Saturday, October 6, 2018

අලුත්ම සිගරැට් පෙට්ටිය



සමහරු සිගරැට් බොති.......සමහරු සිගරැට් කති....දුම්පානය මොන රටකින් ලංකාවට ආවාද කවුරුන් විසින් ගෙනාවාද යන්න මා හරියටම නොදනී.. නමුත් ලංකාවේ සිගරැට් ව්‍යාපාරය සඳහා අත හිත දෙන පුද්ගලයින් මා ඕනෑ තරම් දැක ඇත...උදෑසන අවදීවූ සැනින් දුම් වැටිය දල්වාගෙන තේ එකෙන් පසු ලැට් එකට යාමට උදෑසන ආහාරයට, පසු දවල් ආහාරයට පසු ,සහ විවිධ අවස්තාවන් වලදී දුම් වැටිය දල්වාගෙන සිටිමින් දිනකට පහලොවත් විස්සත් අතර ප්‍රමානයක් පානය කරන අය දැක ඇත...අන්න ඒ අය විසින් ජෝන් ප්ලේයර්ලාගේ බඩ ගෝස්තරයට අත හිත දෙන්නෙ පැකිලීමකින් තොරවය...අපේ පාල අයියද එවැනිම සත්ගුනවත් දානපතියෙක් විය...උදෑසන අවදිවීමෙන් පසු ගෝල්ඩ් ලීෆ් වර්ගයේ විටමින් කූර දල්වා ගන්න පාල අයියා එය අවසන් වන්නේ රාත්‍රී නින්දට යාමට පෙර ඇඳේ සිට දල්වන කැහි කූරෙන්ය.....පාල අයියාට වැඩ පලෙන් ලැබෙන පඩියට අමතරව ගනුදෙනු කරුවන් විසින් ලබා දෙන සංතෝශම් මුදල සමහර දිනෙක රුපියල් හාර පන්සීයක් වන අතර සමහට දිනවලදී එය සතයටම බංකොලොත් වේ...දිනක සාමාන්‍ය අගය රුපියල් දෙතුන් සීයක් වන අතර සල්ලි ඇතා නැතා ස්මෝකින් එකනම් පාල අයියා නවත්තන්නෙ නැත...

දිනක් සවස් කාලයේ දන්නා හදුනන හිතවතුන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ සිටින අතර විශේශ මාතෘකාවක් සභාගතවිය...එනම් කිහිප දිනකින් දුම්වැටි විශාල මුදලකින් ඉහල යන බවය....පාල අයියාද මේ කතාව සදහා සහබාගී වී සිටියේය....මේ කතාව කන වැටුනු විගස පාලයියාද කලබල වූයේය.....කෙසේ හෝ මේ කතා බහ දිගින් දිගටම යන විට එකෙක් පැවසුවේ දිනකට බොන සිගරැට් ප්‍රමානය අඩු කරන බවය....තව එකෙක් පැවසුවේ දුංකල ඔතා බොනව බවය....තවත් එකෙක් බීඩි බොන බවය....අවසානයේ පාලයියාගේ මතය වූයේ සිගරැට් එකක් රුපියල් පනහක් වුවද දුම් පානය නොනවත්වන බවය..
තද කොර වෙන සයිස් එකේ පොර ටෝක් දෙන්නට පාලායියා ගජ හපනෙකි...ඕවා කිරීමට යාමේදී නා ගැනීම පාලයියාට උරුම කරුමයකි.....කෙසේ හෝ දුම්වැටි මිල සති දෙකකට පසු ඉහල ගියේ රුපියල් දහයකින් හෝ පහලොවකිනි...එක්වරම වැඩි වූ සිගරැට් මිල දරාගත නොහැකි වූ සෑහෙන පිරිසක් දුම්පානය සීමිත කලේ ඉතාමත් අපහසුතාවයකිනි.......කවුරුන් සීමිත කලත් පාල අයියාද සුපුරුදු පරිදි දුම්පානය කලේ තරමක ගැම්මකිනි....නමුත් සිගරැට් බීමේ වෙනසක් නම් අපට පෙනුනි....කිහිපදිනකින් අත මිට මුදල් හිඟවන විට පාලයියා දුම් පානය නවත්වනු ඇතැයි අප සිතා සිටියද සතියක් දෙකක් යන විටවත් දුම් පානය අඩුවක් නොවූයේ අපට මහත් සැකයක් ඉතුරු කරමිනි.....

