Monday, October 8, 2018

කටට රසට කෑම වේලක්....


ටෙක් යන මුල් කාලයේ මලසේකරයා මහත් අපහසුතාවයකට ලක් වූයේ අප සියලුදෙනාට සිදුවූ අකරතැබ්බයක් නිසාය....සෑම දිනෙකම උයා පිහා ගැනීම සිදුවූයේ මලයාගේ මූලිකත්වයෙනි.... අරක මෙහෙම , කරමු මේක මෙහෙම කරමු , කියා සෑම දේකටම මුල් තැන ගත් මලයා ඉවුම් පිහුම් කටයුතුවලදීද මුල් තැන ගත්තේ පබිලිස් සිල්ලාගේ ක්ලාස් මේට්ගේ සාම්පලේටය..

මොනවා හරි දහං ගැටයක් දමා සාදන ලද ව්‍යංජන රස විදීමට නම් ලුනු කුඩු , මිරිස් කුඩු තුන පහ ආදිය මේසයේ කෙරවලකින් තබා ගැනීම අත්‍යාවශ්‍ය වූයේ කෑම වල තිබූ ගුනාත්මක බාවයටය...මේවා කෑම නිසා මාහට ඇතිවු එකම ගැටලුවනම් වැසිකිලියට ගොස් පෝච්චියේ වල සොයා ගැනීමට නොහැකි වීමයි....මන්ද යත් එක් දිනෙක බඩ වේලවා ඩයිනමයිට් දැමීමට තරම් හාර්ඩ් ගතියක් ඇති වීම සහ තවත් දිනෙක ඔටෝ මැටිකලි ලූස් මොඩ් ඔන් වී ඉඳ ගැනීමටත් පෙර බිත්තිය බතික් කලාවෙන් හැඩ වීම නිසාය..

බෙරිබත් මුට්ටිය.......
පිපිඥ්ඥා තෙල් දැමීම.....
වට්ටක්කා මැල්ලුම......
හාල්මැස්සන් ඉස්ටුව......
කුකුල් මස් සලාදය ......
පතෝල බැදුම......
පරිප්පු බදාමය.....
කෙසෙල් මුව ඩෙවල් දැමීම........
මෑකරල් රෝස්ට් කිරීම....
බෝංචි වස්තිය......
පලාවර්ග තැලුම.....
සොසේජස් සුප් එක.......

වැනි හදුනා නොගත් ආහාර වට්ටෝරුව නිසා මා මහත් අපහසුතා වින්දද උදේ පාන්දර නැගිටගෙන මලයාගේ ඉවීම් පිහීම් කටයුතු වලින් මා නිදහස් විය....ඒ වෙනුවට ගෙය මිදුල අතු ගා තැබීම මාගේ රාජ කාරිය විය..

කාලය සෙමෙන් සෙමෙන් ගතවී යන විට එක් දිනෙක අපට සුභ ආරංචියක් ගෙනාවේ මුර කුටියේ සමරෙ අයියාය.....එනම් හෙට දින විශේශ රැස් වීමක් සඳහා ගුරුවරු සියලු දෙනාම මහරගම යන බවය...ලද අවස්තාවෙන් උපරිම ප්‍රයොජනයක් ගැනීමට අප සියලු දෙනා ඒකමතිකව තීරනය කලෙමු.... එකෙකුට එකෙක් දෙවනි නැති යෝජනා ඉදිරිපත් වූයේ මෙසේය.....

කුරුවා...මොනව හරි පොඩ්ඩක් ගෙනල්ලා වර්ක්ශොප් එක පස්සෙ හීනියට සෙට්වෙමු..

මම නම් අප්පො අයියගෙ කඩෙන් විස්සෙ විට දෙකතුනක් ගේනවා උඹල ඉල්ලන්න එපා ඈ....ඒ හපයාය.....

අපේ මාමලාගේ ගෙදර යමන් මේ ලඟනෙ තියෙන්නෙ....ඒ බෑනාගේ කටහඩය..

තෙප්පා කීවේ....කලුවලේ ගොස් නෑමට කැමති බවය...

කවදත් ගොන් අයිඩියා දෙන හිච්චා කීවේ කැරම් බෝඩ් දෙක තුනක් ගෙනවිත් සල්ලි වලට කැරම් ගසමු කියාය......

මලයා දුන්නේ නියම අදහසක්ය....එනම් හරියටම ක්‍රිකට් ටීම් දෙකකට කට්ටිය ඉන්නා නිසා දෙපිල බෙදි ක්‍රිකට් මැච් එකක් ගැසීමය...

අන්න ඒක පට්ට අදහස ඩලාමී පැන්න ගමන් කීවේ ඌට ක්‍රිකට් පිලිබද මහා උනන්දුවක් තිබුන නිසාය.....

අදහස ස්තීර වූ පසු දහවල් කෑම පිලිබද සම්පූර්න බර පැන බාරගත් මලසේකරයා ඒ බව සභාවට දැන්වූ පසු රෙසපීස් පිලිබඳ සාකච්ඡාවක් ඇතිවිය...

ඉහත කී මලසේකරගේ රෙසපිස් ගැන පැවසු පසු කුකුල් මස් ව්‍යංජනය , පරිප්පු කරිය , කිරිහොද්ද , පොල් සම්බලය සහ පලාකොල තැලුම ස්තිර කලේ වෙලා සහ කවියාය.....

සියල්ලෝගේම මුදල් එකතු කර කුකුල් මස් කිලෝ හතර හමාරකුත් පරිප්පුත් සියල්ල හැන්දෑ වරුවෙ ගෙනත් තැබු අප කොයිකටත් කියා කුකුල්මස් ටික කැබලි වලට කපා මෙස් එකේ ෆ්‍රිසර් එකේ දැම්මෙ උදේට පහසු නිසාය..... මලයා පසුදා මල පාන්දර නැගිට පහේ බැද සියලුම වැඩ තම කරපිට හොවා ගත්තේ පබිලිස් සිල්ලාට හොම්බෙන් යන්න වෙන ආකාරයටය......මාද දනි පනිගා නැගිට මලයාට උදව් වෙන්නට ගියත් ලිප්දෙකම බදාගෙන සිටි මලයා මාව පැන්නුවේ මෙලෙසය...

මලයා මොනාද බන් කරන්න තියෙන්නෙ....මටත් මොනාහරි දීපන් හැඳිගාන්නවත්.

හා හා මේ අන්න අර ගෙවල් මිදුල් අතුගාලා දාපං මේක මේ දෙන්නෙක්ට කරන්න තියන වැඩක් නෙවෙයි......

කමක් නෑ බන් ලූනු ගෙඩියක් වත් කපල දෙන්නද...

ඕන්නෑ ලූනු කපලා තියෙන්නෙ....උඹට දෙන්නෙ මොකක්ද.....ම්ම්ම්ම් ආ අන්න අර පොල් බෑ හතර ගාපං..ඒ මලයාගේ විධානයය..

හිටපං මං ගාල දෙන්නම්......

ඕව හීනියට ගාපන්.... නැත්තං කිරි එන්නෙ නෑ......හා හා ඔහොම නෙවෙයි බං.. මෙහෙම මෙහෙම....😂😂😂පොල් බෑයක් පමන ගෑමෙන් පසුව මලයා මට හිරමනය දුන්නේය...

(මුගෙ ආච්ච්ට හෑම්බ්‍රේක් ගහන්න) හැබෑ නේන්නම් නේද බන් ඒකතමා හරි ක්‍රමය..

බලපං ඕව ඉගන ගනින්.... හරියට වැඩක් කරන්න ඉගෙන ගනින්.... මිනිස්සුන්ගෙ බැනුම් අහන්නෙ නැතුව....

(යකෝ මුගෙ ටෝක) හා බන් උඹ ඉන්න හින්ද මට යමක් ඉගන ගන්න පුලුවන්

මිනිසෙකු සතු සියලුම සිදුරු වලින් (මෑන් හෝල් වලින්) තනියම සිනාසෙමින් මා උයන්නට උදව් විය....පොල් ගෑම පමනි...😂😂😂

උදෑසන අට හමාර වන විට සියලුම ඉවුම් පිහුම් කටයුතු ඉවර වූයේ යූත් ටීම් එකේ කුස්සියේ තිබූ හැලි වලන් වල උදව්වෙනි.....මහා යුද නැවක් දියත් කර සතුරන් සියල්ල සමූල ගාතනය කල සෙන්පතියෙක් මෙන් කුස්සියෙන් එලියට මලසේකරයාගේ ආඩම්බරකම බලා සිටීමනම් පට්ට ආතල්ය..

