Friday, October 12, 2018

.....මලසේකරගේ බල්ටිය....



පසුගිය දිනවල කතාව ලියනවිට තරමක කතාව දිග ගතියක් පෙනෙන්නට විය... කියවීමේ සහ ලිවීමේ පහසුව තකා කතාව කෙටි කිරීමට මා සිතුවේ එබැවිනි.. මලයා යනු පාලයියා හා සමාන ඩයල් එකකි.... මලයා පිලිබඳ හැඳින්වීමක් අවශ්‍ය නොවන්නෙ සියල්ලන්ම පලවෙනි කතාවෙන්ම මලයා පිලිබඳව දැනුවත් වු නිසාය..

ටෙක් කෝස් එක කරමින් බෝඩිමේ වාසය කල මුල් මාස දෙකේ මලයාත් මමත් පමනක් බෝඩිමේ පදිංචි කරුවන් වූ අතර පසුව එයට වෙල්ඩින් පුහුනුවට පැමිනි , දිගා සහ පුශ්පේද එකතුවිය...පසුව ඔවුන්ද අප සමග එකතුවූයේ ඉවුම් පිහුම් කටයුතු වල පහසුව සඳහාය..... තවත් සති දෙක තුනකට පසුව මලසේකරයාගේ ගෙවල් අසල නිවසක ලසන්ත නමැති කොලුවෙකුද අපට එකතුවූයේ මලසේකරයාගේ මැදිහත් වීම මතය.....විසිතුරු මසුන් සඳහා පාඨමාලාවක් හැදෑරීමට පැමිනි ඔහුත් අප සමගම නතර වූයේ ගමනා ගමනය සඳහා තිබු දුශ්කරතාවය නිසාමය..... වසර කිහිපයක් මාර්සල් ආට් නොහොත් කරාටි ක්‍රීඩාව තරමක් හොඳින් ප්‍රගුන කර සිටි ලසන්තයා පැමිනි පසු මලසේකරයා අනෙකුත් උන්ට තග දමාගෙන පීඩා කාරී පාලනයක් ගෙනයන්න විය... ඒ ලසන්තයාගේ හයිය ඇඟට අරගෙනය.....දිගා පුස්පේ මම එක් පසෙකත් ලසා සහ මලයා තවත් පසෙකත් වශයෙන් නිල නොවන ලෙස බෙදී සිටියත් කනබොන වෙලාවට ඒවා අමතක කෙරුවෝය.....

ලසන්තයා යනු එක මොහොතක් එක විදියක සිටිය නොහැකි එකෙකි.... කරාටි වල භාවිතාවන කාතා , ෆෝවඩ්රෝලින් , කලු වඩන සොට් , ඔකපතන සොට් වැනි ඉරියව් වලින් සියලු වැඩ කරගන්නා මූ අමුතුම ජීවියෙක් බව වැටහුනේ ටික කලක් ගිය පසුවය....සෑම දිනකම හවස් වරුවේ පුහුනුවීම් කටයුතු වලට පැයක් දෙකක් වෙන්කරගන්නා මේකා මිදුලේ වලවල් හාරමින් තනකොල කමින් , මිදුලේ තිබූ කොස් ගසේ පොලොස් ගැටවලට පයින් ගැසීම වැනි පුහුනු කටයුතු බලාසිටීමට අපද කැමැත්තෙන් සිටියෙමි....මලසේකරයාද මේවා ඉතා උනන්දුවෙන් බලා සිටියේ අපද පුදුමට පත් කරමිනි....සියලු දේ දන්නා එකෙක් වූ මලයා ලසාට කරාටි ක්‍රීඩාව උගන්වන්නේ නැතුව බලා සිටීම මහත් ගැටලුවක් නිසා මා ඒ පිලිබදව මලයාගෙන් ඇසුවේ කවුරුත් නැති වේලාවකදීය...මම කරාටි නෙවේනෙ බන් කලේ.....මම ජිට් කුන්ඩෝ කලා.......වූශු කලා......ඒවා ඕවට වඩා වෙනස්නෙ බන්....මා පුදුමයට පත් වූයේ නැත....හේතුව බැරිවෙලා හෝ මූට නීල් ආම්ස්ට්‍රොන්ග් හමු වුනානම් ""නීල් අයියෙ හඳේ අහවල් හන්දියේ අහවල් වංගුව ගාව තිබුන ලොකු පැරශුට් එක මම ගිය ශටල් එකෙ පැරශුට් එක ""යනුවෙන් පවසන ජාතියේ බඩුවක් නිසාය.....

