Showing posts with label පට්ටලයා. Show all posts
Showing posts with label පට්ටලයා. Show all posts

Tuesday, October 23, 2018

පට්ටලේ අයියට ලැබුන එෆ් එම් චැනල් දිනුම...


වැඩ පලේ තිබුන රේඩියෝව අපට මහත් වස්තුවක් වූයේ ගරාජය තුල වැඩිම කාලයක් කිසිම රෙපෙයාර් එකක් නැතිව පාවිච්චි කල එකම බවුතික (භෞතික😂ලියන්න පුලුවං) වස්තුව එය බැවිනි.... පට්ටලේ අයියාගේ මහගෙදර තිබූ මෙම රේඩියෝව ගරාජයට එනවිට අපි ඉපදීවත් නැති බව එහි ඇති ප්රාග් ඓතිහාසික යුගයේ කැරපොතු පොසිල,මකුලු බිත්තර වැනි සත්ව කොටස් වලින් මොනවට පැහැදිලි වේ... පට්ටල් කාමරයට කෙලින්ම උඩතට්ටුවේ පිහිටි පට්ටලේ අයියගෙ කාමරේ තිබුනු මෙම රේඩියෝවේ නාදය පහලට ඒම සඳහා පට්ටල් කාමරේට සහ එලිය්ට කුඩා ප්රමානයේ බෆල් දෙකකින් ඩොල්බි ඩිජිටල් සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් නිර්මානය කර තිබින.... මොනම හේතුවක් නිසාවත් කිසිවිටක ක්රියා විරහිත නොකරන වෑර්ලස් යන්ත්රය නිහඩ වන්නෙ විදුලිය ඇන හිටීමෙන් පමනි... මෙම රේඩියෝව පිලිබඳවත් ඉල ඇඳෙන කතා රාශියක්ම ඇත...
කතාවට යමු....
උදෑසන පහමාරේ පිරිත් දේශනාව සවන්දීමෙන් පසු වෙනම සිංදු චැනලකට කරකෝන පට්ටලේ අයියා දවසෙ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඉන් පසුය... තේ පානය, අස්වයින්ට කෑම දැමීම වැනි රාජකාරි උදෑසන හතට පෙර ඉවර කර වැඩට පල්ලම් බැසීමේදී පලමු රාජ කාරිය වන්නේ වොලියුම් වැඩි කිරීමයි... ඉන් පසු ගිරවුන් වැනි නිවේදිකාවන්ගේ ඇඟ කිලිපොලා යන වදන් වලින් මුසපත් වෙමින් අයියා වැඩ කරන්නේ තරුන අපිව පයිසෙකට නොදාය..වැඩ අඩු සෑම දිනකදීම පට්ටලේ අයියා කොහොම හරි සින්දු ඉල්ල්න පොරෝගැරෑම් එකට කතාකොට සින්දුවක්ද ඉල්ලා ගනියි... ඒකට අපේ නම් කීමටත් වැඩපලෙ නම කීමටත් අමතක නොකරන ඔහු, සින්දුව ලැබීමෙන් පසු ඇවිදින්නේ විලුඹේ ගල් තැලුමක් ආ කලක මෙනි.. මෙය දිහා ලොක්කා සමග එක්වී ශේප් එකේ බලා සිටීමෙන් අපිත් ලබන්නේ කුරිරු වින්දනයකි.....කෙසේ හෝ එකල අප විසින් රජයට මුදල් ගෙවා ලයිසන් කර ඇසූ රේඩියෝ මෙකල අපට සල්ලි ගෙවා බලෙන් ඇස්සවීමේ අතුරු පලයකින් අපේ පට්ටලේ අයියාත් පීඩා විදින්නට විය.... එනම් කොයි මොහොතක හෝ නාලිකාවකින් කතා කර ඔබ අසන රේඩියෝව කුමක්දැයි අසා ටක්කෙටම නම කිවූ පසු සල්ලි දෙන වැඩ සටහනකින් අමතා දෙන ලස්සයක් හමාරක් ලබා ගැනීමේ ආසාවයි...
පසු කලක මෙය උග්ර තත්වයට පැම්නීමත් සමග මෙයින් කුරිරු ආතල් එකක් ගැනීමේ පවිටු චේතනාව මාතුල රජ කරන්නට විය.. වැඩේට බැසීමට පොටක් පාදා ගැනීම අපහසු ඌයේ නිර්නාමික සිම්කාඩ් පතක් නොමැති වීමෙනි... කෙසේ හෝ නොසිතූ මොහොතක පාරේ තිබී වාහන වලට යටවී අනේකවිධ දුක් විදි වන්වන් ඩබල් සීරෝ ජංගම කතනයක් හමු වෙන්නෙ මේ කාලයේදීය... සෙනිකව ඇහිදගත් එය පරීක්ශා කිරීමේදි හමුවු සිම් කාඩ් එක යහපත් සවුක්කය තත්වයෙන් තිබීම මාහට මහත් සතුටක් ඌ අතර වහාම එය පරීක්ශාවට බදුන් කිරීමෙන් පසු සේවයට වාර්තා කලේ අදාල රාජ කාරිය සදහා පමනි.... දින කීපයක සිට සිතින් පෙර පුහුනුවීම් කල මම අදාල දිනයේ සවස් වරුවේ ලබාගත් ප්රසූත නිවාඩු ආ නෑ නෑ ලෙඩ නිවාඩුව මෙයට යොදා ගත්තේ මෙලෙසය....අංකය ඩයල් කර පරන මේස් එකකට දැමූ ජංගිම දුරකතනය කනේ තබා ගත්තෙමි....
හරි රින්ස් යනවා කූක් කූක් කූක් කූක්
පට්ටලෙ අයියා= හලෝව්....
මම නිවේදකයා= හලෝව් මම කතාකරන්නෙ ව්ශේස වැඩ සටහනකින් අපිට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..
ප අ= ආ පුලුවන් මොකක්ද වෙන්න ඕනි මහත්තයා.....
ම නි= අපිට කියන්න පුලුවන්ද මහත්තයා පාවිච්ච් කරන්නෙ සබන්ද නැත්තං රින්සෝ වැනිදෙයක්ද...
ප අ= අපිනම් පාවිච්චි කරන්නෙ රින්සො තමා ඇඟේ ගාන්නෙ නම් සබන්
ම නි= එතකොට මහත්තයා වාහනයක් පාවිච්චි කරනවාද නැත්නම් පාරෙ බස් එකේද ගමන් කරන්නෙ...
ප අ= ආ මට මොටෝ සයිකලයක් තියනවා මහත්තයා....
ම නි= හොඳයි මට කියන්න පුලුවන්ද මහත්තයා අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියල...
ප අ = %*%**$ එෆ් එම් තමයි අහන්නෙ....
ම නි= ඔව් ඔබ අහන්නෙ *%*$ එෆ් එම් නම් ඔබ ජයග්ර්හනය කරනවා සතියේ විශාලම ජය මල්ල රුපියාආආආආල් පනස් දහසාආආආආඅක්. මොකද හිතෙන්නෙ %%&#& මහතා මේ ගැන..
ප අ= මට හරිම සංතෝසයි ඇත්තට මම උදේ ඉදන් අහන්නෙ &$***එෆ් එම් එක
දවසෙම දාලා තියෙන්නෙත් $*$*$*එෆ් එම් එක... බොරුනම් බලන්න මහත්තයා
මේදැනුත් දාලා තියෙන්නෙ *$*#*එෆ් එම් එක...මට හරීම සංතෝසයි මමදන්නවා මහත්තයාල මට කතාකරනව කියලා...මම සිංදුත් ඉල්ලගෙන තියනවා සෑහෙන්න
ම නි= හොඳාආආආආයි ජය වේවා කියනවා.... මේ තෑගි මුදල *$*$* මහත්තයාට ලබා ගැනීම සඳහා පැමිනිය හැකි ලගම නගරය මේ අතරින් මොකක්ද....$&$*#*& $&$**#*$$&$ &#*#*#*#*
ප අ= &$$$#* ටවුම තමා ලගම
ම නි= හොදයි එහෙනම් හෙට උදේ හත හමාරට $&$*#*# ඇවිත් $&#*#& පාරෙ &$*#*& බිල්ඩින් එකේ පස්වෙනි තට්ටුවෙ අපෙ ඔෆිස් එක තියනවා...ජාතික හැදුනුම් පත ඉදිරිපත් කර සල්ලි ගන්න පුලුවන්......හොඳායි ජයවේවා කිව්ව එහෙනම්...
ප අ = ජය වේවා $*#* ඇහුවොත් සල්ලි තමයි
මේ දෙබස මීට වඩා දිගට තිබුනත් ලිවීමේ අපහසුව නිසා කෙටියෙන් ලිවීමට අදහස් කලේ වෙලාව පසු වීම නිසායි..... කිසි දිනක මෙවැනි නිවේදන කටයුත්තක් කර නැති මා එයින් නැගිට්ටේ ඉහින් කනින් වතුර මෙන් බේරෙන දාඩිය පොල්ලත් සමගය..... වැඩ පලේ උඩ තට්ටුවේ කෙරවලේම සිටි මා පහලට ආවේ විනාඩි දහයක පමන කාලයක් බඩ අල්ලාගෙන හිනාවීමෙන් අනතුරුවය... මට අවශය වන්නෙ පට්ටලයාගේ මූන බැලීමටය... පාල අයියාගේ ඇසුර නිසා ලද ඕනෑම කුප්ප වැඩක් කර සද්ද නැතුව සිටීමේ ආභාශයේ පිහිටෙන් මම කට පියාගෙන පහලට බැස්සෙමි. රේඩියෝව මහ හයියෙන් දාගෙන අයියා කට කන්දෙකේ තබාගෙන සිටින අයුරු දුර සිටම දැක ආපු හිනාව නවත්තා ගත්තේ දැඩි ආයාසයකිනි........ පට්ටල් කාමරයට ආ පසු පට්ටල් කාමරයේ තිබෙන යකඩ පයිප්ප දම්වැල් වැනි දේ දැකීමත් පට්ටලේ අය්යගේ අතකට හිරවූ පයිප්ප පාරක් කෑමෙන් මට ඇතිවෙන අර්බුධ කාරී තත්වයත් සිහිපත් වීම කරුනු කොටගෙන මාගේ සිනාව යට ගියේ මටත් නොදැනිමය....
මාදුටු පට්ටලේ අයියා කිසිදු වෙනසක් නොපෙන්වා සිටීම මා තුල මහත් සැකයක් මෝදු කිරීමට හේතුවිය... වෙනදා මෙන් මා සමග කතා කල අතර යමක් සැගවීමට උත්සාහ කරන බවක් මට පෙනුනේ මා කාරනාව දන්නා බැවිනි... කෙසේ හෝ ස්වල්ප වේලාවක් වැඩ කල ඔහු මාත් සමග තේ පානය සඳහා ගිය අතර, කඩේදී ලොකුම ලොකු ඇම්බුන් ගෙඩියක් සමග ක්රීම් බනිස් ඩබලක්ම අරං දුන්නේ
