Wednesday, October 24, 2018

...පාල හාමිනේගේ අතේ උලුක්කුව.....



පාල අයියා යනු තරමක සෙල්ලක්කාර චරිතයකි.... වයස ගියත් ඕනෑම ගේමකට ඔට්ටුය..... එකල කොලුවයසේ සිටි මාත් සමග බයික් රේස් යාමට , කලුවලේ ගොස් බල්ටි ගැසීමට , මා කරන අනෙකුත් නසරානි වැඩ වලටද සහබාගී වීමට පාලයියා දෙවරක් නොසිතුවේ වයස් පරතරයද නොසලකා හරිමිනි.... මගේ ටී සෙඩ් ආර් එකත් සමග රේස් යෑමට ගොස් පල්සරයෙන් වැටී හොම්බ තලා ගැනීමද අමතක නොවන සිද්දියකි..... මොන අලකලංචි ඔලුවට කඩා පාත් වූවත් පාලයියා තම කෙලිලොල් ගති අත් නොහැරියේය..... මදුවිත ස්වල්පයක් පානය කිරීමෙන් පසු පාලයියා තම අතීතය සිහි කරන්නේ මහත් ආඩම්බරයෙන් යුතුවය.. ඒ කතා ඇසීමෙන් මාද මහත් අබිමානයෙන් යුතුව හැසිරෙන්නේ පාල වැනි දක්ශයෙකු ඇසුරු කිරීමට ලැබීමේ ආඩම්බරයෙනි.... රැකියාවන් සඳහා නිවසින් පිටවූ කාලයේ සිටම ඇසුරු කිරීමට සිදුවූ මලයා කුරුවා හපයා වැනි ලෝක ඇම්ඩන් නිසා ලැබූ නුවන පාලයියාගේ අලකලංචි වලින් මා බේරුවේය......

විවාහයෙන් පසුව පාලයියාගේ කෙලිලොල් ගතිය තරමක් අඩු වී ඇති බව අපට වැටහුනේ දිනපතා සවසට ගසන කාල , බියර් ටින් එක වැනිදේ ඉතාම අඩුවූ බැවිනි.... වෙනදාට වැඩ අවසන් වූ පසුව දැල් කඩයට දුවන පාලයියා මෙදා වැඩ අවසන් වී නාගැනීමෙන් පසු කෙලින්ම යන්නේ පලතුරු කඩයටය.... නැත්නම් $&$* හෝටලයටය.... ඇපල් දොඩම් හෝ මිදි ස්වල්පයක් නැතිනම් චොකල්ට් කේක් පන්සීයක් තඩි බටර් බනිස් ගෙඩියක් වැනි යමක් මිලදී ගත් පාලයියා කෙලින්ම යන්නේ ගෙදරය..... පාලයියා එන තුරු මග බලා සිටින පාලහාමිනේ පාලයියාව නිවසට කැඳවාගෙන යයි.... එතැන් පටන් රාත්‍රී ආහාරය දක්වා දෙදෙනා කුඩා සංවාදයක නිරත වෙයි... නිතරම නිවසේ නොසිටින පාලහාමිනේගේ මව ලොකු දියනියගේ ගෙදර ගොස් සිටියේනම් දෙදෙනාගේ සංවාදය සංවාසයක් බවට පත් වන අවස්ථා ඕන තරමට ඇති බව පාලයියා මාත් සමග පවසා ඇත.... ප්‍රමාද වී විවාහ වූ පාලගොයියා තම විවාහ දිවියේ රසමුසු තැන් උරච්චි කිරීමට වෙලාවක් ,කලාවක් , තැනක් , නොතැනක් පිලිබද වැඩිය කල්පනා කලේ නැත.... කන්න ගිය වෙලාවට කබරයා තලගොයා කරගැනීම පාලයාගේ එක් දුර්වලතාවයකි... කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගිය අතර පාලගේ විවාහයෙන් සෑහෙන කලක් ගතවිය.....

