Monday, October 15, 2018

බ්ලොක් වෙච්ච ටොයිලට් බටේ...



මේක උනේ සවුදියට ඇවිත් මාස කීපයකින්....ආපු මුල් දවස් වලදී ටිකක් බයාදු ගතියෙන් හිටියත් මාසයකින් දෙකකින් ඔය ඔක්කොම ගැටලු නැති වෙලා පුරුදු තත්වෙටම ආවා...වැඩ කරන්න තිබුන වර්ක් ශොප් එකේ හිටියෙ සූරියෙකුයි යේමන් කොල්ලො දෙන්නයි ඉතියෝපියන් කාරයෙකුයි මමයි විතරයි. සූරියා තමයි මුදීර්(ලොක්කා අරාබි බාශාවෙන්)..හයේ හතරෙ පොරක් වෙච්ච සූරියා හිතන් හිටියේ ඊට වඩා මැකෑනික් වැඩ්ඩෙක් නැති ගානට...ප්ලග් වයර් එකක් ගැලවෙලා තියන මිස් එක හදන්න කාබියුරේටර් ටියුන් කරන්න තරමට උසස් මනසක් තියන එකෙක් තමා මූ..😂😂

වර්ක් ශොප් එක විශාල ඉඩ කඩක් තිබූ එකක්.... මේක ඇතුලෙ තට්ටු දෙකට තමයි ඔෆිස් රූම් හදල තිබුනෙ..මේව හදපු පකිස්ථාන් තාක්සනේ ඉතාම දියුනු බව නම් කියන්නම ඕනි..මොකද ඔෆිස් රූම් එකේ වැසිකිලියේ කොමඩ් එක ස්ථාන ගත කරල තිබුන විදියෙන් ඒක තේරෙනවා...කොහොමද කියනවනම් අඩි පහලොවක් විතර උඩින් තිබුන මේ කොමඩ් එකේ බටේ දාලා තිබුනේ බිත්තිය දිගේ පහලට ඇවිත් වතුර බහින කානුව දිගේ..දිනකට හත් අට දෙනක් භාවිතා කරන මේ ටොයිලට් එක බොහොම කාර්ය බහුල තැනක්...

ඔන්න දවසක්දා වැඩ පලේ උන් ඔක්කොම කොහේ හරි වැඩකට එලියට ගිහින් තිබුනා.... එදා මම විතරයි වැඩ පලේ හිටියෙ... කම්මැලි කමට කරන්න දෙයක් නැති නිසා එහෙ මෙහෙ කැරකෙන කොට ලොක්කගෙ පොඩි එකෙක්ගෙ බැරිවෙලා ගිය පොඩි බෝලයක් හම්බ උනා... බෝලෙ බිත්තියට වීසි කරලා ආපහු එනකොට ලෑලි පටියෙන් ගහන සෙල්ලම මතක් වෙලා මමත් ඕක කරන්න ඕනි කියල ලෑලි පටියකුත් අරගෙන වැඩේට බැස්සා....ස්කෙයා කට්..කවර් ඩ්‍රයිව් වගේ පහරවල් වලින් පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් සාර්තක ඉනිමක් ගොඩ නගමින් ඉන්නකොට එක පාරටම පිටියෙ මැද කෙට්ලා ආපු පන්දුවකට ලෝන් ඔන් එක හරහා එල්ලකරපු පාර කෙලිම්ම ගියේ උඩ තට්ටුවේ ඔෆිස් ලැට් එකට..කලින් ගිය එකා දොර ඇරල දාල ගිහින්..දඩි බිඩි ගාලා උඩට දුවල ගිහින් බලනකොට බෝලෙ යන්න තියන ජරාම තැනට ගිහින් ඉවරයි😂😂 හත්තිලව්වයි දැන් මොකද කරන්නෙ.... චී චී මේක ගන්න බෑ දැන් කියල හිතලා යනදිහාක පලයං කියල ප්ලශ් බටන් එක එබුවා.......... ""ගුලු ගුලු ගල්බ් ගල්බ් ජිලිබුක් ටබුක් ""යන සද්දෙත් එක්කම බෝලෙ අපායටම ගියා වගේ දැනුනා...වැඩේ හරි.😂...මම බැස්ස පල්ලෙහාට.......මම දන්නෙ නෑ.ඕව...😂😂😂😂.