ඉන්පසුව සියලුම ක්‍රීඩකයින් පිටියට වාර්තා කල පසු මහා ක්‍රිකට් ගැටුම ආරම්භ විය.....පොලව කාගෙන විත් පන්දු යවන හිච්චාගේ දර්ශනයත් එල්ලේ ගැසීම හා සමානව පන්දුවට පහර දෙන හපයාත් සමග තරඟාවලිය ජයටම කෙරීගෙන ගියේය.....පලමු තරගය අවසන් වන විට දවල් එකොලාමාර විය....උදේ සිට කුසගින්නෙ සිටි සියලුම දෙනාගේ අදහස පරිදි දොලහා වනවිට දිවා ආහාරයය යෑමට පිටත් විය....බාත් රුම් පේලියට රිංගා ගත් ක්‍රීඩකයින් වහ වහා දිවා ආහරයට සූදානම් විය....එහා පැත්තේ තිබූ කෙසෙල් ගස් වලින් කපාගත් කෙසෙල් කොලේ බත් බෙදුවේ මලසේකරයාය. රට පතල කුක් බුවෙක් මෙන් ලොරි ටෝක දුන් මලයා සියල්ලන්ට බෙද අවසන් වූ පසු බත් බෙදාගෙන සාලයේ වාඩිවී කැම ගන්නට වාඩි වූයේය.....කෑම වල රසයේ කිසිම් ගැටලුවක් නොතිබුනු අතර මස් හොද්ද නම් තරමක අජූත ගතියක් තිබූ බව කාටත් වැටහින..

ඕනෑම මගුලක් කෑ හැකි වයසේ සිටි ගජයො සෙට් එක නම් මෙය එච්චර ගනනකට ගත්තේ නැත....බුරිය උල් වෙන තරමට කෑ ක්‍රීඩකයින් සාලයේ තැන තැන වැටී විවේක ගන්නා අතර තුර මලයාත් මමත් හට්ටි මුට්ටි ටික අස්පස් කර සෝදා මෙස් එකට ගෙන යාමට හැකිවන අයුරින් අඩුක් කොට තැබුවෙමු....දහවල් දෙක වනවිට නැවතත් ක්‍රීඩකයින් පිටිය වෙත පැමිනි මුත් පෙර තිබූ උද්යෝගී පෙනුම නම් දකින්නට නැත..... මලානිකවූ ස්වරූපයෙන් ක්‍රීඩාව කෙරීහෙන ගිය අතර තරගය එකට එකක් ලෙස සමතත්වයේ පැවතින...කෙසේ හෝ වේලාව හතර වනවිට සියල්ල නැවතූ ක්‍රීඩකයින් ගෙවල් බලායාමට සූදානම් විය...... ප්‍රීතිමත් දවසක් අවසානයේ සියල්ලෝම නා පිරිසිදුවී ගෙවල් බලා ගියේ හෙට දිනයේ හමුවන බලාපොරොත්තුවෙනි......

පසුදා පුරුදු පරිදි හත හමාර වනවිට මායි මලසේකරයායි පහලට ආවේ දරුනු ගැටලුවකට රාත්‍රිය පුරා මුහුන දීම නිසා වූ තෙහෙට්ටුවෙනි......එදින හතහමාරේ බසයෙන් පැමිනියේ ටියුබ් ලයිට් පමනි.....ටියුබ් ලයිට් පමනක් බසයෙන් බසිනු දැකීමත් සමග මාගේ සිතේ ඇති සියලු ගැටලු විසදින....ඊයේ කුකුල් මස් කෑවේ නැත්තෙ ටියුබ් ලයිට් නමින් හදුන්වන පුල් වෙජිටේරියන් කොලුවා පමනකි...කුකුල් මස් වෑන්ජනේ අවුල ලොකුවට තිබී ඇත.....

අනිත් උන් සියලුදෙනාටම සිදුවූ සන්තෑසිය අනුමාන වශයෙන් ලොක්කාට පැවසූ අප දෙදෙනාද ආපසු බෝඩිමට පැමිනියේ තුන්දෙන්කුට පමනක් ඉගැන්වීම පලක් නැති හෙයිනි....පසුදින උදේ කොලු බැටෑලියන් එක බසයෙන් බැස්සේ මලසේකරයාව සොයාගෙනමය......මල සේකර ඒ වන විටත් කාමරයේ නිදිය....රාත්‍රී කාලයේ විසිතිස් වතාවක් පමන වැසිකිලි ගිය මලයා පස්ස වේදනාව නිසාම එදින නිවාඩු දැම්මේය....පන්ති කාමරයට ගිය අපේ සැට් එක කියනු ලැබූ කතාව ගියේ මේ අයුරිනි...