දිනක් උදෑසන ලොක්කාට ඇමතුමක් ගත් පාලයියා පැවසුවේ එදින නිවාඩුවක් ලබා දෙන ලෙසය... ප්‍රිය බිරිද කුස්සියේ ලිස්සා වැටී අත උලුක් වී ඇති ඇති බවත් එයට බෙහෙත් බැඳීමට වෙද මාමා හමුවීමට යායුතු බවත් නිදහසට කරුනු ලෙස පැවසූ පාලයියා ජංගම ඇමතුම විසන්ධි කලේය.... දහවල් වන විට බෙහෙත් බැඳීමට ගිය පාලයියා පාලහාමිනේත් සමග වැඩපලට පැමිනියේ ගෙදර යමින් ගමන්ය..... දකුනු අත වැලමිටෙන් පහල වෙලාගෙන සිටි පාල හාමිනේ දුටු මා ඇයගෙන් විමසුවේ අතට මොකක් උනාදැයි කියා පමනි..... තුනට හතරට ඇඹරී කෝල සිනාවක් පෑ ඇය කුස්සියේ ලිස්සුවා කියා පවසා වම් අතින්කට වසාගෙන සිනාවෙමින් පසෙකට විය..... එක් වරම ""උඹට මොකටද ඒ පැහිච්ච කම්"" කියා පැවසු පාලයියා පාලහාමිනේවත් ඇදගෙන යන්න ගියේ මා අන්ද මන්ද කරවමිනි...
මෙතන කුමක් හෝ කෙලියක් සිදුවී ඇති බව මට හැඟුනේ පාලගේ අමුතු හැසිරීම නිසාමය.... පාලයාට කේන්ති ගිහින් මේකිට ගැහුවා වත්ද.... ඒත් ජෝඩුවගේ හැසිරීමෙන් ඒ ලකුනක් පෙනුනේද නැත...මෙතන සිදුවී ඇත්තේ තේරුම් ගත නොහැකි දෙයක් නිසා මේ ගැන සොයා බැලීමට ප්ලෑනක් ගැසිය යුතුය.....

දින දෙකකට පසු පාලයියා වැඩට ආවාය..... වෙනදාට ගේන තඩි බත් මුල අතේ නැති නිසා පාල හාමිනේ තවමත් අසනීපයෙන් සිටින බව වටහාගත හැකිවිය.... දහවල් ආහාර වෙලාවේදී කාගෙන්දො ඉල්ලාගත් බයිසිකලයක නැගී ටවුමට ගිය පාලයියා ප්‍රයිඩ්‍ රයිසක් ගෙනවිත් කෑවේය.... කෙසේ හෝ වෙනදා මෙන්ම එදිනත් වැඩපලේ රාජ කාරී ඉවර විය... නාගැනීමෙන් පසු දැල් කඩයට ගිය පාලයියා අරක්කු බාගයක්ම ගෙනත් තිබුනේ ගලබඩයාගේ ත්‍රීවීලයේය..... බාගෙත් ඒකට අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකත් රැගෙන පාලයියා උඩ තට්ටුවට ගියේය.... ඇඳ මත වාඩි වූ පාලයියා බෝතලය කඩා සොට් එකක් වත්කර මේසය උඩින් තැබූ පාලයියා ජංගමයෙන් පාලහාමිනේට ඇමතුමක් ගත්තේය.... වැඩිපුර වැඩක් ඇවිත් තිබෙන අතර එය අදම ඉවර කිරීමට අවශ්‍ය බවත් ගෙදර ඒමට රෑවන බවත් පැවසූ පාලයියා ඇමතුම විසන්ධි කොට මේසය මත තිබූ ශොට් එක කටේ හලාගත්තේය.....ඒ වන විටත් කාමරයේ ඇඳ මත ඇලට් එකක් දමා සිටි මාහටත් පොඩි එකක් දාගන්න ලෙස පැවසූ පාලයියා දෙවනි වටයටත් සූදානම් වී සිටියේය... ඒ කාලය වන විට මත් පැන් වලින් මා සෑහෙන දුරකට ඈත් වී සිටියේය.... පාලගේ ආරාධනාව ප්‍රතික්ශේප කල මාගේ ඒකායන අරමුන වූයේ පාල හාමිනේට සිදුවූ අකරතැබ්බය පිලිබද සියලු සත්‍ය තොරතුරු අනාවරනය කර ගැනීම පමනකි.. භාගයේ බෝතලයෙන් තුන්කාලක් පමන ඉවර වනවිට පාලයියා නියම පදමට පැමින සිටියේය...... වටින් ගොඩින් කතාවට බැස්ස මා පාලයාව මුරුන්ගා අත්තේ තබා බටර් පාරක් ගෑමෙන් පසු අනාවරනය වූයේ මෙවැනි කතාවකි.....
එදා පාලයියා ගෙදර යනවිටත් නැන්දම්මා සහ මාමන්ඩියා ලොකු කෙලීගේ ගෙදර ගොස් ඇත.... අතර මගදී හීන් අඩියකින් සප්පායම් වුනු පාලයියා ගෙදර යන විට වේලාව හතට පමන ඇත.... ඒවන විටත් පාල හාමිනේ ආහාර සකසා අවසානය.... තරමක බඩ ගින්නේ සිටි පාලයියා ගෙදරට ගොඩවී ව් ස්වල්ප වෙලාවකට පසුව ආහාර ගත්තේ එක්තරා බලාපොරොත්තුවක්ද හිතේ තබා ගෙනය..... ගෙදර කවුරුත් නැති බැවින් අදනම් හොඳ අඩව්වක් ඇල්ලිය හැකියි සිතූ පාලයියා කෑමෙන් පසු මූන කට සෝදාගෙන කාමරයට ගියේ පාලහාමිනේත් සමගය.... දොරගුල් හොඳින් වැසූ පාලයියා පාලහාමිනේත් සමග ඇඳට ගොඩ විය.... සුරතල් කතා , පුංචි නෝක්කාඩු , ආදරේට විකා ගැනීම් , ආදියෙන් පටන් ගත් ප්‍රේම ජවනිකාව ටික වෙලාවකින් තරමක උද්වේගකර තත්වයට පත් විය.... උපන් ඇඳුමෙන් සැරසුන ජෝඩුව සාම්ප්‍රදායික ලෙස ලෝකාස්වාද රතියෙහි යෙදෙන්නට වූ අතර පාලයියාද තම කාර්යය මැනවින් ඉටු කලේය..... පැයක හමාරක සිට ක්‍රම ක්‍රමයෙන් වේගවත් ඌ දෙදෙනා වැඩෙහි අවසාන භාගයට ලං වී සිටියත් කාමරයේ කුඩා මේසය අසල තිබූ පුටුව දැකීමෙන් පාලයියාට අමුතුම අදහසක් ආවේය.... දින කිහිපයකට පෙර පාලයියා නැරඹූ නිල් වීඩියෝ පටියක තිබූ ජවනිකාව පාලයියාට මැවී පෙනෙන්නට විය.... කාබේරි තරුනයෙකුත් සුදුජාතික ගැහැනියෙකුත් පුටුවක් මත පෙනී සිටි එම දර්ශනය අනුකරනය කිරීමට අදහස් කල පාලඅයියා තම ඇඹේනියටද ඒ බව දන්වා සිටියේය..... පාලයියාගේ රස ගැන්වීමේ හැකියාවෙන් හොඳටම ෆෝම්වී සිටි පාලහාමිනේද එයට එක පයින් එකඟ විය... වහාම පුටුව උඩට ගොඩවූ පාල හාමිනේද අදාල ඉරියව්වෙන් ජවනිකාවට සූදානම් වූ අතර පාලද තමන්ගේ බූමිකාව රැඟ දැක්වීමට නොනිමි ආසාවකින් පෙලී සිටියේය.... පුටුව මත සිටි පාල හාමිනේගේ උරිස් දෙකින් අල්ලා පාලයියා වැඩේ පටන් ගත් අතර පාලයියා ඉතා ඉක්මනින් වේගය වැඩි කලේය.... අධි වේගය එතරම් සුදුසු නැත.... අවසිහියෙන් මෙන් සිටි දෙදෙනා නොදැනුවත්වම සිදුවූයේ අන්තිම කුජිත සිදුවීමක්ය.... දෙදෙනෙකුගේ බර දරාගත නොහැකිවී ප්ලාස්ටික් පුටුවේ කකුල් හතර , හතර අතට විහිදී ගියේය.... නොසිතූ මොහොතක සිදුවූ මෙම අකරතැබ්බය නිසා අල්ලා ගැනීමටවත් තැනක් සොයාගත නොහැකි වූ පාලහාමිනේ බිම ඇද වැටුනි.... පුටු ඇන්ද මත තිබූ දකුනු අත යාන්තමට බිමට හේත්තු වූවත් අන්දෝසංසාරයක් සිතා ගත නොහැකි වූ පාලයියා ඇඹේනියගේ ඇඟ මත ඇඳගෙන වැටුනි.... දෙදෙනෙකුගේ බර දරාගත නොහැකිවූ පාලාහාමිනේගේ අත මේස කකුලේ වැදී උලුක්කු විය... පුටුව පල්ලේ දෙරි ගැසූ පාලහාමිනේ කෙඳිරි ගාන්නේ සැපටද දුකටද යැයි සිතා ගත නොහැකි වූ පාලයියා වහාම ඇඹේනිය ඔසවා ඇඳ මතින් තැබුවේය.... සියලු වැඩ පැත්තක තැබූ පාලයියා කොහෙන්දෝ ගෙනා වින්ටජිනෝ ටියුබයක් ගෙන හාමිනේගේ අතේ උලන්නට විය.... උදේ වන විට ඉදිමී තිබූ අතට බෙහෙත් ගෙන ඒමට සිදුවූයේ එලෙසය....😂😂

2 comments: