Thursday, November 1, 2018

පාලගේ ෆැමිලි ප්‍රොබ්ලම්...


""සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි""
අද හිමිදිරි පාන්දර දහයට මා අවදිවනවිට ඇසුන ගීතයත් සමග මට සිහිවූයේ පාලයියාය.... පාලගේ අන්ඩ කොන්ට්‍රෝල් වැඩක් මාට්ටු වීම නිසා පැනි වරකාවට හෙන වැදුනේය.... බතල බහිනකම් සිටියත් තැම්බෙනකම් ඉවසන්න බැරිවී නිර්මලා නමැති ගොනා බැඳි ලෝකාස්වාද රථය පාලගේ කෙවිටෙන් ගසමින් හොරපාරේ දැක්කවීමට ගත් උත්සාහය පාල හාමිනේට හසුවූ පසු පාල අයියාට බිං අයිතියත් , බත් කාඩ් එකත් , අහිමි විය.... පාලහාමිනේට මුහුන දීමට නොහැකි වූ පාලයියා පුරුදු පරිද් නැවතත් ගරාජයේ ලෑලි ඇඳේ පදිංචි විය..... මේ වන විටත් මේ ගැන කිසිවක් නොදැන සිටි මා මේ ගැන පාලයියාගෙන් විමසුවද කිසිවක් නොපැවසීම මාහට මහත් ගැටලුවක් විය..... මා විසින් අසන ලද සෑම ප්‍රශ්නයකටම මුනිවත රැකි පාලයියාට යමක් සිදුවී ඇති බව අප සියල්ලෝටම අවබෝධ විය..... වෙනදා කට කමසෙයියාවක් නැතිව කියවමින් ගැලරියට ආතල් සැපයූ පාලගේ ස්වරූපය මෙදා සෑහෙන නිහඩතාවයක ගිලී ගියේ ටයිටැනික් නැව ගිලීගියාටත් වඩා ගුප්ත අයුරිනි....කෙසේ හෝ එක දිගටම සතියක් ගෙදර නොයා ගරාජයේ වැඩ කල පාල අයියා සෑම දිනකම සවස වැඩ අවසන් වූ පසුව කාලක් ගැසීම මගහැරියේ නැත.... කොහේ හෝ අයිනකට වී අරක්කු කාල අනුමත වීමෙන් පසුව කඩෙන් ගෙනා කෑම ස්වල්පයක් කෑඳැත්තා ගස්ලබු කන්නා සේ ගිල දමා පාලයියා ලෑලි ඇඳේ දපන්නේ සුසුම් හෙලමිනි..... පාලගේ මෙම වෙනස පිලිබඳ සොයා බැලිය යුතුයැයි මට සිතුනේ පාලහාමිනේ පිලිබද හෝඩුවාවක් වත් දැන ගැනීමට නොහැකිවූ බැවිනි.......
""මචං පාලඅයියා මොකද මචං අවුලෙන් වගේ...
""මොකවත් අවුලක් නෑ බන්....
""නැත්තෙ මොකද උඹ ඉන්නෙ ලොකු අවුලක... මොකක් හරි අවුලක් තියනවනං කියපිය ලොටන්නෙ නැතුව.... කරන්න පුලුවන් දෙයක් තියනවනම් කරල දෙන්නං.
"" පොඩි අවුලක්නම් තියෙනවා බන් හවසට කියන්නං....
"" දැන් කියපං බන්.... ආයෙ රෑවෙලා මගුලක් කරන්නද....
"" ඒක එහෙම කියන්න බෑ බන්... හවස හෙමීට කියන්නං
"" හැබැයි තෝ අනිවා කියන්න ඕනි ඈ.... නැත්තං දන්නවනෙ
කෙසේ හෝ මාගේ පෙරැත්තය නිසා කතාව දිග හැරීමට පාලයා එකඟ විය..... හවස් වරුවේ වැඩ අවසාන වූ පසු පාලයියා ගලබඩයාගේ ආටා එකේ දැල් කඩයට ගොස් අඩුම කුඩුම සියල්ල රැගෙන ආවේය.... හය හමාර වන විට උඩ තට්ටුවේ ලෑලි මේසය මත ගල්බාගයක් කඩල පැකැට්ටුවක් කැහිකූරු මිටියක් තබාගෙන පාලයියා සියලු දුක්ක දෝමනස්සයන් හෝදා හරින්නට විය..... හරියටම ගල් කාලක් අවසන් වීමෙන් පසුව පාලයියා සිය කතාව පටන් ගත්තේය.... පාලහාමිනේගේ අසනීපයේ සිට නිර්මලාගේ පලංචිය දක්වාත් වැඩේ ගැස්සී පාල හාම්නේගේ තරවටුව දක්වාත් කතාව පැවසූ පාල අයියා මා දිහා බලාගෙන හිටියේ මාගේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතමින් විය හැකිය..... පාල කියූ කතාවෙන් මාගේ යකා ඉස්මොල්ලටම ආරූඪ විය.....
""යකෝ ගොන් හු*තෝ මොකක්ද යකෝ තෝ කරපු ඒ බලු වැඩේ....
""අච්චර හොඳ ගෑනියෙක් ඉන්න තෝ මොකටද බල්ලෝ අර ගෑනිගෙ බිබික්කම උලාකන්න ගියේ...
"" බලපිය උඹේ ගෑනි උඹේ ඔක්කොම වැඩ ටික කරල දෙනවා ජොකා පවා 
හෝදන්නෙ ගෑනි නේද..... තොට ගහලා මදි හම ගහන්න ඕනි.... එක සතියක් තොට බිජ්ජ තලාගන්නෙ නැතුව ඉන්න බැරි උනාද.... දැන් බලපිය මොකද කරන්නෙ කියල.... ගෑනිට හොඳටම තද වෙලා ඇත්තෙ... පව් යකෝ ඒ ගෑනි...
කටට ආ නොසරුප් වදන් සියල්ලම එකතුකර පාලයාට බැන්නත් ඒවාට පිලිතුරක් නොදුන් පාලයා බිම බලාගෙනම සිටියේය..... මෙවරත් කලින් වතාවන් වලදී මෙන් මැදිහත් වීමට සිදුවන බව මට හැඟී ගියේය.... සිදුවූ සිදුවීම ගැන කල්පනා කරමින් ගල්බාගයේ ඉතුරු ටිකත් හිස් කල පාලයා තරමක වෙරියක් සහිතව නැගී සිටියේය...
"" ඒ පාර උඹ කොහෙද යන්න හදන්නෙ...
"" කන්ඩ මොනව හරි ගේන්ඩෝනැ බන්....
"" හිටපං මාත් එනවා....
"" අන්න හර්රි යම්මාං
පහලට බැස බයිසිමොටෝවට ගොඩවූ පාලයාත් මමත් හන්දියට ආවේ ඉබි ගමනෙනි.. බයිසිකලය ‍රෑ කඩය අසල නවතා ඉඳි ආප්පත් මාලුහොදිත් තව අඩුම කුඩුම රැසකුත් මිලදීගත් පසු පාලයියාට තවත් ගල් කාලක අවශ්‍යතාව ඇතිවිය... පාලගේ පෙරැත්තය නිසාම නැවතත් දැල් කඩයෙන් ගල්කාලක් මිලදීගෙන ආපසු වැඩ පලට පැමිනි අප දෙදෙනා උඩට ගොඩවිය.... රාත්‍රී අට වන විට පාලයා අරක්කු තුන්කාලක් ගසා බලුපදම ඉක්මවා සිටි අතර ඉඳි ආප්ප හයහතක් කා දැමුවේ රැලෙන් රැලය....
කලබලකාරී දිනයක් ගෙවී ගොස් රාත්‍රිය උදාවිය... ඉඳහිට ගමන් කරනා වාහනයක ශබ්දය බලු රැලකගේ කෝලාහලය ඇරෙන්නට වෙන කිසිවන් නෑසෙන රාත්‍රිය විඩාබර ශරීරය නිවාලන්නට විය..... මා ඇඳට වැදී රෙද්ද පෙරවා නිදන්නට විය.... වසර ගනනාවක් ගරාජයේ ගතකල පාලායියා විවාහ වීමෙන් පසු බිරිඳගේ නිවසේ නතර වීම නිසා උඩ තට්ටුවේ තිබූ පාලගේ ඇඳ පට්ටලේ අයියා රැගෙන ගියේ පාලගේ පූර්න අවසරය මතය.... ඉඳහිට දවසක වැඩපලේ නතරවන පාල අයියා නිදාගත්තේ බිමට එලාගන්නා කොහු මෙට්ටයකය..... පුරුදු පරිදි පාලයියා එදත් මෙට්ටය බිම එලාගෙන නිදාගත්තේ ඇල්බට් අයින්ස්ටයින් පාසල් යන කාලයේදී සේදුවාට පසු නොසේදූ බුලංකේට්ටුවද ඇඟ දවටාගෙනය.... ස්වල්ප වේලාවකින් දහවල් කාලයේ හිරුගේ අඩම්තේට්ටම්වලින් බැට කෑ මිහිකත සනසාලමින් වැසි පොදයක් වැටෙන්නට විය...හෙට දින නිවාඩු දිනයක් වූ නිසාත් වැසිපොදයේ තිබෙන අමුතුම රසය නිසාත් මාහට නින්දට වඩා අඩ නින්ද සැපයක් විය.... ෆේස් බුක් , යූටියුබ් , ඉන්ස්ට්‍රග්‍රෑම් වැනි කාලතරන යන්ත්‍ර ඒ දිනවල එතරම් ප්‍රචලිතව තිබුනේ නැති බැවින් නින්ද මාගේ හොඳම මිතුරා විය... නින්දත් නොනින්දත් අතර පාවෙමින් සිටි මාහට නින්ද ලඟාවූයේ තරමක වේලාවක් කල්පනා සයුරේ නිමග්නව සිටීමෙන් පසුවය.....
""සුදූ මගෙ මැනික..... නින්දයන්නෙ නැද්ද.....ම්ම්ම්ම්ම්ම්ම්
""වස්තුව මෙහට එන්නකෝඕඕඕ....
""මගෙ මැනිකෙනෙ ඉතිං.... කෝ උම්ම දෙන්නෙ නැද්ද මට...
""හොර ගෙඩියා වගේ ඉන්නවා නේද සද්ද නැතුව....
""ආයෙ මම ඕවගේ වැඩ කරන්නෙ නෑ.... හොඳද ම්ම්ම්ම්ම්ම්....
කොතරම් වේලාවක් නිදා සිටියාද මතක නැති මාව උඩ විසිවී ඇහැරුනේ කාගෙදෝ ප්‍රේම ජවනිකාවක කෙඳිරිල්ලක් ඇසීමෙන්ය....
""චන්දිමා( මනඃකල්පිත නමකි.) තාමත් තරහද.... දැන් ඔය ඇති තරහ වෙලා හිටියා... දැන් එන්නකෝ වස්තුවේ..... මං කොච්චර වෙලා බලන් හිටියද....
හම්මට සිරිවෙලාය.... පාලයා හීනෙන් කියවනවාය..... නිකන්ම නොව පාලහාමිනේද ඉන්නා ස්වප්නයක්ය..... ගුවන් විදුලියේ විකාශය වන නාට්‍යක් මෙන් මා එයට සවන් දුන්නේ කෑලි කැපිය හැකි කට්ට කරුවලේ ඇඳ මත වාඩිවීය.. වැස්ස නිසා කොහේ හෝ ගසක් කඩා වැටීමෙන් නිසා හෝ වෙනත් කිසියම් ආපදාවක් නිසා විදුලිය විසන්ධි වී තිබූ නිසා කිසිවක් දර්ශනය වූයේ නැත....
නැවතත් පාලයාගේ ප්‍රේම කෙඳිරිල්ල පටන්ගත්තේය.....
"" ලඟට ආවේ නැත්නම් ඇදලා ගන්නවා ඔන්න.....
මෙට්ටය මත කවුරුන් හෝ දඟලන ශබ්දයක් ඇසෙන්නට විය..... හඳුනාගත නොහැකි , අකුරෙන් ලිවිය නොහැකි හඬකින් කවුරුන් හෝ කෙඳිරිගානවාද ඇසෙන්නට විය....
"" කෝ මෙතෙන්ට එන්නකෝ....සුදු නෝනනේ මගේ...
නැවතත් හඳුනාගත නොහැකි කෙඳිරිලි හඬය...
""කම්මුල විකනවා ඔන්න හොඳේ......
නැවතත් කෙඳිරිලි හඬය....
යකෝ කවුද යකෝ මේ කෙඳිරිගාන්නෙ..... මෙට්ටෙ උඩ දඟලන සද්දෙකුත් ඇහෙනවනෙ... මේ යකා කාත් එක්කද මේ කියවන්නෙ.... යකෝ කවුරුහරි ගෑනියෙක්වත් මූ එක්කගෙන ආවාද..... ලයිට් නැති හින්දා පේන්නෙත් නෑ... පාල හාමිනේ නම් කීයටවත් මේ වෙලාවෙ එන්න විදිහක් නෑනෙ.... පොඩ්ඩක් කිට්ටුවෙලා බලන්න ඕනි..... දහසකුත් එකක් සිතුවිලි සමග හඬ නොනැගෙනසේ ඇඳෙන් බැසගත් මා පාලායියගේ මෙට්ටය අසලට කිට්ටු කරන්නට විය... මෙට්ටය අසලට යනවිටම මහා කුනුගඳක් දැනෙන්නට විය..... මන්නාරම් වැල්ලේ රැයක් ගතකරන්නා සේ හැගීමක් මාගේ සිතට දැනෙන්නට විය... නැවතත් කෙඳිරිලි හඬ ඇසෙන්නට විය....
""ඔයාට මම කොච්චර ආදරේද.... ඔයා තමයි මගෙ පන....ඔයාගෙ ඇඟට උඩින් කකුලක් දාගන්නද මැනිකෙ.....
නැවතත් කෙඳිරිලි හඬ ඇසෙන්නට විය...... උහුලාගත නොහැකි බොම්බිලි කරවල ගඳ නැවතත් උත්සන්නවිය..... ඇස් කලුවරට යාන්තම් හුරුවූ පසු කොට්ටය මත ඔලුගෙඩි දෙකක් තිබෙනවා පෙනෙන්නට විය.... අඳුනාගත හැකි පාලගේ හිසට පහලින් තවත් කුඩා හිස් ගෙඩියක් පෙනෙන්නට විය.... කවුරුන් හෝ පාල සමග නිදාගෙන ඉන්නා බවනම් සක්සුදක් සේ පැහැදිලිවිය..... ඉන්නා එකා මොකෙක් උවත් මෙය නම් තව දුරටත් බලාසිටිය යුතු දෙයක් නොවේය... ගෑනුන්ගේ නමක් ඈඳී චරිතයට කෙලවා ගැනීම මට නම් අවශ්‍ය නැත.... පාලයාට නම් කොහොමත් එකය... කරුමෙට හෝ ලොක්කා මේවා ගැන දැනගතහොත් උදාවන්නේ මහත් වූ කනගාටු දායක කාලයක්ය..... යකා ආරූඪ වී මෙතන කෑකොස්සන් ගැසීමද කල නොහැක... පාලයාගේ හොම්බට දෙකක් ඇනීමද සිත් පහල විය..... කලබල වුවහොත් කොරොස් කටේවත් අත දමාගැනීමට නොහැකිය.. කරන්ට් එකද නැත..... කලුවරේ එහෙමෙහෙ දුවගොස් බෙල්ල කඩාගැනීමටද බැරිය....