බස් එකට නැග්ග විතරයි යකෝ බඩ බුරු බුරු ගාන්න ගත්තා...
ඔහෝල්ට් දෙකයි යකෝ ගියේ සීට් එකක් හම්බ උනා වාඩි වෙන්න. වාඩිවෙලා පස්ස තදකරගෙන ගියේ..... හිටගෙන ගියානම් බඩු බනිස්........ඒ කුරුවාය.....

වෙලා මල්ලී කිව්වේ මෙලෙසය.......හන්දියෙන් බහිනකොටම උපුලා හම්බ වෙලා උගෙ බයික් එකේ ගියේ..... බූරූ ගහන සිල්වයියලාගේ ලැට් එකට යාන්තං පැනගත්තා... යකෝ ජීවිතකාලෙටම සිල්වා කාරයෑ ගෙදර ගියේ එදා......සිල්වගෙ කෙල්ල ඉන්න හින්ද ඒකිගෙ අම්ම කොල්ලෙකුට ගේ පැත්ත බලන්න දෙන්නෙ නෑ යකෝ..... උන්ගෙ පාරදිගේ යනකොට උන්ගෙ අම්ම කොහෙද යන්නෙ කියනකොට රෙන්න බර උහුලන්න බැරි නිසා කතාකරලා ලැට් එකට ගියා මිසක් ආයෙනන් එහෙ යන්නෙ නෑ...

වෙනදට කනත්ත පහුවෙලා බහින්නෙ මම....උහුලන්න බැරි හින්ද දෙල්ගහ ලග හෝල්ට් එකෙන් බැහැල පිං ලිඳ පල්ලෙහා රීලා පුක හෝදන්න යනකොට වී මෝලෙ සමන්තයාගෙ අක්ක ආවා වලං ට්ක හෝදන්න....ඒ ගෑනි යනකං ඉදලා පුක හෝදගත්තෙ... මදුරුවො තල තල හිටියා පැය බාගයක් විතර....මලසේකරයට හෙනගහනවා හු$$$.. කිව්වේ කවියාය....

ජීවිතේ කිසිම දවසක මම දොලක රීලා නෑ බන්.....මලසේකරට පින් සිද්ද වෙන්න කොම්පැනි වත්තෙ පහල දොලේ රීල ගෙදර ගියේ...පුක පැත්ත පතුරු යනකං මාලු කෙටුවත් පස්ස උස්සන්න බෑ ඒතරමට රෙවුනා.......කවුරුවත් දැක්කද දන්නෙ නෑ බන්😂.........ඒ ලේනාය......

කැතම කතාව කිව්වේ හපයාය....මම ගෙදර ගියා විතරයි බඩ අවුලක් වගේ තේරුනා.....දඩි බිඩි ගාලා ලැට් එකට දිව්ව බන්.... කවුද මන්දා ලැට් එක එහා පැත්තෙ සවර් එකෙන් නනා හිටිය....කවුද කියලා ගනන් ගත්තෙ නෑ මම ලැට් එකට ගිහින් ඉඳගත්තා.... හිතේ හැටියට බර බර ගාලා සද්දෙත් දාලා රුන්නා බන්....ඔක්කම ඉවර වෙලා එලියට ඇවිත් බලනකොට අල්ලපු ගෙදර අයියා බැන්ද අක්කා යකෝ නාල තියෙන්නෙ..බැඳලා මාසයයි ඒ අක්ක.... නෙදකිං මූන බලන්නෙ කොහොමද කියපංකෝ......

කෙසේ හෝ සියලු විස්තරේ මගෙන් හා හපයාගෙන් පැහැදිලිවම අසා ගත් අප ගුරුවරයා වූ වසන්ත මහතා කිව්වේ එකම එක දෙයකි........ ..

මලසේකර උඹ ආයෙ මුන්ට කන්න උයල දුන්නොත් තොගෙ ඇට %&%* තලන්නෙ මම කියාය.......😂😂😂😂.

2 comments:

  1. මේකත් නරක නෑ, ඒත් "පාලයියාගෙ මදු සමයම" තමා හොඳම, පණ යනකං හිනා වුනා.

    ReplyDelete
  2. මේවා වැඩක් නැ බං garage කථා ලියහං ඒවා තමයි සිරා

    ReplyDelete