මා පුදුමයට පත් කරමිනි.... හේතුව සිහිවීමත් සමග බනිස් සහ කෙසෙල් ගෙඩි කට ඇතුලේ වෙන වෙන පාරවල් වල යෑමෙන් ආපු කැස්ස නතර උනේ පට්ටල් අයියා ජේසීබී බකට් පින් එකකට ගහන කුළුගෙඩි පහරවල් දෙක තුනක් අත මිට මොලවා ගසා "කෑම කිව්වොත් උඹලත් අනේ මන්ද" කියා කියූ පසුවය... තේ පානයෙන් පසු බුලත් විට දෙකකුත් ගෙන එකක් මටදී ආපසු ගියේ වීල් පාක් එකේ එකාට අද හවසට මාත් එක්ක ටවුන් යන්න ලෑස්තිවෙලා සිටින ලෙස කියාය.....පහමාර වෙනකොට වැඩ නවතා නෑමෙන් පසු අයියා ටවුන් ගියේය...ඔහු ආපසු ආවේ අතින් කටින් එල්ල ගත් බඩුවගයක්ද සමගය....කෙසේ හෝ හවස් යාමය වනවිට බෝතල් දෙක තුනකින් මස් හට්ටියකින් සමන්විත පාටියක් පටන් ගත්තේ පට්ටලේ අයියාගෙ පූර්න අනුග්රහයෙනි....පාටියට හේතුව විමසූ අයට ඔහු ලොරි ටෝක් දුන්නා මිස කිසිදු පිලිතුරක් නොදුන් අතර නිකං හම්බවෙනවනම් මන්න පාරක් උනත් කමක් නැති ගජයො සෙට් එක පාටිය පවත්වාගෙන ගියෝය...... රාත්රී දහය වනවිට හාර පන්දහක් කුඩු කරමින් පාටිය නිමාවී සියල්ලොම සතුටින් විසිරී ගිය අතර මාද නින්දට වැටුනි.......
පසුදා උදෑසන තේ පානයට ගිය මා දුටුවේ ජැන්ඩියට හැඳ පැලදගෙන සිටින පට්ටලේ අයියාය... මම පොඩි ගමනක් ගිහින් එන්නම් කී අයියා බසයක නැගී %&$*$* නගරය දෙසට යනවිට මට ඇති වූ හැගීමනම් කුමක්ද යැයි මෙය ලියන මොහොතේත් මට සිතා ගත නොහැක... මේක දැනගත්තොත් නම් මූ මාව පුක පැත්තෙන් පට්ටලේට අල්ලා සෙන්ටර් නොකරම බකට් පින් එකක් වෙනකම් ලියවන බව සක්සුදක් සේ විශ්වාසය....... උදේ අටහමාර වෙනවිට අයියා ආවාය... ආවා නොව ගැරිජ් එක දෙසට විද්දාය...... වහාම උඩට ගිය අයියා යුනිෆෝම් එක මාරුකර පහලට ආවේ විදුලියෙනි.... පට්ටලය කාමරය ඇතුලට රිංගු අයියා මා මෙතෙක් කල් අසා ඇති සියලුම කුනුහර්ප වලින් විවිධ ස්වර පරාස වල ස්ලෝකයක් කියමින් ප්රසාද් අර හු&$*$* ගෙනපං මේ හු$&#& ගෙනපං කියමින් වැඩ කරන්නට විය.... කෙසේ හෝ දහවල් කෑම වෙලාව එනවිට යාන්තම් ප්රකෘති තත්වයට ආ අයියා සමග කෑමට වාඩි වූ මම අයියෙ මොකද නිකං අවුලෙන් වගේ ඇසුවේය.... නෑ බන් මේ මේ නෑ නෑ බන් අවුලක් නෑ ...යනුවෙන් තෙපර බෑ ඔහු කිසිවක් නොකීවේය.....මෙහෙවෙච්ච දේ දුටුවත් එහෙ වෙච්ච දේ දැන ගැනීමේ ආසාවනම් මට නැති උනේම නැත.... මේ කතාව ලියන මොහොත වනවිටත් පට්ටලේ අයියා මේ කුප්ප නින්දිත ක්රියාව කලේ කවුද යනු නොදනී..... මොනයම් ක්රමයකින් හෝ මෙය දැන ගත්තා නම් මට අත්වන බයානක ඉරනම බොහෝ විට හම ගලවා ලුනු දැමීමෙන් මෙහා නොනවතින බවනම් සක්සුදකි.....
කිහිප දිනකට පසු පට්ටලේ අයියා මාගේ හොර දුරකතන අංකය මටම පෙන්වා මේ නම්බර් එක දන්නවාදැයි ඇසූ විට අනේ මන්දා අයියෙ මටනම් මතක නෑ කියා ශේප් වනවිටනම් වැසිකිලි අවශ්යතාවක් නොතිබුනාම නොවේ............ මා හිමින් සැරේ එතනින් මාරු වුවත් මාගේ වෙනස අයියට හසුනොවීම මාගේ පෙරකල පිනක් නිසා සිදුවිය....
කෙසේ හෝ වැඩි කල් නොගොස්ම කාරනය එලියට ආවේ මගේ මිතුරෙකුගෙනි..... අදාල ආයතනය වෙත ගිය අයියා එතන සිට් අයෙකුගෙන් විස්තර අසා ඇත... ඔවුන් කියා ඈති පරිදි අදාල කාරයාලයක් ඒ පලාතක නැත.... නෑ නෑ මෙතන තමා තෑන කියමින් පොඩි වචන හුවමාරුවකුත් ගොස් ඇත.... පසුව ඔවුන් අදාල අංකයට ඇමතුමක් ගෙන බලන ලෙස පවසා ඇත... කොහේ වැඩ කරන්නද සිම් එක පෝන් එකේවත් නැත..... පසුව මහසෙනග ගොඩක් ඉදිරියේ හතර විලි ලැජ්ජාවට පත්වූ අයියා ආපසු පැමින ඇත... මෙය මට කියූ එකා අදාල ස්ථානයේ ඒ මොහොතේ සිට ඇත....
ඉන් පසු කිසිම දිනෙක පට්ටලේ අයියා සින්දු ඉල්ලනවා අපි දැක නැත.....
මේ මොහොත වන විටත් මේ මර උගුල ඇටවූ එකා කවුදැයි පට්ටලේ අයියා දන්නේ නැත...

Saturday, October 13, 2018

...........පාල අයියාගේ ලොතරැයි දිනුම.....



අප වැඩපලට නිතරම ආගිය වෙලෙන්දන් කිහිප දෙනෙක් විය....කලිසම් කමිස වෙලෙන්දන් , කැල්කියුලේටර් ඔරලෝසු වෙලෙන්දන් , ලොතරැයි වෙලෙන්දන් , වැනි ලෝකෝත්තර පප්පලා අතරින් විශේශ තැනක් හිමිවූයේ ලොතරැයි අලෙවි නියෝජිතයාටය....ඉරිදා හැර සතියේ සෑම දිනකම වැඩපලට පැමිනෙන ඔහු සෑහෙන වෙලඳාමක් කරගන්නෙ වැඩ පලේ සාමාජිකයින්ට සහ වැඩ පලේ සිටින ගනුදෙනු කරුවන්ට මහා ජයමල්ලකට උරුම කම් තිබෙන බව පවසාය......මමද ඉඳහිට ලොතරැයියක් මිලදී ගන්න අතර කිසිම දිනෙක සත පනහකවත් දිනුමක් ලබා නැත..... පට්ටලේ අයියාද ඉඳහිට ලොතරැයියක් මිලදී ගන්න අතර එය ඔහුගේ කාමරයේ ධන ලක්ශ්මී රූපය අසලින් රඳවා තබන්නෙ පසුදින ප්‍රතිපල බැලීමේදී ප්‍රෙශර් නගින තරමට දිනුමක් ලැබේවා කියා සිතා විය හැකිය.....😂😂....දිනපතා අශ්වයින්ට කෑම දමන (රේස් තුන්ඩු) දමන පට්ටලේ අයියා ඉඳහිට වදින අස්වලාඩම් පහරකින් (තුන්ඩුවකින්) අපටත් ලොසින්ජරයක් හෝ ලබා දීමට තරම් කාරුනික විය.......

දිනක් සෙනසුරාදා දිනයක ගිනි මද්දහනේ පැමිනි ලොතරැයි මාමා වටේ සියල්ලෝම එක් රැස්වුනේ එදිනට තියන ලොතරැයි කිහිපයකම සුපිරි තෑග්ග විශාල මුදලක් වූ බැවිනි.....අහවල් එක කෝටි පහයි , අහවල් එක කෝටි හතරහමාරයි , වශයෙන් පවසා කට්ටිය පෝම් කල මාමා සුවිප් හතලිහක් පනහක් විකුනා ගත්තේය....දකින දකින කෙහෙල් මල්වලට හොම්බ දැමීමේ කුජීත පුරුද්ද නිසා මාද ලොතරැයි දෙකක්ම ගත්තේය..... මේ අසලට වී බලාගෙන සිටි පාල අයියාටද සුවීප් එකක් ගන්න ලෙස පැවසු සුවීප් මාමා පාල අයියාව මෝරා කර තවත් සුවීප් දෙකක් විකුනා ගත්තේ ""ඇදුනොත් කාටද"" යනුවෙන් පවසමිනි... කරුමෙට හෝ බඩුපත්තු වුවහොත් පාලයියා මොන්ටේරෝ එකෙන් සන්ග්ලාස් දෙකකුත් දමාගෙන ගැරිජ් එක ඉස්සරහින් බහින අයුරු සිහිපත් කරගෙනම ලොතරැයි දෙක ගත්තේ මහත් බක්තියෙනි....

හවස් වරුවේ නා ඇඳ පැලඳ ගත් මම සහ පාල අයියා රාත්‍රී කෑම සඳහා විකල්පයක් සොයමින් යනවිට පට්ටලේ අයියා මස් හොද්දක් සාදා ඇති බවත් ඉඳි ආප්ප ගෙනාවා නම් කෑමට හැකි බවත් පැවසුවේය....මෙය ඇසූ පාලයියා පැවසුවේ උඹේ බයිසිකලේ තියනවනේ ටවුමට ගිහින් ඉදි ආප්ප සහ පාන් ගේන්න උඹට පුලුවනිනේ කියාය.....රාත්‍රී අටට පමන ඉඳි ආප්ප ගෙන ඒමට පිටත් වූ මම ඉඳි ආප්පද පාන්ද රැගෙන එනවිට වටිනා කියන දෙයක්ද රැගෙන ආවේය....එනම් එදා රාත්‍රී ලොතරැයි ප්‍රතිපලය ලියාගත් කොලයකි...පට්ටලේ අයියා ගෙ කාමරයට පැමිනි මා ඉඳි ආප්ප පාර්සලය මේසය මත තබන ගමන් "" ""පාලයියේ ඔන්න අද ලොතරැයි වලින් ලක්ශ පනහේ තෑගි දෙකක් අපේ ප්‍රදේශයට ඇදිලා"" ඇති බව පැවසුවේ බොරුවටය.. මෙය කියූ සැනින් තම ලොතරැයි පත පරීක්ශා කල පට්ටලේ අයියා කියා සිටියේ තමන්ට නම් සතපහක වත් දිනුමක් නැති බවය...පසුව ඉඳී ආප්ප හැටකුත් පාන් ගෙඩියකුත් එලොව යැවූ අප තිදෙනා පැය කාලක පමන කාලයක් ලොතරැයි දිනුම් පිලිබද සාකච්චා වටයකින් පසු විසිරි ගියෙමු....පාලයියාත් මමත් සිටින කාමරයට යන විට පාලයියා මගෙන් ලොතරැයි දිනුම් අංක ලියූ කොලයද ඉල්ල ගත්තේය.....

කාමරයට ගිය පසු මාසයකින් වත් ජලය නොදුටු සරම පටලා ගත් පාල අයියා ලොතරැයි අංක පරීක්ශා කරන්නට විය... පලමුව අහවල් සම්පත අංක පරීක්ශා කල පාල අයියා විස්සට නම් ඇදිලා බන් කියන විටත් මා ඇඳට වැටී රෙද්දද ඉහේ ඉදන් පොරවාගෙන අවසන්ය......ඉන්පසු පොරවාගෙන සිටි රෙද්ද අස්සෙන් මා දුටුවේ පාල අයියා ඊලඟ ලොතරැයිය හෙවත් අහවල් වාසනාව පරීක්ශා කරනු අයුරුය.....අංක ලියූ කොල කැබැල්ල දෙස බලා ලොතරැයිය දිහා බැලූ පාලයියා දුන්නක් මෙන් කෙලින් වූයේ සැනෙකිනි.....එක විටම දෙතුන් වරක් මාරුවෙන් මාරුවට ලොතරැයියත් කොල කෑල්ල දෙසත් බැලු පාලයියා මහත් කලබලයෙන් ඔලුව කසමින් කාමරය තුල එහෙ මෙහෙ යමින් හැසිරෙන අයුරු මා බලා සිටියේ විමතියෙනි......

පාලයියා මොකෝ බන් දගලන්නෙ උඹ නිදාගන්නෙ නැද්ද.......

නෑ න්නැහ් ඕ ඔහ් නිදාගන්නහ් ඕනි.... ඕහ් උඹ නිදා ගනින්..ඔව් ඔව් උඹ නිදා ගනින්

මට මේ මේ මම ලැට් එකට යන්න ඕනිහ්....උඹ හිටපං මම ලැට් එකට ගිහින් එන්නංහ් බඩ රිදෙන්න ගත්තහ් මොකද මන්දහ්....හිටහං මං ගි ගිහින් එන්නං

කියූ පාලයියා අසුරු සැනෙන් පහලට ගියේ මාව අන්ද මන්ද කරමිනි....

සිදු වුන දේ ඉවෙන් වගේ දැනුනු අතර මා වහාම පාලයියා ඉන්න දෙසට යන විට දුටුවේ පහල කාමරයේ ලයිට් එක යටට වී නැවතත් ලොතරැයිය පරීක්ශා කරනු අයුරුය....ඔව් ඔව් පාලයියාට දිනුමක් ඇදී ඇත....එය ලක්ශ පනහක් විය හැක...
පාලයියාගේ සියලු ආතල් ටික දැන් ඔහුගේ දෑතේ සිරවී ඇත.....විනාඩි දෙකක් පමන කල්පනා කල පාලයියා...ලොතරැයි පත පර්ස් එකට දමා ගත්තේ වෙවුලමින් බව මට සිතුනි.....මම වහා දිවගොස් ඇඳට පැන නිදා ගත්තේ පාලයියාට නොදැනෙන්නටය....එදා රාත්‍රී පාලයියාට නින්ද ගියේ නැත....අවස්තා කීපයකදීම ඇහැරුනු මා දුටුවේ පාලයියා වතුර බොමින් නිදි වර්ජිතව සිටින බවකි....ලක්ශ පනහක් ඇදුනු විට නිදාගන්නෙ මොන මෝඩයාද😂 කියා සිතමින් මමද පාලයියාට කරදර නොකිරීමට වග බලාගත්තේය.....කෙසේ හෝ පසුදා උදෑසන පහමාර වෙනකොට නැගිට ගත් පාලයියා පහලට ගොස් නොපෙනී ගියේය.....එදින අට වන විටත් වැඩ පලට නොපැමිනි පාල අයියා ගැන ලොක්ක විමසූ විට මට දීමට උත්තරයක් නොතිබිනි.....දහවල් දහය හමාර වනවිට සියලු විස්තර දැන යකා ආවේශ වී පැමිනි පාල අයියා මා සොයන්නට පටන් ගත්තේ ජී අයි පයිප්ප කෑල්ලකුත් අතේ තබාගෙනය...ඒ වන විටත් පට්ටල් කාමරයෙ සිටි මම අනික් පස දොරටුවෙන් ඩිස් මිස් වුනේ කාටත් හොරාය.......පාල අයියාගෙන් මෙවැනි ප්‍ර්හාරයක් බලා පොරොත්තුව සිටියේ ඊයේ සවස සිටය..... ඒ මෙසේය....සියල්ලන්ටම කලින් නාගත් මම උඩ කාමරයට යන විට පාලායියා සවස මිලදීගත් ලොතරැයි පත් දෙකත් , පෝන් එකත් , ලයිටරයත් මේසය උඩ අමතක වී ගොස් තිබින... දුර දිග නොසිතා හිතට ආ කුප්ප වැඩේ එවෙලෙහිම ක්‍රියාත්මක කලේ පාලයියාගේ අහවල් වාසනාවේ අවසාන අංක ලියා ගනිමිනි...සැලසුමේ දෙවනි පියවර වශයෙන් පාලයියාට රාත්‍රී ආහාරයෙන් පසුව ලබාදුන් කොල කැබැල්ලෙ ලියා තිබුනේ මා විසින් කලින් බලාගත් අංක ටිකය.😂😂

පයිප්ප කැබැල්ලත් ගෙන මා පසුපස එන පාලයියාගෙන් බේරීමට ලොක්කා අසලට දිවූ මුත් යකා නැග සිටි පාලයිය ලොක්කාගේ වදන් සත පහකට මායිම් නොකලේය...වැඩේ හොදටම කෙලවුනු බව දැනගත් මා පාරට පැන දුවන්නට විය...වර්තමානයේ තරමක මහතක් තිබුනද ඒ දිනවල කටුස්සෙක් මෙන් ස්පෝට් මීට් සරීර කූඩුවක් හිමිව තිබූ මාව ඇල්ලීම පාලයියාට සිහිනයක් වුවත් ආවේශවී තිබූ යකාගෙ පවර් එක වැඩි නිසා පාල අයියා මා හඹා ඒම නම් නැවැත්තුවේ නැත.... දෙමල ච්ත්‍රපටයක දර්ශනයක මෙන් මා මරන්නට එන පාලයියාගේ දිවීම ඉද්ද ගැහුවා මෙන් නතරවූයේ වාසනාවකට මෙන් කොහේදෝ සිට ඉදිරියට පැමිනි පොලිස් ජිප් එක නිසාය....අප දෙදෙනාගේ අධි වේගී ධාවනය දුටු ජීප්පුවද නැවැත්වූයේ පාර මැදමය...ඒවන විටත් ජීප්පුව අසලට ලංවී සිටි මම එහි සිටි ඩ්‍රයිවර් රාලහාමි අඳුනාගත්තේ උපැස් යුවලෙනි....

ආ මේ සේනාරත්න මහත්තයානෙ..

කොහෙද බන් දුවන්නේ......මොකෝ අර පාලයා උඹ පස්සෙ එලවන්නේ...මොකො කේස් එක යනුවෙන් ප්‍රශ්න රැසක් ඇසූ රාලහාමිට උත්තර දීමට පෙර ජීප්පුවට අඩි පනහක් දුරින් සිටි පාලයියා දෙස බැලුවෙමි.....යකඩ පයිප්ප කෑල්ලක් අතේ තියන් සිටි පාල අයියා මගේ බැල්මත් පොලිස් ජීප්පුවේ ඩ්‍රයිවර් උන්නැහේ අත වැනීමත් නිසා මහත් සේ කලබල වී වැඩේ කෙලවුනා යැයි සිතා එක් වරම ක්‍රෝටන් වැටියෙන් රිංගා ""සර බරස් හඬ නගමින් "" අතුරුදහන් වූ හැටි මට තාම මතකය..පාල අයියා පොලීසියට පට්ට බයය........

""පොඩි ජෝක් එකක් කලා.....මූට මල පැන්නනේ ඔය බොරුවට ගහන්න එලවන්නෙ" යි කියා රාලහාමි පිටත් කල පසුව සෙමෙන් සෙමෙන් ගරාජයට ගිය මම ලොක්කාට විස්තරේ කියා වැඩේ ශේප් කර ගත්තත්....සතියක් දෙකක් යනතුරු පාල අයියා ඉන්න තැනකින් වත් යාමට උත්සාහ නොකලේ සරීර ආරක්සාව නිසාමය....

Saturday, August 4, 2018

වෙද මහතාගේ ගස්ලබු කැඩීම

බාස් විත්ති උනාට මේකෙනම් ගැරිජ් එකවත් පාල අයියවත් නෑ... ඉන්නෙ මමයි පට්ටලේ අයියයි වෙන යාලුවො දෙන්නෙක් විතරයි.....එක යාලුවෙක් තමා වෙද මහතා....ගැරිජ් එකට පහලින් තිබූ ගෙදර තනියම තමයි මෙයා හිටියෙ.
අනිත් කෙනා සංගීත ගුරුතුමා...වයස් පරතරේ ලොකු වෙනසක් තිබුනත් අපේ හිතවත් කම දිගටම පැවතීමට එක හේතුවක් තිබුනා.❤️❤️❤️..ඒ තමයි අපි හතර දෙනාගෙම ක්‍රිකට් මැච් පිස්සුව.....එකෙකුට එකෙක් දෙවනි නැති දැනුමත් එක්ක හරඹ කරමින් ක්‍රිකට් මැච් බැලීම අපිට තිබුනු විශාලම විනෝදාංශයක් උනා...

මෙහිදී අපේ නැරඹුම් මැදිරිය උනේ මැදිවයස පසු කරමින් තනිවම ජීවත් වන වෙද මහතාගෙ ගෙදරයි.. දඩ පතාර ටීවී එකයි ඕන කෑමක් හදාගැනීමට ඉඩ ඇති කුස්සියයි. මදුවිත වැඩිවී හාන්සි පයිස් ගැහුවත් සද්ද දාන්න එකෙක් නැති වීමයි නිසා මේක අපට තෝතැන්නක් උනා. ඒවගේම හතරදෙනාම එකම ප්‍රමානයට මදුවිත පානය කලත් හතර දෙනාගෙ වෙරිය හතර විදියක් උනා...හයේ හතරෙ පොරක් වෙච්ච් වෙදමාමාට සොට් එකක් යනු කඩියෙකු කාපු සීන් එකකි... ඒ උනත් අපේ සංගීත ගුරුට දෙක වනන විට සරිගම පැටලී ශෘතියෙන් පැන😝😪😫😓 පුල් හින්දුස්තාන් වීම අනිවාර්යය තත්වයකි...පට්ටලේ අයියා කාලක්‍රියා කරන පොරක් බැවින් මෑන් අවුලක් නැත.... 🍷🍷🍷බීම පිටුපස පැන්නුවේ නැති උනත් මමත් ග්‍රෑම් ගනනක් දාගන්නේ මුන්ගේ විකාර වලට හොඳසිහියෙන් උත්තර දෙන්න බැරි නිසාමය.

ඔන්න දවසක් අපිට අතාරින්නම බැරි වෙච්ච මැචක් සෙට් උනා ඉන්දියාවයි ලංකාවයි ටී 20 එකක්...දිවා රාත්‍රී එකක් හින්දා දවාලෙම අවශ්‍ය කරන පාන වර්ග අඩුම කුඩුම ටික ගෙනත් ස්ටොක් කලා...හවස් වීගෙනෙ එනකොට කට්ටිය සෙට් වෙලා මැච් එක පටං ගන්නකං එකා සොට් එක එක අනුමත වෙලා
බයිට් එක හදන්න පටං ගත්තා..... හතර දෙනාගේ අදහස් අනුව හැදූ මස් කරිය හිතුවටත් වඩා කොලටියට ආවා....ඕක හදල ඉවර වෙන කොටම මැච් එක පටං ගත්තා...ටක් ගාල මස් දීසියක් අරගෙන සාලෙන් වාඩිවෙලා වැඩේට සෙට් උනා.. පුරුදු පරිදි අවශ්‍ය ප්‍රමාන වලින් අනුමත වෙමින් බයිට් කමින් ලංකාව ගහන එක දිහා බලන් හිටියා....හයේ හතරෙ පාරවල් ටිකක් වදිනව දැක්ක පට්ටලේ අයිය ඒකෙ ආතල් එකටද මන්දා රෑ කැමට මස් හොදියි ඉදි ආප්පයි කන්න යෝජනා කලා.. එහෙනම් ලංකාව ගහල ඉවර උනාම රෑ කඩේට ගිහින් අරං එමු කියල . මැච් එක ඉවර උනා විතරයි පරන පුරුදු ඇල පාර අයිනෙ ශෝට් කට් එකෙන් දාලා එන්න පිටත් උනා..ගෙයින් එලියට එනකොටම ගුරාට වැඩියි කියල අපටතේරුනත් පුරුදු වෙන පොරක් නෙවෙයිනෙ කියල ඇල අයිනෙ කෙටි පාර දිගේ ආවා.... ඇව්ත් ප්‍රදාන පාර ගාව නතර වෙච්ච අපි තීරනය කලා වෙරි අඩුවෙන්ම ඉන්න අපිදෙන්න රෑ කඩේ යන්නත් . බඩු වැඩි වෙච්ච වෙදමාමයි ගුරුයි ලගම කඩෙන් සෝඩා බෝතලයක් අරන් ආපහු යන්නත්....