පාලයියා ලෝක ඇම්ඩෙකි....ගල් පලා මද කාපු එකෙකුය...ඕනෑම අයියෙකුගෙ කනෙන් කුඩයක් ඉහලාගෙන රිංගිය හැකි නුවනක් ඇත්තෙකි.. ඉඳහිට නුවනක්කාරකම වැඩිවී හත්පොලේ ගාගත්තත් පාලයියා ගහපු ගේම් අපට හීනෙන්වත් බැරිය....එබැවින් මෙය පිටුපස කුමක් හෝ ජාවාරමක් ක්‍රියාත්මක විය හැකි බව මාද පට්ටලේ අයියාද එකතුව සාකච්චා කලේ දිනක හවස් වරුවකය....පට්ටලේ අයියාද මර්සි ඩයල් එකකි... උඹට මල්ලි මේක අල්ලන්න පුලුවන් කියා පට්ටලේ අයියාද මාව උස්සා තැබුවේ පාලයියාගේ ධනවත් කම පිලිබඳ ඇතිවූ කුතුහලය නිසාමය....ජාත්‍යන්තර සී අයි ඩී ගේම් දී ඇති මාද පොඩ්ඩක් ෆෝම් වූයේ පට්ටලේගෙ ටෝකටය..කෙසේ හෝ පාලයියාගෙ ධනවත් කම පිලිබද සෙවීමට මා ප්ලෑනක් දියත් කලෙමි....එහි පලමු අදියර වශයෙන් පාලයියා සිගරැට් ගන්න කඩේ මුදලාලිගෙන් ඇසූ විට මුදලාලි දුන්නේ විලම්බීත පිලිතුරකි....එනම්"" අනේ පුතා පාලබාසුන්නැහේ අපේ කඩෙන් කාලෙකින් සිගරට් ගත්තෙ නෑනෙ....වෙනදට නම් තේ බීල සිගරැට් දෙකක් අරගෙනමයි යන්නෙ...මම ඒත් අපේ පුතාගෙනුත් ඇහුවා... එයා කිව්වෙත් පාල සිගරට් ගත්තෙ නෑ කියලනේ... හරි අංකල් මම එන්නම්....කියා ආපසු ආවත් මට මෙය මහත් ගැටලුවකි...දිනකට සිගරැට් විස්සක් බිව්වොත් තිස් පස් වරක් විස්ස හත්සීයකි...යකෝ එතකොට කන බොන ඒවා දවසකට රුපියල් දාහක් විතර මූට කොයින්ද.....මේකනම් හොයන්නම ඕනි දෙයක්. ඉතාම සූක්ශම ලෙස සොය බැලීමේදී පොටක් පාදා ගැනීමට හැකිවිය... කෙසේ හෝ දිනක් බඩු අතේම මාට්ටු විය... පාලයියාට වැසිකිලි යාමට සිගරැට් එකක් අවශ්‍යමය......දහවල් කෑමෙන් පසු බොහෝ විට පාලයියා වැසිකිලියට යන බව මා දන්නා කරුනකි...මුර දමාගෙන සිටි පලමු දවසේ පාලයියා වැසිකිලි ගියේ නැත.....දෙවන දින සෙනිකව දහවල් ආහාරය ගැනීමෙන් පසු මා වැසිකිලිය අසල ඇති පරන වෑන් බොඩියට වී සැගවී සිට්යෙමි.....පාලයියා පැමින සිගරැට්ටුව ගෙන මොකක්දෝ විජ්ජුම්බරයක් කිරීමෙන් පසු සිගරැට්ටුව දල්වා ගත්තේය... ඉන් පසු කලිසම් සාක්කුවට ගෝල්ඩ්ලිෆ් වර්ගයේ සිගරට් පෙට්ටිය සහ ලයිටරය දමා කලිසම ගලවා ලැට් එකේ බිත්තියේ ගසා ඇති ඇනයේ එල්ලා වැසිකිලියට වැදී දොර වසාගත්තේය..... සෙනිකව ක්‍රියාත්මක වූ මම වහා පැන සිගරට් පෙට්ටිය එලියට ගෙන බැලුවෙමි....
පෙට්ටිය විවෘත කරන විටම සියල්ල අවබෝධ විය....පාලයියාගෙ ගෝල්ලිෆ් රස රහස කුමක්ද කුමක්ද කුමක්ද කුමක්ද...මොකවත් නෑ ත්‍රී රෝස් මිටියක් සහ කොහෙන් හෝ සොයාගත්කහ පැහැති ප්ලාස්ටික් බට කැබලි කිහිපයකි....ගානට අගලක පමන ප්‍රමානයට කපන ලද බට කැබැල්ල ත්‍රී රෝස් එකට බට් කල විට හරියටම සිගරැට් ෆිල්ටරයේ පාටමය..රුපියල් පනහක් හෝ හැටක් වන ත්‍රීරෝස් මිටියකින් රුපියල් හත්සීයේ ගෝල්ඩ්ලිෆ් පෙට්ටියේ පවර් එක ගත්තේ එලෙසය.......වහාම එක් බට කැබැල්ලක් සහ ත්‍රී රෝස් එකක් සාක්කුවට දාගත්තේ සාක්ශි සඳහා ඉදිරිපත් කිරීමටය..... පැය කිහිපයක් යන විය මුලු ප්‍රදේශයම පාලයියගේ නව සොයාගැනීම පිලිබද උදම් අනනු ලැබීය....තවත් සති දෙක තුනක් යනවිට පාල අයියා එලිපිටම ත්‍රීරෝස් ගහන්නට පටං ගත්තේ කහ පාට බට කැබැල්ල අවසන් වීමනිසාය..ඉන් පසු පාලයියා කිසිදිනක ගෝල්ඩ් ලීෆ් ගසනු මා දැක නැත

1 comment:

  1. පාලයා ලෝකේ කාලා වතුර බීපු එකෙක්...
    එතකොට තෝ...

    තෝ නම් ලෝකේ උණුවතුර ට දාලා හකුරු කෑල්ලක් එක්ක තේ බීපු එකෙක්...

    මගේ අම්මෝ තොපේ ගේම් තමයි මං ගේම්..

    ReplyDelete