Saturday, October 6, 2018
අලුත්ම සිගරැට් පෙට්ටිය
සමහරු සිගරැට් බොති.......සමහරු සිගරැට් කති....දුම්පානය මොන රටකින් ලංකාවට ආවාද කවුරුන් විසින් ගෙනාවාද යන්න මා හරියටම නොදනී.. නමුත් ලංකාවේ සිගරැට් ව්‍යාපාරය සඳහා අත හිත දෙන පුද්ගලයින් මා ඕනෑ තරම් දැක ඇත...උදෑසන අවදීවූ සැනින් දුම් වැටිය දල්වාගෙන තේ එකෙන් පසු ලැට් එකට යාමට උදෑසන ආහාරයට, පසු දවල් ආහාරයට පසු ,සහ විවිධ අවස්තාවන් වලදී දුම් වැටිය දල්වාගෙන සිටිමින් දිනකට පහලොවත් විස්සත් අතර ප්‍රමානයක් පානය කරන අය දැක ඇත...අන්න ඒ අය විසින් ජෝන් ප්ලේයර්ලාගේ බඩ ගෝස්තරයට අත හිත දෙන්නෙ පැකිලීමකින් තොරවය...අපේ පාල අයියද එවැනිම සත්ගුනවත් දානපතියෙක් විය...උදෑසන අවදිවීමෙන් පසු ගෝල්ඩ් ලීෆ් වර්ගයේ විටමින් කූර දල්වා ගන්න පාල අයියා එය අවසන් වන්නේ රාත්‍රී නින්දට යාමට පෙර ඇඳේ සිට දල්වන කැහි කූරෙන්ය.....පාල අයියාට වැඩ පලෙන් ලැබෙන පඩියට අමතරව ගනුදෙනු කරුවන් විසින් ලබා දෙන සංතෝශම් මුදල සමහර දිනෙක රුපියල් හාර පන්සීයක් වන අතර සමහට දිනවලදී එය සතයටම බංකොලොත් වේ...දිනක සාමාන්‍ය අගය රුපියල් දෙතුන් සීයක් වන අතර සල්ලි ඇතා නැතා ස්මෝකින් එකනම් පාල අයියා නවත්තන්නෙ නැත...
දිනක් සවස් කාලයේ දන්නා හදුනන හිතවතුන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ සිටින අතර විශේශ මාතෘකාවක් සභාගතවිය...එනම් කිහිප දිනකින් දුම්වැටි විශාල මුදලකින් ඉහල යන බවය....පාල අයියාද මේ කතාව සදහා සහබාගී වී සිටියේය....මේ කතාව කන වැටුනු විගස පාලයියාද කලබල වූයේය.....කෙසේ හෝ මේ කතා බහ දිගින් දිගටම යන විට එකෙක් පැවසුවේ දිනකට බොන සිගරැට් ප්‍රමානය අඩු කරන බවය....තව එකෙක් පැවසුවේ දුංකල ඔතා බොනව බවය....තවත් එකෙක් බීඩි බොන බවය....අවසානයේ පාලයියාගේ මතය වූයේ සිගරැට් එකක් රුපියල් පනහක් වුවද දුම් පානය නොනවත්වන බවය..
තද කොර වෙන සයිස් එකේ පොර ටෝක් දෙන්නට පාලායියා ගජ හපනෙකි...ඕවා කිරීමට යාමේදී නා ගැනීම පාලයියාට උරුම කරුමයකි.....කෙසේ හෝ දුම්වැටි මිල සති දෙකකට පසු ඉහල ගියේ රුපියල් දහයකින් හෝ පහලොවකිනි...එක්වරම වැඩි වූ සිගරැට් මිල දරාගත නොහැකි වූ සෑහෙන පිරිසක් දුම්පානය සීමිත කලේ ඉතාමත් අපහසුතාවයකිනි.......කවුරුන් සීමිත කලත් පාල අයියාද සුපුරුදු පරිදි දුම්පානය කලේ තරමක ගැම්මකිනි....නමුත් සිගරැට් බීමේ වෙනසක් නම් අපට පෙනුනි....කිහිපදිනකින් අත මිට මුදල් හිඟවන විට පාලයියා දුම් පානය නවත්වනු ඇතැයි අප සිතා සිටියද සතියක් දෙකක් යන විටවත් දුම් පානය අඩුවක් නොවූයේ අපට මහත් සැකයක් ඉතුරු කරමිනි.....
පාලයියා ලෝක ඇම්ඩෙකි....ගල් පලා මද කාපු එකෙකුය...ඕනෑම අයියෙකුගෙ කනෙන් කුඩයක් ඉහලාගෙන රිංගිය හැකි නුවනක් ඇත්තෙකි.. ඉඳහිට නුවනක්කාරකම වැඩිවී හත්පොලේ ගාගත්තත් පාලයියා ගහපු ගේම් අපට හීනෙන්වත් බැරිය....එබැවින් මෙය පිටුපස කුමක් හෝ ජාවාරමක් ක්‍රියාත්මක විය හැකි බව මාද පට්ටලේ අයියාද එකතුව සාකච්චා කලේ දිනක හවස් වරුවකය....පට්ටලේ අයියාද මර්සි ඩයල් එකකි... උඹට මල්ලි මේක අල්ලන්න පුලුවන් කියා පට්ටලේ අයියාද මාව උස්සා තැබුවේ පාලයියාගේ ධනවත් කම පිලිබඳ ඇතිවූ කුතුහලය නිසාමය....ජාත්‍යන්තර සී අයි ඩී ගේම් දී ඇති මාද පොඩ්ඩක් ෆෝම් වූයේ පට්ටලේගෙ ටෝකටය..කෙසේ හෝ පාලයියාගෙ ධනවත් කම පිලිබද සෙවීමට මා ප්ලෑනක් දියත් කලෙමි....එහි පලමු අදියර වශයෙන් පාලයියා සිගරැට් ගන්න කඩේ මුදලාලිගෙන් ඇසූ විට මුදලාලි දුන්නේ විලම්බීත පිලිතුරකි....එනම්"" අනේ පුතා පාලබාසුන්නැහේ අපේ කඩෙන් කාලෙකින් සිගරට් ගත්තෙ නෑනෙ....වෙනදට නම් තේ බීල සිගරැට් දෙකක් අරගෙනමයි යන්නෙ...මම ඒත් අපේ පුතාගෙනුත් ඇහුවා... එයා කිව්වෙත් පාල සිගරට් ගත්තෙ නෑ කියලනේ... හරි අංකල් මම එන්නම්....කියා ආපසු ආවත් මට මෙය මහත් ගැටලුවකි...දිනකට සිගරැට් විස්සක් බිව්වොත් තිස් පස් වරක් විස්ස හත්සීයකි...යකෝ එතකොට කන බොන ඒවා දවසකට රුපියල් දාහක් විතර මූට කොයින්ද.....මේකනම් හොයන්නම ඕනි දෙයක්. ඉතාම සූක්ශම ලෙස සොය බැලීමේදී පොටක් පාදා ගැනීමට හැකිවිය... කෙසේ හෝ දිනක් බඩු අතේම මාට්ටු විය... පාලයියාට වැසිකිලි යාමට සිගරැට් එකක් අවශ්‍යමය......දහවල් කෑමෙන් පසු බොහෝ විට පාලයියා වැසිකිලියට යන බව මා දන්නා කරුනකි...මුර දමාගෙන සිටි පලමු දවසේ පාලයියා වැසිකිලි ගියේ නැත.....දෙවන දින සෙනිකව දහවල් ආහාරය ගැනීමෙන් පසු මා වැසිකිලිය අසල ඇති පරන වෑන් බොඩියට වී සැගවී සිට්යෙමි.....පාලයියා පැමින සිගරැට්ටුව ගෙන මොකක්දෝ විජ්ජුම්බරයක් කිරීමෙන් පසු සිගරැට්ටුව දල්වා ගත්තේය... ඉන් පසු කලිසම් සාක්කුවට ගෝල්ඩ්ලිෆ් වර්ගයේ සිගරට් පෙට්ටිය සහ ලයිටරය දමා කලිසම ගලවා ලැට් එකේ බිත්තියේ ගසා ඇති ඇනයේ එල්ලා වැසිකිලියට වැදී දොර වසාගත්තේය..... සෙනිකව ක්‍රියාත්මක වූ මම වහා පැන සිගරට් පෙට්ටිය එලියට ගෙන බැලුවෙමි....
පෙට්ටිය විවෘත කරන විටම සියල්ල අවබෝධ විය....පාලයියාගෙ ගෝල්ලිෆ් රස රහස කුමක්ද කුමක්ද කුමක්ද කුමක්ද...මොකවත් නෑ ත්‍රී රෝස් මිටියක් සහ කොහෙන් හෝ සොයාගත්කහ පැහැති ප්ලාස්ටික් බට කැබලි කිහිපයකි....ගානට අගලක පමන ප්‍රමානයට කපන ලද බට කැබැල්ල ත්‍රී රෝස් එකට බට් කල විට හරියටම සිගරැට් ෆිල්ටරයේ පාටමය..රුපියල් පනහක් හෝ හැටක් වන ත්‍රීරෝස් මිටියකින් රුපියල් හත්සීයේ ගෝල්ඩ්ලිෆ් පෙට්ටියේ පවර් එක ගත්තේ එලෙසය.......වහාම එක් බට කැබැල්ලක් සහ ත්‍රී රෝස් එකක් සාක්කුවට දාගත්තේ සාක්ශි සඳහා ඉදිරිපත් කිරීමටය..... පැය කිහිපයක් යන විය මුලු ප්‍රදේශයම පාලයියගේ නව සොයාගැනීම පිලිබද උදම් අනනු ලැබීය....තවත් සති දෙක තුනක් යනවිට පාල අයියා එලිපිටම ත්‍රීරෝස් ගහන්නට පටං ගත්තේ කහ පාට බට කැබැල්ල අවසන් වීමනිසාය..ඉන් පසු පාලයියා කිසිදිනක ගෝල්ඩ් ලීෆ් ගසනු මා දැක නැත
Friday, October 5, 2018
❤️පාලයියාගේ මදුසමයම❤️
මෙකල මෙන්ම එකලද කවියන්ගේ , කලා කරුවන්ගේ , ගීපද රචකයින්ගේ , ගායකයින්ගේ , සිත් තුල ඇතිවූ සංකල්පනාවල පලමු තැන ගත්තේ කාන්තා රුවය. සකල කලාවන්ගේ හිනිපෙත්තේ වැජඹුන කාන්තා රුව පිලිබද මිනිසුන් රස වින්දේ විවිධාකාරයටය.....අතීතයේ කාශ්‍යප රජුගේ පන්සීයක අන්තඃපුරයද , ප්‍රමිලා දේවියගේ කලවෙහි පිහිටි උපන් ලපය නිසා හිස අහිමි කරගත් දස්කොන් නිලමේතුමාගේ කතාවද , සීතා දේවිය පැහැරගත් රාවණ රජුගේ කථාන්දරයෙන්ද , මඩුවන්වෙල දිසාවේගේ දිග්ගෙය නැටුමෙන්ද මොනවට පැහැදිලි වන්නේ පිරිමින්ගෙ සිත්තුලට කාන්තා රුවෙහි සුවය බලපෑ අයුරුය.....අතීත කාලයේ විසූ රූමත් බවලතියන්ගේ අවාසනාවට හේතුවූ ආරච්චි රාලලා , ගම්මුලාදෑනියලා , කෝරලේ මහත්තුරු , දිසාවේලා වැනි රදලයින්ගේ බලය ශූන්‍ය වී රෝම ලන්දේසි නීතිය ලංකාවේ ආධිපත්‍යය ආක්‍රමනය කිරීම නිසා කාන්තාව තරමක් ආරක්ශා විය...
අතීතයේ සිට සීමා රැසකට සිරවී ලිප් බොක්කේ වැරහැලි ඇඟලාගෙන කල් ගතකල කාන්තාව නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් විවිධ ක්ශේත්‍ර වල නියැලී දස්කම් දක්වන්න විය.... විවාහක සැමියාගෙන් යැපී ජීවත් වන කාන්තාවට වඩා තමන් විසින් ගොඩ නගාගත් අභිමානයක් , ආර්ථික පදනමක් මත ජීවත් වූ නවීන කාන්තාව විසින් ලැබූ නිදහසින් පල නෙලා ගනිමින් වෙනම සංස්කෘතියක් ගොඩනැගීමේ සීතල උත්සාහයක යෙදෙනු දකින්න ලැබුනේ දශක දෙකතුනකට පෙර සිටය.....පයට පලඳින පාවහන් යුගලේ සිට හිසේ ගසන කොන්ඩ කටුව දක්වාත් සාය හැට්ටයේ සිට යට ඇදුම දක්වාත් විශාල වෙනසක් සෙවූ කාන්තාව ඒ සඳහා සොයාගත් විකල්ප නිමැවුම් නිසා මහත් අසීරුතාවයකට පත් වූයෙ පිරිමි පාර්ශවයය.... බල්ලන් සපා කෑ ගවුම් , හත් අට පොලකින් ඉරී ගිය ඩෙනිම් කලිසම් , ආර්ථිකයේ විනිවිද භාවය විදහා දක්වමින් ඇඟලාගත් පසු රෝම කූප පවා ගනනය කල හැකි ආකාරයේ ගවුම් වලින් ඇරඹුන මේ විලාසිතා අවසානයේ නූල් පොටක දෙයක් නොමැතිව තින්ත පමනක් හාවිතයෙන් ශරීර පින්තාරුව දක්වා දිවගොස් ඇති බව යූ ටියුබ් මාධ්‍යයෙන් මා දුටුවේ මෑතකදීය... ඇඳුම් විලාසිතාවෙන් , ලැසි ගමනින් , මිහිරි කට හඬින් පමනක් පිරිමි ඇස් කන් පිනවූ මෙකී කාන්තාව ක්‍රමක්‍රමයෙන් ශරීරය නිරාවරනය කිරීම පටන් ගත් අතර ඒ සඳහා මුතු මැනික් ආකාරයෙන් දිලිසෙන ප්ලාස්ටික් වලින් නිර්මානය වූ සීකුවින්ස් , ප්ලාස්ටික් මැනික් වැනිදේ යට ඇඳුම් වලට පවා අලවා භාවිතා කරන්නට විය..... මේ විලාසිතා නිසා වැඩියෙන්ම අපහසු තාවයන්ට ලක් වෙන්නේ ඔවුන්ගේ අසරන සැමියන්ය...මේ අයුරින් පරිනාමයවූ කාන්තාවන්ගේ ජීවන රටාව පිලිබද මා වැඩිදුර විස්තර කිරීමට බලාපොරොත්තු නොවන්නේ සකලංසමාල වාසී බවලත් ඇත්තියන්ගේ උදහසට ලක් වීමට ඇති අකමැත්තත් අද කථාවේ මූලාරම්භය සඳහා එය ප්‍රමානවත් බැව් හැඟීමත් නිසාය...
සතියේ දිනයක් වූ එදින විශේශ රාජකාරියක් නොමැති නිසා අප සිටියේ ගරාජයේ කොට බැම්ම මත වාඩිවීගෙනය.අප ආගිය තොරතුරු කතාකරමින් සිටිනවිට එක් වරම ගරාජය ඉදිරිපිට නැවැත්වූ ත්‍රීවීලරයෙන් බැස ගත්තේ පාලයියාය.... ත්‍රීවීලරයට මුදල් ගෙවා කුඩා මල්ලකුත් අතින් රැගෙන එන පාලයියාගේ ගමන තරමක වෙනස් අයුරක් ගත්තේය.... බඩේ අජීර්නයක් සෑදුනු මිනිහෙක් සියඹලා හොද්දක් පානය කර සිටින අයුරක් පාලයා කෙරෙන් දිස්වන්නට වීම මාහට මහත් ගැටලුවක් විය... පුක පැත්ත පසු පසට දිගුකර කොන්ද ඉදිරියට නවා ගරාජය තුලට පැමිනි පාලයියා අප දෙස බලා කෙලින්ම උඩ තට්ටුවට ගියේ කොරවක්කෙකු නෙළුම් කොලේ උඩ යන අයුරිනි... මේ දුටු මාද ඔහු පසු පසින් ගියේ මෙවරනම් සිදුවී ඇත්තේ එසේ මෙසේ දෙයක් නොවන බව මාහට හැඟී ගිය නිසාය... කතාවක් බහක් නැතුවම කාමරයේ ඇඳ මත වාඩිවූ පාලයියා අත තිබූ මල්ලෙන් එලියට ගත් බෝතලය මේසය මත තැබුවේය.....ඉන් පසු වීදුරුවක් ගෙන කට කපා ශොට් එකක් දමාගත් පාලයියා එක උගුරට එය හිස් කලේය....
මචං පාල මොකෝ බන් අවුලෙන් වගේ......
අවුලක් නෑ බන්........
ස්වල්ප වේලාවකින් පාලයියා නැවතත් ශොට් එකක් දාගත්තේය.......... විනාඩි පහලවක් තුල කට කපා ශොට් තුනක් ගැසූ පාලයියාගෙන් තරමක වෙරියක් පෙන්නන්නට විය....ඊයේ රාත්‍රීයේ මදුසමය ගතකල පාලයියා පසුදා උදෑසන වතුර බොන අයුරින් ගල් අරක්කු ගැසීම මහත් ගැටලුවකි.....පාලයාගෙන් යමක් දැන ගැනීමේ යම් හැකියාවක් මා සතුව ඇත.... මාගේ උප්පරවැට්ටියට හසුවූ පාලයියා සියල්ල විස්තර කලේ ගිරවෙකු මෙන්ය..... ඔබ පුල පුලා බලා සිටි ඒ සුන්දර මොහොත.......👇👇👇👇
පැඟිරි වයසේ සිටම ස්ත්‍රී උනුසුමක් සෙවූ පාල අයියා ඔහුගේ සිතැඟි වලට ගැලපෙන මනාලිය සෙවීමේ කටයුත්ත නිසා බොහෝ අකරතැබ්බ වලට මුහුනදුන් ආකාරය පිලිබඳ විශේශ හැඳින්වීමක් අවශ්‍ය නොවන්නේ සකලංසමාල වාසීන්ගේ හදවත් තුල පාල චරිතය ජීවමාන වීම නිසාය..... පෙර දිනයක මේ සඳහා මුල පිරීමක් ලබා ගැනීමට මා අදහස් කර ලියූ කතාවට ලැබුනු ප්‍රතිචාර නිසා පාලගේ මධුසමය ගැන විශේශයෙන් සඳහන් කලයුතුයයි මාහට හැගෙන්නට විය...මෙතුවක් කාලයක් බාස් විත්ති ලියූ අයුරින් මෙය ලිවීමට ගොස් හොම්බ බිම ඇනගන්නා තත්වයට පත්වීමට අකමැති නිසා වෙනස් බස් වහරකින් මෙය ලිවීමට මා අදහස් කරමි... විශේශයෙන් කාන්තා පාර්ශවයෙන් ව්‍යංගාර්ථය තේරුම් ගැනීම සඳහා තනිවම උත්සාහ ගන්න ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි......😂