ඔන්න මායි පට්ටලෙයයි යනවා රෑ කඩේ යන්න... පාලම මැදක් යනකොට වෙද මාමා මරහඩ තලන සද්දෙට අපි දෙන්න බයවෙලා ආපහු ආවා. බලනකොට අඩි පහලොවක් විතර උස ඇල කන්ඩිය අයිනෙ වෙද මාමා ගස්ලබු ගෙඩියකුත් අතේ තියාගෙන අන්න අරූ ගනින් අන්න අරූ ගනින් කිය කිය කෑගහනවා... ගුරා නෑ පේන්න....පොඩ්ඩක් විපරම් කරල බලනකොට ගුරා ඉන්නා ඇල කන්ඩියේ බඩ ගාගෙන... මොකක් නමුත් අලකලංචියක් වෙලා තියන නිසා දඩි බිඩි ගාලා මම පල්ලට පැනලා අමු හෙලුවෙන් හිටි ගුරාව ඇදල ගත්ත උඩට ...මේක යකෝ තනිකර මඩ කරියා වගේ මඩ නාලා , කෙටල ගස් බෙල්ලෙ, තනකොල කටේ , ඇදං හිටපු සරම ඇලේ.. ජොකා දාලත් නෑ.,දනිස් පොල් කටු ලෙලි ගිහින් මොන මගුලක් කරන්න ගියාද හිතාගන්න බෑ...වෙද මාමගෙන් ඇහුවම මිනිහ කියනවා පස්සෙ කතා කරමු...ඉස්සෙල්ලම මූවගෙදර අරං යමු කියලා...ඔක්කොම වැඩ පැත්තක තියලා වෙද මාමා සරමට යටින් ඇදපු කලිසමත් ගලෝලා අන්දෝගෙන මේ යකාව ගෙදරට අරන් ආවෙ මම කරේ තියාගෙන... කොහොම හරි ගේ පිටිපස්සෙ තිබුනු ටැංකිය ගාවට ගෙනිච්ච් ගුරාව නාවල මඩ හෝදල බලනකොට අත පය කැඩිල නැතත් පොඩි හීරීම් වගයක් තිබුනා...වෙද මාමගෙ කාමරේට මේකව ගෙනත් බෙහෙත් හෙම දාලා ඉවර උනාම මම වෙද මාමව පැත්තකට එක්කගෙන ගිහිං වෙච්ච දේ ඇහුවම තමා මට ඉල ඇදුනෙ....

ඇල කන්ඩිය අයිනෙ තිබුනා අඩි විස්සක් විතර උස සැපට හැදුන ගස් ලබු ගහක්... බැම්ම උඩට ආවහම ඕකෙ ගෙඩි අතින් කඩන්න පුලුවන්... පොර දවාලෙ ඔතනින් යනකොට ඉදුනු ගෙඩියක් දැක්කත් අතේ බඩු කවර වගයක් තිබුන හින්දා හවසට කඩනවා කියල හිතාගෙන ගෙදර ගියාලු.. රෑ ඉදි ආප්ප ගේන්න යන වෙලාවෙ ඕක මතක් වෙලා පොරට... අපි එතනින් ආවට පස්සෙ ගෙඩිය කඩන්න හිතාගෙන ගහ ලගට ගියත් වැස්සට ගහ ඇල පැත්තට බර වෙලා තිබිලා තියෙන්නෙ...ඒ පාර් වෙද මාමා ගුරාට අඩගහල ගහ ඇදල අල්ලගන්න කිව්වලු. ගුරත් පාංකඩේ වගේ ඉන්න ගමන් දෑතින්ම ගහේ එල්ලිලා අල්ලගෙන...වෙද මාමත් එක අතකින් ගහ අල්ලගෙන අනිත් අතින් ගෙඩිය කඩලා. හරි එහෙනම් අතාරිනව කියල ගහ අතෑරලා....වෙරි මරගාතෙ හිටපු ගුරාට ඕක ඇහිල නෑ...ඒ යකා ගහ අල්ලගෙනම ඉඳලා. වෙද මාම ගෙඩිය කඩාගෙන ගහ අතෑරියා විතරයි කෙලින්ම ගුඩු විද්ද වගේ මේ යකාව ඇල මැද්දට වීසි වෙලා...හොඳ වෙලාවට ඇලේ වතුර දනිස්සක් තරම් තමයි තිබිල තියෙන්නේ.. සරම ගැලවිලා ගිහින් කෙටලා ගාලේ දඟලපු දැගලිල්ලට ගුරාගෙ ඉනෙන් පල්ලෙ අත්‍යාවශ්‍ය අවයව ටික පලු ගිහින් තිබුනා කියල වෙදමාමා ඊලඟ මැච් එක දවසෙ මාත් එක්ක කිව්ව........
😂😂😂😂වැඩේ ලීක් උනාට පස්සෙ ගුරා ඇඟේ අමාරුවට වඩා වේදනා වින්දෙ අර සවුත්තු වෙච්ච් අවයව ටික සනීප වෙන්න ගිය කාලෙ වැඩි වීමත්, නෝන නිවාඩු ඇවිල්ල හිටපු දවස් ටිකේ යටිතල පහසුකම් කප්පාදු වීමත්,පාරෙ බැහැල යන්න බැරි වීමත් නිසා කියල අපිට හිතුන..