දහසකුත් එකක් සිතිවිලි සමග නැවතත් ඇඳ මත වාඩි වූ මා ජංගම දුරකතනය අතට ගන්නවාත් සමග මෙතෙක් වේලා විසන්ධි වී තිබූ විදුලිය නැවත පැමිනියේය... පාරේ තිබූ ලයිට් කනුවේ ආලෝකය නිසා කාමරය මද වශයෙන් ආලෝකමත් විය.... වහා නැගිට කාමරයේ අනිත් පසට ගිය මා කාමරයේ විදුලි පහන දැල්වූයේ පාලයාගේ හොරගෑනි කවුදැයි බලා ගැනීමටය.... සියල්ල හෙලිවූයේ එතැන් සිටය... බිම එලා තිබූ මෙට්ටය දෙසට නෙත් යොමු වූයේ විදුලි වේගයෙනි......මෙතෙක් වේලා පාලගේ උනුසුමට තුරුලු වී සිටි ඒ අංගනාව දැකීමෙන් මට ඇතිවූයේ කුමන හැඟීමක්දැයි මට තවමත් සිතාගත නොහැක.. ඇය පාලගේ උනුසුමේ නිදාසිටියේ සෑහෙන පල පුරුදු කාරියක ලෙසය.... පාලද උතුරාගිය සෙනෙහසත් අධික වෙරි මතත් නිසා ඇයගේ ශරීරයට උඩින් කකුලක් දමාගෙන සිටියේය...තවමත් නිම නොවූ චුරු චුරු වැස්ස නිසා ඇති සීතල ගතිය ප්‍රේමයේ උනුසුමෙන් පලවාහරිමින් පාල ගොරවමින් නිදන්නට විය..... අසම්මත ප්‍රේමයක පැටලුනු පාලගේ හොර අඹුවටත් පාලයාටත් යස පාඩමක් ඉගැන්විය යුතුයැයි සිතූ මම මෙතෙක් වේලා අඩවල් වී තිබූ දොර සම්පූර්නයෙන්ම වසා දැමුවේය..... ප්‍රහාරය සඳහා ගැලපෙන ආයුධයක් සෙවූ මට හමු වූයේ අමිල වස්තුවකි..... එනම් වහලයේ තිබෙන සිදුරකින් බේරෙන වැසි වතුර එක් රැස් වීමට තබා ඇති පනිට්ටුවය..... ශබ්ද නොනැගෙන සේ පනිට්ටුව අතට ගත් මා කෙලින්ම ගියේ පාලයා සහ සොර අඹුව නිදාසිටි තැනටය..... කල්යල් බලා අදාල ස්ථානයට එල්ල කල වතුර බාල්දි පහරින් උන් හිටි තැන් අහිමි වී මෙතෙක්වේලා පාලඅයියාත් සමග නිදාසිටි අසල නිවසක සුරතලයට ඇතිකල තරබාරු සිරුරක් හිමි බැල්ලිය යා යුතු දිසාවක් සොයාගත නොහැකි වී මරලතෝනි දෙන්නට විය..... වෙරිමත නිසාත් එකවරම වැදුනු වතුර පාරත් නිසා කිසිවක් සිතාගැනීමට නොහැකි වූ පාලයියා මෙට්ටය මත වාඩිවී වටපිට බලන්න විය....
""මොකද උනේ බන්..... මේ බැල්ලි මොකද කාමරේ..... මොකද උඹ මූට වතුර ගැහුවේ....
ඒ පාලායියාගේ හඬය.....
""බැල්ලි මොකද කාමරේ.... හුහ්....... ඈ බොල ගස් බල්ලෝ තෝ මෙච්චර වෙලා බදාගෙන ලව් කරේ ඔය බැල්ලිට.....
""උහුලන්න බැරි ගඳයි , තොගේ දෙඩවිල්ලයි හින්දා ඇහැරිලා බලනකොට තමයි දැක්කේ තෝ බැල්ලි බදාගෙන නිදාගෙන ඉන්නවා... තුක් නොදකින් නහයක් නැද්ද ඌරෝ තොට...... යකෝ පොල් බූරුවෝ මම උඹට කියල තියෙනවා නේද නිදා ගන්නකොට කාමරේ දොර හරියට වහපං කියල.... හොඳ වෙලාවට මට ඇහැරුනේ. නැත්තං තෝ ඔය බැල්ලිට අහවල් වැඩෙත් කරනවා....
යකා නැග සිටි මාගේ වාග් ප්‍රහාරයෙන් තුශ්නීම්බූත වූ පාල අයියා වහා නැගී සිටියද නැවතත් මෙට්ටය මත ඉන්දවූයේ වෙරි වැඩි කමටමය.... දනිපනිගා නැගිට ගත් පාලයියා බැල්ලිය කාමරයෙන් එලියට පැන්නුවේය.... යාන්තමට දොර ඇරුන විගසම පඩිපෙල අඩියට දෙකට පැනගත් බැල්ලිය විදුලිවේගයෙන් අතුරුදහන් විය..... දොර වසා අගුල දැමූ පාලයියා නැවතත් මා අසලට පැමිනියේ සිදුවූ දෙය පිලබඳ විමසීමටය..... තිත්ත කුනුහරුප වැලක් සමග පාලයාගේ ප්‍රේම ජවනිකාව පැහැදිලි කිරීමෙන් පසුව පාලයාගේ එකම ඉල්ලීම
""අනේ බන් මේක කාටවත් කියන්න එපා බන් ඈ.....
"" රෙද්දක් ඇඳගෙන කාටවත් කියන්න පුලුවන් එකක්ද යකෝ මේක....
"" අනේ කාටවත් කියන්න එපා බන්.... මම උඹට ඕන උදව්වක් කරන්නම්..
"" හරි හරි බය නැතුව හිටපං මම කාටවත් කියන්නෙ නෑ ඕව... හැබැයි උඹ දවල්ට වැඩ කරන වෙලාවට මට ලොකු එකනම් දෙන්න එපා ඈ.... දන්නවනෙ මොකදවෙන්නෙ කියලා....
එතනින් කතාව නිම විය.... තෙමී තිබූ මෙට්ටය අනික් පැත්ත හරවා සරම තුලට ගුලි වූ පාල අයියා කිසිවක් සිදුනොවූ ලෙසින් නිදන්නට විය.....
පසු දින පාලයාගෙන් පාල හාමිනේගේ ජංගමයේ අංකය ඉල්ලාගෙන පාල හාමිනේට මා හමුවන ලෙස දැනුම් දුන්නේ යම් කිසි සැලසුමක් ඇතිවය.... මාගේ වචනය ඉවත දැමීමට නොහැකි වූ පාල හාම්නේ පසුදා දහවල් වනවිට ගරාජය අසලට ආවාය..... මිනිසුන්ට සිදුවන අත් වැරදීම් පිලිබදවත් , පවුල් ජීවිතය යනු මහා වටිනා දෙයක් බවත් , පාල අයියාගේ වැරැද්දක් නැතිබවත් , නිර්මලා මහා මායම්කාරියක් බවත් පුන පුනා පැවසීමෙන් අනතුරුව පාල හාමිනේ පාලයියා සමග නැවත ගෙදර යන බවට එකඟ විය... මෙතෙක් වේලා උඩ තට්ටුවේ සිටි පාල අයියා පහලට කැඳවා පාල හාමිනේට බාරදුන් අතර පාල අයියා දුටු පාල හාමිනේද සැනසුම් සුසුමක් හෙලනු දැකීම මාහට මහත් සතුටක් විය.....
""අපි යන්නං අයියෙ ගෙදරත් කවුරුවත් නෑනෙ.... අම්මයි තාත්තයි ඊයෙ හවස හෝමගම ගියා... බන ගෙදරක.....
"" ආ ගෙදර කවුරුවත් නැද්ද..... හම්මට සිරි අද එහෙනම් මරුවට තියෙයි නේද.... කාලෙකින්නේ..... හැබැයි උඹල තියන විසේට පුටු කඩන්න එහෙම එපා ඈ...
එක් අතකින් කට වසාගෙන අනිත් අතින් පාලගේ අතේ එල්ලුනු පාල හාමිනේ පාරට ගොස් ගල බඩයාගේ ආටා එකට ගොඩවිය..... මාහට තිබූ එකම බය ගෙදර කවුරුත් නොමැති වේලාවක පාලත් හාමිනේත් නිවසේ තනිවීමය.. අලි කුලප්පුව සෑදී තිබූ පාලගේ විදුලිපන්දම නිසා පාලහාමිනේට කරදරයක් නොවුනු බව පසුදින රාජකාරියට වාර්ථා කල පාලයියා පැවසුවේ තේ පානයට කඩේ යන අතරදීය.....

Wednesday, October 31, 2018

.....පාලගේ වෙට්ටුව.....

.....පාලගේ වෙට්ටුව.....
වයස අවුරුදු දහ අටක් දහ නවයක් වූ කාලයේ සිටම පාලගේ ඇසුර නිසා මා ඉගනගත් දේ බොහෝය.... ඉල්ලං පරිප්පු කෑමත් අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමත් විනෝදාශය කරගත් පාල අයියා දමාගත් උලුක්කු වලින් ස්වල්පයක් සකලංසමාලෙ වැසියන් දන්නා අතර පොත පතක ලිවීමට නොව කන සාක්කුවේ වැටී කානුපල්ලේ බුදියන එකෙකුටවත් සිහිබුද්දියකින් ඇසිය නොහැකි කතා රාශියක්ද පාලයියා සතුව ඇත... බවලත් උදවිය ඉදිරියේ ඒවා පැවසීමෙන් මාගේ විලි සංගර්බය බලු මාක් එකට වැටෙන නිසා මේ දිනවල ඒවායේ සැර අඩු කිරීමේ මනෝ ලෝකයක මා අතරමං වී ඇත....කියම්දෝ නොකියම්දෝ කියා සිතෙන තරමට අජූත වූ ඒ කතා නිසා පාලගේ පවුල් කුටුම්බයට හානියක් සිදුවුවහොත් පාල හාමිනේ එන්නේ අපේ ගෙදරය.... කොටි වලිගය අල්ලා ගත්ත එකාට සිදුවූ දෙය මටත් සිදුවී හමාරය..... අටමාගේ පෝම් කිරීම මත එක හුස්මට පාලවංශයේ කතා ලියා අවසානයේ කාන්තා පාර්ශවයේ ග්රහනයට මා නතුවී ඇත්තේ මටත් නොදැනීමය.... එයද අන්තර්ජාලය හරහා නිසා මට ලැබෙන්නාවූ ලබ්බක්ද නැත.... අහල පහලක පේන මානයක මෙවුන්දැලා සිටිනවානම් කීයක් හරි ඉල්ලා ගැනීමටවත් හැකිය.... ""කරුමයක මහත"" උන්දැලා චොකලට් ඉල්ලන්නේද මගෙන්ය.... මේ කතාව හොඳටෝම ඇතිය...😂😂
එවකට පාල විසිදෙක ශ්රී ලොරියක වයසේ සිටි අතර මා කෙල්ලන්ගේ මහත්වූ සුරතලයට පත් අගේ ඇති ලපටි කැකුළු කොලු නාම්බෙකි... මාගේ වයස දහඅටක් හෝ ඊට මදක් වැඩි කාලයකදී මුන ගැසුනු පාලත් මමත් අතර ඇත්තේ මහත් වූ හිතවත් කමක්ය.... උදෑසන වැඩපල විවෘත කල වේලාවේ සිට සවස යාමයේ එය වසා දමන තෙක් පාල මමත් පාල අයියාත් මහත් සහයෝගයකින් කටයුතු කරන්නේ වැඩපලේ සුබ සිද්දිය සඳහාය.... ඉඳහිට ඇතිවෙන්නාවූ ආරෝවක් නිසා දිනක් දෙකක් පුක් මූන දාගෙන සිටියත් වැඩි කල් නොයවාම පාල අයියා මාත් සමග හිතවත් වන්නේ කලකින් නෑඳෑයෙකු හමුවූ ලෙසය.... මටවඩා වසර කිහිපයකින් වැඩි මහල් වුවත් පාලඅයියා මාත් සමග මාගේ නසරානි වැඩ වලට සහයවෙන්නේ කිසිම බරක් පතලක් නැති ඉලංදාරියෙකු ලෙසය.... කලු වලේ නෑමට ගොස් පාලම් ඇන්දේ සිට බල්ටි ගැසීම , මොටෝ බයිසිකලෙන් රේස් පැදීම , කොට බැම්මේ සිට කෙල්ලන් ටෝක් කිරීම වැනි දේවල් වලට මාත් සමග හරි හරියට සහභාගි වන පාලයියා කිසි විටෙක දෙවනි තැන ලබා ගැනීමට සූදානම් නැත.... කලුවලේ පාලම් ඇන්දේ සිට පාලයියා ගසන බල්ටිය හරියටම වට බාගයක් කැරකී කෙලින්ම කොන්ද වදින්නේ වතුරටය.... "පටාස්" යන ශබ්දය නගමින් කොන්ද වතුර මත වැදීම නිසා පාලයියාගේ කොන්ද බූන්දි පිඟානක් මෙන් රතුපාට වෙයි... තවත් විටෙක කැරකෙන්නේම නැතුව කෙලින්ම පපුව පහලට සිටින සේ පාලයියා වතුරට සැපත් වෙයි.... වතුර පෙවී හුස්ම ගැනීමට නොහැකිව මැරෙන්නට ගිය අවස්ථාද නැතුවම නොවේය..... කොට බැම්මේ සිට කෙල්ලන් ටෝක් කිරීමද එසේමය.... ඉසිලි බිසිලි වයසේ ගැටිස්සියෙකුට කට කොනකින් හිනාවක් දමා වචනයක් දෙකක් කීම කොලුවයසේ සිටි මට එතරම් මහදෙයක් නොවීය.... මාත් සමගම වාඩීවී සිටිමින් පාරෙ යන කෙල්ලන්ට කට උල් කර චූස් චූස් ගෑම නිසා කෙල්ලන්ගෙන් හොඳ හොඳ කතා පාල අයියා අසා ඇත...
""අපේ ලොකු අම්ම තාම බැඳලා නෑ අන්න එයාට චූස් චූස් ගෑවනං හරි""
""මාමෙ ඔයාගෙ හුලං බහිනවනම් ටයර් කඩේට ගිහින් පැච් එක දාගන්න""
"" කෙල්ලෙක්ට පාරෙ යන්න බෑනෙ....මොන වදයක්ද මේ ""
වැනි වදනක් පවසා මාදෙස හැරී කට කොනකින් හිනා වී යන කෙල්ලන් නිසා පාලයියා සමහරවිට මාත් සමගද වෛර බැඳගන්නේය... මා සිටින නිසා පාලට කෙල්ලෝ සෙට් නොවෙන බව සිතූ පාලයියා පසු කලෙක ගේට්ටුව අසලට වී පානිය දැමූවද ප්රතිපලය සේම් බිෆෝර්ය.... බයික් රේස් සඳහා මාත් සමඟ තරඟ වදින පාලයියා අවසනයේ පරාද වන්නේය.... විදුලි වේගයෙන් යා හැකි යකා මොඩල් ටී සෙඩ් ආර් එකක් මා සතුව තිබූ අතර පාලයියා කාගෙන් හෝ ඉල්ලා ගත් ට්රේල් කටුවක් හෝ සීටී හන්ඩ්රඩ් එකකින් තරගයට ඉදිරිපත් වෙයි.... පාර දැමූ මොහොතේ සිටම ඇක්ස්ලේටරය අගිස්සට කරකවාගෙන ටීසෙඩ්ආර් එකේ යන මාව ඇල්ලීමනම් පාලට කිසිදිනක නොහැකිවිය.... සෑම තරඟයක් අවසානයේදිම පරාජයට හේතුවක් ඉදිරිපත් කරන පාලයියා සෙමින්ම ලිස්සා යන්නේ ඊලඟ දවසේ බලමු කියා නොකියා කියමිනි.......
ටික කලක් ගතවිය.... දිනක් උදෑසනම පාලඅයියා ගරාජයට මිතුරෙකුගේ පල්සර් වන් එයිටි බයිසිකලයකින්ය...... එහි තිබු කුඩා අඩුපාඩු සකසාගෙන හවස් යාමයේ රැගෙන එන පොරොන්දුව මත බයිසිකලය ඉල්ල ගත් පාලයියා ගරාජයට ආවේ මහත් ආඩම්බරයකින්ය... පාලයා එදා දවසම හොලිවුඩ් , බොලිවුඩ් කොලිවුඩ් , නොලිවුඩ් , මොලිවුඩ් යන සියලුම සිනමා නලුවන් පරදමින් රංගනයක යෙදුනේ අපව අන්ද මන්ද කරවමිනි..... සියලුවැඩ කටයුතු අවසන් වූ පසු පාලයියා මොටෝ බයිසිකලයේ චේන් එජෙස්ට් කර තෙල් දමා බ්රේක් සාදා පැයක පමන සාත්තුවක් ලබා දුන්නේ දරුවෙකු සුරතල් කරන ලෙසිනි....
තරමක වැඩ අඩු දිනයක් වූ එදින අප සියලු දෙනා කලුවර වැටීමට පෙර නා පිරිසිදුවී පහලට බසින විටත් පාලයියා මොටෝබයික්කුව අටවමින් සිටියේය...
වේලාව පහමාරට පමන ඇත.... අප්පයක් කා ප්ලේන්ටියක් ගැසීමට සුදුසු වෙලාවක් බැවින් මා හෙල්මට්ටුවත් රැගෙන බයිසිකලයට ගොඩ වූයේ ටවුමට යෑමට සිතාය..... මා බයිසිකලයට ගොඩ වනු දුටු පාලයියා එක්වරම විදුලියක් සේ නැගී සිටියේ මාව අන්දමන්ද කරවමිනි
""උඹ කොහේද යන්න හදන්නෙ""
""මම ආප්පයක් කාල ප්ලේන්ටියක් බීල එන්න යන්නෙ. ඇයි උඹ එහෙම අහන්නෙ.""
""එහෙනම් අද යමන් මාත් එක්ක රේස් එකක් මොකද වෙන්නෙ බලන්න""
හම්මට සිරි අදනම් කෙලවුනා.... පාලයා මේක ඉල්ලන් ආවේ මටම කෙලින්න තමා....සැක් වස නෝන්ඩියක් වෙන්නෙ.... පල්සරයක් එක්ක යෑමට ටීසෙඩ් ආරයට ගේමක් නැත.... නමුත් කරුමෙට හෝ මේකා දිනුවොත් මට වෙන්නෙ මෙතෙක් කල් රැකගත් නම්බුව බම්බුව වීමය... මූ මේක හැම එකාටම කියල මාව නැති කරල දායි.. දැන් මොකද කරන්නෙ....
"" ඇයි උඹ කල්පනා කරන්නෙ බයද...""
පාලයා නක්ක්ලේට හිනාවෙමින් මා දෙසම බලා සිටී.... අදනම් විකල්ප නැත... ඔන්න ඔහේ ඕන එකක් වෙච්චාවෙ යනව බලන්න.... එසේ සිතූ මා....
"" හරි යමන් එහෙනම් බලන්න""
වහා බයිසිකලයට නැගගත් පාලයා එය පනගැන්වූයේ ලැම්බෝගිනිය ස්වරූපයෙන්ය....
""හා යමන් පාරට..."" ඉස්පිරිතාලෙ ගාව බස් හෝල්ට් එක ගාවයින් හරවන්නෙ""
ඉස්සර වෙලාම ගැරිජ් එකට එන එකා තමා දිනුම්..... ""
පාලයා සියල්ල තීරනය කලේය.....කොහේදෝ සිට පැමිනි ගලබඩ අයියා කවුන්ට් කිරීමේ කර්තව්ය බාරගත්තේය...
""හරි ගැනපං""
""එකායි"" දෙකායි"" තුනායි""
ගලබඩයාගේ ගනනය කිරීම අවසානයේ යකඩ අශ්වයින් දෙදෙනා අපව පිටේ තබාගෙන ගමන් ඇරඹීය..... වැඩේ හිතන තරම් අමාරු නොවීය.... යකාගේ හැටියට විමානෙ කිව්වාක් මෙන් ටීසෙඩාරය වේගවත් විය... පල්සරයද දෙවනි නොවීය... විටෙක් පසුවෙමින් විටක ඉස්සර වෙමින් පැමිනි අප දෙදෙනා ඉස්පිරිතාලය ගාවයින් ආපසු හැරෙව්වේය.... එතැන් පටන් නැවතත් ගමන් ඇරඹූ අතර , මගදී පාලායියාගේ වේගය තරමක් අඩුවිය.... ලද අවසරයෙන් මාගේ වේගය තවත් වැඩිකර විදුලිවේගයෙන් ගරාජය කරා පියෑඹීමි.... තවත් මදක් දුර එනවිට පාලයියා නැවතත් වේගයෙන් එනු දැකීම නිසා ඇක්ස්ලේටරය අගටම අල්ලා උපරිම වේගයෙන් පැමින ගරාජය ඉදිරිපිට මා නතර විය.... ඒත් සමගම පිටුපසින් ආ පාලයියාට වේගය පාලනය කරගත නොහැකිවිය... ඉදිරියෙන් ආ ත්රී රෝද රථයත් අනෙක් පැත්තේ සිටි ගාමන්ට් කෙලි රංචුවත් නිසා පාලයියාට බයිසිකලය හැරවීමට ඉඩක් නොවීය... දන්නා සියලුම වැඩ කෑලි දැමූ පාල අයියා බයිසිකලය ගරාජය දෙසට හැරෙව්වේ අඩුම තරමේ පැයට කිලෝමීටර් හතලිහක පනහකවත් වේගයෙන්ය.... කනේ වැලීගෑවෙන තරමට ඇලවූ බයිසිකලය වැලි පොලවේ ලිස්සා ගියේ පාල අයියා නොසිතූ ලෙසය.... හදිසියේ සිදුවූ ලිස්සීම නිසා පාල අයියා මග වැටුනු අතර බයිසිකලය පෙරලී ලිස්සා ගියේ ගරාජයේ කොනක ගොඩ ගසා තිබූ ගල් ගොඩ දෙසටය.... දනි පනිගා නැගිට ගත් පාල අයියා කොර ගසමින් බයිසිකලය අසලට දිව යනවිට නැගුනු ඔල්වරසන් හඬනම් ඉතා මිහිරිය... ලිස්සා ගොසින් ගල් ගොඩේ වැදුනු බයිසිමොටෝ එක බරපතල තත්වයේ තිබෙනු දුටු පාලයියාට හීන් දාඩිය වැක්කෙරෙන්නට වූයේ කලු වලේ පීල්ලෙන් වතුර වැටෙන්නාක් මෙනි...... ලයිට් එක , ටැංකිය , සයිඩ් කන්නාඩිය , සිග්නල් ලයිට් වැනි වටිනා කියන දේවල් සියල්ලම කැඩී බිඳී තිබුනේ යතා තත්වයට ගත නොහැකි ලෙසය.... අනාත නාත සදා අනාතවී සිටි පාලයියා බයෙන් ගැහෙන්නට විය... අතේ පිච්චියක් වත් නැතුව හන්ටර් වී සිටි පාල අයියා පසෙකට එක්කාගෙන ගොස් අස්වැසූ මම ඊලඟට කලේ බයිසිකලයේ හිමිකරුවාට ඇමතුමක් දීමය..... පැය භාගයක් යාමට මත්තෙන් වැඩපලට පැමිනි බයිසි මොටෝවේ අයිති කරු වන තරංග ලොක්කා ඉන්ශුවරන්ස් ආයතනයට කතාකර වැඩේ සෙට්ල් ඩවුන් කලේ රාත්රී නවය වෙන තෙක් මදුරුවන් තලමින් ගරාජය ඉදිරිපිට බලා සිටීමෙනි... තම අතිනුත් රුපියල් දහදොලොස් දාහක් වියදම් කර යාන්තං පාල අයියා ජාමෙ බේරා ගත්තේය..... ඉන් පසු සුපර් කබ් එකක් , චැලියක් , මදුරුවෙක් වැනි සිල්ලර බයිසිකලයක් පදිනු ඇරෙන්නට පාල අයියා වෙන කිසිම බයිසිකලයක ගමන් කරනවා දැකීමනම් උගහට විය...

Tuesday, October 30, 2018

මලයාගේ මලගම....


පසුගිය දිනවලදී පාලයා පට්ට ගැසීම හේතු කොර ගෙන මට සෑහෙන ගැටලුකාරී තත්වයකට මුහුන පෑමට සිදුවිය....... සකලංසමාල වැසියන්ගේ ජනාදරයට පත් (විශේශයෙන් පාලගේ කෑලි පහේ විදුලි පන්දමට පෙම්බැඳි කාන්තා පාර්ශවය) පාල අයියා ගැන ලිවීම නිසා කුපිත වූ ජනකොටස් මාගේ මලගමට යන බසයේ සිට දානය සඳහා දෙන නෙස්කැෆේ මැශින් එක පවා බුක් කරගෙන සිටියේ මා මහත් සේ අසරන කරමිනි.... මලයා කාලයකින් බුකිගත නොවූ නිසාත් පාලගේ ගැටලුව අකාමකා යාම සඳහාත් මලයාට සිදුවූ කක්කා කේස් එකක් මෙසේ ගෙන හැර දැක්වීමට මා සිතුවේ එබැවිනි.... කෙසේ වුවද මාගේ ඒකායන බලාපොරොත්තුව නම් සකලංසමාලෙ වැසියන්ගෙන් තෝරාගත් කිහිප දෙනෙකු කෙදිනක හෝ හමුවීමට යාමයි.... හා හාපුරා කියා අතටම අසුවූ ඉන්දික අයියාව නම් හමුවීමට දෙවරක් ඉඩ ලැබුන මුත් ඉන් පසු උදාවූ රාජකාරී බහුල සති කිහිපය නිසා ඇමතුමක්වත් දී ගැනීමට තරම් සුදුසු වටපිටාවක් ගොඩ නැගුනේ නැත..... එය ඔහුගේ වාසනාවද නැතිනම් මගේ වාසනාවද යනුවෙන් මා තවම තීර්නය කර නැත..... අප හමු වූ පලමු දිනයේත් දෙවනි දිනයේත් මනා සංයමයකින් යුතුව හැසිරුනු ඉන්දික අයියාගේ ලස්සන සුදු මූනුපොඩ්ඩ බොහෝ කැලඹී තිබූ බවනම් මට හොඳටෝම මතකය....😂😂.... මේ පිලිබද වැඩිදුර විස්තර කිරීමට යාම එතරම් නුවනට හුරු කරුනක් නොවන බැවින් එය මෙතනින්ම නවතා දමමි......
මලයාගේ දිවිය තුල මලයාට හමු වූ හොඳම මිතුරා ලෙස මාව පත් කරගත්තේ අප මුනගැසී මාසයක් හෝ දෙකක් ගෙවී ගිය පසුය..... උදෑසන අවදී වූ වේලාවේ සිට රාත්රී නින්දට යනතෙක් අප දෙදෙනා මහත් සහයෝගයෙන් යුතුව කටයුතු කලේ එකල වෙන කිසිවෙකුත් බෝඩිමේ පදිංචියට නොපැමිනි නිසාය..... කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගිය අතර එක් දිනෙක මලයා ගෙන ආවේ අපූරු ආරංචියකි..... එනම් අපගේ ටෙක් එකේ සිට තරමක දුරින් පිහිටි මලයාගේ ඥාතියෙකුගේ නිවසේ පැවැත්වෙන මලගිය ඥාතියකු වෙනුවෙන් ලබාදෙන තුන්මාසයේ දාන පිංකමක් පිලිබද කෑම ඔත්තුවකි.... ඒ දිනවලදී කොහේ හෝ අයිනක වාඩි වී කොත ගැසූ බත් පිඟානක් විනාඩි ගනනකදී අතුරුදහන් කිරීමේ අපූරු හැකියාව ඇති අප දෙදෙනාට එය මහත් වටිනා අවස්ථාවකි..... දානෙ ගෙදරට එන කෑලි ටෝක් කරමින් අත අසුවන සියලු දේ කටට දාගැනීමට හැකිවීම පිලිබඳ විවිධාකාරයේ සැලසුම් දියත් කල අප දෙදෙනා අවසානයේ එකඟතාවයකට පැමිනියේ මෙලෙසය..... බදාදා දිනයේ පැවැත්වෙන බන පිංකමත් පසුදින පවත්වන දහවල් දානයත් ඉලක්ක කරගත් අපදෙදෙනා බන පිංකම දින සවස පංති අවසානයේ වහ වහා සුදානම් වී පිටත් වියයුතු අතර සවස හය වනවිට එම ස්ථානයට ලඟා වියයුතු වේ.... එතැන් පටන් අපගේ සැලසුම ක්රියාත්ම වේ...
තුන් වේලටම අතේ පයේ ඇඟිලි ගනිමින් සිටි සුබ දිනය උදාවූයේ මලයාත් මමත් ප්රීති ප්රමෝදයෙන් මත් කරවමිනි..... සවස දෙක හමාර වනවිට ලොක්කාට කියා නිවාඩු අනුමත කරගත් මාත් මලයාත් පංතියෙන් නික්මුනේ කෑමෙහි කෙල පැමිනි කුරුවාටත් හපයාටත් රට ගජබින්නාලංකාරය පොත පෙරලීමෙන් පසුවය... බෝඩිමට පැමිනි වහාම නා පිරිසිදුවී අප සතුව තුබූ ඉස්තරම්ම ඇදුම් කට්ටල වලින් සැරසුනු අප දෙදෙනා බසයට ගොඩ වීමට පාරට බැස්සේ දහසකුත් එකක් බලාපොරොත්තු සහිතවය..... විනාඩි පහකටත් වඩා අඩු කාලයකදී පැමිනි බස් රථයට ගොඩවූ අප දෙදෙනා ඉඩ තිබූ අසුනක වාඩිවිය.. ගැස්සී පැද්දී තාලයට ගමන් කල බස් රථය නගරයට පැමිනියේ පැය භාගයකට පසුවය.... මඳ වේලාවක් බස් නැවතුම්පලේ නතර වී සිටි අපදෙදෙනා ඊලඟට යාමට නියමිත බසයට නැගී පිටත් වූයෙමු.... පැය එක හමාරක පමන ගමනකින් පසු මලයාගේ ඥාතී නිවසට යන පාරේ හන්දියකින් බැසගත් අප දෙදෙනා පාගමනින් බන ගෙදරට ගොඩ වීමු..මලයා සහ මම දුටු බන ගෙදර සිටි ඥාතීන්ගේ උනුසුම් පිලිගැනීම නිසා තරමක් ආඩම්බරවූ මලයා මාවද එක්කාගෙන නිවස තුලට වැදුනේය..... මලයා දුටු නිවැසියෙකු වහාම අපව තේ මේසයට වාඩි කරවූ අතර වැලිතලප , අලුවා සහ ආස්මී , බටර් කේක් , පොල් කේක් , එකී මෙකී නොකී සියලු දේවලින් එක එක කටේ දමාගත්තේ වට පිටද බලමිනි....පංකාදු පහේ ප්ලේන්ටී දෙකකුත් ලැබුන අතර ඒවාද හිස් කර විට වට්ටිය අතට ගත් මලයාද මමද සහයෝගයෙන් විටක් හපන්නට විය..... මදක් වටපිට විපරම් කර බැලූමුත් අපගේ වයසට සරිලන චීත්ත කෑල්ලක් පෙනෙන්නට නොවූයෙන් මාත් මලයාත් කැම පිලිබදව වැඩි අවධානයක් යොමු කලෙමු.... විටින්විට එන තේපැන් , මාරි බිස්කට් , නයිස් , කෝෆි වැනිදේ වලින් බඩ පුරවාගත් අපදෙදෙනා එදා රාත්රිය කැරම් බෝඩ් එකක් මත ගත කලේ කැර්ම් ඔස්තාර්ලා ලෙසය......මැදියම් රාත්රිය එලැඹීමෙන් පසු මාත් මලයාත් අසල වූ නිවසක නිදාගැනීම සඳහා පිටත්ව ගියෙමු.....
සුව බර නින්දකින් පසුව පසුදා උදෑසනම අවදි වූ මලයා මාවද ඇහැරවාගෙන දානය තිබෙන දිසාවට කිට්ටු කලේය... සෙමෙන් සෙමෙන් දානය පිලියෙල වෙමින් තිබෙන අතර අප හමුවට මලයාගේ ඥාති සහෝදරයෙක් වූ දර්ශන අයියා අපට ඇරයුමක් කලේ කාටත් හොරෙන්ය.... එනම් දර්ශනයාගේ නිවසේ ඇති යසපදමට පැහී තිබූ කිතුල් රා මුට්ටියක් ඇති බවත් , දානය කොටා බෑමට පෙර ස්වල්පයක් අනුමත විය හැකි බවත්ය... එම අදහසට එක පයින් කැමතිවූ මලයා මාත් සමග අදාල ස්ථානයට ගියේය..... කිසිවෙකුගේවත් නෙත නොගැටී රා මුට්ටියෙන් බාගයක් හිස්කල මලයා පුරුදු පරිදි මලවංශය පටන ගත්තේය..... නැවුම් රා මුට්ටියේ සුවඳ නිසා මමත් පනු අමාරුවට යැයි සිතා ස්වල්පයක් පානය කල අතර මලයා නම් මුට්ටියෙන් සෑහීමකට පත්වූයේ නැත.. ලීටරයක පමන ධාරිතාවකින් යුතු මුට්ටියේ අඩියේ තිබූ මන්ඩි ටිකත් කටේ හලාගත් මලයා එතනින් නැගිට්ටේ තරමක බමන ගතියකිනි...
කෙසේ හෝ දහවල් දානමාන කටයුතු අවසන් වනතුරු අසල නිවසක ඉස්තෝප්පුවේ මාත් මලයාත් වාඩිවී සිටියහ.....සංඝයා වහන්සේලා ආපසු වැඩම වීමෙන් පසු අප බලාපොරොත්තු වී සිටි සුබ මොහොත එලැඹින.... පරිප්පු , කජු මාලුව , කිරිහොද්ද , බටු මෝජුව , අඹ චට්නි , කට්ලට් , මාළු , එකී නොකී සියලුම දේවල් පුරවාගත් තඩි බත් පිඟන් දෙකක් හිස් කල අපදෙදෙනා ඉන් පසු කිරි මුට්ටිය අතට ගත්තේ පැනි බෝතලයක්ද සමඟිනි.... සවුදන් ජෙමාටත් ඇඩ්රස් නැතිවෙන තරමට කිරි පැනි කෑ අපදෙදෙනා ඊලඟට පෘට් සැලඩ් කෝප්ප දෙකකටද වග කීමට සමත් විය.... ඇඹුල් කෙසෙල්ගෙඩි දෙකකුත් ලෙලි ඇර එතනින් පිටවූ අප දෙදෙනා නැවතත් පෙර වාඩි වී සිටි තැනින් වාඩි විය...
පැයක් හමාරක් එලෙස වාඩි වී සිටි අප දෙදෙනාගේ අභිප්රාය වූයේ ආපසු පිටත් වීමය... හවස දෙක හමාරවන විට නා පිරිසිදුවී මාත් මලයාත් රැගෙන ආ ඇදුම් ඇඟලා ගත්තේ දර්ශනයාගේ නිවසේදීය..... ඒ කාලයේ පට්ට පැශන් එකක් වී තිබූ ටයිට් ඩෙනිමත් ඩෙක්ශූස් දෙකත් මලයාගේ ස්ටයිල් එක වූ අතර මා ඇඳ සිටියේ සාමාන්ය ඩෙනිමක් සහ ටීශර්ටයකි... අප ආපසු යාමට පිටත් වන බව දැනගත් මලයාගේ ඥාතියාගේ ඉල්ලීම වූයේ නැවත වතාවක් කෑම ගෙන පිටත් වන ලෙසය.... කොතරම් ප්රතික්ශේප කලත් ඥාතියාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා කෑම මේසයට වාඩිවූ අපදෙදෙනා කොත් ගැසූ බත් පිඟන් දෙකක් අතුරුදහන් කලේ විදුලි වේගයෙනි... අප ආහාරගන්න අතරතුර මලයාගේ මාමා සිමෙන්ති කොට්ට දෙකක් වැනි බත් මුල් දෙකකුත් කැවුම් වැලිතලප අලුවා වැනි රස කැවිලි මල්ලක්ද සූදානම් කලේය... රුපියල් පහේ ටියුලිප් කවර දෙකක බහා තිබූ ආහරමල්ලත් අතින් ගත් මලයාත් මමත් පාරට බැස්සේ සියලු දෙනාටම සමුදීමෙන් පසුවය...
හන්දියට සෙමෙන් සෙමෙන් ඇවිදගෙන ගිය අපදෙදෙනා බසයට ගොඩවූයේ පැය කාලකට පසුවය..... වාසනාවකටමෙ අප දෙදෙනාට එකම අසුනක වාඩි විමට 
ලැබුනි..... බසය මද දුරක් යනවිට බඩ තුල යම් කැලඹිලි ස්වරයක් දැනුනද මුවින් නොදොඩා සිටීමට මා සිතුවේ මලයාගේ අපහාසය දරාගත නොහැකි නිසාය... මලයාද නිහඬවම සිටීම මටද ගැටලුවක් විය.... මද දුරක් යනවිට මලයාද මාදෙස බලා යමක් කීමට කට උල් කර නැවතත් ගිල ගත්තේය.... හැඟී ගිය ආකාරයට මලයාද යම්කිසි අපහසුවකින් පෙලෙන බවක් පෙනුනි.... කෙසේ හෝ තවත් මද දුරක් යනවිට මලයාගේ ඉහින් කනින් දාඩිය බේරෙන්නට විය..... මට සියල්ල වැටහුනි.... මලයාටද බඩේ අමාරුවක් අල්ලා ඇති බව මාහට වැටහුනත් මුවින් නොදොඩා සිටියේ මලයා එය පවසන තෙක්ය.... විනාඩි දෙකතුනකදී මලයා ඉබේම කටඇරියේය....
මචං බඩ පොඩ්ඩක් අප්සට් වගේ නේද.........
ඔව් බන් පොඩි ලයින් එකක් තියෙනවා.......
කොහොමද බන් එහෙම උනේ.......
මට හිතෙන්නෙ රා වලින් වැඩේ අවුල් උනෙ...... උඹ මුට්ටියම හිස් කලානෙ මලයා..
මටත් හිතුනා බන්.... අපරාදෙ නොබී ඉන්න තිබ්බේ.... කිරි පැනිත් කෑවනේ බන්...
ඔක්කොම කලවං වෙලා බස් එකේම රෙවෙයිද බන්......
අනේ මන්දා බන් මටත් දැන් ඉන්න බැරි සයිස් එකක් තියෙන්නෙ....
අවුලක් නෑ ටවුන් එකේ ටොයිලට් පේලිය ටොට් එකට හදල තියෙන්නෙ ටවුමෙන් බැහැලා වඩේ කරගෙන යමු.... එතකං ඉවසගෙන ඉම්මු.....
හ්ම්
කතාව එතෙකින් නතර විය.... පැය එක හමාරක පමන ගමන අවසානයේ මලයා බාගෙට මැරී සිටියේය.... මාහට නම් එතරම් අවුලක් දැනුනේ නැත... රා මන්ඩි ටිකත් කටේ හලාගත් මලයාගේ බොක්ක , බෙංගාල බොක්ක බවට පත් වී ඇතිබව මලයාගේ මුහුනෙන් කිව හැකිය...... දතකට පූට්ටු වී ඉහින් කනින් දාඩිය දමා සිටි මලයාගේ අතේ තිබූ මලු දෙක මා අතට ගත්තේ මූට මගදී රෙවීමට ඉතා ආසන්න බව හැඟුනු නිසාය..... විලිරුදාව හැදුනු ගර්භනී මාතාවක් මෙන් ඉනට අත තියාගත් මලයා ඇවිදින ආකාරය බැලීමට ලස්සනය.. ඉතා අපහසු කාලයක් පසු කල මලයා වැසිකිලි පේලිය දැකීමෙන් සැනසුම් සුසුම් හෙලුවේය.... වහ වහා වැසිකිලියට ගිය අපදෙදෙනා එහි ඉදිරිපස සිටි අයකැමියාට මුදල් ගෙවා බෑග් දෙකද එතනම තබා වැසිකිලි ගතවූයෙමු..... විනාඩි දෙකතුනකින් මාගේ කටයුත්ත අවසන් කරගෙන එලියට පැමිනි අතර මලයා එන තෙක් ඉදිරියේ වාඩිවී සිටියෙමි.... විනාඩි පහලවක් ගියමුත් මලයා ආපසු නාවේය.... මුගේ බඩේ අමාරුවත් කාපු කෑමත් නිසා තාම රෙනවා ඇති යැයි සිතා සිටියත් මලයා තවමත් නැත..... මූ මේක අස්සෙ වැටිලද , නැත්තම් වෙන මොකක් හරි අලකලංචියක්ද දන්නෙ නෑ කියා සිතූ මම ඇතුලට ගියේ අයකැමියාටද මේ ගැන් පවසාය.... වැසිකිලි හයකින් යුක්ත එම පේලියේ තුන් වෙනි වැසිකිලිය අසලට ගොස්
""මලයා ""මලයා""
ආහ් උඹ ආවද......
ඔව් යකෝ තෝ මක් කරනවද ඕක අස්සේ...
අනේ මචං පොඩි උදව්වක් කරපං....
ඈ ඒ මොකක්ද බන්.....
අනේ මේ මට බ්ලේඩ් තලයක් ගෙනත් දියං මං සල්ලි දෙන්නම් උඹට...
හෑ ඒ මොකටද යකෝ බ්ලේඩ් තල.... උඹේ බෙට්ට හිර වෙලාද පුක පැත්ත පලන්නද හදන්නෙ...
අනේ කොලොප්පං නොකර බ්ලේඩ් තලයක් ගෙනත් දීපං බන් මට එපාවෙලා ඉන්නෙ....
වෙච්ච දේ කියපං බ්ලේඩ් තලයක් ගෙනත් දෙන්නම්.......
අනේ බන් මම ගෙදර ගිහින් කියන්න එකක් ගෙනත් දීපංකෝ..
හරි හරි හිටපං...... මං කඩේකට ගිහින් එන්නං....
දන්නා කාලයේ සිට කක්කා හොන්ඩර දෙතුන් සීයක් දමා ඇත.... නමුත් කිසිදිනෙක බ්ලේඩ්තලයක පිහිට පතා නැත... යකෝ රෙන්න මොකටද බ්ලේඩ් තල.... මූට මොකද උනේ... හිතාගන්න බැරි සීන් එකක් මේක.. මේකෙ පිටිපස්සේ මොකක් හරි මරු සීන් එකක් ඇති..... හිටපංකෝ මම ඕක හොයාගන්න..... තනියම සිතමින් කඩයකට ගොස් බ්ලේඩ් තලයක් මිලදීගෙන පැමිනියෙමි..... වැසිකිලියේ දොර යටින් මලයාට එය ලබා දුන් මම ආපසු පැමිනියෙමි.... විනාඩි දහයකට පසු මලයා ආපසු පැමිනියේ මූන පුලුටු කරගෙනය.. වහ වහා දිවගොස් අද්දමින් තිබූ බසයට ගොඩ වූ අප දෙදෙනා ගෙදර පැමිනියෙමි. මලයාට සිදු අකරතැබ්බය චාටුවක් දමා අසාගත් මාහට සිනාව නවතාගත නොහැකිවිය.... එතෙක් වේලා මාහට ගැටලුවක් වූත් මෙතෙක් වේලා ඔබහට ගැටලුවක් වූත් ඒ කතාව සිදුවී ඇත්තේ මෙසේය..
උහුලාගත නොහැකී වූ කක්කා බර නිසා වැසිකිලියට දිවූ මලයා හිරට හිරේ ඇඳගෙන සිටි ඩෙනිම ගලවා වාඩී වී ඇත.... ඩෙනිම ගලවා ගැනීමට සිදුවූ අපහසුතාවය නිසා මලයාට ලංකැට්ටුව ගැලවීමට අමතක වී ඇත.... කලබලය වැඩි කමට වාඩිවීමටත් ප්රථම පුක් වෑල්වය ඉබේම විවෘත වී මලයාට සිතාගැනීමටත් නොහැකි ලෙස පුක් මල් වෙඩිල්ලක් පුපුරා ඇත..... බාල්දියක් පිරෙන්නට ගිය බඩේලිය ගොඩ නිසා පස්ස පැත්තත් මලයාගේ පංචස්කන්ධත් වැසී ගොස් ඇත... සුදුපාට ලංකැට්ටුව කහපාට වී ඉස්ම බේරෙන්නට පටන් ගෙන ඇති අතර එය ගැලවීම නම් සිතීමටත් නොහැකිවූයේ හිර ඩෙනිමත් ඩෙක්ශූස් සපත්තු දෙකත් නිසාය... හැකි වෙරයොදා ලංකැට්ටුව ඉරීමට තැත් කලත් එය කිරීම අපහසු වූ මලයා මට කියා බ්ලේඩ් තලයක් ගෙන්වා ගත්තේ දෙපසින් කපා ඉවත් කිරීමටය... දනිකිඩ ගහගෙන යම යුද්දයක් කල මලයා යාන්තම් ජොකා කපා ඉවත් කරගෙන නැගී සිටියේ පශ්චාත් බාගය මනා ලෙස සෝදාගැනීමෙන් පසුවය..... මලපෙරේත කමට රා මන්ඩි බී කිරි පැනි කෑම නිසා මලයා හත්පොලේ ගූ ගාගත්තේ එලෙසය...