සියලු කටයුතු ඉතා සාර්ථකව ඉටුවිය..මහා උත්සවයක් නොගත්තත් පාලගේ වෙඩිමේ කටයුතු කෙල්ල හමුව දෙසතියක් යාමට පෙර වැදගත් විදිහට සිදුවිය.... දෙපාර්ශවයේ ඉතාම කිට්ටුවන්ත ඥාතීන් කිහිප දෙනෙකුගේ සුහද හමුවක අවසානයේ පාලත් සිය අඹු සිඟිත්තත් ඇයගේ දෙමව්පියනුත් නිවසේ තනිවන විට වෙලාව රාත්‍රී අට පසු වූවා පමනි.... මදුසමයම නැටීම සඳහා දෙදෙනාගේම කැමැත්ත පරිදි බිරිඳගේ නිවස තෝරාගත්තේ අනවශ්‍ය වියදම් කපා හැරීමටත් ආරක්ශාවත් උපරිම තත්වයක පැවතීමත් නිසාය.... රාත්‍රී නවයට ආසන්න වනවිට බිරිදගේ මවත් පියාත් ""ලොකු කෙල්ල ගෙදර තනියම"" කියා පිටත් වූ අතර නිවසේ ඉතුරු වූයේ මනාල ජෝඩුව පමනි... විවාහ යුවලකට පලමු දිනය ගත කිරීමට අවශ්‍ය සියලු දේ අතර නිදහස අත්‍යාවශ්‍ය ඉහලින්ම තිබිය යුතු නිසා නැන්දම්මාත් මාමන්ඩියාත් නිවසෙන් පිටවිය.....
(පෙරවදනක් ලෙස -=👇👇)
රොටියක් මනා ලෙස පුච්චා ගැනීමටනම් කබල හොඳින් රත් වී තිබිය යුතුය..... රේඩියෝවක සින්දුවක් ඇසීමටනම් එය හොඳින් ටියුන් කල යුතුය.... රූපවාහිනියක පැහැඳිලි දර්ශනයක් නැරඹීමටනම් ඇන්ටනාව හොඳින් කරකවා ස්ථානගත කල යුතුය... කොටින්ම මහන මැශිමක් හොඳින් ක්‍රියා කිරීමටනම් එය මනා ලෙස තෙල් ගල්වා තිබිය යුතුය..... නමුත් කිසිම දිනෙක රොටියක් පුච්චා නැති , රේඩියෝවක් ටියුන් කර නැති , කාටූන් එකක් බැලීමටවත් ඇන්ටනාව කරකවා නැති , මැශින් දෙස බලමින් සෑමදාම අතේ මසාගත් පාල අයියා හාහාපුරා කියා තම පලමු අත්දැකීමට සූදානම් විය...
මනාලියට කායික සුවය ලබාදීමට ප්‍රථම මානසික සුවයක් ලබා දීම ඉතා වටිනා බව මා විසින් පාලයියාට අමු කුනුහරුපයෙන්ම පහදා දුන්නේ මංගල දිනයට පෙර දිනයේය... ඕනෑම කාර්යක පටන් ගැනීම ඉතාම වැදගත් විය යුතුය... එය එසේ නොවුනහොත් සෑහෙන පාඩුවකට මුහුන දීමට සිදුවේ....කලබල නොවී මනා ලෙස ක්‍රීඩාවේ යෙදන ලෙස මා ලබා දුන් අදහස හිස වනා බාරගත් පාලයියාට සියල්ල අමතක වී තිබුනේය.... අලංකාර රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි පාලගේ බිරිඳ දුටු මොහොතේ පාලයියාගේ එකම අරමුන වූයේ තම ආශාව සපුරාගැනීම පමනකි... කිසිදා පිරිමි ස්පර්ශයක් නොලැබූ යුවතියද ආශාවත් බියත් කලවම් වූ හැඟීමකින් පාල දෙස බලා සිටින්නට විය... තත්පර ගනනකින් පාල අයියා සිය ඇඹේනියද සමග යහන් ගත වූයේ ඇඳ සිටි සරම් කමිස ගුවනේ පාකර යවමිනි... මනා ඇඳුම් ආයිත්තම් වලින් සරසා තිබූ තම ක්‍රීඩා භාන්ඩයේ ඇසුරුම ඉහලට එසවූ පාල අයියා ජීවිතයේ ප්‍රථම වරට අඩ අදුරේ දුටු දසුනෙන් මහත් තෘප්තියකට පත් වූයේය.... සතුරා දුටු පසුව තවත් නාස්ති කිරීමට කාලයක් නැතැයි සිතූ පාලයියා ප්‍රහාරයට අවශ්‍ය කරන ආයුධය එලියට ගත්තේය..... අහෝ ඛේදයකි , තිතකි , ඉරකි..... කිසිදිනෙක මෙවන් විශාල ආයුධයක් නොදුටු අසරන තරුනිය සිදුවීමට නියමිත මහා ව්‍යසනය තේරුම් ගත්තේ සැනෙකිනි.....සියල්ලටම පෙර සිය සැමියාගෙන් උනුසුම් හාදුවැස්සක් , පුංචි වල් කතාවක් , ඇඳ වටේ දිවීමක් වැනි මෘදු ආරම්භයක් බලාපොරොත්තු වූ යුවතිය එක්වරම ඇනකොන්ඩෙක් දැකීම නිසා මහත් කලබලයකට පත්විය.. එසැනින් ක්‍රියාත්මක වූ පාලහාමිනේ ප්‍රහාරයට ලක් වීමට නියමිත ස්ථානය ආවරනය කලේ පහත දමා තිබූ ප්ලාස්ටික් මුතුමැනික් වලින් අලංකාර කර තිබූ යට ඇඳුම උඩට ඇදීමෙනි.... යට ඇදුම උඩට ඉස්සූ තරුනිය දෙපා තදින් ලංකර අධි ආරක්ශිත කලාපයේ ආරක්ශාව තවත් තර කලේ ආයුධයේ ප්‍රභලත්වය මැනවින් වැටහුනු නිසාය.....දැඩි ආශාවත් තරමක අඳුරත් නිසා මේ කිසිවක් නොදුටු පාලයියා ප්‍රහාරය දියත් කලේය..පලපුරුද්දක් සහ නියමිත ඉලක්කයක් නොමැතිව පිටවූ පාලයියාගේ මෝටාර් උන්ඩය කෙලින්ම ගොස් වැදුනේ විදේශ ගතවී සිටි මිතුරියක් ලබාදුන් ප්ලාස්ටික් මුතුමැනික් අලවා තිබූ යට ඇඳුමේය.... ආයුධයට වඩා ප්‍රභල වූ යට ඇඳුම නිසා ඇතිවූ ප්‍රතිරෝධය දරා ගත නොහැකිව ආයුධයට සිදුවූයේ බරපතල හානියකි..... සමස්ත හනිමූන් සංස්කෘතියම වෙනස් කරමින් පාලයියා මරහඬ දීගෙන ඇඳෙන් බිමට පැන්නේ මදුසමයේදී වේදනාවෙන් කෑගැසූ ලොව පලමු පිරිමියා බවට වාර්ථාවකුත් සමගය... වහා විදුලි බල්බය දල්වා අදාල ප්‍රදේශය පරීක්ශාකල පාල අයියා සැනසුම් සුසුමක් හෙලුවේ ඇතිවූ වේදනාවේ තරමට තුවාලය බරපතල නොවූ නිසාය.... හදිසිය වැඩි වූ කල කොරොස් කටෙත් අත දමා ගත නොහැක.... අදාල ස්ථානයට අලංකාරයක් එක් කිරීම සඳහා කෙල්ල විසින් ඇඳ සිටි යට ඇඳුම නිසා අසරන පාලයියාගේ හනිමූන් එක ලෙලි ගැසීගියේය... ඇඳෙහි පසකට වූ පාල අයියා කෙඳිරි ගාන්නට වූයේ හිතේ වේදනාවටද ගතේ වේදනාවටද යන්න තේරුම් ගත නොහැකි වූ බිරිඳ පාලයියා අසලට කිට්ටු වූවාය.... පාලයියා ගැන අනුකම්පා සිතක් පහලවූ ඇඹේනිය පැත්ත වැටී සිටි පාලගේ මල්ලීව සුරතල් කරන්නට විය....
සිනිදු ඇඟිලි තුඩුවල පහසත් , නොනිමි ආශාවත් නිසා කකුල මත පැත්ත වැටී තිබූ පාලයියාගේ දොඹකරය නැවත වතාවක් කෙලින් විය.... මේ වන විට ඕනෑම ප්‍රහාරයකට ලෑස්ති වී සිටි පාල හාමිනේ නැවතත් පසෙකින් ඇල වූවාය..... කබල රත් වී ඇති බව වැටහුනු පාලයියා සෙමෙන් සෙමෙන් වාහනයට ගොඩවිය.... මෙවර තරමක ඉවසිල්ලකින් කටයුතු කල පාලයියා කලින් වතාවේ ගලවා ඉවත් කිරීමට නොහැකි වූ සියලුම දේවල් ගලවා ඉවත් කලේ බිරිඳගේ එකඟතාවය මතය.....දෙවන වර මෙහෙයුමේ නියමුවා වූවේ පාල හාමිනේය.... සිය අභිමතය පරිදි පාලව මෙහෙයවූ ඇය ස්වල්ප වේලාවකදී පාල අයියාගේ ඉලක්කය ලබාදුන්නේය.... මිහිරි හැඟුම් වලින් මුසපත් වී සිටි පාලයියා ක්‍රමක්ක්‍රමයෙන් නිවැරදි මාර්ගය සොයා ගත්තේ කෙසේදැයි මා නොදනී... විනාඩි දෙක තුනක වේගවත් ගමනකින් පසු සිය කාරිය ඉටුකරගත් පාල අයියා පසෙකට විය.... ඇඹේනියද පාලයියාට තුරුලු වී නිදන්නට විය....පසුදා උදෑසනම ජපන් කොඩිය දැකීමෙන් මහත් ප්‍රීතියට පත් පාලයියා බිරිඳට මුහුන දීමට තරමක කෝල ගතියක් පෙන්වීය.... පෙරදා රාත්‍රියේ සිදුවූ අකරතැබ්බය නිසා ඇවිදීමටවත් නොහැකිවී සිටි පාලයියාට ඇති වූ ලැජ්ජාව නිසා වහා කමිසයක් කලිසමක් ඇඟලාගෙන මිදුලට බැස්සේ සැලසුමක් ඇතුවය.
කාලයක් පෙරුම්පුරා බලා සිටි මධුසමය ගත කරන්නට ගිය පාලයියා සීකුවින්ස් ඇල්ලූ යට ඇඳුමක් නිසා දින කිහිපයක කොල නිවාඩුවකට අසුවී සිටියේය.... තුවාලය හොඳ වෙනතුරු ඉවසාගෙන සිටි පාලයියා දහවල් කෑම වෙලාවේදීද ගෙදරට ගොස් ඒම පුරුද්දක් කරගත් අතර ලොක්කාද එයට කිසිවක් පැවසීමට ගියේ නැත....
පාල අයියාගේ යට කලිසම...
බීමේ ආදීනව ගැන කියවෙන ධර්ම දේශනා කොතෙකුත් ඇසුවද ඒවා පිලිපදින එකෙක් සොයා ගැනීමනම් උගහටය....මේවාට මිනිසුන් සාධරන හේතුද සකසාගෙන ඇත....ඒවා නම් කෑල්ල බූට් එක තැබීම , කෑල්ල කැමතියි කීම , වැඩ කිරීම නිසා සවස් කාලයේ ඇතිවන ශාරීරික වේදනාව , රේස් තුන්ඩුවක් වැඩ කිරීම , උපන් දිනය සැමරීම , ජොබ් එකක් හම්බ වීම , කලකට පසු මිතුරෙක් හමුවීම වැනි සාධාරන හේතුය....... ගෙදර උන් හාමතේ මලත් වියදම් කිරීමට අකමැති උන් මේවාට වියදම් කරන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ ටයිප් එකටය.....
පාල අයියාද හැමදාම හැන්දෑවට කාලක්‍රියා කරන පුද්ගලයෙකි...සවස් යාමය එලඹෙන විට කාගේ හෝ ත්‍රීවීල් එකක නැග දැල් කඩේට යන පාලයියා ගරාජයට එන්නේ අනෙකුත් අඩුම කුඩුම සියල්ලද රැගෙනය...ඉන් පසු ඩීවීඩී තැටියක් දමා ගන්නා පාලයියා පැයක් පමන යන විට සියල්ල අවසන් කර ආහාරත් ගෙන අවසන්ය...ඉන් පසු ඇඳට වැටෙන පාලයියා නිදිය.....සමහර දිනවල කොහේ හෝ යන පාලයියා පසුවදා උදේම වැඩට එන අයුරුත් දැකිය හැකිය....මේ කොයි ලෝකේක ගියත් පාල අයියාට එක් පුරුද්දක් තිබින...එනම් යටට කොට කලිසමක් ඇඳගෙන යාමය.....මුලින්ම කලිසම ඇඳගන්නා පාලයියා ඊට උඩින් සරම හෝ කලිසම ඇඳීම පුරුද්දක් කරගෙන සිටියේ කොහේ හෝ ගොස් නතර වීමට සිදුවුව හොත් රාත්‍රියට ඇඳගෙන නිදා ගැනීමටය...
එදා ගරාජයේ වැඩ රාජකාරි බහුල දිනයක් වූයේ සතියේ නිවාඩු දිනයක් වූ නිසාය..... පාසල් වෑන්... තේ පැක්ටරිවල වාහන.. කාර්යාලීය වාහන බොහෝ දුරට සෙනසුරාදා ඉරිදා දිනවල තම සේවාවන් සඳහා අප ගරාජයට පැමිනීම සාමාන්‍යය....උදෑසන හය වන විට කවුරුන් හෝ දොරට තට්ටු කල නිසා වහා ඇඳෙන් නැගිට බැලුවේ උදේ පාන්දර දොරවල් හදන්න ආපු එකා මොකාද කියාය...අංකල් කෙනෙක් දොර ඉදිරි පිටය...මොකද අංකල්.....මල්ලි වාහනේ ස්ටාට් වෙන්නෙ නැතුව ගියා පොඩ්ඩක් බලන්න පුලුවන්ද....පොඩ්ඩක් ඉන්න ගැරිජ් එක අරිනකම්.....කීයටද මල්ලි ගැරිජ් එක අරින්නෙ......හත හමාරට.... අනේ මල්ලි හත හමාර වෙනකං ඉන්න බෑ මල්ලි ටිකක් දුරයන්න ඕනි..පොඩ්ඩක් බලලා දෙනවද.... පොරගේ ඇඩියාව නිසා එහෙනම් යන්නකො පහලට මම එන්නම් කීයා..කමිසයක් කලිසමක් දාගෙන පහලට බැස්සෙමි....වාහනය පරික්ශා කිරීමෙන් පසු දෝශය සොයාගත්තෙමි... ඩීසල් බටයක් කැඩී ඇත...බටය මාරු කල යුතුය... පාරේ තියාගෙන වාහන සෑදීම ඩේන්ජර්ය...එනිසා වාහනය ගරාජය තුලට දමන ලෙස පවසා බටයක් සෙවීම සඳහා මම ඇතුලට යාමට සැරසුනෙමි.....එවිටම කොහේදෝ සිට වැනි වැනී පැමිනි පාලයියා මචං මොකෝ සීන් එක කියා ඇසුවේය.... පාලයියාගේ ස්වරයේ වෙනස නිසාම හොඳින් බෑලූ මට කාරනය අවබෝධ විය...ඊයේ රාත්‍රී කාගේ හෝ පාටියකට යනවා කියූ පාලයියා නස්පුක් වෙනකම් ගසා පැමින ඇත්තේ දැන්ය....තරමක බමන මතින් වට පිට බැලූ පාල අයියා වාහනයෙන් බැස සිටි බවලත් උදවිය දැක්කේ එවිටය....
වැදගත් තැනක මුල් තැන ගන්න පාල අයියා කිසිම ආරාධනාවකින් තොරව වාහනය අසලට ගිය අයියා එය පරීක්ශා කර ආපසු ආවේය....මා ලඟට පැමිනි පාල අයියා මගෙ අතේ තිබූ බටය බලෙන් මෙන් අරහෙන ආ මේ ජාතියේ බටයක් මා ලග තියනවා යැයි පවසා ඩ්‍රයිවර්ට පැවසුවේය....ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කිව්වලු... පාලායියාගේ කටින් වචනය පිට වෙනවාත් සමගම ඩ්‍රයිවර් අනේ මල්ලි අන්න ඒක දාලා ටක් ගාල හදල දෙන්න වාහනේ යනුවෙන් පැවසීම මාහට මහත් සැනසිමක් වීය...පාල අයියා පොර විය ඩ්‍රයිවර් මාමා මෝරා විය මම කොර විය...😂😂😂මේවන විට බවලත් උදවිය පාල අයියාගේ ඉන්නා තැන පිටුපස තිබූ බංකුවේ වාඩිවී සිටියේය....කොහෙන්දෝ මන්දා සොයාගත් බටයක් සමග පාල අයියා විනාඩි ගනනකින් අප ඉදිරියේ පෙනී සිටියේය...බටය අංකල් අතට දුන් පාල අයියා බවලත් උදවිය දෙසට හැරී කොහොමද කොහේද යන්නෙ කියා අසා අංකල් පොඩ්ඩක් ඉන්න මම කලිසමක් දාගෙන එන්නම් කියා කාන්තාවන් වාඩිවී සිටි ස්තානය ඉදිරි පිට වැලේ වනා තිබූ කලිසම ඇඳ ගන්නට ගියේ හරි සිහියක් පතක් නැතුවය....කමිසය ගලවා වැඩට අඳින කමිසය ඇඳගත් පාල අයියා සරම උනා දැමුවේ වැඩට අදින කලිසම පටලවා ගන්නට සිතාය...පාල අයියා සරම උනා දැමුවා පමනි වාඩිවී සිටි ගෑනුන් සැට් එකට උන් හිටි තැන් නැතිවිය.... සමහරු අතින් කට වසාගෙන දුවන්නට විය...සමහරු බිම බලාගෙන හිනාවෙන්නට විය..
හදිස්සියේ සිදුවූ අර්බුදකාරී තත්වය ගැන වටහා ගැනීමට වැඩි වේලවක් ගියේ නැත...පාලයියා සරම උනා දමා ඇත්තෙ යටට අදින කලිසම ගිය තැනක ගලවා දමා පැමිනය....බමන මතින් සිටි පාලයියාට පියවි සිහිය ආවේ ඉන් පසුය...දඩි බිඩි ගා සරම උස්සා ගත් පාලයියා සෙනිකව මාරුවිය....බට සවිකිරීමේ උලුක්කුව ඇද්දේ මමය.....😂😂😂බඩු වැඩි වීම නිසා ගිය තැනක කලිසම ගලවා ඇද ගැනීමට අමතක වී පාලයීයා දෙවන වතාවටත් නාගත්තේ එලෙසය...
Subscribe to:
Posts (Atom)