සිද්දියෙන් මාස දෙක හමාරකට විතර පස්සෙ දවසක මුදීර් කාරයා පල්ලට බැස්සෙ මූන දෙක කරගෙන... ඊට පස්සෙ මෙන්න මෙහෙම කතාවක් කිව්වා (ප්‍රසාද් කියන්න උන්ට බැරිනිසා මට කියන්නෙ කුමාර් කියලා)

""කුමාර් හමාම් පී මුශ්කිලා ,මෝයා මාෆි රෝ තාහෙද් ,ලාසෙම් ශූබ්... ""

ඒ කියන්නෙ "" ටොයිලට් එකේ ප්‍රශ්නයක් තියන්වා, වතුර බහින්නෙ නෑ, අනිවාරයෙන්ම බලන්න ඕනි"" කියලා..

හම්මටසිරි බඩු පැකට් වෙලා කියල මට තේරුනා....මම දන්නවනේ ලෙඩේ..බෝලෙ ගිහින් ජොයින්ට් එකක හිරවෙලා කියල සීයට සීයක් ශුවර්...

මම කිව්වා ""තයිප් අනා ශූබ් අල්හීන් . ඒකියන්නෙ මම දැන් බලන්නම්"" කියලා..

මම ගියා බලන්න.... හම්මට සිරි වැඩේ කෙලවෙලා ලෙසටම...😂😂😂මේව මට අදාල දේවල් නෙවෙයි හින්දා මම ලොක්කට කිව්වා අරාබියෙන්ම...මම ටොයිලට් හදන්න දන්නෙ නෑ කියලා...පස්සෙ මූ කියනවා ඕකට බාස් කෙනෙක්ම ඕනි නෑ අපි මොනවහරි කරල හදමුලු....මට මල පැනපු පාර මම කිව්වා අපි මැකෑනික්ල මිසක් පයිප්ප හදන එවුන් නෙවෙයි කියලා..ඒපාර ඌටත් තද වෙලා මූ කියනවා උඹලට බැරි උනාට මම හදන්නම් කියලා..

පස්සෙ මූ ඉතියෝපියා කොල්ල එක්ක ටොයිලට් එකට ගිහින් වතුර දාලා දාල පොඩ්ඩ්ක් සුද්ද කරලා ගැලෙව්වා කොමඩ් එක..ගලෝලා යකඩ කූරක් දාලා මේකට කරකව කරකව බැලුවා...කිසි කතාවක් නෑ එහෙම්මමයි.මාත් ලෙඩේ හොදටම දන්න නිසා සද්ද නැතුව ඈත ඉදන් පොඩි සපෝට් එකක් දුන්න...සියලු දහම් ගැට දැම්මත් බ්ලොක් එක ඇරගන්න බැරි වෙච්ච් මූ වටපිට බැලුවේ කවුද බලා ඉන්නෙ කියල..මූත් මෙහෙම හිටියට බ්‍රහ්ම මොලයක් තියන එකානෙ.... මූට ආව රජ අයිඩියාවක්...මීට කලින් දවසක ගැරිජ් එකේ කුනු වතුර බහින ලයින් එක බ්ලොක් වෙච්ච වෙලාවෙ කරපු දේ මතක් උනා...මූ මොකද කලේ ලීටර් පන්සීයෙ හුලං කම්ප්‍රෙශර් එක ගෙනත් පල්ලෙහායින් නවත්තලා බටේ අග තියන තියන ශොකට් එක ගලෝලා අඩි හයක් විතර දිග අඟලෙ යකඩ බටයක් මේකට ජොයින්ට් කලා...ඊට පස්සෙ බටේ කොමඩ් එකේ බොක බටේ දිගේ අඩි හතරක් විතර බස්සලා පරන මෙට්ටෙක පන්ච් කෑල්ලක් ගෙනත් අරක අස්සට බැස්සුවෙ තව කූරකින් ඇන ඇන හරියට බෝර දාන ටයිප් එකෙන්....කොහොම හරි ඉතියා එක්ක එක්තුවෙලා මේ යකා මෙට්ට බාගයක් විතර අරකට කෙටුවා... ඊට පස්සෙ ක්‍රියාත්මක කලා ගොන් අයිඩියාව....නෙදකිං බූරුව.....😂 අන්දෝසංසාරයක් දන්නෙ නැති ඉතියට කියපි කොම්ප්‍රෙශර් එක අරින්න කියලා....මේ ගොන් වාහෙත් මොකද කලේ අර වෑල් එක එහෙම්මම ඇරියා.....වැඩේ කෙලවෙන බව මට තේරුන නිසා මම ඒ වෙනකොටත් වැඩපලේ මහ දොරෙන් අඩි ගානක් එලියෙ.......තප්පරයක දෙකක නිහැඩියාවකින් පස්සෙ බ්‍රෑම්ම් බොකෝස් ගාලා බටේ යට පැත්තෙන් ගැලවිලා කට්ටිය සති ගානක් එකතු කරපු කක්කා මුලු වර්ක්ශොප් එක පුරාම විසිරිලා ගියේ තත්පර ගානක් ඇතුලත.. ටොයිලට් එක ඇතුලෙ හිටපු මුදීර් කාරයා එලියට පැන්නෙ වෙච්ච සංගෙඩිය හිතා ගන්න බැරුව.....හදන්න ගෙනත් තිබුන පෝක් ලිෆ්ට් එකක් , බලදියා ලොරියක් තනිකර කක්කා වලින් කපරාරු කලා වගේ....වාසනාවකට වගේ එකෙක් වත් බටේ කිට්ටුව හිටියෙ නෑ..... ලීටර් පන්සීයෙ කම්ප්‍රෙශර් එකක තියන පවර් එක ටොයිලට් බටේකට උහුලන්න බෑ කියල ඌට තේරෙනකොට වෙන්න තියන සියලුම දේ වෙලා ඉවරයි.....ඒ වෙනකොටත් දවල් දොලහේ සලා වෙලාව ඇවිත් තිබුන නිසා ගැරිජ් එක දිහාවත් නොබලා මම මාරු උනේ සලාවෙන් පස්සෙ ලන්ච් ටයිම් තියන නිසා...

ලන්ච් ටයිම් ඉවරවෙලා යනකොට මුදීර් කාරයා නහයත් වහගෙන බංගලි දෙන්නෙක් ගෙනත් වර්ක්ශොප් එක හෝදවනවා.........මට ඉල ඇඳෙන හිනාවක් ආවත් කට තද කරගෙන පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා....

මාව දැක්ක ගමන් මේකා.... ආ කුමාර් තාල් තාල් ජීබ් මුකෙන්සා නද්දප් හෙනා...
( කුමාර් එන්න එන්න , ගේන්න කොස්සක් , පිරිසිදු කරන්න මෙතන)

ලා ලා අනා මාෆි නද්දප්... කේෆ් ඊජී ජූවා... ශූබ් රීහා මර්හා.... අනා මා ඉක්දර් නද්දප් හෙනා.. කල්ලම් හාද බංගාලි කල්ලි නද්දප් මස්බූත්.... බාදෙන් අනා ඊජී

නෑ නෑ මම පිරිසිදු කරන්නෙ නෑ...කොහොමද එන්නෙ ඇතුලට...බලපන් ඟදයි හොඳටම....මට බෑ පිරිසිදු කරන්න මෙතන......කියපං ඔය බංගලින්ට හොඳට පිරිසිදු කරල තියන්න...පස්සෙ මම එන්නම්.😂😂😂😂😂ඔන්න ඔහොම කියපු මම ආපහු කාමරේට ආවා.....

පහුවෙනිදා උදේ යනකොට මෑන් ඩෙටෝල් ලීටර් පහේ ගැලුමක් ගෙනත් වතුර වලට දාලා මුලු වර්ක් ශොප් එකටම ඉහලා බංකුව වාඩිවෙලා බලන් ඉන්නවා.😂😂

මේ කතාව විශ්වාස කරන්න අමාරු වගේ නම් ගල්ෆ් රටවල් වල ඉන්න කෙනෙක්ගෙන් අහන්න සූර්, මසිරි ,පකිස්ථාන් කාරයින්ගෙ නුවන ගැන...........😂😂😂

1 comment:

  1. උන්ගේ මොලේ ගැන කියලා වැඩක් නෑ

    ReplyDelete