කෙසේ හෝ එක් දිනක් ලසන්තය කෑල්ල හමුවීමග තිබෙන නිසා ගෙදර ගියේ තරමක් වේලපහිනි.......එදා සවස් වරුවේ මාද ,දිගා හෙවත් රසිකයාද , පුස්පෙ හෙවත් නිදිකුම්බාද මිදුලට වී සිටියේ ලොකු ප්ලෑනක් ඇතුවය.... එනම් මලසේකරයාගේ ජිට් කුන්ඩුවේ අඩව් කිහිපයක් බැලීමටය.....උයාපිහා අවසන් වූ මලයා මිදුලට කැඳවා ගත් අපි කෙමෙන් කෙමෙන් කතාව සටන් ක්‍රම නමැති මාතෘකාවට හැරවූයේ සැලසුමේ පලමු පියවර ලෙසය.......කෙමෙන් කෙමෙන් වචන වලින් පටන් ගත් විස්තර අතින් පයින් කර පෙන්වන තරමට මලයාව පෝම් කලෙ දිගා මල්ලීය.....සටන් කලාව පිලිබද කුඩා දැනුමක් තිබූ දිගාගේ කතාවලට පොහොර දමමින් මාද කියා සිටියේ අපගේ බෝඩිම් සාමාජිකයින් අතුරින් ලසා පලමු තැනත් දිගා දෙවන තැනත් ගන්නා බවය.....මෙය මලයාට ඇල්ලූවේම නැති බව මට වැටහුනේ මලයා ඉඳගෙන සිටි තැනින් නැගිට අතපය කරකවමින් එහෙට මෙහෙට විවිධ ඉරියව් පෙන්වීම නිසාය....කතාව උත්සන්නම අවස්තාවේදී මලයා උඩ පැන මිදුල මායිමේ තිබූ ක්‍රෝටන් වැටට කික් කරමින් උඩ පනිමින් තම දක්ශතා විදහා දක්වන්ට වූයේ බෝඩිම් කරුවන් අතර දෙවනි තැන රැක ගැනීමටය.....

මේ අතර එක් වරම බල්ටි පිලිබඳ කතාව ඇද ගත්තේ පුස්පෙ මල්ලීය.... අරූ ගහන බල්ටිය මූ ගහන බල්ටිය වශයෙන් බල්ටි කරුවන් ගැන කී පුස්පෙ මල්ලී මලයාටද කීවේ ජිට් කුන්ඩු බල්ටියක් ගසා පෙන්වන ලෙසය.....පුස්පෙයාගේ ලනුව කෑ මලයා එහෙට මෙහෙට පාද තබා අවශ්‍ය ලෙස මිම්ම ලබාගෙන එක් වරම උඩ පැන බල්ටියක් ගැසුවේ අප පුදුමට පත් කරමින්ය......පුදුමය කෙතරම් විශාල වූයේද පැවසීමට වචන නැත....අන්දෝ සංසාරයක් නොදැන බොරුවට දැගලූ මලයාගේ කකුල ලිස්සා වැටුනේ මූන බිමටය.....මිදුල සේදී යෑම වැලැක්වීමට කොන්ක්‍රීට් වලින් තනා තිබූ බැම්මෙ කට සහ නහය වැදී මූන ඌරු හොම්බක් මෙන් වී ලේ ගලන්නට විය... නාස්පොල්ල කැඩී තොල් පැලී නැගිට ගැනීමටවත් නොහැකි තත්වයට පත්වූ මලයා වහා ඔසවාගත් අපි පහල හන්දියේ පාක් එකේ සුනිල් මාමාගේ ත්‍රීවීලයේ දමා අසලම ටවුමේ ඩිස්පැන්සරිය වෙත රැගෙන ගියෙමු...... මොකද පුතා උනේ කියා දොස්තර මහතා අසන විට අපට උත්තර නැතිවූ අතර ගොත ගසමින් මලයා පැවසූ දේ අපට උහුලා ගත නොහැකි සිනාවක් ලබා දුන්නේය.....එනම් ජිට් කුන්ඩෝ එකක පෝවඩ් රෝලින් එකක් ගහන්න ගියා ඩොක්ට පොඩ්ඩක් කකුල ලිස්සුවා...😂😂😂

එදින රාත්‍රී බෝඩිමේ ගතකල මලයා පසුවදා තාත්තා පැමිනීමෙන් පසු ඔහුත් සමග ගෙදර ගියේය........ඉන් සතියකට පසු මලයා ටෙක් ආවේ බිමට බරවුනු මුහුනින් යුතුවය......ඉන් පසු කිසිදිනෙක මලයා ලසන්තයා ඉන්න පලාතකටවත් නාවේය.......

2 comments: