල ගොල ශබ්දය සහ විටින් විට පිටවූ සුවඳවත් නිහඬ වාතය නිසා කුල්මත් වූ එකී කාන්තාව මාදෙස කුජීත බැල්මක් හෙලුවාය..... ඈ මාදෙස බලන වාරයක් පාසාම මාද අහක බලාගත්තේ එම කාන්තාව කෙරෙහි ඇතිවූ අනියත බිය නිසාමය.... බඩේ ඇතිවූ කැලඹිලි ස්වාභාවය නිසා මා දාඩිය දමා බියෙන් පසුවෙද්දී අසල සිටි කාන්තාව බ්ලූමැන්ඩල් කුනු කන්ද අසල ජීවත් වන්නියක බවට පත් වූවාය.... පැය එකහමාරක ගමන තුල මා අත් විඳි කුජීත මෙලොව කිසිම එකෙකුට අත් විඳීමට නම් නොලැබේවා යන්න මාගේ එකම පැතුමය....
කෙසේ හෝ කිලෝ මීටර් හතලිහක් පමන දුර ගෙවා අවසානයේ මා &&&&& නගරයට ලඟා විය..... බසය නවත්වන ස්ථානයේ සිට මීටර් සීයක් දුරින් පිහිටි පොදු වැසිකිලි සංකීර්නය මාගේ ඉලක්කය විය......මා යායුතු බස් රථය නවත්වන්නෙ වැසිකිලි පේලිය ඉදිරිපිට බැවින් මා අනිවාර්යයෙන්ම එම මීටර් සීය යායුතුමය... ලොකුම ගැටලුව නම් එම දුර ඇවිදගෙන යාමය... මේ වන විට වැල මදුලු බඩ තුල ගාසා තීරයේ සටන් වලට සූදානම් වී ඇත..... අඩියක් ඉදිරියට තැබීම කකුල් දෙක දිගේ බඩේලිය බේරීමට හේතුවිය හැක..... කෙසේ වෙතත් නාස්ති කිරීමට කාලයක් නැත..... තවත් විනාඩි පහලොවක කාලයක් ඉතුරුව ඇත.... මා අසල සිටි තඩි බබක්කා සයිස් කාන්තාව නැගිට මා දෙස හෙලූ බැල්ම නම් කුමක්දැයි වටහා ගත නොහැක.... බසයේ සියලුම් උන් බැස ගිය පසු මාද සෙමෙන් නැගිට සෙමෙන් සෙමෙන් බැස ගත්තේ කොන්දාගේ ගෝරනාඩුව මැද්දේය..... ""බස් එක නැවත්තුවාම බැහැගන්නවාකො අප්ප වද නොදී"" බඩේ අමාරුව නොතිබුනානම් බස්සන හැටි මම පෙන්නනවා තොට ප_යා යනුවෙන් සිතා බසයෙන් බැසගත් මාගෙ ඊලඟ අබියෝගය වූයේ මීටර් සීයක දුර ඇවිද යෑමයි...... වැසිකිලිය බලා ගමන් අරඹා මද දුරක් යන විටදි මාගේ පසුපස ප්රදේශය දුම් දමන තරමට ගිනියම් වූයේ සට්ටම් දෙක තද කර ඇවිදීම නිසාය.... විනාඩි දෙක තුනක ගමනකින් පසු මා අදාල ස්ථානයට පැමිනියේ සැනසුම් සුසුමක් හෙලමිනි.... ඒ මොහොතේම මා යායුතු බස් රථයද බස් නැවතුම් පලවෙත ගාල් කරනු දැකීමෙන් මා හට මහත් සංතෝසයක් ඇතිවූයේ බසය පිටත් වීමට පෙර මාගේ ඒකායන පැතුම ඉටු කරගැනීමට හැකි බව නිසාය.... වහ වහා පොදු වැසිකිලි සංකීර්නය තුල වැදුනු මා එහි තිබූ වැසිකිලි හතරෙන් එකකට වැදුනේ කලිසමද බාගෙට ගලවා ගනිමිනි..... මේ මොහොතේ මාගේ එකම අවශ්යතාව විදුලි කොටමින් ගොරවමින් සැඩ සුලං හමමින් තිබූ මාගේ පස්චාත් බාගය වැසිකිලි පෝච්චියට ඉලක්ක ගත කිරීම පමනය... මල හත්තිලව්වකි මාගේ වෙලාව අන්තිම නරකය.... මාගේ නොව මාගේ පුකේ වෙලාව අන්තිම නරකය.... දොර විවෘත කර වැසිකිලි වල දෙස බැලීමෙන් මට සතර අපාය දිස් විය.... ලැට් පෝච්චිය ගොජ් ගොජ ගාමින් උතුරන්නට