Saturday, August 4, 2018

වෙද මහතාගේ ගස්ලබු කැඩීම

බාස් විත්ති උනාට මේකෙනම් ගැරිජ් එකවත් පාල අයියවත් නෑ... ඉන්නෙ මමයි පට්ටලේ අයියයි වෙන යාලුවො දෙන්නෙක් විතරයි.....එක යාලුවෙක් තමා වෙද මහතා....ගැරිජ් එකට පහලින් තිබූ ගෙදර තනියම තමයි මෙයා හිටියෙ.
අනිත් කෙනා සංගීත ගුරුතුමා...වයස් පරතරේ ලොකු වෙනසක් තිබුනත් අපේ හිතවත් කම දිගටම පැවතීමට එක හේතුවක් තිබුනා.❤️❤️❤️..ඒ තමයි අපි හතර දෙනාගෙම ක්‍රිකට් මැච් පිස්සුව.....එකෙකුට එකෙක් දෙවනි නැති දැනුමත් එක්ක හරඹ කරමින් ක්‍රිකට් මැච් බැලීම අපිට තිබුනු විශාලම විනෝදාංශයක් උනා...

මෙහිදී අපේ නැරඹුම් මැදිරිය උනේ මැදිවයස පසු කරමින් තනිවම ජීවත් වන වෙද මහතාගෙ ගෙදරයි.. දඩ පතාර ටීවී එකයි ඕන කෑමක් හදාගැනීමට ඉඩ ඇති කුස්සියයි. මදුවිත වැඩිවී හාන්සි පයිස් ගැහුවත් සද්ද දාන්න එකෙක් නැති වීමයි නිසා මේක අපට තෝතැන්නක් උනා. ඒවගේම හතරදෙනාම එකම ප්‍රමානයට මදුවිත පානය කලත් හතර දෙනාගෙ වෙරිය හතර විදියක් උනා...හයේ හතරෙ පොරක් වෙච්ච් වෙදමාමාට සොට් එකක් යනු කඩියෙකු කාපු සීන් එකකි... ඒ උනත් අපේ සංගීත ගුරුට දෙක වනන විට සරිගම පැටලී ශෘතියෙන් පැන😝😪😫😓 පුල් හින්දුස්තාන් වීම අනිවාර්යය තත්වයකි...පට්ටලේ අයියා කාලක්‍රියා කරන පොරක් බැවින් මෑන් අවුලක් නැත.... 🍷🍷🍷බීම පිටුපස පැන්නුවේ නැති උනත් මමත් ග්‍රෑම් ගනනක් දාගන්නේ මුන්ගේ විකාර වලට හොඳසිහියෙන් උත්තර දෙන්න බැරි නිසාමය.

ඔන්න දවසක් අපිට අතාරින්නම බැරි වෙච්ච මැචක් සෙට් උනා ඉන්දියාවයි ලංකාවයි ටී 20 එකක්...දිවා රාත්‍රී එකක් හින්දා දවාලෙම අවශ්‍ය කරන පාන වර්ග අඩුම කුඩුම ටික ගෙනත් ස්ටොක් කලා...හවස් වීගෙනෙ එනකොට කට්ටිය සෙට් වෙලා මැච් එක පටං ගන්නකං එකා සොට් එක එක අනුමත වෙලා
බයිට් එක හදන්න පටං ගත්තා..... හතර දෙනාගේ අදහස් අනුව හැදූ මස් කරිය හිතුවටත් වඩා කොලටියට ආවා....ඕක හදල ඉවර වෙන කොටම මැච් එක පටං ගත්තා...ටක් ගාල මස් දීසියක් අරගෙන සාලෙන් වාඩිවෙලා වැඩේට සෙට් උනා.. පුරුදු පරිදි අවශ්‍ය ප්‍රමාන වලින් අනුමත වෙමින් බයිට් කමින් ලංකාව ගහන එක දිහා බලන් හිටියා....හයේ හතරෙ පාරවල් ටිකක් වදිනව දැක්ක පට්ටලේ අයිය ඒකෙ ආතල් එකටද මන්දා රෑ කැමට මස් හොදියි ඉදි ආප්පයි කන්න යෝජනා කලා.. එහෙනම් ලංකාව ගහල ඉවර උනාම රෑ කඩේට ගිහින් අරං එමු කියල . මැච් එක ඉවර උනා විතරයි පරන පුරුදු ඇල පාර අයිනෙ ශෝට් කට් එකෙන් දාලා එන්න පිටත් උනා..ගෙයින් එලියට එනකොටම ගුරාට වැඩියි කියල අපටතේරුනත් පුරුදු වෙන පොරක් නෙවෙයිනෙ කියල ඇල අයිනෙ කෙටි පාර දිගේ ආවා.... ඇව්ත් ප්‍රදාන පාර ගාව නතර වෙච්ච අපි තීරනය කලා වෙරි අඩුවෙන්ම ඉන්න අපිදෙන්න රෑ කඩේ යන්නත් . බඩු වැඩි වෙච්ච වෙදමාමයි ගුරුයි ලගම කඩෙන් සෝඩා බෝතලයක් අරන් ආපහු යන්නත්....