විය.... කැති මිටි උදලු මිටි සයිස් ප්රමානයේ ගූ බෙටි පාවෙමින් තිබින... ඒවායේ මයිල් ඇදුන පනුවන්ද සිටිය හැක.... එහා පැත්තේ වැසිකිලියේ සිටි එකා උගේ කාර්යය අවසාන වීමෙන් පසු එල්ල කල ජල පහර නිසා මා සිටි වැසිකිලියේ පෝච්චියෙන් පිටවූ පීඩනයෙන් මා බේරුනේ වහාම එලියට පැනීමෙනි.... ඒවන විටත් මාගේ බඩේ අමාරුව සහ මලපහ කිරීමේ අවශ්යතාව ආගිය අතක් නැත.... ලොව තිබෙන අප්රසන්නම වැඩේ කිරීමට වත් සුදුසු නැති වැසිකිලිය දුටු මාගේ බඩේ තිබුනු වැල මදුලු තම ගාම්බීර ගතිය හකුලා ගත්තේ මාගෙ සිතට සැනසීමක් ලබා දෙමිනි.... අතුරුදහන් වූ බඩේ අමාරුවත් සමග බසයට ගොඩවූ මා එහිවූ අසුනක වාඩි වූයේ මහත් වූ දෙගිඩියාවකිනි..... විනාඩි ගනනකින් ගමන් ඇරඹූ බසය වේගවත් ගමනකින් ගම බලා පිටත් විය... පැය බාගයක ගමනකින් පසු මාගේ ඥාති නිවසට පැමිනි මාගේ පලමු අවශ්යතාව පිලිබඳ ඔවුන් දැනුවත් කර වහාම වැසිකිලියට ගියේය.... විනාඩි පහලොවක් පමන වාඩි වී සිටියත් කිසිම ප්රතිපලයක් නැත.... පස්චාත් බාගය මහත් ආඩම්බරයෙන් වැසිකිලිය ප්රතික්ශේප කලේ පොදු වැසිකිලියේදී සිදුවූ අපහසු තාවය සිහිවීම නිසා විය හැක.... කෙසේ එදින රාත්රී වන තුරුම කිසිම වෙනසක් නොපෙන්වූ මාගේ පස්චාත් බාගය එම බරෙන් නිදහස් වනවිට රාත්රී නවයද පසුවී තිබින.... එයද වැසිකිලියේ නොව ගේ පිටුපස ඇති දොලේ සෑහෙන වේලාවක් වාඩි වී සිටීමෙනි..........

Saturday, October 27, 2018

පාලයියාගේ නාඹිරිත්තා දලු සෙවීම....


පාලයියා යනු හිත හොඳ මිනිසෙකි..... ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක ඕනෑම උදව්වක් කිරීමට නොපැකිල ඉදිරිපත් වෙන පාලයියා සමාජයට වැඩදායි පුද්ගලයෙකි..... ඉඳහිට පෙරලා ගන්න බාල්දියක් ඇරුනකොට පාලයියාට සමාජයේ මහත් පිලිගැනීමක් තිබුනි.... මලගෙයක් ,බනගෙයක් , දානේ ගෙයක් වැනි දෙයක් ආරංචි වූ විට එහි යන පාලයියා කුස්සියට වැදී කාන්තාවන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මහත් මෙහෙවරක් ඉටු කරන්නේය.... නිවැසි කාන්තාවන්ගේ රුව ගුන විඳිමින් එම කටයුත්ත ඉවර වී දිනක් දෙකක් යනතුරු එම නිවසේම ලැගුම්ගන්නා පාලයියා එයින් පිට වෙන්නේ ගෙදර කවුරුන් හරි
""පාල මල්ලි දවස් ගානක් වැඩ පාඩු කරගෙන ඉන්නේ , වැඩට ගියානම් හොදයි නේද"" වැනි කතාවක් පැවසූ පසුවය....
කාගෙන් හෝ ඉල්ලා ගන්න බයිසිකලයක් නැත්තං ත්‍රීවීලරයක් රැගෙන මෙවැනි ඉල්ලං පරිප්පු කන පාලයියා අවසානයේ අතේ පිච්චිය ඉවර වෙනකම් ජෝගි නටා වැඩපලට පැමිනෙන්නේ නයා මැරුනු අහිකුණ්ඨිකයෙකු ලෙසය.... අප කොතරම් උපදෙස් දුන්නත් ඒවා තඹේකට මායිම් නොකරන පාලයියා මෙවර දාගත්තේ එසේ මෙසේ ලෙඩක් නම් නොවේය.....
පාලයියා දන්නා කියන මිතුරෙකුගේ බිරිඳක් ඩිවෝස් බයිසිකලයෙන් පත බෑවී කකුලක් ඇමැට්ටි වී එකතැන් වී සිටියේ මේ කාලයේය..... ලෙඩා කාන්තාවක් වීමත් බෙහෙත් බැඳීමට ගෙදර සිටියේ මිතුරා පමනක් වීම නිසාත් පාලයා ඒ දිනවල එහි පැල පදියම් වී සිටියේ මිතුරාගේ ඉල්ලීමකින්ද තොරවය.... වෙද මහතා දෙන බෙහෙත් තුන්ඩු සොයා දීම රාජ කාරිය කරගත් පාලයියා ඒ සඳහා මිතුරාගේ මොටෝ සයිකලය යොදා ගත්තේය.... හතර වටේම කැලෑ රොදවල් පීරමින් බෙහෙත් පැලෑටි සෙවූ පාලයියාට වෙදමහතා මෙවර දුන්නේ නාඹිරිත්තා දලු සොයාගෙන ඒමය..... දන්නා කියන සෑම තැනකම සෙවූවත් නාඹිරිත්තා දලු සොයාගැනීම උගහට විය.... උදෑසන සිට හවස හතර වනතෙක් නාඹිරිත්තා දලු සෙවූ පාලයිය අවසානයේ ටවුමට ආසන්න කඩයක නැවතුනේ ප්ලේන්ටියක් බී විඩාව නිවා ගැනීමටය....
කඩයේදී හමුවූ වයසක පහේ මාමා කෙනෙක් සමග කතාවට වැටුනු පාල අයියා අවසානයේ ඔහුගෙන් ඇසුවේ නාඹිරිත්තා වැලක් සොයාගත හැකි ස්ථානයක් ගැනය.... තරමක් තලතුනා වයසේ සිටි මාමා ඔහුට එක්තරා ස්ථානයක් ගැන පැවසුවේය.....
පුතේ අර ##$#$ බන්ට් එක ගාවයින් පල්ලෙහාට හැරිලා යන්න ඇල කන්ඩිය දිගේම...
ඊට පස්සෙ පොඩි කෙහෙල් කොරටුවක් තියෙනවා බෙර ගහන ධර්මෙ මල්ලිගෙ.... 
කෙහෙල් කොරටුව පහු උනා විතරයි නාන තොටුපොල තියෙනවා.....
ඔන්න ඔය නාන තොටුපල ඉහත්තාවෙ තිබිලා තමයි මං වැල් දෙක තුනක් ගලවං ආවේ.... හෙමින් සැරේ ගිහින් බලාපං පුතේ..
අනේ ලොකු දෙයක් මාමෙ අද දවසම ඇවිද්දා හම්බ උනේ නෑනෙ..
කලින් අවස්තාවක මාමාගේ අවශ්‍යතාවයකට නාඹිරිත්තා සොයා අවසානයේ එම ප්‍රදේශයයෙන් සොයාගත් බව පැවසූ මාමා ඔහුට එම ස්තානයට යන මාර්ගයද පැහැදිලි කර දුන්නේ පිං තකාය.... ප්ලේන්ටියද උගුරට දෙකට ගැසූ පාලයියා දුම්වැටියක්ද දල්වා වහ වහා පිටත් වූයේ බෙහෙත් දලු ටික සොයා ගැනීමේ පරමාර්ථයෙනි..... බයිසිකලයෙන් යා හැකි දුර ගිය පාල අයියා මොටෝ සයිකලය අසල නිවසක මිදුලේ නවත්වා බෙහෙත් පැල සොයන්නට කැලයට වැදිනි.... වෙද මහතා සාම්පල් වශයෙන් ලබා දුන් නාඹිරිත්තා කොලයද සොපින් බෑගයක්ද අතින් ගත් පාලයියා දෙකට තුනට නැවී තොටුපල ඉහත්තාවේ නාඹිරිත්තා දලු සොයන්නට විය...... විනාඩි පහක පමන කාලයක් නිසොල්මනේ බෙහෙත් දලු සෙවූ පාලයියා එක්වරම නොසිතු ඇබැද්දියකට ලක් විය... දියරෙදි ඇඳගත් ශරීර ප්‍රමානයෙන් තරමක විශාල ගැහැනුන් දෙතුන් දෙනෙක් එක්වරම පැන පාලයියා අල්ලාගත්තේ පාලයියට කිසිවක් සිතාගැනීමටවත් නොහැකි ලෙසය.... බිම පෙරලාගත් පාලයා මුනින් අතට හරවා අත් දෙක පිටුපසට අඹරවා අල්ලාගත් ගැහැනුන් තිදෙන මරහඩ තලන්නට විය...... කිසිවක් සිතාගත නොහැකිවූ පාලයියා තුශ්නීම්බූතව මේ මොකද මේ කියා ඇසුවේය... කට වහපිය මොකද කියල පෙන්නන්නම් තොට කට වහගෙන හිටු කුපාඩියා කියූ ගැහැනුන් නැවතත් මර හඬ තලන්නට විය.....වරෙල්ලා වරෙල්ලා අද අල්ල ගත්තා අතටම වරෙල්ලා.... ඔය ලනු පොටකුත් අරගෙන වරෙල්ලා....
තෝ පැනලා යන්න හදන්නෙපා මරනවා පර බල්ලා...
ගුනපාලයියේ මෙහේ වරෝ.... මෙන්න මූව අල්ලගත්තා....
අහල පහල ඉන්න ඔක්කොම උන් වරෙල්ලා.......
පනින්න නම් හිතන්න එපා බල්ලා මරනව තෝව....
එකී මෙකී කතාවල් අවසානයේ පාලයා ගෑනුන්ගේ කෑගැසීම නිසා පැමිනි හැඩිදැඩි පිරිමින් කිහිප දෙනෙක්ගේ යටතට පත්විය.... තරමක කෙසඟ සිරුරක් හිමි පාලයාව කර ගසා ගත් එකෙක් නියර දිගේ ගොස් කෙහෙල් කොටුව අසලින් පාරට ගොඩ වූයේය.... සියල්ලෝගේම ඒකමතික තීරනය වූයේ පාලයාව පොලෝසියට බාර දීමය.... පොලෝසිය යනුවෙන් ඇසීම නිසා පාලගේ වචන තවත් හිරවිය.... පාලයාට වචනයක් වත් කතා කිරීමට ඉඩ නොතියා කච කච ගාන මිනිසුන් මැද පාල හොඳටෝම අසරන විය..... කෙසේ හෝ පාලගේ වාසනාවට එතනට පැමිනි අයෙකු නිසා පාලට නිදහස ලැබුනි..... එනම් පාලයා මොටෝසයිකලය නවතා පැමිනි ගෙදර හිමිකරුවා වූ ජයරත්න අයියා පාලව අඳුනාගැනීම නිසාය... වැඩේ පිටපොට ගිය බැව් වැටහුනු කාන්තාවන් වහාම විසිරගියේ ජයරත්න අයියාගේ ගෝරනාඩුව මැදය...... අවසානයේ පාලට සියලු කරුනු කාරනා වැටහිනි.... ඒ මෙසේය..... මේ ප්‍රදේශයේ කාලයක පටන් තොටුපලේ ගැහැනු පමනක් නාන වේලාවට ඇඟේ ග්‍රීස් තවරාගත් ග්‍රීස් යකෙකු සැරිසරා ඇත... කාන්තාවන් කිහිපදෙනෙක්වම අත පතගා පැන දිවූ ග්‍රීස්යකා ඇල්ලීම සඳහා ගමේ සාමාජිකයින් අවස්තා කීපයකදීම උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී ඇත.... එදා පාලයියා බෙහෙත් දලුසෙවීමට ගිය අවස්තාවේ පහල තොටුපලේ ගැහැනුන් තිදෙනෙක් දියනාමින් සිට ඇත.... මජං තැවරුනු ඇඳුමක් ඇඳ බිමට පාත් වෙමින් බෙහෙත් දලු සෙවූ පාලයියා ගැන සැක සිතූ ගැහැනුන් වහාම පැන පාලයියා අල්ලගෙන ඇත..... ජයරත්න අයියාගේ පැමිනීම නිසා පන බේරාගත් පාලයියා ආපසු පැමින ඇත්තේ මේ පිලිබඳව කිසිවෙකුටත් නොකියන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුවය....
ගරාජයට පැමිනි පාලගේ බෙල්ල මුහුන පිට කොන්ද පුරා තිබූ සීරීම් ලකුනු දැකීම නිසා මට යම් සැකයක් ඇති වුවත් මා ඒගැන විමසුවේ නැත.... පසු දිනයක වෑන් රථය සෑදීමට පැමිනි ජයරත්න අයියා කිසිවෙකුට නොපවසන ලෙස ඉල්ලා සියලු විස්තර මාගේ කනේ තැබුවේය..... එතැන් සිට පාලයා දකින විට නාඹිරිත්තා යනුවෙන් පැවසීමෙන් අමු තිත්ත කුනුහරුප රාශියක් අසාගත හැක.......