ඔන්න මායි පට්ටලෙයයි යනවා රෑ කඩේ යන්න... පාලම මැදක් යනකොට වෙද මාමා මරහඩ තලන සද්දෙට අපි දෙන්න බයවෙලා ආපහු ආවා. බලනකොට අඩි පහලොවක් විතර උස ඇල කන්ඩිය අයිනෙ වෙද මාමා ගස්ලබු ගෙඩියකුත් අතේ තියාගෙන අන්න අරූ ගනින් අන්න අරූ ගනින් කිය කිය කෑගහනවා... ගුරා නෑ පේන්න....පොඩ්ඩක් විපරම් කරල බලනකොට ගුරා ඉන්නා ඇල කන්ඩියේ බඩ ගාගෙන... මොකක් නමුත් අලකලංචියක් වෙලා තියන නිසා දඩි බිඩි ගාලා මම පල්ලට පැනලා අමු හෙලුවෙන් හිටි ගුරාව ඇදල ගත්ත උඩට ...මේක යකෝ තනිකර මඩ කරියා වගේ මඩ නාලා , කෙටල ගස් බෙල්ලෙ, තනකොල කටේ , ඇදං හිටපු සරම ඇලේ.. ජොකා දාලත් නෑ.,දනිස් පොල් කටු ලෙලි ගිහින් මොන මගුලක් කරන්න ගියාද හිතාගන්න බෑ...වෙද මාමගෙන් ඇහුවම මිනිහ කියනවා පස්සෙ කතා කරමු...ඉස්සෙල්ලම මූවගෙදර අරං යමු කියලා...ඔක්කොම වැඩ පැත්තක තියලා වෙද මාමා සරමට යටින් ඇදපු කලිසමත් ගලෝලා අන්දෝගෙන මේ යකාව ගෙදරට අරන් ආවෙ මම කරේ තියාගෙන... කොහොම හරි ගේ පිටිපස්සෙ තිබුනු ටැංකිය ගාවට ගෙනිච්ච් ගුරාව නාවල මඩ හෝදල බලනකොට අත පය කැඩිල නැතත් පොඩි හීරීම් වගයක් තිබුනා...වෙද මාමගෙ කාමරේට මේකව ගෙනත් බෙහෙත් හෙම දාලා ඉවර උනාම මම වෙද මාමව පැත්තකට එක්කගෙන ගිහිං වෙච්ච දේ ඇහුවම තමා මට ඉල ඇදුනෙ....

ඇල කන්ඩිය අයිනෙ තිබුනා අඩි විස්සක් විතර උස සැපට හැදුන ගස් ලබු ගහක්... බැම්ම උඩට ආවහම ඕකෙ ගෙඩි අතින් කඩන්න පුලුවන්... පොර දවාලෙ ඔතනින් යනකොට ඉදුනු ගෙඩියක් දැක්කත් අතේ බඩු කවර වගයක් තිබුන හින්දා හවසට කඩනවා කියල හිතාගෙන ගෙදර ගියාලු.. රෑ ඉදි ආප්ප ගේන්න යන වෙලාවෙ ඕක මතක් වෙලා පොරට... අපි එතනින් ආවට පස්සෙ ගෙඩිය කඩන්න හිතාගෙන ගහ ලගට ගියත් වැස්සට ගහ ඇල පැත්තට බර වෙලා තිබිලා තියෙන්නෙ...ඒ පාර් වෙද මාමා ගුරාට අඩගහල ගහ ඇදල අල්ලගන්න කිව්වලු. ගුරත් පාංකඩේ වගේ ඉන්න ගමන් දෑතින්ම ගහේ එල්ලිලා අල්ලගෙන...වෙද මාමත් එක අතකින් ගහ අල්ලගෙන අනිත් අතින් ගෙඩිය කඩලා. හරි එහෙනම් අතාරිනව කියල ගහ අතෑරලා....වෙරි මරගාතෙ හිටපු ගුරාට ඕක ඇහිල නෑ...ඒ යකා ගහ අල්ලගෙනම ඉඳලා. වෙද මාම ගෙඩිය කඩාගෙන ගහ අතෑරියා විතරයි කෙලින්ම ගුඩු විද්ද වගේ මේ යකාව ඇල මැද්දට වීසි වෙලා...හොඳ වෙලාවට ඇලේ වතුර දනිස්සක් තරම් තමයි තිබිල තියෙන්නේ.. සරම ගැලවිලා ගිහින් කෙටලා ගාලේ දඟලපු දැගලිල්ලට ගුරාගෙ ඉනෙන් පල්ලෙ අත්‍යාවශ්‍ය අවයව ටික පලු ගිහින් තිබුනා කියල වෙදමාමා ඊලඟ මැච් එක දවසෙ මාත් එක්ක කිව්ව........
😂😂😂😂වැඩේ ලීක් උනාට පස්සෙ ගුරා ඇඟේ අමාරුවට වඩා වේදනා වින්දෙ අර සවුත්තු වෙච්ච් අවයව ටික සනීප වෙන්න ගිය කාලෙ වැඩි වීමත්, නෝන නිවාඩු ඇවිල්ල හිටපු දවස් ටිකේ යටිතල පහසුකම් කප්පාදු වීමත්,පාරෙ බැහැල යන්න බැරි වීමත් නිසා කියල අපිට හිතුන..

5 comments:

  1. ජය වේවා කිව්ව එහෙනම්.. දෙයියනේ කියල ලියපන් මස්සිනා රිදෙන්ඩ .

    ReplyDelete
  2. ඔන්න මල්ලි මමත් ආවා... ජයවේවා දිගටම ලියන්න... අටං මල්ලි ඔයාවත් බ්ලොග් ලියන්නෙක් කලානෙ.. ������

    ReplyDelete
  3. එලකිරි. සකලංකසමාලෙන් කියවපු නිසා මුකුත් කියන්නෑ

    ReplyDelete